ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

තැඹිලි

Posted by On Tuesday, September 07, 2010
හැමදාම ඇල්කොහොල අඩංගු බීම ගැන ලියන එකේ අද ලියන්න හිතුනා ඇල්කොහොල් පොඩ්ඩක් වත් අඩංගු නොවන පානයක් ගැන. ඒ තමයි වතුර ඇරුනම මන් බීලා තියෙන රසවත්ම ස්වභාවික පානය. තැඹිලි


කන අය කෙසේ වෙතත් බොන අය නම් තැඹිලි වල අගේ හොඳට දන්නවා, පොඩ්ඩක් සීමාව එහා මෙහා වෙච්ච දවසක පහුවදාට ඇඟේ අමාරුව නැති කරගන්න තැඹිලි තරම් හොඳ ඔසුවක් තවත් නැතුව ඇති.

ලංකාවේ විවිධ වර්ග වල තැඹිලි තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ ඒත් රන් තැඹිලි සහ ගොන් තැඹිලි කියලා වර්ග දෙකක් නම් මන් දැකලා තියෙනවා ඒත් ඒ දෙකම පොල් වර්ග දෙකක් කියලා මන් නම් හිතන්නේ.

තැඹිලි බොනවනම් උදේට බොන්න කියලා මට අපේ වයසක නෑදෑ කෙනෙක් කිව්වා මොකද හවස් උනාම තියෙන්නේ අව්වට රත් වෙච්ච තැඹිලි නිසා. තැඹිලි වලට සෙම වැඩි වෙනවා සහ තැඹිලි බීලා නාන්න හොඳ නැහැ වගේ කතා නම් මන් අහලා තියෙනවා ඒත් ඔය කතාවල ඇත්ත නැත්ත ගැන නම් මගේ ඒ හැටි දැනුමක් නැහැ.

තැඹිලි කියන්නේ නිකම්ම නිකම් බීමකට වඩා ගොඩක් ගුණ බීමක්, බඩේ අමාරුව හැදුනම සමහර අය  තැඹිලි බොන්න කියනවා. මට නම් වඩාත්ම වැදගත් ,මත් පැන් පානය කරලා වැඩි උනාම වෙරි මත අඩු වෙන්න, බීලා පහුවදාට තියෙන ඇඟේ අමාරුව නැති කරන්න තැඹිලි වලට තියෙන විශේෂ හැකියාව තමා.

තැඹිලි මත්පැන් සමග මිශ්‍ර කරලා නම් මන් බීලා නැහැ ඒක නිසා ඒ මිශ්‍රනය හොඳ ද නරකද කියලා කියන්න මන් දන්නේ නැහැ ඒත් එකම එක වතාවක් කුරුම්ඹා නම් අරක්කු එක්ක මිශ්‍රකරලා බිව්වා ඒත් ඒක එච්චරම ඇල්ලුවේ නැහැ මට නම්.

ඡායාරූපය මෙතනින්

6 Response to " තැඹිලි "

  1. h Said,

    මම හිතන්නෙ කඩවල්වල තිබහට කියලා මොනව තිබුණත් හොඳ තැඹිලි ගෙඩියක් වගේ ඒව හරි යන්නෙ නෑ.

    අර කිව්ව වගේ කලින් දවසේ හොඳට බීල පහුවදා උදේම තැඹිලි ගෙඩියක් ගහල වැඩට යන යාළුවො කීපදෙනෙක්ම මට ඉන්නවා. සහ මමත් කීප වතාවක් ඒක කරල තියෙනවා.

    අරක්කු විතරක් නෙවෙයි මත් වෙන්න ගන්න තවත් ස්වභාවික ජාතියක් පහුවදාටත් වැඩ වගෙ නම් තැඹිලි ගෙඩිය හොඳ පුතිකර්මයක් :D

    ඉස්සර නුගේගොඩ කාර්යාලෙ වීදුරුවෙන් අපි හැමදාම දකිනව අත් කරත්තෙක තැඹිලි පටවගෙන හන්දිය පැත්තට යන මනුස්සයෙක්ව. උදේ 10-11 වගේ ගියාම දවල් 3-4 වෙද්දි ආපහු හිස් කරත්තෙත් අරන් තමයි මිනිහ යන්නේ...

    ගිණි කාෂ්ඨකේ රවුම් ගහද්දි තැඹිලි ගෙඩියක් දැක්කම හිතට එන්නෙ මාර ගතියක්! හැබැයි ටවුන් වල ටොයිලට් පුරස්නෙ තියෙන නිසා වැඩ ගොඩක් කරන්න තියාගෙන තැඹිලි බිව්වොත් සොරි තමයි...

     

  2. විශ්වවිද්‍යාලේ හිටපු කාලේ මම ඇතිකරගත්ත වැදගත්ම පුරුද්දක් තමයි කාබනේටඩ් පැණි බීම වෙනුවට තැඹිලි බොන්න පුරුදු වීම.

     

  3. Naliya Said,

    මම දන්න විදියට ,නැට්ට අයින් කරාම තැඹිලි ගෙඩිය මුදුනෙ රන් වන් පටට(රෝස පාටට හුරු) වලල්ල්ක් වගෙ තියන එවා රන් තැඹිලි,ගොන් තැඹිලි වල ලෙල්ල විතරයි වතුර නැ.
    බඩේ උෂ්නේ වැඩි වෙලා හැදෙන බඩේ අමරුවට කියාපු බෙහෙත තැඹිලි.
    හොදට බියුවට පස්සේ උදේට තැබිලි ගෙඩියක වටිනාකම ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැ.
    තැඹිලි රේඩ් රම් එකක් එක්ක මික්ස් කරලා බීලා තියනවා,එච්චර ගතියක් නැ.

     

  4. ඒ වුණාට දැන් ඉන්න දොස්තරල කියන්නෙ නම් තැඹිලි නිතර බීම ශරීරයට අගුණයි කියල. පොස්පරස් ද මොනවදො ඒවගෙ අඩංගුලු....[අර පොල්තෙල් ඇඟට අගුණයි කීව වගේද දන්නෙ නෑ.]
    කොහොම වුණත් තැඹිලි මගෙත් ප්‍රියතම බීමක්. එක දිගට ගෙඩි තුන්/ හතර බොනවා. රෑ 10 ට 11 ටත් හිතුනොත් බොනවා... මටනම් කිසිම අවුලක් වෙලා නෑ මේ වෙනකම්. ඒව බීල නාන එකත්, නාල ඉවරවෙල බොන එකත් කිසිම දෝෂයක් නෑ.[ මම හිතන්නෙ එක එකාගෙ ශරීරවල හැටියට වෙන්න ඕන ඕක බලපාන්නෙ.]
    ඒ වුණත් කියන්න කණගාටුයි.. අපෙන් ඔය තැඹිලි මිළදී ගන්න්වුන් ඒව ඉල්ලන්නෙ නම් රු.4.00 / 5.00 වගෙ සුලු මුදලකටයි.
    ඔයාල බොන්නෙ මම හිතන්නෙ එකක් රු. 25.00 / 30.00 අතර මිළකට වෙන්න ඕන....
    කොයිතරම ලොකු පරතරයක්ද ...?

     

  5. මළ පනිනව නොවැ මේව දකිද්දි... දැන් කොහෙන් හොයන් බොන්නද බොල තැඹිලි මේ රටේ.... ආයෙ ලංකාවට යන්න එපැයි...

    බීපු දාට පස්සෙන්දට තැබිලි තරම් අවුසදයක් වෙන කොහින්ද...

    අර කොටුවෙ තැබිලි කර්ටත්තෙ ගාව උදේට ටයි දාපු බඩ මහත්තුරු ඇස් රතු කොරන් තැබිලි බොන්නෙ... හි හි

     

  6. TG Said,

    Two years ago i was working with a Bangladehs friend . When she came to Sri Lanka we have to take her to Kandy . While we were passing Gampaha she has seen Tambili sellers the road , get too excited and said

    " ohhhh Tharangaa.... Sri Lankans are sooo educated , BUT Why They Have Coloured this Coconut and Selling it ? "

    We could not stop our laugh . This was the first time she has seen Thambili . In Bagladehs you can find coconut in some parts but they are green in colour . coconuts also very rare it seems . This is why my friend got confused

    Then we stop at a Thambili place for nher to see them and drink .

    Another Bangladeshi friend came last year took pics of Tambili sellers + trees + thambili nuts to show them to her family :) she was also too excited abt the colourful nut !! which is not in her country !!!

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!