ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

"කප්සා" සහ "මත්ලූතා" බත

Posted by Rachintha Jayawardhana On Wednesday, September 08, 2010
අපේ දිනුෂ්ක උදාර මහත්තයා එහෙමත් නැත්නම් රොකියා මහත්තයා ලියලා එවලා තියෙනවා අමුතු ආතල් කෑම ජාතියක්! අත්හදා බලන්න කට්ටියම!

ඔන්න මමත් කන බොන කට්ටිය වෙනුවෙන් පොඩි ලිපියක් ලියන්න හිතුවා. කන බොන කියුවට ඉතින් මේක කන දෙයක්. ලංකාවෙන් පිටත් වෙලා මෙහෙට ආවට පස්සෙ කාපු රසම බත් වර්ගය කියලා කියුවොත් නිවැරදී. මේකට කියන්නෙ "කප්සා" (Kapsa) කියලා. මේක ඇත්තටම ඉරාන සහ ඇෆ්කන් වලින් ටිකක් ඈත අතීතයේ ඉඳලා එන ආහාර වේලක්. හරියට අපිට ලංකාවෙදි දකින්න ලැබෙන බිරියානි බත් වර්ගය හා ටිකක් විතර සමානයි. නමුත් ඊට වැඩිය හාත් පසින්ම වෙනස්. මේ සඳහා ගන්නෙ ඉතා සිහින් බාස්මතී සහල්. පිලියල කිරීමේදී ක්‍රමදෙකක් භාවිතා කරනවා. එකක් තමයි රතු පැහැයට මිරිස් ටිකක් යහමින් දාලා හදන එක. අනිත් එක සාමාන්‍ය අයුරින් කහ පැහැයට හුරුව පිලියල කරන බත් එක. හදන හැටිනම් ඉතින් ඔන්න දන්නෙ නෑ.මේක ඇත්තටම ඉරාන සහ ඇෆ්කන් වලින් ටිකක් ඈත අතීතයේ ඉඳලා එන ආහාර වේලක්.
මේක එක්ක ඉතින් ඔය නානාප්‍රකාර දේවල් නම් ලැබෙන්නෙ නෑ. නමුත් රසම රස Bar-B-Que කරගත්ත චිකන් එකක් නම් ලැබෙනවා. ලංකාවෙ දෙන Bar-B-Que එක වගේ නම් නෙමෙයි. මේක අර කුකුළ් මස් එක උඩින් වාහනයක් ගිහිල්ලා වගේ පැතලි කුකුල් මස් එකක් එකක් තමයි මෙහිදී ලැබෙන්නෙ. පැතලි නිසා අර ගල් අඟුරු උඩ පිච්චෙන වෙලාවෙදී හොඳට මුලු කුකුල් මස් එකම පිලිස්සිලා තියෙනවා. තව ඉතින් මේ ආහාර වේලත් එක්ක "ලෙබන්" කියන දියර වර්ගයත් ලැබෙනවා. මේ "ලෙබන්" කියන්නෙ එල කිරි වලින් සාදන ලද ඉතා ගොරෝසු ගතියෙන් යුත් පානයක්. එයින් තමයි මේ කෑම වේලෙ ඇඹුල් ගතිය ඇතිකර ගන්නෙ. තව තක්කාලි වලින් එවෙලේ සාදා ශීතකරනයේ මද වේලාවක් තියාගත්ත දියරයකුත් , (සෝස් කියන්නනම් බෑ ඒකට) ලැබෙනවා. තව ඉතින් අමු එලවලු , ඒ කියන්නෙ ලපටි ගෝවා දලු, සලාද කොල, කොල පැහැති ඉතා ලපටි ලෙල්ල සහිත පිපිඤ්ඤා අඩන්ගු සලාදෙකුත් ලැබෙනවා. හුඟක් වෙලාවට මෙහෙ අය නම් අර "ලෙබන්" කිරි එක මේ සලාදෙත් එක්ක මිශ්‍ර කර ගන්නවා. මේ බත් එක අපි ඕර්ඩර් කෙරුවට පස්සෙ හදලා දෙන නිසා ටිකක් වෙලා යනවා ඒ කාලය තුල බීමට පොඩි සුප් එකකුත් ලැබෙනවා. ඒ සුප් එක හදලා තියෙන්නෙත් කුකුල් මස් වලින් . සුප් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ ඒ තරම් රසයි. ඒත් ඉතින් බත් එක කන්න බැරි වෙයි කියලා මමනම් මුලින් සුප් එකෙන් පොඩ්ඩක් බීලා බත් එක කාලා ඉවර වෙලා බඩේ ඉඩ තිබුනොත් විතරයි සුප් එක බොන්නෙ.

මේ බත් වර්ගයේම තව ඉතින් ඒ ඒ රට වලට ආවේනික තවත් ප්‍රභේද තියනවා. ඉන් එක් ජාතියක් තමයි "මත්ලූතා" කියලා කියන්නෙ. මේ "මත්ලූතා" කියන බත් වර්ගය සමඟ එවෙලේ සාදා ගත්ත පාන් ඉතා සිහින්ව කපලා ඊට සිහින්ව කපාගත් එලවලු සමඟ මිශ්‍ර කරල බත් එක යටින් දාලා දෙනවා. අපි ඉතින් මේ බත් එක කන වෙලාවෙ අත හරි හැන්ද හරි පිංගානට දැම්මහම එයත් එක්ක අර බත් එක සහ පාන් මිශ්‍රනය දෙකම එනවා. මාර රසයි දෙකම මිශ්‍ර උනාම. හැබැයි ඉතින් මේ "මත්ලූතා: කියන බත් වර්ගය "කප්සා" බත් එකට වැඩිය ටිකක් විතර ගනන්. හැබැයි රස නම් නියමයි. හැබැයි ඉතින් හැම දවසෙම නම් කන්න බෑ. අපි නම් ඉතින් සතියකට සැරයක් අනිවා ඔය බත් ජාති දෙකෙන් එකකට සෙට් වෙනවමයි. ඔන්න ඕකයි කප්සා බත් එකේ කතාව. තව ඉතින් මෙහෙ අමුතු අමුතු විදියේ කෑම ජාති තියෙනවා. ඉදිරියෙදි ඒ ගැනත් කස්ටිය එක්ක බෙදා ගන්නම්.
හදලා බලන්න හැමති කට්ටිය ඉන්නවනම් මෙන්න රෙසපිය http://bit.ly/bUA79O


මේ තියන්නෙ ටිකක් ලස්සන කරපු කප්සා බත් එකක්

මෙන්න මේ විදියට තමයි කබාබ් කියන කුකුල් මස් එක ලැබෙන්නෙ.



මේ තියෙන්නෙ අර එලවලු සලාදය

"ලෙබන්" කිරි එක පෙන්නන පිංතූරයක් හොයා ගන්න නම් ටිකක් අමාරු වුනා. මේ පිංතූරෙ දකුණු පැත්තෙ තියන්නෙ ඔය ලෙබන් බෝතලයක් තමයි .

3 Response to " "කප්සා" සහ "මත්ලූතා" බත "

  1. Naliya Said,

    හොදට බඩගිනි වේලාවට මුස්ලිම් ක්‍රමයට 10 ක් 15 ක් වට වේලා කන්න හොදම කැමක් වගෙ පේන්නේ

     

  2. මම නම් මේ කප්සා කාල තියෙනව. හරිම රසයි රියල් 6ක් රුපියල් 180 කට ගත්ත රස රුපියල් 1500 කට වත් මෙහෙ ගන්න බැ. කුකුලෙක් හරි බාගයක් හරි දෙනව රියාල් 10ක්ට තනියෙන් කුකුලෙක් කැවේ සවුදියේ දී තමයි. මම මෙහෙදි හැදුවා සුවදේ ඉන්න බැ. අර ගානට ගන්න බැරි වුනාට එල. මන්දි කියන වර්ගයත් හොදයි. මෙකේ තියෙන රෙසපියට වඩා මම හදපු එක සිම්පල්. පන්ජාබ් බාස්මතී තමයි හොද,

    ලබාන් කියන්නේ මට දැනුන විදිහට අපේ මුදවපු කිරි මිදෙන්න කලින් වගේ. මට හිතෙන්නේ ඔය එලකිරි හට්ටිටක් යොදය තියන අරගෙන බෙලෙන් කලොත් ඔකම තමා එන්නේ

    http://muthunayake.blogspot.com

     

  3. ඉස්සෙල්ලම ස්තූතියි කියන්න ඕනෙ මගෙ ලිපිය දැම්මට මේ බ්ලොග් එක කරගෙන යන අපේ සහෝදර බ්ලොග් වරුන්ට.

    @ Naliya ; මේක ඉතින් කියුවට වැඩක් නෑ. කාලම බලන්න ඕනෙ

    @ Muthunayake ; ඔය ඉන්නෙ රස විඳපු කට්ටිය.

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!