අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ.
මම දැන් ලියන්න යන්නෙ මගේ සිත් ගත් විශේෂ කෑමක් ගැන.ඒ තමයි චිකන් සබ්මැරීන්(Chicken Submarine).කියනකොටත් කෙළ උනනවා.මේක නියම කෑමක් සබ්මැරින් එකක වගෙ දිග බන්(bun) එකක් මැද්දට
- ග්‍රිල් කරපු චිකනුයි(Grilled Chicken )
- චීස් ස්ලයිසස් (cheese slices)දෙකකුයි
- ෆ්‍රෙෂ් ක්‍රීම්(Fresh Cream) දාලා තියනවා
- තව තක්කාලි පෙතියි සලාද කොලයි ... දාලා රත් කරල දෙනවා .
- එකටම තව ෆ්‍රෙන්ච් ෆ්රිස් ටිකක් සෝස් එක්ක.
මම දැනට හොදම චිකන් සබ්මැරීන් කාලා තියෙන්නේ කොල්ලුපිටියේ
Dine Mor එකෙන් දැනට ගානනම් Rs:280/= යි. ඇයි මේක කනකොට කෝක් එකක් අනිවාර්යෙන්ම ඕනේ මටනම්.එකට Rs:80/= යි.මුලු ගාන Rs:360/= යි.නියම විශේෂ කැමක් ගන්න පුලුවන්ඔයගොල්ලොත් ට්‍රයි කරලා බලන්න
ඔන්න තියනවා dine Mor එකෙ එක.ඔතන Acuity House කියල තියන තැන තමයි තියෙන්නේ.
View Larger Map
මතක් කරන්න එපා කොලුවො කටට කෙල උනනවා.. නියමයි නෙද... මම හිතන්නෙ හොදම එක තියන්නෙ Dina Mone එකෙ විතරයි. අනිත් තැන්වල දැකලා නැහැ. මගෙ යහලුවෙක් මාව එතන්ට එක්කන් ගියෙ.. නියම කැමක් තමයි.. දැන් කටෙ කෙල ටික ලැප් එක උඩට වැටෙනවා......
තව Crescat එකෙයි,Dominoes එකෙයි තියනවා.Crescat එකේ එක කනකොට මුහුදේ යන සබ්මැරීන් එකක් කනවා වගේ එච්චරට චා.....,
Dominose එකෙ අවුලක් නෑ,ඒත් Dina Mone සබා එකට ගහන්න සබා එකක් නෑ ලංකාවෙ කොහේවත්!
මම නම් එකම එක දවසයි සබ්මැරීන් කාලා තියෙන්නේ, ඒ Dine-More ඒවා. මට ඉතින් බත් තරම් කිසිම දෙයක් හරියන්නේ නැති නිසා එච්චර ඇල්ලුවේ නැහැ. කොල්ලුපියේ Queen's Cafe එකේ, MC එකේ, Excel World එකේ, කොම්පඤ්ඤ වීදියේ Burger King එකෙත් සබ්මැරීන් තියෙනවා මයේ හිතේ.
ඔව් එවා වලත් තියනවා.කොල්ලුපියේ Queen's Cafe එකේ එකත් හොදයි කියලා කියනවා මම නම් කාලා නෑ.
එක"කොම්පඤ්ඤ වීදියේ Burger King " කියන්නේ අර පේමන්ට් එක තියන එක නේද?
මරු පොට් එක මචන් මම එකෙන් බගර්නම් කනවා සබානම් කාලා නෑ.නියමටම තියනවා.
කොම්පඤ්ඤ වීදියේ Burger King එක ගැන සටහනක් අනිවර්යෙන් ලියනවා.
මෙහෙත් ඕවා ගොඩක් ජාති තියෙනවා..ගොඩක් රට වල තියෙන "සබ් වේ" එකේ තමයි මම කැමතිම මෙ වගේ සැන්ඩ්විචස් තියෙන්නේ..
ලංකාවේ නම් මම මේක ට්‍රයි කරලා නෑ... ඊළග පාර ආවම බලමු ;-)
එක අතකට ලංකාවට එන්නේ බත්, කොත්තු, ඉදි ආප්ප, ආප්ප, වඩේ වගේ දේවල් කන්න බලන් නිසා, ඕවා ඉතින් මිස් වෙන්න ඉඩ වැඩියි
ඔන්න ඉතින් මමත් කෑම බීම ජොයින් උනා!
අඩේ සබා පාරක් දාන්න කියාපුම තැන් තමයි., . .බ්'ගර් කිං,ඩයින් මෝ',Queens !
මම සබ්මැරින් කාල නෑනේ :( ළඟදිම කනවා හැබැයි.
කොළඹ ආවම කන්න බොන්න කට්ටිය කියන තැන් හොයන්න ගියාම පිස්සු හැදෙනවා. පුළුවන් නම් දන්න කට්ටිය මේ තැන් ගුගල් මැප් වලට එකතු කරන්නකෝ...
එතකල් ඉන්න බැරි නිසා අහන්නේ.. බර්ගර් කිං යන්න ලේසිම විධිය මොකක්ද? ගාලු පාරෙ ඉඳන් හරි 138 පාරෙ ඳන් හරි කොටුවෙ ඉඳන් හරි ?
එච් කනවා කියන්නේ මාත් කනවා කියන එක තමා.. හිකිස්..!! :ඩි
අනේ
ඔව්.. මේ කෑම බීම කඩ ගැන ලිපි ලියන අයට පුළුවන් නම් මේ තැන් ගූගල් මැප් වල මාර්ක් කරන්න.. නැතිනම් යන පුළුවන් මාර්ග විස්තරයක් ලිපිත් එක්කම දාන්න.. ඒක ගොඩක් වටිනවා මං වගේ හැමදාම ගියත් පාරවල් මතක නොහිටින ඩයල් වලට..
ඔන්න Dine mor ඒකෙ මැප් එකයි ෆොටො එකකුයි දැම්මා හොයාගන්න ලේසි වෙන්න.
හරියටම කියනවනම් ලිබර්ටි එක ලග ඉදන් කොටුවට ධර්මපාල මාවතෙන් 100M එනකොට දකුණු පැත්තේ තියෙන්නේ
මට කියන්න පුලුවන්ද Dine mor එකට යන විදිහ...කොල්ලුපිටියට ඇවිත් මොන බස් එකෙද යන්න ඕනි...බහින්න ඕනි හෝල්ට් එක එහෙම??? :)
කොල්ලුපිටි හන්දියේ ඉදන් පයින් යන දුර.කොල්ලුපිටි HSBC එක ඉස්සරහා.
ස්තූතියි... :)
Dine mor සබ්මැරීන් නම් මරුම , මම අන්තිමට කන කාලෙ ඕක 180/= වගෙ තමයි මතක දැනට අවුරුදු 4 කට විතර කලින් මගෙ හිතේ මරු බ්ලොග් එක දිගටම ලියන්න