ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

Showing posts with label හොදි. Show all posts
Showing posts with label හොදි. Show all posts

කලූගේ පපඩං හොද්ද

Posted by hare :-) On Tuesday, February 16, 2010 7 comments

මේක අද අපේ කාර්යාලෙ සිද්ධ වුණ කතාවක්. කෑමට සම්බන්ධ නිසා ලියන්න හිතුණ.

අපේ කාර්යාලෙ ඉන්නව කා.කා.ස. මහත්තයෙක් කලූ කියල. එයාගෙ ඇත්ත නම නං ධර්මදාස. ඒ වුණාට එයාගෙ දත් ටික ඇරෙන්න සර්වාංගෙම හොඳටම කළු නිසා කට්ටිය ආදරේටත් එක්ක කියන්නෙ කලූ කියලා. එයත් ඒ නමට කැමතියි. එයාට වයස දැන් 54යි. ලබන අවුරුද්දෙ විශ්‍රාම යන්නයි ඉන්නෙ.

කලූ කියවන්න මාර දස්සයි. ඒ කියන්නෙ එයාගෙ කතා සෙට් එකක් තියෙනවා. එයාට වැඩක් නැති වෙලේක අහන්න කට්ටිය ඉන්නව නං ස්ටාට් කලොත් නවත්තගන්න අමාරුයි.

අද එයා කියල දුන්න පපඩං හොද්ද හදන හැටි. මට හරියටම මතක නෑ. ඒ වුණාට දාන්නං කට්ටියටම ටෙස්ට් කරන්න.


අවශ්‍ය ද්‍රව්‍ය -

පපඩම් සෑහෙන ප්‍රමාණයක් (ඉන්න කට්ටියට සෑහෙන්න)
ළූණු, අමු මිරිස්, කරපිංචා, රම්පෙ, උළු හාල් වගේ හොද්දක් හදන්න ඕන කරන කුළු බඩු.
ගා ගත්තු පොල්...

සාදන ක්‍රමය -

කොරන්න කියල ඒ තරම් දෙයක් නෑ. මුලින් පපඩං ටික කැමති හැඩේකට කපාගෙන බැදගන්න. ඒක අරන් තියලා සාමාන්‍ය කිරි හොද්දක් හදන විධියට අනිත් තලමනා සහ පොල් කිරි භාවිතයෙන් හොද්දක් හදාගන්න. හොද්ද ලිපෙන් බාන අවස්ථාවට කිට්ටු වෙනකොට බැදගත්තු පපඩං ටික ඒකට දාල මදක් කලවං කරගන්න. දැන් පපඩං හොද්ද සූදානම් !


මේක ඇහුවම අපිට මුලින් හොඳටම හිනාගියා. මේක හරියට අර ඇණ සුප් වගේ එකක් වෙන්න ඇති කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් පපඩං වලට වතුර වැටුණම පෙ‍ඟෙන නිසා මේක හරියන්නෙ නැති බව තමයි අපේ සූපවේදී කාන්තාවො සෙට් එක නම් කිව්වෙ. ඒ වුණාට කලූ නම් පුන පුනා කිව්වෙ මේක පෙ‍ඟෙන්නෙ නෑ කියලයි. හැමදාම කන පපඩං වලට වඩා වෙනස් විධියට කන්න පුළුවන් කියලයි.

අපේ කාන්තාවො නම් මේක විශ්වාස කලේම නෑ. ඒ වුණාට හැමදාම කන විධියටම හැමදාම කන්න කැමති නැති මම නම් මේක හොඳ අදහසක් කියලයි හිතුවෙ. මොකද හිතන්නෙ කට්ටිය?

පින්තූරෙ මෙතනින් - http://diyatha.com/web/pinthura/images/foods/foods.htm