ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

Showing posts with label පානදුර. Show all posts
Showing posts with label පානදුර. Show all posts
අපේ සෙට් එක නාසි වලට කොච්චර ලෙන්ගතුද කියුවොත් කන්න හිතුනාම "නාසිගුරාන් පාරක් දාමු" කියලා කියන්නේ එකේ නාසි වලට තියන පෙරෙත කම් වගේම ඉස්මුරුත්තාව එනකම්ම කන්න පුලුවන් කියන හැගීමත් එ වචන සෙට් එකෙ තියනවා. දැවිල්ලට කැමති කස්ටියට කියපු කැම නාසිගුරාන් ,නාසි එකත් එක්ක ඒන අන්නසි පෙත්තයි,බුල්සායි එකයි නාසි එකත් එක්ක මික්ස් වුනාම රසය දෙගුණ තෙගුණ වෙනවා.

නාසි කියපු ගමන් මගේ හිතට එන්නේ ලොකු ඉස්සො,කුකුල් මස් කැලි,මිරිස් කැලි මික්ස් වුන රතුදුබුරු පර බාස්මති බතුයි අන්නසි පෙත්තයි බුලසායි එකයි.කියනකොත බඩගිනි වගේ.නාසි එකේ දැවිල්ල පෙනුම වගෙම තමයි ,නියම දැවිල්ලට ලොකු ඉස්සො ,දැල්ලො,කුකුල් මස් වගේම එකට කියාපු එළවලු ජාතිත් හැපෙනකොට එන රසත් කියල වැඩක් නැ.
මම ගෙදර ගෙනත් කනකොට, දැවිල්ල බැලන්ස් කරන්න පිපිඤ්ඤා පෙති දෙක තුනකුත් ලග තියගෙන තමයි කන්නේ.අනේක තමයි කොත්තු වගේම තමයි නාසිගුරාන් උණු උණුවේන් කන්න ඕනේ නැත්තම් නියම රස එන්නේ නෑ. නාසි හදන හැටි නම් දන්නේ නැ.එත් මම කාපු හොදම නාසිය කාලා තියෙන්නේ ගල්කිස්ස මහා හොටලයෙන් ගානනම් දන්නේ නැ මට යාලුවෙක් ගෙනත් දුන්න එකක්.හැබැයි එදිනෙදා නැසි කන තැන් වලින් හොදම තැන් තමයි පානදුරේ ලක්‍ රස(ගාන රු:330/- ) හා මොරටුවේ ඩිස්ලින් එක(ගාන රු:360/- ) දෙකේම නාසි නියමටම තියනවා.ගානත් ශේප් නේ!


විශේෂම කාරණේ තමයි නාසිය බයිට් එකටත් මැක්සා! බීයර් එකක් එක්ක නාසි පාරක් දැම්මාම දිවියලොකේ ගියා වගේ.