ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

Showing posts with label පරාට. Show all posts
Showing posts with label පරාට. Show all posts

පරාට කාලා ඇති වෙලාද?

Posted by Naliya On Thursday, September 16, 2010 17 comments
මේ ලිපිය'වැට නැති කට'ලියන මද්දු සහොදරයා එවපු කැමක් කනබොන කස්ටිය ට්‍රයි කරලා බලන්න

මේ
මගේ කමුබොමු වෙතට ලියන පලමු ලිපිය.ගුණදොස් විචාරයකුත් අන්තිමට තියල යන්න.

අල්ලු පරාටා..කට්ටිය වැඩිය අහල නැතිව ඇති,ඒත් අල පරාට කිව්වාම නන් දන්නව ඇති,නමුත් කීයෙන් කීදෙනාද කාල තියෙන්න ?මේක කොටින්ම උතුරු ඉංදියානු කෑමක්.මාත් මේක මුලින්ම දැක්කෙ හින්දි චිත්‍රපටි වලින්,උදේ හවස පිටි සහිත ආහාර ගන්න ඉංදියනුවො මේක සමබර ආහාර වේලක් ලෙස සලකා පාවිච්චි කරනවා.
අපේ
අයටත් කොච්චරවත් පරාට කාලනන් එපා වෙලා ඇති.නිකන් පොල් රොටි කනවටත් වඩා මේක රහයි.පොඩි ට්‍රයි එකක් දීල බලන්න.හැබැයි මම මේක හදල තියෙන්නේ පොඩ්ඩක් කටදන ගානට,මොකද බහුතර අපේ කට්ටිය පොඩ්ඩක් hot දේවල්ට කැමතියි නේ.

අවශ්‍ය ද්‍රව‍ය-

අල ගෙඩි 3ක්
පිටි
කෝප්ප 3ක්
කහ
කුඩු තේ හැදි භාගයක්
මිරිස්
කුඩු තේ හැන්දක්
රට
ලූණු ගෙඩි 2ක්
අමු
මිරිස් කරල් 2ක්
ලුනු
හා දෙහි අවශ්‍ය තරමට
දුරු ටිකක්(තියනවනන්)
ඉගුරු සුදුලූණු ටිකක්(තියනවනන්)
කොත්තමල්ලි කොල හෝ කරපින්ච කොල(පාට ගන්න )

ආ..තව වතුර ටිකක්,අල ගෙඩි තම්බ ගන්නයි,පිටි ටික අනා ගන්නයි.


කට්ටියට පරාට හදන හැටි නන් ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඔනෙ නෑනෙ,උදේ හවස මුස්ලිම් කඩවල දාඩිය පෙරාගෙන කට්ටිය අනන හැටි දැකල ඇතිනෙ.මේකටත් ඒ ටිකම තමයි,වෙනස තියෙන්නේ දාඩිය වෙනුවට අපි ලුනු ටිකක් දානව(ඊඊ..යා..:-p).
තේරෙන
විදිහට කිව්වොත් පිටි වලට වතුරයි ලුනුයි පමනට දාල අතේ නොඇලෙන තරමට මෝලියක් හදා ගන්නවා.
ඒක
පොඩ්ඩක් පැත්තකට තියල පිරවුම හදා ගන්නේ මෙහෙමයි.අර පෙර කිවූ අල,ලූණු,මිරිස් සහ කුලුබඩු ඔක්කොම එකට මිශ්‍ර කරනව,අල එහෙම හොදට තැම්බිලා තියෙන්න ඕනා,නැත්තන් හපද්දි පොඩ්ඩක් ප්‍රශ්න වෙනවා.
දැන්
තමයි ලොකුම වැඩේ.අර ඉස්සෙල්ලා හදා ගත්ත පිටි මෝලිය හොදට රෝල් කර ගන්න ඕනෙ,මේකට පිරිසිදු බෝතලයක් යොදා ගන්න පුලුවන්.ඊට පස්සේ අර පිරවුම හොදට රවුම් කරල බෝලයක් හදාගෙන ඒක අර තුනී කරගත්ත පිටි මෝලිය උඩින් තියනවා.ඊට පස්සෙ ඒ පිරවුම අර තුනී කරගත් පිටි මෝලියෙන් ඔතනව.මඤ්ඤං වගේද?පින්තූර බලන්නකො එතකොට තේරෙයි.

ඊට පස්සෙ නැවත ඒ පිරවුම සහිත පිටි ගුලිය බෝතලයෙන් තුනී කරනව.මේකදී පිරවුම එලියට නොයන විදිහට පරිස්සමට රෝල් කරන්න ඕන.

දැන් තියෙන්නෙ සාමාන්‍ය පරාටයක් විදිහටම තෙල් ටිකක් දාල සාස් පානේ හරි කබලෙ(?) හරි බැද ගන්න.

පැය බාගෙන් රාත්‍රී ආහර වේලක්,උදෙටත් හොදයි.මේක ටිකක් සැර නිසා කරි එකත් පොඩ්ඩක් සැරට තිබ්බොත් හොදයි.හැබයි මට නන් මේකට හොදටම හරියන්නෙ හොද සැර පොල් සම්බෝලයක්.නියමට යනවා.නිකම්මත් කන්න පුලුවන්,හැබයි මන් රෙකමදාරු කරන්නේ තව කරියක් එක්කහරි සම්බෝලත් එක්ක හරි කන්න කියල.බත් කොච්චර වුනත් නිකන් කන්නෙ නෑ නෙ,අනිත් ඒවත් එහෙමනේ.

ඉතින් උත්සාහයක් දාලා ප්‍රතිචාරයක් අපිට දෙන්නකෝ.