
ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.
මන් දන්න විදිහට නම් ලංකාවේ අරක්කු හදන ප්රසිද්ද සමාගම් 4ක් තියෙනවා. DCSL (DOL), Mendis, IDL, සහ Rockland කියලා තව හිඟුරාන කියල එකක් තියෙනවලු ඒක නම් මන් බීලත් නැහැ හරියටම දැකලත් නැහැ. තවත් ඒවා තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ.
ඔය අතරින් මන් වැඩියෙන්ම බොන්න ආසා DCSL අරක්කු ජාති තමා. Rockland ඒවා නම් මන් තාම බීලා තියෙන්නේ කියන Rockland VX එක විතරයි ඒක නම් වරදක් නැහැ. ඒත් IDL Old Reserve ඇරෙන්න අනික් ඒවා නම් ගන්න දෙයක් නැහැ. පහුවදාට බඩු ෂුවර්. Mendis එකේ තියෙන 12 Years Old එකනම් එක සැරයක් දෙකක් බීලා තියෙනවා ඒක නම් වරදක් නැහැ ඒත් ගාන තමා සැර මන් හිතන්නේ ඒක 2000 විතර වෙනවා. 565ක් දීලා ගල් බොන්නෙත් අමාරුවෙන් ඉතින් ඒවා බොන්න පුළුවනෑ.
DCSL නම් DCSL ශ්රීලංකා අරක්කු කියන එක ඇරෙන්න අනික් හැම ජාතියම බීලා තියෙනවා ගල්, OLD, Double Distilled, VSOA, White Label සේරම ජාති ටික. ඉස්සරනම් Blue Label කියලා එකක් තිබ්බ ඒත් දැන් ඒක දකින්න නැහැ. ඔය අතරින් මන් කැමතිම නම් OLD Arrack එකට ඒත් ඉතින් සාක්කුවටත් ලේසි නිසා වැඩියෙන්ම පෙවෙන්නේ නම් ගල් තමා. ගල් වල තියෙන ලොකුම හොඳේ තම After Effects අඩු එක.
අන්තර්ජාලේ සැරි සැරුවම අනික් බීම ජාති බොන්න Cocktail Recipe එකක් හොයා ගන්න පුළුවන් උනාට අරක්කු වලට නම් Cocktail Recipe එකක් තාම මට හම්බ වෙලා නැහැ, අපිට ඉතින් කෝක් නැත්නම් සෝඩා දානවා මිසක් ඔය Recipe වල හැටියට බීලා පුරුද්දක් තියෙනවායෑ. මන් නම් බොන්න කැමතිම විදිහ තමා අරක්කු 50ml විතර දාලා ඒකට 100ml විතර සෝඩා දාලා කෝක් 25ml විතර දාලා වීදුරුව පිරෙන්න අයිස් එක්ක. කෝක් ටිකක් දාන්නේ තිත්ත අඩු වෙන්න.මේක එච්චර පැනි රසත් නැහැ තිත්තත් නැහැ ඒක නිසා මන් කැමතියි.
ඉතින් ඔයගොල්ලොත් අරක්කු බොනකොට මිශ්ර කරන විශේෂ විදිහක් තියෙනවනම් අපිටත් කියන්න ට්රයි කරලා බලන්න.
මන් දන්න විදිහට නම් ලංකාවේ අරක්කු හදන ප්රසිද්ද සමාගම් 4ක් තියෙනවා. DCSL (DOL), Mendis, IDL, සහ Rockland කියලා තව හිඟුරාන කියල එකක් තියෙනවලු ඒක නම් මන් බීලත් නැහැ හරියටම දැකලත් නැහැ. තවත් ඒවා තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ.
ඔය අතරින් මන් වැඩියෙන්ම බොන්න ආසා DCSL අරක්කු ජාති තමා. Rockland ඒවා නම් මන් තාම බීලා තියෙන්නේ කියන Rockland VX එක විතරයි ඒක නම් වරදක් නැහැ. ඒත් IDL Old Reserve ඇරෙන්න අනික් ඒවා නම් ගන්න දෙයක් නැහැ. පහුවදාට බඩු ෂුවර්. Mendis එකේ තියෙන 12 Years Old එකනම් එක සැරයක් දෙකක් බීලා තියෙනවා ඒක නම් වරදක් නැහැ ඒත් ගාන තමා සැර මන් හිතන්නේ ඒක 2000 විතර වෙනවා. 565ක් දීලා ගල් බොන්නෙත් අමාරුවෙන් ඉතින් ඒවා බොන්න පුළුවනෑ.
DCSL නම් DCSL ශ්රීලංකා අරක්කු කියන එක ඇරෙන්න අනික් හැම ජාතියම බීලා තියෙනවා ගල්, OLD, Double Distilled, VSOA, White Label සේරම ජාති ටික. ඉස්සරනම් Blue Label කියලා එකක් තිබ්බ ඒත් දැන් ඒක දකින්න නැහැ. ඔය අතරින් මන් කැමතිම නම් OLD Arrack එකට ඒත් ඉතින් සාක්කුවටත් ලේසි නිසා වැඩියෙන්ම පෙවෙන්නේ නම් ගල් තමා. ගල් වල තියෙන ලොකුම හොඳේ තම After Effects අඩු එක.
අන්තර්ජාලේ සැරි සැරුවම අනික් බීම ජාති බොන්න Cocktail Recipe එකක් හොයා ගන්න පුළුවන් උනාට අරක්කු වලට නම් Cocktail Recipe එකක් තාම මට හම්බ වෙලා නැහැ, අපිට ඉතින් කෝක් නැත්නම් සෝඩා දානවා මිසක් ඔය Recipe වල හැටියට බීලා පුරුද්දක් තියෙනවායෑ. මන් නම් බොන්න කැමතිම විදිහ තමා අරක්කු 50ml විතර දාලා ඒකට 100ml විතර සෝඩා දාලා කෝක් 25ml විතර දාලා වීදුරුව පිරෙන්න අයිස් එක්ක. කෝක් ටිකක් දාන්නේ තිත්ත අඩු වෙන්න.මේක එච්චර පැනි රසත් නැහැ තිත්තත් නැහැ ඒක නිසා මන් කැමතියි.
ඉතින් ඔයගොල්ලොත් අරක්කු බොනකොට මිශ්ර කරන විශේෂ විදිහක් තියෙනවනම් අපිටත් කියන්න ට්රයි කරලා බලන්න.
Subscribe to:
Post Comments (Atom)
ඔය මන් අරක්කු බොනකොට දාන ජාති ටික කිව්වට ඔයාලටනම් ඕක හරියයිද මන්දා. ඔන්න චාටර් උනොත් මාව එහෙම බයිට් එකට ගන්න හදන්න එපා.
ලංකාවේ මම දන්න මිශ්ර කිරීම් ක්රම 2යි තියෙන්නේ.. 1 සෝඩා 2 කෝක්.. ඉස්සර නම් ස්ප්රයිට් දාලා බොන අයත් දැකලා තියනවා හැබැයි වැඩිය නැහැ.තව අරක්කු වලට බියර් මිශ්ර කරන අයත් මං දැකලා තියනවා... මීට අමතරව ඉතිං අමුවෙන් තමා..
ඔය හැම එකකම රස ගැන මට වැඩි සහතිකයක් දෙන්න බෑ බියර් හැරුණු කොට.. මීට අමතරව මම කැමතිම සුවද තියෙන්නේ රෙඩ් රම් වල..
මමත් ස්ප්රයිට්, සෝඩා සහ කෝක් තුන් වර්ගයම සහ වතුරත් මිශ්ර කරල තියෙනවා. ඒ වුණාට දැන් නම් මම කැමති නිකංම බොන්න තමයි. රස හොඳටම දැනෙන්නෙ එහෙම බොද්දියි. ඒ කියන්නෙ හැම වෙලේම අමුවෙන්ම බොනව කියන එක නෙවෙයි. කොහොම වුණත් ඒක මගේ හැටියක් වෙන්න ඇති. කෑම කද්දි වුණත් වැඩිය අනන්නෙ නැතිව එක එක ඒවයෙ රස වෙන වෙනම දැනෙන්න කන්නයි මම කැමති. (වෙනස් වෙන වෙලාවල් තියෙනව)
වැඩේ කියන්නෙ දැන් සෙටි වෙන්න චාන්ස් අඩුයිනේ :(
මචං මම බොන කාලයක් තිබුනා. එ කාලෙ නම් ගැහැව්වෙ වැදගත් තැන් වල 1:4 අනුපාතයට...
ගමෙ දිනම්. 1:1 සමහර වෙලාවට 1:0..සංගිත සංදර්ශනයකදි වගෙ නම් 1:0 මොකද එ ෆන් එක ගන්න එ මට්ටමට යන්න ඔනා....
ලාබම අරක්කුවලින් තමයි පටන් ගත්තෙ. white lable...
ඉටපස්සෙ මට සෙට් උනෙ කොච්චියෙ සෙට් එක ගොඩක් වයසක් උන් උන්ගෙ බ්රැන්ඩ් එක
double distilled.. එක මගෙ ප්රියතම උනා.මම ඔය lable බල බල බිව්වෙ නැහැ.
මොනාද මචං ගෙනාවෙ" බල්ලන්ට ගහන එක " ගල්...
දෙයියන්ට ගහන එක... පොල්...
මොක උනත් අරක්කුනෙ...කියලා බිගෙන ගියා. හැබැයි කෙල්ල අත හැරියට පස්සෙ මම නැවැත්තුවා..
මට විශේෂයක් නැහැ. හැබැයි කෝක් වැඩිය මික්ස් කර ගන්න එච්චර කැමැත්තක් නෑ. White diamond වලට මික්ස් කර ගත්තාම නිකන් ජරාව බොනවා වගේ :p
සෝඩා තරම් හොඳ එකක් නැහැ මම හිතන්නේ. හැබැයි තාම ස්ප්රයිට් ට්රයි කරලා නෑ.
මමත් ඉතින් දෙයියනේ කියලා ඔය හැම එකම ට්රයි කරලා තියෙනවා.ඉස්සරහට බලමුකෝ !
මේ කියපු ප්රසිද්ධ සමාගම් වලට අමතරව SME, ඒ කියන්නෙ (small and medium enterprice) ලෙවල් එකේ සමාගම් බර ගානක් තියෙනවා. :)
මීට අව්රුදු ගානකට කලින් දැන් තියෙන හතරැස් බෝතලේ එන්න කලින් ආන්ඩුවේ අරක්කුත් ආවේ රවුම් බෝතලේලු.... මතක කට්ටියත් ඇතිනේ....
දෙයියනේ ඒ කාලෙ අපි බොන්න හිතලවත් නෑ......
තාම ගල් අරක්කු වල ඒ version එකත් තියෙනවා.... ගොඩක් වෙලාවට ටිකක් දුර පැති වල තමයි...
කැම්පස් කාලේ survey camp ගිහින් ගල්ගමුවෙදි ගහපු එකේ නම "රන්දෙනිගල ස්පෙශල්" ..:) මරු නම නේ?
කොලඹත් නැත්තෙ නෑ..... 3rd year training කාලේ පුංචි බොරැල්ලෙ passport කන්තෝරුව කිට්ටුව බාර් එකකින්
බන්දු අයියා ගෙනාපු එකත් රවුම් බෝතලේ තමයි......
වෙරි වේවා!!!!!!
-කීර්ති~
මෙකී නොකී ක්රම අතරේ මට මතකයි මම ඩ්ර යි ජින් බීපු එක. එකට අපි යොදාගත්තේ අයිස්, දෙහි, සහ ලුණු
( හරියට ටිකිලා වලට වගේ ) බොන්න කිසි අමාරුවක් නෑ. වීශේෂම දේ තමයි එදා මම බිව්වෙ bypass ඔපරේෂන් එකක් කරපු කෙනෙක් එක්ක. හික් හැබැයි පහුවෙනිදට මෙලෝ රහක් නෑ, ඇගට පණ නෑ, ඇයි ඩ්ර යි ජින් නේ. හික්ස්....
@ ප්රභාත් - මම නම් ගොඩක් ජාති බීල නෑ. බීපුව මොනාද කියල මම බලලත් නෑ. හැබැයි ඩ්රයි ජින් නම් මට ඇල්ලුව හොඳට. මොකද පහුවදාට අප්සෙට් එකක් නැතිව වැඩ කරන්න පුළුවන් නිසා. මම ම ඒක හඳුන්වල දීල අපි මෑතකදි සෙට් වුණ බොහොම වෙලාවලදි අපි ගැහුවෙ ඩ්රයි ජින් :)
ammo bebaddo thoge
සතරැස්ව බඳ ඇතී
අති විශේෂ වූවකී
බොන්නන්ට රස ඇතී
නොබොන්නන්ට ගඳ වෙතී
බාර් වෙත යන්නේ
දෙව් ලොව මෙන්නේ
දැක බොන්නන්ගේ
මුහුණු පිපෙන්නේ... චියර්ස්!
නියමයි මචෝ .මෙන්න පද පෙලට චියස්ස්ස්ස්...!!!!1
රවුම් බෝතලේ ආපු ගල් නම් මන් බීලත් නැහැ, දැකලත් නැහැ මන් හිතන්නේ
අද ආපිකෝ එකට ගිය වෙලාවේ දැක්කේ, DCSL Blue Label තාම තියෙනවා ඒ ඇරෙන්න DCSL එකේ විශේෂ අරක්කු කියලා එකකුත් තියෙනවා. ගල් අති විශේෂනේ මේක නිකන් විශේෂ.
ජින් ගැහුවම මටත් ඔළුවේ කැක්කුම නම් හැදෙනවා තමා.
ඔයාගේ ජීවිතය කවි වලට ස්තූතියි
අරක්කු ෂොට් එකක් බීලා තියෙනවා මම..මොකද්ද ජාතිය කියලා නම් මතක නෑ.
ටේස්ට් එක නම් මට එච්චර ඇල්ලුවෙ නෑ හැබැයි ;-)
මේ විස්තරාත්මක ලිපියට ස්තුතියි ..අරක්කු ගැන දැන ගෙන ඉන්න එක වටිනවා, මොකද අපේ රටේ අපේම බීමක් නේ ;-)
අරක්කු වලට නම් ඉතින් කොකා කොලා තමය්... එක්කො සොඩා...
මන් නම් ඉතින් ඔය මොන තිබ්බත් කැමති ඔල්ඩ් රෙසෙර්වෙ එකට..
ඕල්ඩ් රිසව් හොඳයි ගාන තමා අවුල 920/=ක් මන් හිතන්නේ
ගල් බොනවනම් සේරටම යන ගානත් ඔයිට අඩුයි
හප්පා... දැන් 920 ක් ද... හ්ම්ම්.. ගල් නම් මට අල්ලනෙම නේ... මන් නම් එන හැම පාරම ලන්කාවට එන්නෙ සින්හ වන්ශෙ සොයාගෙන... හෙහෙ.. ඊට පස්සෙ ඔල්ඩ් රෙසෙර්වෙ තමා... සල්ලි හිදුනම ව්යිට් ලබෙල් එකක් තමා...
අරක්කු බොන්න විදි කීපයක් මේ අඩවියේ නම් තියෙනවා
http://www.ceylonarrack.com/cocktails/index.html
http://www.rockland.lk/
මට නම් ගල් තමා හොදම.තව Old Reserve එකත් මරු.ලන්කාවෙ brand වලින් ඒ දෙක තම හොදම.සෑන්ඩින් වලට නම් පාවිච්ය Spirit තමා.ගොඩක් වෙලාවට හොද brand ගහපුවා ම මට නම් පහුවදට අවුල්?? :) :) :)
එක උපදෙසක් දෙන්නම් ගල් ගන්නවානම් හොදම එක කොටු බොතෙලේ තමා.මේක අත්දෑකීමෙන් කියන්නේ.
ලොකු කමකට කියනවා නෙමේ හිනාවෙන්න එපා මම ලංකාවේ අරක්කු බීලා නැ.මොකද මට ගල් පොල් වල සුවද දිරවන්නේ නැ බිව්වට පස්සේ එන සුවදත් අල්ලන්නේ නැ
කොටු බෝතලේ ඇරෙන්න සංස්ථා ගල් එකක් තියෙනවද බන්? මන් නම් එහෙම එකක් දැකලා නැහැ. ඔය අනික් අයගේ අති විශේෂ නම් තියෙනවා ලේබල් එකත් ගල් වගේ හැබැයි බෝතලේ හැඩය වෙනස්
මටනම් අරක්කු වල සුවඳ නියමයි
මටනම් අරක්කු බෝතල්වල තියනකොට එන සුවඳ විඳින්න ආසයි. හැබැයි ඒ අමුතු සුවඳ පානය බිව්වට පස්සෙ බීපු අයගෙ ආමාශ වල සිට ගලනාලය හරහා විත් මුඛයෙන් හාත්පස පැතිරෙන " සුවඳ " නම් මට ගඳයි ;-) තරහ වෙන්ඩෙපා ඉතින් මෙහෙම කීවට මම බොන්නැහැ ඒ නිසයි මට එහෙම දැනෙන්නෙ. මං දන්නව බොන අයට ඒකත් සුවඳක්ම තමා. මොනව උනත් " බීම " enjoy කරන අයට චියර්ස්!!!
දැන් ඇපල් එකත් නැගල යනව. බීල ඇපල් කෑව වගෙ ගෙදර යන්න පුළුවන්.හැබැයි ටික දවසකින් අපේ කට්ටිය ඕකත් චා කරයි. මාත් 12/30 කළුතර බීච් එකේදි ටිකක් පාවිච්චි කලා අවුලක් නෑ වගෙ. ඇයි ලෙමන් ජින් ජම්බල සුවදට ඉන්න පුළුවන්.ඒත් ඔලුව කැක්කුම ආවහම තමයි එපා වෙන්නෙ. ගල් වල හොර එකක් මෙහෙ නම් තියෙනව ඒත් බාග විතරයි. මගෙ නම් එපා කරපු ලේබලේ. රෙඩ් රම් එකත් අවුලක් නැහැ කෝක් එහෙම දාල ගත්තහම. වයිට් ලේබල් බීල තිබහ එනකොට තමයි ඉවසන්න අමාරු.මම නම්
අරක්කු වලට බියර් දාන්නෙ
එකෙන් දෙකෙන් හොම්බෙන් යන්න ඕනි උනහම විතරයි. කෙහෙල් ඇවරියක් දාල අපිම නිපදව ගන්න එකත් ඕනි තරම් වතුර කලවම් කරගෙන බොන්න තමයි තියෙන්නෙ. නැත්නම් හැලි අරක්කු ඒකත් නැතිකමට මරු. ඒවගෙම කිතුල් රා වල රසටත් මම කැමති. හැබැයි
ගහ යටම ඉදගෙන බාපු ගමන් බොන්න ඕනි බැරි වෙලාවත් රා මුට්ටිය ඇලකින් දොලකින් එගොඩ උනොත් වැඩක් නැතුව යනවා. එහෙනම් ...වෙරිවේවා (මම දාපු දිගම කොමෙන්ටුව )
Lankawe "Absinth" thiyanawada?
මම නම් දැකලා නැහැ ඒක තියෙනවා. Absinthe බොන්න විශේෂ විදිහක් තියෙනවද ? එකේ ඇල්කොහොල් ප්රතිශතය 75% කටත් වඩා වැඩී නේද?
මට මතක හැටියට කලින් ඕල්ඩ් රෙසෝට් එකට පොඩි කොක්ටේල් පොතක් දුන්නා. දැන් නම් ඒක ලොවෙත් නෑ. මම අහලා තියෙන තව එකක් තමා උස්වැව ගල් එක. අනික ගල් එකට ගල් කියන්නේ ඇයි කියන එකත් හොයාගන්න ඕනි මරේ ඒකත් දාපං මම හිතන්නෙ උඹේ බ්ලොග් එකට මම ඒක ගැන චුට්ටක් කියලා ඇති.
arakku walata wathurai...ice katai dala sara adu karagena...arakku wala raha bala bala bona ekata thamai mama kamathi....
ඇයි අරක්කු බොන්නම හදන ginger beer එකක් තියෙනවලු. EGB වලට වඩා පාට අඩුයි :P
ඇයිස් විතරක් දාලා බොන්න පුළුවන් නම් හොඳයි ඒත් මට නම් තාම එහෙම බොන්න බැහැ
ඔය කියන්නේ "Dry Ginger Ale". ඒක එක්ක නියමයි. මන් හිතන්නේ ඒක තියෙන්නෙම බීම ජාති එක්ක කලවම් කරන්නම තමා.
පොඩි අවුලක් තියෙන්නේ "Dry Ginger Ale" ගන්න තියෙන්නේ සුපර් මාකට් වල විතරයි
ha ha nice article..,
gal era kookath hondai mata nam.., gal bivvama pahuwadaata andum hitang gandai.., wediyen bonna puluwan white diamond hinda ekata asai..,
@ආගන්තුකයා cheers ahh!!! :D:D
amilakanda
මීට ඉතිං අමුවෙන් තමා..
අදයි දැක්කේ මේ බ්ලොග් එක... සිරා!
මට නම් බෝතලේ ජාතිය අනුව ෂැන්ඩිත් වෙනස් වෙනවා.
white rum, white diamond(green apple) නම් ස්ප්රයිට්
old, red rum - කොකා කෝලා
ගල් නම් ඉතින් වතුර හරි සෝඩා හරි තමයි (first time නම් ginger beer. මොකද එතකොට අප්පිරිය වෙන්නේ නෑ)
vodka (smirnoff, absolut) වගේ නම් ඉතින් sunquick හෝ හොඳ orange juice එකක්...
බ්ලොග් එක සිරා! දිගටම කරගෙන යන්න! සුභ!
ow boka hari..bothelen bothaleta mageth shandy wenas wenawa...eth hodama shandy soda thama..