ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

Showing posts with label කොත්තු. Show all posts
Showing posts with label කොත්තු. Show all posts

ගෙදරදි කොත්තු රොටි

Posted by Rachintha Jayawardhana On Tuesday, August 03, 2010 20 comments

  • චටස් පටස් කොත්තු රොටිය කැපෙයි මේ වගේ..
  • ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය. . සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය. .
  • කොත්තු රොටී අපි කාටත් දහක් වටී. .තලු මර මර බලනා කට ගැහෙන සැටී. .
  • මට කොත්තුත් ඕනේ. . .
ඔය ඔක්කොම සින්දු හැදුනේ මේ රසවත් කෑම හින්දා.බයිට් එකක් විදිහට වගේම දවාලට කාපු කෑම ආපහු රෑට කන්නත් එපා උනාම මේක මාර විකල්පයක්.කලින් දවසක් කඩයක් ගැන ලියලා තිබුනට දැන් ලියන්නේ ගෙදරදි හදන විදිහ.හදන්න යන්නේ විනාඩි විස්සයි.මේක ලියන්නේ අපේ අනුවා සහ ලිෂාගේ මතක් කිරීම මත.

වැඩේ පහසුයි.තාච්චියක තෙල් ටිකක් රත් කරගන්න.ඒක තෙල් නටද්දි( බුබුලු දාද්දි ) ඒකට තලාගත්තු ඉඟුරු චුට්ටක්, තලාගත්තු සුදු ළුනු කෑල්ලක්, කරපිංචා, ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න.ඒක ටිකක් රත්වෙද්දි පොඩියට කපාගත්තු ළුනු, කැරට්, ලීක්ස් ටිකත් දාගෙන කවලම් කරගන්න.ඒ ටික තෙල් වලින් පොඩ්ඩක් බැදෙද්දිම බිත්තරයක් කඩලා දාන්න.ඒ ටික හැන්දකින් කවලම් කරන ගමන් පොඩි කෑලි වලට කපපු ගෝදම්බා රොටි තුනක් හෝ හතරක්, ඒ වගේම බැදපු හෝ උයාගත්තු චිකන් කෑල්ලක( ඕනෑම මාංශ ජාතියක ) කටු අයින් කරලා පොඩි කෑලි වලට ලිහාගෙන මේකටම එකතු කරන්න.ඊට පස්සේ තක්කාලි සෝස් ටිකකුයි සෝයා සෝස් ටිකකුයි දාන්න.

ගෙදර හදන කොට කොත්තුව ටිකක් කරවෙන්න දෙන්න.ඒ නිසා මුලදි තෙල් ටිකක් අඩු වෙන්න දාලා අන්තිමට ගින්දර ටිකක් වැඩි කරන්න.මේ ඔක්කොම කරලා ඉවර වෙලා, තාච්චිය විනාඩි පහකින් ලිපෙන් බාන්න.මේ විදිහට කොත්තු හදන්න නං කලින් කොත්තු කාලම තියෙන්න ඕන.නැත්තං දාන ප්‍රමාන ගැන අපිට දැනුමක් නැති වෙනවා.

වෙජිටේරියන් නං චිකන් හෝ මාංශ ජාතිය වෙනුවට හතු එකතු කරගන්න.සෝයා සෝස් සහ තක්කාලි සෝස් නැත්තං සීනි තේ හැඳි එකහමාරක් විතර දාන්න.වෙනසක් විදිහට හැපී කව් චීස් වෙජ් එකක් එකතු කරගන්න.ක්‍රාෆ්ට් චීස් දාන්න එපා.

මෙහෙම කොත්තුවක් කන්න හොදි ඕන්නෑ!

No Reservations

Posted by Nodaruwa On Tuesday, February 02, 2010 7 comments
කෑම බීම ගැන අනන්ත අප්‍රමාණ රූපවාහිනී වැඩසටහන් අපි දැකල තියෙනව. සමහර වැඩසටහන් වල කෑම බීම හදන හැටි කියල දෙනව. සමහර වැඩසටහන් වලදි වැඩසටහන ඉදිරිපත් කරන්නා තැන් තැන් වලට ගිහින් කෑම රස විඳින ගමන් ඒ කෑම ගැන යම් යම් විස්තර කියල දෙනව. ලංකාවෙ රූපවාහිනී නාලිකා වලට වඩා පිටරට නාලිකා වල ( ට්‍රැවල් ඇන්ඩ් ලිවින්ග් වගේ ) මේ වගේ වැඩසටහන් බහුලයි. මේ වගේ වැඩසටහන් ජනප්‍රිය වෙන්න එක දෙයක් අත්‍යවශ්‍යයි. හුඟදෙනෙක් හිතයි රස කෑම කියල. නමුත් මගේ අදහස වෙනස්. මම කියන්නෙ මේ වගේ වැඩසටහනක ජනප්‍රියත්වය රැඳිල තියෙන්නෙ වැඩසටහන ඉදිරිපත් කරන්න අතේ කියන එකයි මගේ අදහස. මම වැඩි විස්තර කියවන්නෙ නැතුව දෙන්නම් උදාහරණයක්. මේක මම කැමතිම වැඩසටහනක්. කෑමක් බීමක් හදන විදියක් ගැන මේකෙ වැඩි විස්තරයක් නැති වුණත් මේක බලන්න වටින වැඩසටහනක්. මොකද මේ වැඩසටහන කරල තියෙන්නෙ ලංකාව ගැන.





Koththu කොත්තු

Posted by Rachintha Jayawardhana On Saturday, January 09, 2010 15 comments


නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු හට්.ඔන්න ඉතින් පුරුදු පරිදි සාමාන්‍ය ජනයාගෙන් මුලින්ම එතනින් කොත්තු කාපු පස් දෙනා අතරේ මමත් ඉන්නවා පුරුදු පරිදි.රසයි හොඳයි.මෙන්න එතන තියෙන කොත්තු ජාති.


  • Special Koththu
  • Mixed Meat Koththu
  • Seafood Koththu
  • Cheese & Milk Koththu
  • Vegetable Koththu
  • Crab Koththu
  • Prawns Koththu
  • Cuttle Fish Koththu
  • Chicken Koththu
  • Beef Koththu
  • Fish Koththu
  • Egg Koththu
හැබැයි ඉස්සෝ කොත්තු නං හරි නෑ.මොකද උන් ඉස්සාවත් කොටන නිසා.ඒත් ඉතින් මුචා ඔතනින් ජාති ගොඩක්ම දැන් රසවිඳලා ඉවරයි.ඒ වගේම කොත්තුව ගෝදම්බා,පරාටා,ඉඳි ආප්ප,නූඩ්ල්ස් වගේම පැස්ටා වලිනුත් හදනවා.විඳින්න රස වෙනම විදිහකට.මම කලිනුත් කිව්ව වගේ කොත්තු කනකොට මයිලෝ කුඩු ටිකක් හලාගෙන කාලා බලන්න.ඒක මම හොයාගත්තු ක්‍රමයක්.ඒ වගේම ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්කත් කාලා බලන්න.ඔන්න කිව්වා දන්න දේවල් ඔක්කෝම කොත්තු ගැන.