
නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු හට්.ඔන්න ඉතින් පුරුදු පරිදි සාමාන්‍ය ජනයාගෙන් මුලින්ම එතනින් කොත්තු කාපු පස් දෙනා අතරේ මමත් ඉන්නවා පුරුදු පරිදි.රසයි හොඳයි.මෙන්න එතන තියෙන කොත්තු ජාති.
- Special Koththu
- Mixed Meat Koththu
- Seafood Koththu
- Cheese & Milk Koththu
- Vegetable Koththu
- Crab Koththu
- Prawns Koththu
- Cuttle Fish Koththu
- Chicken Koththu
- Beef Koththu
- Fish Koththu
- Egg Koththu
Crab Koththu
මේක හොඳයිද බන්?
හැබැයි කකුළුවා දාල කොටනවනම් එහෙම මේක කන්න බැරුව ඇතිනේ
අම්මෝ කොත්තු කෑවා එක දවසක් .... ලොවෙත් නැහැ...... කාපු ගමන් වැඩ කලා කොත්තුව......... දවසම toilt එකේ...............
http://www.tubaah.com/details.php?video_id=121462
මේක බැලුවේ නැත්තනම් වැඩක් නැහැ.
කොත්තු මන් හිතාගෙන් හිටියේ ඉන්දියානු කෑමක් කියලා බැලුවම අපේ රටේ දෙයක්නේ මඩකලපුවෙන් පටන් ගත්තා කියලා මේකෙ නම් කියවෙන්නේ
(මගේ දුර්වල ඉංගිරිස් එක්ක මට තේරුනා හරිද මන්දා)
ආහ්...මම කකුළුවෝ එක තාම කෑවේ නෑ !
අද කාලා දවසම එකෙ හිටියත් හෙටත් කන්න හිතෙන පුදුම කෑමක් තමයි කොත්තු.හරියට අරක්කු වගෙමයි.
එකේ බම්බලපිටියේ Pilawoods, cheese කොත්තුවනම් මරු.
මචෝ ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්ක කොත්තුවක් කෑවොත් බඩුම තමයි.toilet එක දවසක් විතර rent එකට ගන්න වෙයි.
මයිලෝ කුඩු ටිකක් ඩල ට්‍රයි කරල බලන්න ඕනෙ
මට නං එක කාලයක් තිබුණා නුගේගොඩ අවට පීරමින් කොත්තුම හොයන් කාපු. ඒ වුණාට එන්න එන්න ඒ තැන් වල කොලිටිය අඩු වුණා. දැන් මම කොළඹ ආවම නැවතිල ඉන්නෙ ගොඩගම ගෙදර අයිය එයා දන්න කඩේකින් දාගන්න බිත්තර කොත්තුව නම් නියමයි කියල හිතුණා. ඒකට හොදි ටිකක් දාල ටිකක් චොර වෙන්න තමයි කොටන්නේ. ඒ පදම නියමයි. වෙන නම් මම කොත්තු ගැන දන්නෙ හොඳ බයිට් එකක් විධියට තමයි :)
ම්ම්ම්..කොත්තු...
මතක් වෙන කොටත් කටට කෙළ උනනවා ;-)
කොම්පඤ්ඤවීදියේ හන්දියේ ඉඳන් ස්ටේෂන් එක පැත්තට යන පාරේ ගිහින් ආයි 138 පාරට වැටෙන හරස් පාර පටන් ගන්න තැනම දකුණු පැත්තේ තමා Burger King එක තියෙන්නේ. 138,100 කොටුවේ ඉඳලා යනවනම් රියෝ එක ඉස්සරහ බැහැලා එතනම් පාරේ අනික් පැත්තේ තියෙන හරස් පාරෙන් ගීහින් දකුණට ගියාම හරි. මන් හිතන්නේ කඩේ පටන් ගන්නේ හවස 4 ට 5 ට විතර. කොටුවට එන පැත්තෙන් එනවනම් එතනම කොම්පඤ්ඤවීදියේ හන්දියට පස්සේ හෝලට් එකේ බැස්සම හරි.
කොත්තු කියන්නේ කෑමට වගේම බයිට් එකටත් මරු කෑමක් නේ.. අපේ ගෙදර සෙට් වෙන තාත්තාගේ යාළුවන්ට ඉස්සර නම් කොත්තු කියන්නේ රජ කෑම.. ඒ කාලේ මාත් පොඩි එකා හින්දා මටත් අනිවා කොටසක් ලැබුනා.. දැනුත් ලැබෙනවා.. ඒ වුනාට ඉස්සර කෙලින්ම බොන තැනට ගිහිං ඉල්ලගෙනම කෑවා දුන්නු ප්‍රමාණේ මදි නම්..
කොහොම උනත් දැන් දැන් නම් කොත්තු බයිට් වලට ගන්නවා අඩුයි මොකද දැන් හදන කොත්තු වල කොලිටි එක අන්තෙටම බැහැලා.. අපේ තාත්තා කියන විදියට නම් එයා හොදම කොත්තු කාලා තියෙන්නේ 70-80 ත්‍රිමලේ හිටිය දවස් වල මුස්ලිම් කඩේකින්ලු..
මේ අය කතා කරන්නෙම කොත්තු ගැනනේ.
ඉස්සර ලංකාවේ හැමෝම කොත්තු කාල මම විතරක් කාල නොතිබුනු හින්දා මාත් කොත්තු කන්න ගියා. ගියේ මගේ මස්සිනා එක්ක. එයා කීව බය වෙන්න එපා මෙතන ගොඩක් පිරිසිදුයි මම ස්පෙෂල් එකක් හදලා දෙන්න කියන්නම්කෝ කියලා. මේක පාටි එකක් අස්සේ උනේ. මාත් ඉතින් කෙල පෙර පෙරා බලන් උන්නා දැන් කොත්තු කන්න.කොහොම හරි ඔන්න දැන් ආවා. අපේ මස්සිනා ආ මේක අපේ නෑනගේ විශේෂ කොත්තු එක කියල ඔන්න මගේ එක කලින්ම දුන්නා. (මතක විදියට ඒකට මිරිස් නැතිව වෙන්න ඕනෙ.)මමත් වැඩා වගේ ඒක කන්න ගත්තා. අපොයි මට එදාම කොත්තු එපා උනා.කෑවෙ තියා බැලුවෙත් නෑ. ඒත් මම ඊයේ "ම" දීපු වීඩියෝ එකක් බලල තමයි දෙනගත්තේ මම ඒක නොකාපු හේතුව. ඒකට මොනවා හරි කරි එකක් හලනවා නේද?
දන්න තරමින් මම ලංකාවෙන් කෑවෙ පේපර් ටිසූ ද මොනවද කියලා රොටී දෙයක්. ඒව තිබ්බේ සෙන්සාලෙ කියල කඩේක. ඒව නම් පුදුම රසයි. හැබැයි මම ඒව කෑවෙ නම් නිකම් පීට්ෂා කනවා වගේ තමයි. just plain. ආයෙත් ඒව නම් කන්න ආසයි.
මට nan නාන් කන පිස්සුවකුත් පොඩි කාලෙ ඉඳන්ම තියෙනවා. ඉන්දියන් රෙස්ටොරන්ට් වල තමයි ඒව නම් තිබ්බේ. ඒවත් අර විදිහටම ප්ලේන් තමයි මම නම් කන්නේ. මම ලංකාව පුරා නාන් හොයලත් ලැබුනේ නෑ (ඉන්දියන් ස්ටයිල් නාන් ) වෙන්න ඕනෙ. නුවර එලියේ ග්‍රෑන්ඩ් හොටෙල් එකේදි නම් කෑවා.
@Il mondo di una povera pazza: ලංකාවේ නාන් රොටි තියෙනවා සමහර පෙරේරා ඇන්ඩ් සන්ස් වල.තව කා දෙක තුනක් ම තියෙනවා මරදානේ.හැබැයි නම මතක නෑ !
මවුන්ට්ලැවිනියා ලිට්ල් ස්ටාර් එකේ උදේට මාළු හා කුකුල්මස් නාන් තියනවා.. රු50 යි එකක්.. මරු.. කෑවම බඩ පිරෙනවා.. කාලයක් මගේ ආසම කෑම වෙලා තිබුනා...
හික් හික්. ඔව් ඔව් නාන් හැමතැනම තිබ්බා.ඒත් මම කිව්වේ ඔරිජිනල් නාන් ගැනනේ. උතුරු ඉන්දියාවේ නාන් හා ලංකාවෙ නාන් අතර කිසිම සම්බන්දයක් තිබ්බෙ නෑ.
මම හිතන්නේ අර මම කියන එක හදන්නේ ටෙරා කෝටා වල. ඒකෙ සුවඳටම බඩගිනි එනවා මට නම්. මගේ ඉන්දියන් යාළුවෙක්ගෙ රෙස්ටොරන්ට් එකක ඉස්සර මම (95 වගේ කාලේ ) දවස ගානෙම නාන් කාල තියෙනවා. ඉතින් වෙනස දැනෙනවා. තාමත් නාන් කන දවසට මම වෙන කිසිම දෙයක් කන්නේ නෑ. ඒකටම හරියන බීෆ් කරි එකකුත් එයාල දෙනවා. මතක් වෙද්දිත් මගේ රස නහර අඳනවා.
අඩා උඹල සෙට් එකත් කොත්තු ගැන ලිව්වද? මම දැන්නෙ දැක්කෙ! එළ එළ. බැළුවහම ඔක්කොම කැමති කොත්තුවලටනෙ!
ඔහොම යං... ඔහොම යං...
අපේ ගෙදරත් කොත්තු හදනවා ඉඳලා හිටලා. හැබැයි “සද්දෙ“ නෑ. හැබැයි රසය නම් ඉස්තරම්. ටොයිලට් ප්‍රශ්නෙකුත් නෑ.
/නිපුන