ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

Showing posts with label බීම. Show all posts
Showing posts with label බීම. Show all posts

තැඹිලි

Posted by ම On Tuesday, September 07, 2010 6 comments
හැමදාම ඇල්කොහොල අඩංගු බීම ගැන ලියන එකේ අද ලියන්න හිතුනා ඇල්කොහොල් පොඩ්ඩක් වත් අඩංගු නොවන පානයක් ගැන. ඒ තමයි වතුර ඇරුනම මන් බීලා තියෙන රසවත්ම ස්වභාවික පානය. තැඹිලි


කන අය කෙසේ වෙතත් බොන අය නම් තැඹිලි වල අගේ හොඳට දන්නවා, පොඩ්ඩක් සීමාව එහා මෙහා වෙච්ච දවසක පහුවදාට ඇඟේ අමාරුව නැති කරගන්න තැඹිලි තරම් හොඳ ඔසුවක් තවත් නැතුව ඇති.

ලංකාවේ විවිධ වර්ග වල තැඹිලි තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ ඒත් රන් තැඹිලි සහ ගොන් තැඹිලි කියලා වර්ග දෙකක් නම් මන් දැකලා තියෙනවා ඒත් ඒ දෙකම පොල් වර්ග දෙකක් කියලා මන් නම් හිතන්නේ.

තැඹිලි බොනවනම් උදේට බොන්න කියලා මට අපේ වයසක නෑදෑ කෙනෙක් කිව්වා මොකද හවස් උනාම තියෙන්නේ අව්වට රත් වෙච්ච තැඹිලි නිසා. තැඹිලි වලට සෙම වැඩි වෙනවා සහ තැඹිලි බීලා නාන්න හොඳ නැහැ වගේ කතා නම් මන් අහලා තියෙනවා ඒත් ඔය කතාවල ඇත්ත නැත්ත ගැන නම් මගේ ඒ හැටි දැනුමක් නැහැ.

තැඹිලි කියන්නේ නිකම්ම නිකම් බීමකට වඩා ගොඩක් ගුණ බීමක්, බඩේ අමාරුව හැදුනම සමහර අය  තැඹිලි බොන්න කියනවා. මට නම් වඩාත්ම වැදගත් ,මත් පැන් පානය කරලා වැඩි උනාම වෙරි මත අඩු වෙන්න, බීලා පහුවදාට තියෙන ඇඟේ අමාරුව නැති කරන්න තැඹිලි වලට තියෙන විශේෂ හැකියාව තමා.

තැඹිලි මත්පැන් සමග මිශ්‍ර කරලා නම් මන් බීලා නැහැ ඒක නිසා ඒ මිශ්‍රනය හොඳ ද නරකද කියලා කියන්න මන් දන්නේ නැහැ ඒත් එකම එක වතාවක් කුරුම්ඹා නම් අරක්කු එක්ක මිශ්‍රකරලා බිව්වා ඒත් ඒක එච්චරම ඇල්ලුවේ නැහැ මට නම්.

ඡායාරූපය මෙතනින්

ලැසී

Posted by Rachintha Jayawardhana On Sunday, August 01, 2010 16 comments

අද කියන්න යන්නේ පහසුවෙන් හදාගන්න පුලුවන් බීමක්.රස බීමක්.කඩේ ගන්නවානං රුපියල් 200ක් විතර වෙන නිසා, අපි මේ කියන විදිහට රුපියල් දෙසීයක් වියදමෙන් හතර දෙනෙකුට පමන සෑහෙන ප්‍රමානයක් සාදාගන්න පුලුවන් නිසා කට්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.

මේකට අවශ්‍ය කරන්නේ

  1. මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්)
  2. මී කිරි ගත්තු ප්‍රමානයෙන් බාගයක ප්‍රමානයට අයිස් වතුර
  3. සීනි තේ හැඳි තුනක්
  4. ලුණු රස පමනට
  5. ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක්

මේ ඔක්කොම බ්ලෙන්ඩරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්න.ඊට පස්සේ වීදුරු හතරකට දාගෙන හතරදෙනෙක් එක්ක බොන්න.බඩජාරිකමට තනියම බොන්න එපා.



ඒ වගේම මේකේ ස්ට්‍රෝබෙරි වෙනුවට අඹ පෙති දෙකක්, මින්ට් කොල දෙකක්, රෝස් සිරප් ටිකක්, චොකලට් කෑලි දෙකක්, කෙසෙල් ගෙඩියක් එකතු කරගෙන රස බලන්න.

 
ක්‍රමේ කියලා දීපු ලිහිණි අක්කට පිං!
කමු බොමු අඩවියට සම්බන්ධයක් වෙලා කාලයක් උනාට ලිපියක් ලියන්නට ඉස්පාසුවක් හමුවුනත් ලියන්නට වැදගත් නිමිත්තක් හොයමින් ඉන්නවෙලාවක තමා මට මේ තැන ගැන හිතට ආවේ..! ඒනිසා මේ තරම් කල් නාම මාත්‍රිකව හිටියාට තරහාව අවසර.

කොළඹ ඉඳන් අවිස්සාවේල්ල පහු කරලා රත්නපුර පැත්තට එනකොට පොලීසිය පහු වෙන විට හමුවෙනවා නුගගස් පේලියක්. එය අවසාන වෙන තැන තමා මේ රන්දිය රෙස්ටුරන්ට් තියෙන්නේ. ටිකක් කලබල කාර වටපිටාවක තිබුනත් ඉඳගෙන නිවාඩු පාඩුවේ යාලුවෙක් එක්ක ආහාර ගන්න කියාපු තැන.




අංක 145/J5, රත්නපුර පාර අවිස්සවේල්ල කියන ස්ථානයේ පිහිටා තියෙන මේ අවන්හල විශේෂවෙන්නේ හේතු කීපයක් නිසාමයි..! ඒ ඔබට අවශ්‍ය ඕනෑම කෑම වර්ගයක් ඉතාමත් සුලුකාලයක් ඇතුලත ලබාගැනීමට ඇති හැකියාව..!
සෙට් මෙනූ එකක් තිබුනත් තමාගේ ප්‍රියතාව මත අවශ්‍ය ආහාර පාන තොරා වෙනස් කරගන්නට ඇති හැකියාව වගේම ඉතාමත් සුහදශීලී සේවය හරිම සිත්ගන්නා සුලුයි .
තවද අපි ඇනවුම් කරන කෑම සාදන යුරු අපිට එවෙලේම එහිදීම දැකගන්නට ලැබෙන නිසා ආහාරවල තත්ත්වය ගැන මම නම් සහතිකයක් දෙන්නේ කිසීම පැකිලීමකින් තොරවයි.

එකවර 25 දෙනෙකුට පමණ ආහාර ගන්නට මෙහි ඉඩ පහසුකම් තිබෙන නිසාත් උදෑසන 9සිට රාත්‍රී 10 පමණ වෙනතුරු විවෘතව තිබෙන නිසාත් යාලුවො එක්ක පොඩි සෙට්වීමකටත් මේ තැන වරදක් නැහැ..! හැබැයි මතක තබාගතයුතු එක දෙයක් තිබෙනවා.., අපි එතැනම ආහාර ගන්නට හා ඔවුන්ගේ සේවය ලබාගන්නවා නම් අප ඇනවුම් කරන හම ආහාරයකට ම අමතර රුපියක් 20ක් ඔවුන් අයකරනවා..! ඒත් ආහාරවල තත්තවය හා සැපයීමේ කාර්‍යක්ෂමබව ගැන සැලකුවාම ඒ රුපියල් 20 අපට අපතේ ගියා යැයි හිතෙන්නේ නැති තරම්..!


පහත තිබෙන ආකාරයට සෙට්මෙනූ ද.., ඒ සෙට් මෙනූ ලෙස ලබාගන්න ආහාරත් , තවත් බොහෝ තෝරාගැනීම් කරගන්නට පුලුවන් කම තිබෙන නිසා හා එක් පුද්ගලයෙකුට සරිලන ලෙසත් ලබාගන්නට පුලුවන් කම නිසා එක දවසක් හෝ පැමිණ ආහාරගෙන වෙනස වටහාගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරනවා..!


සම්පූර්ණ මිල දර්ශකය දැකගන්න ඉහත රූපය මත කොටන්න.

අද මේ කියන්න යන්නෙ වෙනදට කමුබොමු අඩවියෙන් කියන විධියෙ කෑමක් හෝ කන්න හොඳ තැනක් ගැන නෙවෙයි.

අද කියන්න යන්නෙ කන්න බොන්න කැමති රස කෑම කලාව ගැනත් කැමැත්තක් තියෙන ඕනම කෙනෙක්ට බලන්න වටින චිත්‍රපටියක් ගැනයි. ඒ තමයි ජුලී සහ ජුලියා (Julie & Julia). මේක සත්‍ය සිදුවීම් හරහා නිර්මාණය වුණ චිත්‍රපටියක්. කෑම තරම්ම රසවත් නිසයි බයිස්කෝප් එකට වඩා මෙතන හොඳයි කියල හිතුණේ.

චිත්‍රපටියෙ යටිතල විස්තර බලන්න මෙතනින්. මම ඒ ගැන නොකියා චිත්‍රපටිය ගැන කියන්නම්.

මේකෙ කියවෙන්නෙ යුග දෙකක ජීවත් වෙන කෑම සහ ඉවීම සම්බන්ධව විශාල උනන්දුවක් තිබුණ කාන්තාවො දෙන්නෙක් ගැනයි. Julia Child හැටේ දශකයේ සහ ඊට පස්සෙ කාලෙදි ප්‍රංශ කෑම ඉවීම පිළිබඳව පොතක් ලියපු සහ ඒ ගැන උගන්වපු ඇමරිකානු කාන්තාවක්. Julie Powell කියන්නෙ අදටත් ජීවත්වෙන අර කියපු ජුලියාගෙ පොතේ තියෙන කෑම වට්ටෝරු හදමින් ඒ ගැන බ්ලොග් ලියපු කාන්තාවක්. චිත්‍රපටියෙදි මේ දෙන්නගෙ ජීවිතයේ විවිධ අවස්ථා ඡේදනය වෙමින් කතාව ගලාගෙන යනවා.

කතාව පුරාම තියෙන්නෙ ජුලී සහ ජුලියා තමන්ගෙ කෑම පිළිබඳ ලිවීම් ලෝකයට කියන්න යද්දි මුහුණ දෙන්න වෙන සිදුවීම් තමයි. ජුලියා තමන්ගෙ පොත ප්‍රකාශනය කරන්න යද්දිත් ජුලී තමන්ගෙ බ්ලොග් ලිවිල්ලෙදිත් මුහුණපාන සිදුවීම් සහ අන්තිමේ තමන්ගෙ අරමුණ කරා යන එක තමයි කතාවෙ තියෙන්නේ.

කෑම ගැන උනන්දු හෝ නැතිව හෝ මේක බලන්න වටින චිත්‍රපටියක්. මෙන්න මෙතනින් බාගන්න පුළුවන් HD මටිටමේ සුපිරි පිටපතක්. හැබැයි චිත්‍රපටියෙ පුරා පෙන්නන එක එක කෑම ගැන කෙල පෙර පෙර හිතන්න ගිහින් චිත්‍රපටිය බලන්න බැරි වුණා කියන්න එහෙම එපා හො‍ඳේ...

මේ කියන්න යන තැන නම් ගොඩක් දෙනෙක්ට නිතර යන්න පුළුවන් තැනක් නෙවෙයි. නමුත් මෙතන ගැන කොතනක හරි සටහනක් තියෙන එක හොඳයි කියල හිතුණ නිසාත්, දවස් කීපයකට කලින් ආයෙත් වතාවක් මේ කියන තැනට යන්න ලැබුණ නිසාත් මේ ගැන ලියන්න හිතුණා.


මේක ඇත්තටම බදුල්ලෙ ඉඳන් පස්සරට යන පාරෙ කිලෝමීටර් 10ක් විතර ගියාම තියෙන වේවැස්ස කියන තේ වත්ත මගින් පාලනය වෙන තේ කෙලින්ම විකුණන තේ මධ්‍යස්ථානයක්. තේ කොල පැකට් මිලට ගන්න විතරක් නෙවෙයි. තේ බීල බලන්නත් මෙතනදි අවස්ථාවක් තියෙනවා. අන්තිමට ගිය වෙලේ රෝල් එකක් කන ගමන් බොන්න ලැබුණ කහට තේ එක කාලෙකින් මම බීපු හොඳම කහට එකක් කියල මට හොඳටම විශ්වාසයි. නිදහසේ ඉඳගෙන තේ බොන්න ලී වලින් හදපු පුංචි වේදිකාවකුත් තියෙනවා. ඈතට විහිදෙන තේ වතු යාය දිහා බලාගෙන තේ රසවිඳින්න මෙතනදි හොඳට පුළුවන්. (බර්ගර්ස් කිං වලින් බර්ගර් එකක් කද්දි ඒ සංස්කෘතියෙ පරිසරයක් වටේ තියෙනව වගේ වැඩක් නේද මේකත් කියල මට හිතුණ)


සාමාන්‍යයෙන් කඩේ තියෙන අපි වගේ කට්ටියට ගන්න පුළුවන් තේ වලට වඩා මේ තේ වල කහටත් රසයත් සෑහෙන්න වෙනස් සහ අළුත්.


මේ තැන ගැන මම දැනගත්තෙත් අවුරුද්දකට විතර කලින් තමයි. පස්සර ඉඳන් අපේ කාර්යාලයට රාජකාරියට එන යාළුවෙක් දවසක් කාර්යාලෙ තේ සංගමයට තේ පාර්සලයක් ගෙනත් දුන්න. ඒකෙන් හදාගෙන බීපු තේ අපි හැමෝටම වෙනස් විධියට දැණුන රස තේ වුණ නිසා මම ටිකක් හොයල බලද්දියි මේ තැන ගැන යාළුව මට කිව්වේ. ඉතිං මමත් එයාට කියල තේ පැකට් දෙකක් ගෙන්නගත්ත. ඒ දවස්වල නම් ග්රෑම් 500ක් රුපියල් 250යි. දැන් නම් 270ක් වෙනව. මම කඩේ තේ කීයද කියල නම් දන්නෙ නෑ. නමුත් මේ තේ කීප වතාවකදි තෑගි විධියට මගේ කොළඹ මිතුරන්ට දුන්නට පස්සෙ එයාලට අනුව තේ එකේ තත්ත්වය එක්ක මිළ සාධාරණ බව දැනගන්න ලැබුණ.


ඉතිං තව විස්තර කියන්න දෙයක් නෑ. ඔයාලත් බදුල්ල හරහා පස්සර, මොණරාගල බුත්තල වගේ පැත්තක යනවනම් මෙතනින් තේ එකක් බීල යන්න අමතක කරන්න එපා.

සව් කැඳ බොමුද .....

Posted by Naliya On Sunday, May 23, 2010 12 comments
ගොඩාක් කාලෙක ඉදන් මේ කැඳ ගැන ලියන්න හිතන් හිටියෙ,අද ඔන්න කැඳ පොට් එකකට ගිහිල්ලම අවිල්ලා ලියන්න ගත්තා.කැඳ බොනවනම් ,අනෙත් දෙවල් වගේ නෙවෙයි,නලියා දන්න තරමට ප්‍රසිද්ධ පොට් එකක් තියෙන්නේ කොළඹින් පිට. ඔය කියන කැඳ පොට් එක තියෙන්නේ බන්ඩාරගම.
හරියටම තැන කියනවනම් පානදුර හොරණ පාරේ,පානදුරේ ඉදන් බන්ඩාරගම යනකොට බන්ඩාරගම පාළමත් පැනලා පළමුවැනි පාර දෙපැත්තේ තියන වෙල් යාය ඉවර වෙන තැනම් තියේන්නේ පොට් එක.
මෙතන සව් කැඳ,කිතුල් පිටි කැඳ,මුං ඇට කැඳ,කොල කැඳ වගේ ගොඩාක් ජාති තියනවා.මම නම් කැමති මේකෙ සව් කැද එකට පුදුම රසක් තියේන්නේ,හවසට උණු උණුවේ සව් කැඳ එකක් ගැහුවම රැට කන්න ඕනේත් නැති තැරම්.
මේ පොට් එකෙ සව් කැඳ එක ගැන කියනවනම් ,මගෙ ජීවිතේටම කැඳ මෙච්චර රසද කියල දැනුනේ මෙතනින් කැඳ බීයුවට පස්සේ.මේ සව් කැද එකේ නියම රස පැණි වගේම ගෙදර හදනකොට සාමාන්‍යයෙන් නොදාන හබල පෙති දාල නියමටම තියනවා.
කැඳ විදුරුව කට ගාවට ගන්නකොට එන අමුර්තය වගේ සුවඳ ,එක්කම උණු උණුවේ කැඳ උගුරක් කටට ගන්නකොට දැනෙන රසය කියලා නිම කරන්න බෑ.කැදවල පෙගුන හබලපෙති හැපෙනකොට කැඳවල රසය දෙගුණ තෙගුණ වෙනවා.
සව් කැඳ එකේ ගාන රු:30/= ,මට හිත ගන්නවත් බැ එච්චර අඩුවට කොහොමද මෙච්චර හොද බීමක් දෙන්නේ කියලා.

මෙතන කැඳ වගෙම ,හවසට කන ගමේ ගොඩේ කැම ජාති ටිකකුත් අනිවර්යේන් තියනවා,අද තිබුනේ පුහුල් දොසියි,රොටියි ,කැඳ එකක් ගැහුවම එවා කන්න බඩේ ඉඩක් නැ.මම කැඳ එකක් ගහලා ගෙදර අයට පුහුල් දොසි ගෙනවා.
ඇත්තටම බන්ඩාරගම පැත්තේ යනවානම් අනිවර්යෙන්ම කැඳ එකක් බීලා බලන්න.නියමටම තියනවා.

පොට් දෙකක්

Posted by Rachintha Jayawardhana On Wednesday, April 14, 2010 8 comments
පොට් එකක් දෙකක් දැනටත් ලියා දාලා තියෙනවා
මත්තටත් තවත් කියනට හිතේ ඇඳීලා

කොත්තු හට් එකෙයි කාලය ගත වෙන්නේ
එවුනත් මුචා කියා මා කවුරුත් අමතන්නේ

අද කියන්න යන්නේ පොට් දෙකක් ගැන.එකකින් ප්‍රධාන ආහාර වේල අනිත් එකෙන් සුළු ආහාර වේල්.ඔන්න මුලින්ම කියමුකෝ ප්‍රධාන ආහාර වේල.

ප්‍රධාන ආහාර වේල අපි කවුරුත් හඳුන්වන විදිහට සයිවර්.වෙජිටේරියන් ඩයල් වලට කියාපු පොට් එක.නම Chennai Vegetarian Restaurant.තියෙන්නේ කවුරුත් දන්න කියන වැල්ලවත්තේ ශක්ති ටියුෂන් ක්ලාස් එකෙන් මෙහා පැත්තේ තියෙන වැල්ලවත්තේ කෝවිලේ එහා පැත්තේ.වැල්ලවත්ත කෝවිලේ ප්‍රධාන ඇතුල්වීම තියෙන්නේ ඉස්සරහින් නෙමෙයි; පැත්තකින්.ඒකියන්නේ වෙනම පාරකින්.ඒ පාර එහා පැත්තේ තමයි මේ කියන තැන තියෙන්නේ.ගනං මිනුං ඒ කඩේ හැටියට හුඟක්ම ලාබයි.අපි සාමාන්‍යයෙන් රුපියල් 30/= කට වඩයක් කෑවටමෙතන හතලිහයි.හරිම රහයි, නෝමල් එකට වඩා උණුයි, ඒවෙලාවේ හදපුවා තමයි දෙන්නේ.ඒක නිසා ටිකක් වෙලා ඉන්නනං වෙනවා.තෝසේ එකක් 70/= යි.තියෙන්නේ නියමම පේපර් තෝසේ එකක්.මාරම රහයි.ඇඩි දුර විස්තර තව පාරක් කාලා ඇවිල්ලම කියන්නං.අනිත් එක අපි හුඟක් වෙලාවට කන කට්ටක් තමයි තෝසේ රහ දාට, හොදි රහ නැති එකයි.ඒකෙම අනිත් පැත්තයි.හැබැයි මෙතනනං එහෙම නෑ.දෙකම මාර ගතියට තියෙනවා.ඒ වගේම හරිම පිළිවෙලයි.ගෙදර ගෙනිහින් කනවානං නිකම්ම බෑග් වල දාලා දෙන්නේ නෑ.වෙනමම භාජන වල දාලා පිළිවෙලට දෙනවා.තවත් දෙයක් කියනවනංවාහනේකින් ගිහින් ගන්නවනං කඩේ ඇතුලේ රස්ති වෙන්න ඕන නෑ;ඕනම ටයිම් එහෙක කට්ටිය අපිට සලකන්න ෆුල් රේඩී.

ඔන්න දෙවනි එක මගේ ආදි කාලේ ඉඳන් ප්‍රියතම තැනක් වෙච්ච Family Baker Cool Corner.මේක තියෙන්නේ ගල්කිස්සේ.ගල්කිස්සේ කොමර්ෂල් බැංකුව ඉස්සරහින් බැහැලා ටිකක් කොළඹ පැත්තට එනකොට, එහෙමත් නැත්තං ගල්කිස්සේ ඕඩියන් ෆිල්ම් හෝල් එක ඉස්සරහින් බැහැලා ගාල්ල පැත්තට යනකොට (Star Dogs, Queens Cafe එහෙමත් පහු වෙනවා) තමයි පොට් එක තියෙන්නේ.හරියටම කිව්වොත් Lion Restaurant එක ඉස්සරහා.තැන නියමයි, පිරිසිදුයි, ගාන එහෙමත් පොකට් එකට හොඳයි.තියෙනවා ඕන ජාතියක්.Family Baker එකෙන් අලුත්ම ජාති වල Short eats වර්ග, Soup වර්ග, Noodles ඕන එකක්.Cool Corner එකෙන් Fruit Drinks සහ තවත් බීම ජාති සමග අයිස් ක්‍රීම්.බීම ජාති විදිහට Fruit Drinks ඇරුනම Faluda, Milk Shake ඕන එකක ගාන 130/= විතර.120/= ටත් තියෙනවා මොනවද මන්දා.Ice Cream ජාති නං විශේෂයි.සාම්ප්‍රදායික Vanilla, Chocolate, Strawberry, Fruit and Nut වගේ අයිස්ක්‍රීම් එකක් රුපියල් 50/=ක් 60/= විතර වෙන්නේ Topin එකකුත් එක්කම.Chocolate, Vanilla සහ කජු එකට තියෙන Triple Ice Cream එකට.ඒක 70/=.ඊට පස්සේ තියෙනවා වෙන වෙන ජාති.ඒ කිව්වේ ඒ ගොල්ලෝ එතන හදලා දෙන Ice Cream කොක්ටේල්ස් වගේ. Family Fruity, Grapes, Banana,Family Magic වගේ ජාති ගොඩක්.ඒවත් වෙන්නේ 130/=ක් 150/=ක් අතර ගානක්.ඔය ඔක්කොම ජාති හොඳයි.එහෙනං ඉතිං ගිහිල්ලා කාලා එන එකයි තියෙන්නේ!

කොට්ටාවෙ කැසබා

Posted by hare :-) On Sunday, March 28, 2010 9 comments
මේක ගැන ලියන්න කියල මරණෙ කාලෙකට කලින් කියල තිබුණ වුණාට කම්මැලිකම නිසා මේ ගැන ලියන එක කල් ගියා. කැසබා හෙවත් කැසබ්ලංකා හෙවත් Casablanca family restaurant එක තියෙන්නෙ කොට්ටාවෙ ඉඳන් පන්නිපිටිය පැත්තට ඇවිදගෙන එද්දි හැටන් නැෂනල් බැංකුව ගාව. අපි ඒකට කැසබා කියන්නෙ ආදරේට. ඒ තරමටම ඒක පහුගිය අවුරුදු දෙකක වගේ කාලය පුරා අපේ වෙරි වීම්, හිනා වීම් සහ බෙදාගැනීම් ගොඩකට මූලස්ථානය වුණා.

මට මුලින්ම කැසබා වලදි සෙට්වෙන්නෙ අපේ බෝමන්. එදා රවිත් හිටියට ඒ දවස්වල එයා පොඩි එකා නිසා එලියෙ ඉඳන් කතා කරල වෙන් වුණා. මා යි බෝයි සෙට් වුණා. එදා ඉඳල මේ වෙනකල් දහ දොලොස් වතාවක් හැම මාසෙකම වගේ අපි ඔතන සෙට් වෙනවා. ඒ සෙට් වෙන්නෙත් ජංජාලෙන් හමුවුණ මිතුරන් පිරිසක් විතරයි. බොහොම විට බෝමන්, ශිවන්ත, රවි සහ රාජි සමග මම සෙට් වුණත් මම නැති වෙලාවට උන් ටික තවත් උන් එක්ක සෙට් වෙනවා.

තැන නම් බොන්න හොඳයි. දෙවෙනි තට්ටුව වහලකුයි බාගෙට බැඳපු බිත්තියි තියෙන විවෘත තැනක්. පළවෙනි තට්ටුව හොඳට වායු සමීකරණය කරපු party hall එකක්. ඒ වුණාට අපි යන බොහොම වෙලාවලට ඕකෙ ඉන්නෙ ‍බොන්න ආපු අය විතරයි.

මෙතන සර්විස් එකත් සැලකිය යුතු තරමට හොඳයි. ගොඩක් අය නම් දැන් අපිව දන්නවත් වගේ. අපි බොහොම විට කෑම බීම දෙකම ගන්න නිසා සහ බොන්නෙ නැති අයත් ඉන්න නිසා බයිට් එකට ගොඩක් වෙලාවට රයිස් එකක් තමයි ගන්නේ. ඊට අමතරව battered onion එකත් අපේ ජනප්‍රිය බයිට් එකක්. ඇත්තටම මම ඒක ගැන දැනගත්තෙත් එතනින් තමයි.

සින්දු නම් කියන්න බෑ. ඒක දැන්වීම් මගින් තහනම් කරල තියෙනව. ඒ/සී නැති වෙලාවට පුළුවන් වුණාට ඒ/සී තියෙද්දි ඇතුලෙ සිගරට් බොන්න බෑ. ඒ/සී නෑ කියන්නෙ සෙනග නැති වෙලාවට මෙයාල ඒක ඕෆ් කරන නිසයි. ඒ වුණත් එලියෙ බැල්කනියට ගිහින් මත් ගතියත් එක්ක දරුණු කතාවක් දාගෙන පාරෙ වාහන බලමින් දුමක් දාන එක ඇතුලෙ ඉඳන් ඒක කරනවට වඩා හොඳයි.

ඔයාලත් ‍කොට්ටාව අවට සෙට් වෙනව නම් කැසබ්ලන්කා රෙස්ටුරන්ට් එක සෑහෙන්න හොඳ තැනක්.

ලඟදි ඉඳන් අපි නම් මෙතන සෙට් වෙන්නෙ කන්න විතරයි. මොකද බොන කට්ටිය ටික ටික කාර්ය බහුල වෙන්න අරන් නිසා. අපි ඉතිං සුපුරුදු ෆ්‍රයිඩ් රයිස් සමග කෙල පෙර පෙර ඩෙවිල්ඩ් චිකන් කන ගමන් පණ නැති වෙනකල් හිනා වෙල එනව දැන්.

වැදගත්ම දේ ඒක නෙවෙයි. මේ ගැන කියන එක නිකං ස්පෑම් කිරීමක් වෙයිද මන්දා. ඒ වුණාට බොන්න සෙට් වෙන තැනක් වෙනුවෙන් මේ වගේ ප්‍රමෝෂනල් වැඩක් කරපු පලවෙනි වතාව වෙන්නත් පුළුවන් නිසා මම මේ ලින්ක් එක දානවා. මේක අපේ කට්ටිය එකතු වෙලා අටවගත්ත අවකාශයේ ඇරඹුණු thread එකක්. අවකාශයේ කවියො ටික කැසබා ගැන කවි කියල තියෙන විධිය බලන්නකෝ...

හොඳ හොඳ සෙල්ලම් තියෙන්නෙ පස්සට වෙන්න හොඳේ...
කොහොමද මේ දවස් වල රස්නේ,වෙලාවකට හිතෙනවා සහරාවෙද ජිවත් වෙන්නෙ කියලා.මේ දවස් රැට වොඩ්කා,ජින් වගේ දෙයකින් සෙට් වුනොත් උදේට බඩුම තමයි,ඇගම කරවල වෙලා තියෙන්නේ,උදේට කොල්ලුපිටිය ස්ටෙෂන් එක ගාව කඩෙන් තැඹිලි ගෙඩියක් උදේට ගැහුවාම තමයි ආයෙ පන ගහලා එන්නේ.
මේ දවස් වලට,දවල් පළතුරු බීමක් ලැබුනොත් අමුර්තය ලැබුනා වගේ නේද?
හැබැයි ප්‍රසිද්ධ පළතුරු බීම විකුණන තැන් වල ගනන් ඇහුවාම විජලනය වැඩි වෙලා මැරෙණවා.Roots වල ගන්න ගැන කතා කරලා වැඩක් නැනේ කස්ටිය දන්නවානේ ගනන්.Queen's Cafe එකේ දෙහි යුෂ එක රු:90/=,පානදුර Juice World එකේ නාරං එකක් රු:80/= යි.උගුරු 3ක් බිව්වාම ඉවරයි.හැබැයි ඔය ලොකු ලොකු තැන් වල නැවුම් පළතුරු කියුවට ගොඩාක් එවා තියෙන්නේ ශීතකරනයේ.ගෙදර හදනවා වගේ qulity එකක් එන්නේත් නෑ.මගේ පුද්ගලික මතය නම් ඔය තැන් වල ගනන් වැඩි ලංකාව වගේ රටකට.

මෙන්න එකට නියම තැන,තැන කියුවට තැන් තුන හතරක් තියනවා.පළතුරු කපලා කරලා ඒ වෙලාවෙම ජුස් හදලා දේන්නේ.Fresh ද කියලා අහන්න දෙයක් නැ.ටිකක් වෙලා බලාගෙන හිටියාම තෙරෙනවා,මේ ජොයින්ට් එකට එන්නේ පුදුම සෙනගක්,මේ කඩ ටික තියෙන්නේ කොටුව ස්ටෙශන් එක ඉස්සරහා,ගුවන් මගි පාලම පටන් ගන්න තැන පේමන්ට් එකේ.පින්තූරේ පෙනවනෙ ගනන් ටික. හරිම අඩුයි.පිටට පෙමනුමට මදි වුනට මේ පොඩි කඩේ ඇතුලට ගියම තෙරෙනවා පිරිසිදුයි කියලා.
මදි නොකියන්න බොන්න පුලුවන් ලොකු විදුරුවකට ජුස් එක දෙන්නේ.අසොකා ග්ලාස් කියලා කියන්න ඒ විදුරුවට,අපේ වයසක කස්ටියනම් අහලා ඇති.මෙතන අලිගැට පේර,දිවුල්,පැණි දොඩම්... ඕනම ජුස් එකක් රු:30/= යි,ඇඹුල් දොඩම් විතරක් රු:25/= යි.ගාන අඩු වුනාට Qulity එකේ නම් කිසිම අඩුවක් නෑ.නියම රසයි,ගෙදර හදනවා වගේමයි.මොකද ශීතකරනයේ දාන්නේ නැතුව අයිස් කැට විතරක් දාල දෙන නිසා නියම Fresh ගතිය තියනවා.

අනෙක තමයි මේකේ ජුස් හදන විදිහ මාර ආතල්.ටක් ගාල විදුරුවක් ගන්නවා.අයිස් ලොකු කැටයක් අතට අරගෙන ලොකු හැන්දකින් පාරවල් දෙකක් ගහනවා,මුලු කඩේම පොඩි පොඩි අයිස් කැලි විසිරෙනවා සමහර වෙලවට.දොඩම් ගෙඩිය දෙකට කපලා,එක බැයක් අරන් විදුරුවේ දාරේ තියලා මිරිකනවා දකිනකොට හිතෙන්නේ විදුරුව කැඩිලා යයි කියලා.සිනි මික්ස් කරපු වතුර දාලා යාරේ දෙසැරයක් දාලා දෙනවා, නියමයි.මේ වැඩේ යන්නේ One Man Show එකක්.අලිගැට පේර් හදන විදිය ටිකක වෙනස්,එකත් බලන්න් ඉන්න අසයි.
මේ ජොයින්ට් එක ගොඩාක් අය දන්නවා,ඕනම කෙනෙකුට බය නැතුව සහතික වෙන්න පුලුවන් තැනැක්.


ලොකු ලොකු තැන් වල වගේ වටපිටාව නිදහස් නැති උනාට,මෙතන ජුස් නම් නියමයි.

බීර හෙවත් බියර්

Posted by ආගන්තුකයා | Stranger On Monday, March 08, 2010 12 comments
                බියර් බියර් බියර්... කතා කරන්න සුන්දර මාතෘකාවක්. ඒවුනාට කූල් නැති බියර් එකක් බොනවා කියන්නේ නම් මහ එපා කරපු වැඩ වලින් එකක්. බියර් සාමාන්‍යයෙන් 4% සිට 8% දක්වා ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගුවෙන පානයක් කිව්වොත් නිවැරදියි. මම පානයක් කියලා කිව්වෙ සාමාන්‍යයෙන් බියර් ලිකර් එකක් විදිහට සලකන්නෙ නැති නිසා. ඒ කියන්නෙ කාට හරි බියර් විතරක් තියෙන බාර් එකක් දාන්න ඕනි නම් ඒකට වෙනම බලපත්‍රයක් වුනත් ගන්න බැරිකමක් නෑ..
                වැඩියත්ම මම මේ සෙට්වුනේ බියර් හදන හැටි ගැන පොඩ්ඩක් කියන්න. (මේක කලින් පෝස්ට් එක වගේ වමනෙ යන එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.)බියර් හදනවා කියන එක කසිප්පු පෙරනවා වගේ ගෙදර ඉඳන් කරන්න බැරි හින්දා මේක එක අතකට කියන එක තේරුමකුත් නෑ වගේ ඒත් ඉතිං දැනගත්තොත් හොඳයිනෙ. ඒ නිසා කියන්නම්.
               උපකරණ ඇරුණාම බියර් හදන්න මූලිකව බාර්ලි, යීස්ට් හා බීර මල් යොදාගන්නවා. මේ තුනම හොයාගත්තත් අපිට අවශ්‍ය තත්ව ලබා දෙන්න ගියාම බර ගාණක් යන හින්දා බියර් එකක් බාර් එකෙන් බොන එක අපේ පොකට් එකට හොඳයි.
             මුලින්ම අපි බාර්ලි හොඳට වතුරෙන් පොඟවලා පැලවෙන්න තියන්න ඕනි.මේ මිශ්‍රණයට නිෂ්පාදනයේදී කියන්නේ මෝල්ටීන් කියලා. මේ මෝල්ටීන්වල තියෙන බාර්ලි පැලවෙන වේගය වැඩිකරන්න ගිබරලීන් පාවිච්චි කරනවා. (ගිබරලින් කියන්නේ ශාක හෝමෝනයක් මේක ඔය කෘෂි කඩවලනම් ගන්නත් තියෙනවා ගිබරලින් වලින් ශාක වර්ධන වේගය වැඩි කරනවා) මේමෝල්ටීන් ටිකක් කල් තිබ්බට පස්සෙ ගානට පැලවීගෙන එන බාර්ලි ඇට මිශ්‍රණයට අපි නිෂ්පාදනයේදී කියන්නෙ මෝල්ට් කියලා.මේ මෝල්ට් ඊට පස්සෙ හොඳට වේලනවා. බියර්වල රසයත් වර්ණයත් ලැබෙන්න මේ මෝල්ට් වේලන එක මූලික හේතුවක් වෙනවා කිව්වොත් හරියටම හරි.
             ඊළඟ පියවර තමයි මේ වේලපු මෝල්ට් වතුරෙන් හොඳට අඹරන එක ඇඹරීමෙන් පස්සෙ එන ඒ මිශ්‍රණයට කියන්නෙ වර්ට්ස් කියලා. මෙහෙම හදපු වර්ට්ස් වලට හෝප් කියලා මල් වර්ගයක් එකතු කරනවා. ඔන්න ඔතනින් තමයි බියර් වලට ආවේණික තිත්ත රසය එන්නෙ. තිත්ත නැත්නම් ඉතිං බියර් නෙමෙයි නිසා මම හිතන්නෙ බියර් වල අනන්‍යතාවය තියෙන්නෙ මේ ක්‍රියාවලිය මත.අන්තිමට මේ බියර් මල් දාපු වර්ට්ස් හොඳට නටවලා යීස්ට් එකතුකරලා වාතය අයින් කරපු ලොකු සිලින්ඩර්වල දාලා දවස් 2-5 අතර පැසෙන්න දීලා පස්සෙ ඒ පැසුන මිශ්‍රණය පැස්ටරීකරණය කරලා පෙරලා ගත්තාම බොන්න පුළුවන් තත්වයේ තියෙනවලු. 
            හැබැයි ඉතින් මෙච්චර දවස් ගාණක් හදන බියර් එක හදන බියර් එක බොන්න යන්නෙ පැය දෙකකටත් අඩු කාලයක්නෙ..! මොනා කරන්නද ඉතිං බියර්නෙ...
              ආයි හමුවෙමු......!

කිරි තේ

Posted by ම On Monday, March 01, 2010 11 comments
මේක ලිව්වේ පොපී

මගේ මරණයෙ 'ම'ගෙ ආරාධනාවක් නිසයි මම මේ ලිපිය ලියන්න පටන් ගත්තෙ.තේ වලට පරසිඳු ලංකාවෙ රසට තේකක් හදාගන්න බැරි නම්  දුක් වෙන්න ඕනි.


නිකම් තේ නෙමෙයි 'කිරි'තේකක් හරියට හදාගන්න විදියයි මම කියන්න යන්නෙ.'කිරි'තේ කියලා කිව්වම  මගෙ මතකෙට එන්නෙ හරියට ලැජ්ජා හිතෙන කතාවක්.හැබැයි මෙතනට ඒකෙන් වැඩක් නැති නිසා ආයෙ තේකටම බහිමුකො. තේකක් රස වෙන එකේ ලොකුම රහස තමා කහට.නියම පාට කහට නෙමේ නියම රහ කහට.

හරි හමන් තේ කොළ ජාතියකින් ටිකක් සැරට වැක්කෙරුවම තමා කිරි තේක හරියට එන්නෙ කිරි පිටි ජාතිය නම් කැටි නොගැසෙන එකක් වෙනව නම් වඩා හොඳයි. මොකද බාගෙට නිවුණු වතුරින් හදන තේ වලටත්,කිරි ගොටුවෙ අඟලක් ගනකමට කැටි ගැහුනු කිරි ටික තේකෙ ඔබාගෙන දියකරන වැඩේටත් මම නම් එච්චර ආසා නෑ.(ඒත් වෙළඳ නාම කියන එක හරි නැහැ නෙ).

ඉතින් කොහොම හරි කිරි පිටි ටිකයි,තේ කොළයි සූදානම් කර ගත්තා කියමුකො.තව ඕනෙ තේ ගොට්ටක්(රෙදි වලින් මහපු),ප්ලාස්ටික් කිරි ගොට්ටක්(පොඩි1ක්,තේක පෙරන්න)උණු වතුර සහ කූඹි නැති සීනි.(තේකෙ උඩ කූඹි ඔලු,කකුල් පාවෙන එක හරිම අප්‍රසන්නයි)

පියවර
  1. තේ ගොටුවට තේ කොළ තේ හැන්දකින්1ක් දාන්න.
  2. කෝප්පයකට කිරි පිටි ,පිරවූ මේස හැඳි 1 1/2 හෝ,තේ හැඳි වලින් නම් 3ක් පමණ දාන්න.
  3. එයටම සීනි,පිරවූ තේ හැඳි 1 1/2 පමණ දමන්න.(සීනි මදි නම් පස්සෙ දා ගන්න පුලුවන්නෙ.වැඩි උනොත් තේකම එපා වෙනව.)
  4. වෙන කෝප්පයකට තමන්ට තේක ඕනෙ ප්‍රමාණයටවඩා ටිකක් අඩුවෙන් කහට වත් කර ගන්න.මුලින් තේ කොළ දාලා සූදානම් කරගත්ත තේ ගොට්ට මැද්දෙන් උණු වතුර දාලා තේ ගොටුව දෙපාරක් විතර ඔබලා ගත්තම හොඳ පාටට එනව.(මතක තියාගන්න අපි බොන ප්ලේන් ටී වල පාටට වඩා සෑහෙන්න තද පාට විය යුතුයි)
  5. ඊට පස්සෙ ඔය කහට එක අර කිරි පිටි,සීනි තියෙන කෝප්පෙට දාලා හොඳින් හැඳි ගා,ගොටුවෙන් පෙරා උණුවෙන් පානය කරන්න.
පෙලක් පිරිමි පාර්ශවයෙ ඇත්තො තේකක් හදාගන්න වත් දන්නෙ නැහැ නෙ.ඉතිං සරලවම කිව්වා.


මම නම් ගෙදර අයට මේ ටිකේ පොවන්නෙ අයිස් තේ.රස්නෙයි නෙ.කහට වීදුරුවක් හදා ගන්න ඕනෙ ප්ලේන් ටී ගානට ටිකක් වැඩියෙන් කහට දාල(කිරි දාන්නෙ නෑ.).ඕකටම දෙහි බෑයක් මිරිකුවම කහට ගතිය තේරෙන්නෙ නෑ.සීනි තේ හැඳි2ක් විතර දාන්න.ඊට පස්සෙ හොඳ...ට සීතල කරලා බොන්න. නැත්නම් වීදුරුවකට අයිස් කැට පුරවල ඕක උඩින් වක්කරන් බොන්න.හරිම නැවුම්.ඩිල්මා වල ටී බෑග් තියෙනව,අඹ රස,කරදමුංගු,බ්‍රැන්ඩි('ම'ට හොඳා ඒක),මොරොක්කන් මින්ට් රස. ඕනෙ එකකින් හැදුවහැකි අයිස් තේ.

ලිපිය අවසන් කරන්නම් ලංකාවෙ හදන තේ වර්ගයක් ගැන කියලා.දන්නවද සිල්වර් ටිප්ස් කියලා තේ කොළ ජාතියක් තියනව,තේ රිකිල්ලක උඩින්ම එන රිදී පාට දලු3 නෙලලා,විශේෂ ක්‍රමයකින් වේලලා හදන්නෙ.කිලෝ1ක් අඩුම රු.40000/-විතර වෙනවා ලු.ආසයි කෝප්පයක් රහ බලන්න!

ඡායාරුප 1 මෙතනින්
ඡායාරුප 2 මෙතනින්

වොඩ්කා

Posted by ම On Thursday, February 18, 2010 24 comments
මන් බොන්න ආසම බීම මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත්, ආයි කතා දෙකක් නැහැ මගේ උත්තරේ වෙන්නේ Absolut Mandarin Vodka කියන එක තමයි. ඒ තරමටම මන් ඒක බොන්න කැමතියි. මන් බීල තියෙන රසම බීම ඒක කියලා මන් හිතන්නේ. සමහර අය වොඩ්කා බොන්න එච්චර කැමති නැහැ මොකද පහුවදාට මුළු ඇඟේම තියෙන වතුර ටික වාෂ්ප වෙලා වගේ දැනෙන නිසා. ඒ කතාව නම් ඇත්ත. හේතුව නම් මාත් හරියටම දන්නේ නැහැ වොඩ්කා බිව්වම පහුවදාට මුළු ඇඟම වේලිලා වගේ දැනෙනවා.


මේ පින්තූරේ තියෙන ඒවායින් Raspberry, Ruby Red, Apeach, Mandarin, Vodka සහ රූපේ නැති Mango මන් බීලා තියෙනවා. ඕවායින් හොඳම එක තමා Mandarin  සවුත්තුම එක තමා Mango. ඒක නම් ගන්න දෙයක් නැහැ පුදුම අමාරුවකින් බිව්වේ. ඒ තරම් අප්සෙට්. අනික් ජාති බොන්න හිතාගෙන ඉන්නවා. තාම බොන්න හම්බ වෙලා නම් නැහැ මේවා මෙහෙ වෙළඳ පොලෙන් අරන් බොනවා කියන එක නම් හීනයක්. Absolut ඇරෙන්න 42 Below කියලා එකකත් රස දෙකක් තුනක් බීලා තියෙනවා. ඒවායින් 42 BELOW - Feijoa කියන එක නම් නියමයි.


මෙහේ තියෙන වොඩ්කා ජාති Mendis Rusalka Vodka, Petroff Vodka, White Russian Vodka, Smirnoff Vodka, Smirnoff Apple වලින් නම් මන් බීල තියෙන්නේ Smirnoff Vodka විතරයි. අනික්වා බීලා නැහැ. Smirnoff Apple එක, එක පාරක් ටිකක් බිව්වා. රසනම් වරදක් නැහැ ටිකක් පැනි රසයි . මෙහෙ 1800/= ක් කියලා ගාන නම් කිව්වේ මට ෂුවර් නැහැ ගාන නම් හරිද කියලා හැබැයි 1800/= නම් බිව්වට පාඩු නැහැ වගේ.

වොඩ්කා බොන්න හොඳම Orange Juice එක්ක කියලා තමා කියන්නේ. එක පාරක Galle Face Hotel එකේදි බිව්වා Orange Juice එක්ක, පුදුම රසක් තිබ්බේ 50ml කියලා කිව්වට 25ml ක් වත් දාලා තිබ්බද මන්දා මොකො මන් බීපු ප්‍රමානේ හැටියට 50ml එහෙම තිබ්බනම් දවස් දෙකක් විතර මන් එකේ වැටිලා ඉන්න ඕනේ (බිල ගෙව්වේ මන් එහෙම නෙමෙයි). Vodka & Red Bull බොනවා කියලා කියනවා. ඒකත් කරලා බලන්න ලොකු ආසවක් තියෙනවා. තාම නම් බැරි උනා. වැඩි පුරම ඉතින් පෙවෙන්නේ සුපුරුදු කොකා කෝලා එක්ක තමා. අපේ LG ට පුළුවන් වෙයි වොඩ්කා බොන්න හොඳ ටිකක් Recipes දාන්න. (එක ලිපියයි ඊට පස්සේ දැක්කෙත් නැහැ)

ඡායාරූපය1 මෙතනින්
ඡායාරූපය2 මෙතනින්

(කරුණාකර බීමත්ව රිය පැදවීමෙන් වලකින්න)
(මත්පැන් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත)

No Reservations

Posted by Nodaruwa On Tuesday, February 02, 2010 7 comments
කෑම බීම ගැන අනන්ත අප්‍රමාණ රූපවාහිනී වැඩසටහන් අපි දැකල තියෙනව. සමහර වැඩසටහන් වල කෑම බීම හදන හැටි කියල දෙනව. සමහර වැඩසටහන් වලදි වැඩසටහන ඉදිරිපත් කරන්නා තැන් තැන් වලට ගිහින් කෑම රස විඳින ගමන් ඒ කෑම ගැන යම් යම් විස්තර කියල දෙනව. ලංකාවෙ රූපවාහිනී නාලිකා වලට වඩා පිටරට නාලිකා වල ( ට්‍රැවල් ඇන්ඩ් ලිවින්ග් වගේ ) මේ වගේ වැඩසටහන් බහුලයි. මේ වගේ වැඩසටහන් ජනප්‍රිය වෙන්න එක දෙයක් අත්‍යවශ්‍යයි. හුඟදෙනෙක් හිතයි රස කෑම කියල. නමුත් මගේ අදහස වෙනස්. මම කියන්නෙ මේ වගේ වැඩසටහනක ජනප්‍රියත්වය රැඳිල තියෙන්නෙ වැඩසටහන ඉදිරිපත් කරන්න අතේ කියන එකයි මගේ අදහස. මම වැඩි විස්තර කියවන්නෙ නැතුව දෙන්නම් උදාහරණයක්. මේක මම කැමතිම වැඩසටහනක්. කෑමක් බීමක් හදන විදියක් ගැන මේකෙ වැඩි විස්තරයක් නැති වුණත් මේක බලන්න වටින වැඩසටහනක්. මොකද මේ වැඩසටහන කරල තියෙන්නෙ ලංකාව ගැන.





මන් මේ කියන්න යන්නේ කොළඹ නගරේ තියෙන්න කෑම කෙසේ වෙතත් බීමට මන් ආ ගිය තැන් ගැන.

මන් ගිහින් තියෙන තැන් වලින් වැඩියෙන්ම ආස තැන තමයි SSC එක. SSC එකේ කෑමත් හොඳ තත්වයේ තියෙනවා අනික බීම වල උනත් මිල ගනන් සාපේක්ෂව අඩුයි. එකම ගැටළුව SSC යන්න පුළුවන් සාමාජිකයන්ට පමනයි. එහෙම නැත්නම් අපි යන්න ඕනේ සාමාජිකයෙක් එක්ක. SSC එකේදි බයිට් එකට කාපු Hot Buttered Cuttlefish  තමා මන් පිටදි කාපු රසම බයිට් එක. SSC එකේ සේවය කරන මහතුන්ගෙන් ලැබෙන සේවයත් සෑහෙන්න සතුටුදායකයි.


ඊලඟට කැමති තැනක් තමා නවම් මාවතේ තියෙන  White Horse එක සමහර අය White House කිව්වත් ඒක White Horse . මෙතන නම් ගනන් ටිකක් වැඩියි හැබැයි ගොඩක් සෙනග ගැවසෙන තැනක්. ටිකක් කලින් නොගියොත් ඉඳගන්න තැනක් හොයා ගන්නත් ටිකක් අමාරුයි වගේ. මෙකෙ ඇතුලේ වට පිටාව නම් බොන්න හිතෙන විදිහේ එකක්.

තුන් වෙනියට මන් ප්‍රියකරන තැන තමා ගල්කිස්සේ තියෙන ලයන් පබ් එක. මෙතන රෑට නම් ගොඩක් හොඳයි. දවල්ට නම් එච්චර සෙනග නැහැ ඒත් රෑට ටිකක් සෙනග ඉන්නවා. කෑමත් හොඳයි. මිල ගනනුත් එච්චරම වැඩියක් නැහැ. සේවය ගැන නම් එච්චරම කියන්න තරම් විශේෂයක් නැහැ. ඒත් දවසක් මගේ මිත්‍රයෙකුටනම් බෝතලයක් ඉල්ලුවම කඩපු බෝතලයක් දීලා එහෙම පොඩි පොඩි ගැටළු වෙලා තියෙනවා.

කොල්ලුපිටියේ Crescat එකෙත් එක කඩේක විතරක් බියර් විකුනන්න තියෙනවා. ඉස්සරනම් එකේ Three Coins බියර් අලෙවිහලක් තිබ්බත් දැන් නම් ඒක නැහැ. Excel World එකේ Keg Bar and Pub එකේ බීම නම් තියෙනවා ඒත් එතනින් කාපු කෑම නම් මෙලෝ රසක් නැහැ ඒක නිසා ඒකෙන් බීලා එලියෙන් මොනා හරි කන එක තමා හොඳ. වැල්ලවත්තේ බීච් වාඩියත් ටිකක් හොඳයි. කෑම නම් එච්චරම වැදුනේ නැහැ. සති අන්තේ දවල් වෙලාවටත් ටිකක් සෙනග ඉන්නවා.



මේ ඇරුනම් ගල්කිස්සේ බීච් එකේ තැනක හැන්දෑවට සෙට් වෙලා තියෙනවා ඒත් තැන හරියටම කියන්න මතක නැහැ එතනත් වරදක් නැහැ. බම්බලපිටිය හන්දියේ උඩ තට්ටුවක තිබ්බ කඩයක බියර් එකක් බොන්න පුළුවන් කම තිබ්බා දැන්නම් ඒක තියෙනවද මන්දා. එතන නම් කෑමත් රසයි.

ඉස්කොලේ යන කාලේ ගියපු තැන තමා නුගේගොඩ හන්දියේ තියෙන ඩොමීනියන් එක. ඒ කාලේ නම් සිරා වගේ පෙනුනට දැන් නම් එච්චර ගතියක් නැහැ. ඒත් අමාරුවෙන් පන්ති සල්ලි එකතුකරල ඒකට ගිහින් බීපු මතකයන් නම් කියලා වැඩක් නැහැ.

මන් මේ කිව්වේ බීමත් සමග කෑමත් තියෙන කොළඹ අවට තියෙන තැන් කීපයක් ගැන. ලඟකදි නම් මන් මේ තැන් වලට ගියේ නැහැ ඒක නිසා වර්ථමානේ තත්වය ගැන නම් මන් කියන්න හරියටම දන්නේ නැහැ.

ඡායාරූපය 1 මෙතනින් 
ඡායාරූපය 2 මෙතනින් 

බියර්

Posted by ම On Thursday, January 21, 2010 19 comments

Chill Beer එකක්... මතක් කලත් මටනම් සනීපයි.

අපේ රටේ බියර් ජාති නම් මහ ගොඩක් තියෙනවා, ඔය සේරම ජාති නම් මන් බීලා නැහැ. Carlsberg, Lion, 3 Coins, Kings, Barons, Anchor, 8GB ඔය වගේ. ඔය අතරින් මන් ආසම එක මොකද්ද කියලා ඇහුවොත් ආයි කතා දෙකක් නැහැ Carlsberg තමා. මන් දන්නේ නැහැ ඒත් මට දැනෙන විදිහටනම් ඒක අනික් ඒවාට වඩා තිත්ත අඩුයි. ඊලඟට එක Three Coins Irish Dark.

සාමාන්‍යයෙන් බියර් බොන කොට නම් වෙන මොකුත් මිශ්‍ර කරන්නේ නැහැ ඒත් Stout  වගේ එකක් බොනකොටනම් ස්ප්‍රයිට් ටිකක් දැම්මම බොන්න ලේසියි කියලා මන් අහලා තියෙනවා. ඒ ඇරෙන්න Cool නැති බියර් එකක් නම් අයිස් දාගන්නවා නැත්නම් බොන්න බැරි නිසා. බියර් වලට වෙන ජාති මිශ්‍ර නොකලට සමහර අයනම් ඉතින් බියර් අනික් ඒවාට මිශ්‍ර කරන එකනම් කරනවා. මන් නම් ඒක කිසිම දවසක අනුමත කරන දෙයක් නම් නෙමෙයි.

බියර් වල තියෙනවනේ එක එක සැර ප්‍රමාන වලින්, ඇල්කොහොල් අඩංගු නැති බියර් වර්ගත් තියෙනවා. ඔය ටිකක් වැඩිපුර බොන කට්ටියනම් Carlsberg  Special Brew එකටයි Lion Strong එකටයි කැමතියි. මේ දෙකම සාමාන්‍ය බියර් වලට වඩා සැරයි. Three Coins Irish Dark කියන්නෙත් ඔය වගේම එකක් තමා. Three Coins Irish Dark වලත් 7.5%ක් ඇල්කොහොල් අඩංගු වෙනවා. ඒත් අනික් දෙකට වඩා බොන්න ලේසියි. Stout වලත් වැඩි ඇල්කොහොල් ප්‍රමානයක් අඩංගු උනත් ඒකේ තියෙන අධික තිත්ත නිසා මන් හිතන්නේ ගොඩක් අය බොන්න වැඩිය කැමති නැහැ.

අතේ මිටේ තියෙන වෙලාවක නම් මන් Corona Extra Beer බොන්නත් කැමතියි ඒත් එකේ ගාන නම් ටිකක් වැඩියි (330ml - 250/=) හැබැයි රස නම් නියමයි බොන්නත් හරිම ලේසියි. ඔය Corona Extra Beer  එක බොනකොට බෝතලේ කටට ලෙමන් කෑල්ලක් ගහලා බිව්වම හොඳයි කියලා කියනවා ඒත් මන් ඒකනම් කරලා නැහැ. වෙලාවක ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ. බියර් එකක් බොනකොට යන්තම් ඇඹුල් ටිකක් වැටුනොත් අමුතු රසක් තියෙයි කියලා මටත් හිතෙනවා.

ඔය Lion Beer නුයි Carlsberg Beer දැක්කම හිතෙන්නේ ඔය දෙක සමාගම් දෙකකින් කරන ඒවා කියලා. මාත් එහෙම තමා කලින් හිතාගෙන හිටියේ ඒත් බැලුවම දෙකම කරන්නේ Lion Brewery Ceylon Ltd සමාගමෙන්. ඔය ලංකාවේ Lion Beer තිබුනට මන් හිතන්නේ සිංගපූරුවෙද කොහෙද තියෙනවා සිංහ බියර් කියලා එකක්.

බියර් එකක නියම රස බලන්න නම් නිකන් Cool වෙලා තිබ්බට මදි කියලා මට නම් හිතෙන්නේ. Chill Beer එකක්  තියෙනම් තමා නියම.

ඡායාරූපය මෙතනින්

එතකොට බොනකොට කන ඒවා?

Posted by hare :-) On Saturday, January 16, 2010 27 comments
මේක මලී ලියපු එකක්. එයාගෙ පත්කල නියෝජිතය විධියට මට මේක මෙතන දාන්න වුණා ;-)

අපේ කන බොන කට්ටිය බීම ගැන කෑම ගැන කතා කලා උනාට බීමේම වැදගත් අංගයක් වෙන බොනකොට කන කෑම ගැන තාම මොකුත් ලිව්වේ නැහැනේ.. ඉතිං ඒ ගැන ටිකක් ලිව්වොත් හොදයි කියලයි මට හිතෙන්නේ..

බොනකොට කන කෑම කිව්වම අපි බොන දේවලුත් ‍වෙනස් වෙනවනේ... ඒ කියන්නේ ඇල්කොහොල් රහිත එදිනෙදා ‍බීමට ගන්න පැණි බීම තේ කෝපි ආදී බීම වර්ග වගේම ඇල්කොහොල් සහිත බීමත් තියනවානේ.. ඔය හැම බීමකම රස වැඩි කරන්න වගේම තියන රසත් නැති කරන්න ඒවාත් එක්ක කෑමට ගන්න ආහාර වලට ‍පුළුවන්.. සමහර බීම වල රස හොදටම දැනෙන්න නම් ඒකත් එක්ක යන කෑමත් ගන්න ඕනි.. ඒ වගේම තමයි ඇල්කොහොල් රහිත බීම වලට ගැලපෙන කෑම වර්ග හදන හැටි ගැන නිතර කතා උනත් ඇල්කොහොල් සහිත බීම වලට ගැලපෙන කෑම ගැන නම් කතාකරන්නේ බොහොම අඩුවෙන්.. ඉතිං මං මේ හදන්නේ අපි හැමෝටම තේරෙන බාසාවෙන් කියනවා නම් සෙට් වෙන වෙලාවට ගන්න බයිට් ගැන කතා කරන්නයි.

‍මෙහෙම කිව්වම කට්ටිය සෙට් වෙන වෙලාවල් - අවස්ථාවන් වෙනස් වෙනවා වගේම ඒ සෙට් වීම් වලට ගන්න බීම වර්ගත් වෙනස් වෙනවානේ.. උදාහරණයක් හැටියට කට්ටිය මූහුදේ නාන්න සෙට් වෙනවා නම්.. ඇළක දොළක නානවා නම් හරි ‍විවේකී ඉරිදා දවසක උදේක හරි සෙට් වෙනවා නම් ගොඩක් කැමති රා වලටනේ? ඒක ඉතිං කිතුල් රා ද පොල් රා ද කියලා වෙනසක් නැති වුනාට.. පොල් රා වලට මයියොක්කා තම්මබලා කට්ට සම්බෝලයක් හෝ උම්බලකඩ වැඩියෙන් දාපු පොල් සම්බෝල හෝ ලුණුමිරිසක් තිබ්බා නම් මරු.. ඒ වගේම කිතුල් රා වලට වල් ඌරු මස් හෝ ගම් කුකුළු මස් මිරිසට තියනවා කියන්නේ ඒවා කෑමේ වගේම බීමෙත් රස වැඩි කරන උපාංග..

ඉතිං මගේ මේ ලිපියේ මුලික අරමුණ බීම වලට ගැලපෙන බයිට් වර්ග ගැන ලියන එකම නෙවෙයි.. මොකද ලියන මට වඩා කියවන ඔබතුමන්ලා (තුමියන්ලා) ඒ ගැන දන්නවා ඇති කියලා මම හිතනවා... ඉතිං කොහොම උනත් ගැඹුරු තෙලේ බැදපු කරවල කෑල්ල, පපඩම, බිත්තර ඔම්ලට්, කඩල , කොත්තු, ආප්ප, බිත්තර ආප්ප, වඩේ, ආදී එකී මෙකී නොකී දේවල් වලට අමතරව පලතුරු හා එළවළු වර්ග පවා බයිට් විදියට එහෙමත් නැත්නම් බීමේ අමතර අයිත්තම් විදියට පාවිච්චි වෙනවා.. ඒ හැමදේම බීම වර්ගය, බොන පුද්ගලයා හා ඒ පුද්ගලයාගේ ආර්ථික මට්ටම අනූව වෙනස් වෙනවා.. මොකද අපි මේ සාමාන්‍ය බයිට් ගැන කථා කලාට ස්පෙෂල් සී ෆුඩ් ‍ප්ලේට් එකක්ම කැමති නම් කෙනෙකුට බයිට් එක විදියට හවසට බ්රැන්ඩි හෝ වයින් හෝ වොඩ්කා හෝ තමන්ට කැමති දෙයක් එක්ක ගන්න පුළුවන්.. ඒක ඉතිං සාපේක්ෂයි.. කොහොම උනත් මේ ලිපිය ඉවර කරන්න කලින් මම හිතුවා කැමති කෙනෙකුට සාමාන්‍ය අරක්කු එක්ක සෙට් වෙන වෙලාවෙදි හැමදාම කඩෙන් ගන්න චිකන් ඩෙවල් හෝ මික්සර් පැකට් එක වෙනුවට කැමති නම් තමන්ටම හෝ වෙන කෙනෙකුට කියලා හෝ හදාගන්න පුළුවන් සරළ වට්ටෝරු කීපයක් ලබාදෙන්න.. මම දන්න තරමින් අති‍විශේෂ අරක්කු වලට මේ බයිට් වර්ග ඉතාම හොදින් ගැලපෙනවා.

1 සුදුලූණු තෙල්දැමුම (දෙදෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍යය - සුදුළුණු ගෙඩි 2ක් හෝ තුනක් - මිරිස් කෑලි කුඩු මේස හැදි 1යි - ලුණුකුඩු මේස හැදි1/2 - පොල්තෙල් - වතුර පොඩ්ඩක්‍ හෝ සෝයා සෝස්

මුලින්ම සුදුළුණු ගෙඩියේ බික් වෙන් වෙන්ව ගලවා ගන්න.. (පොතු අයින් කරන්න එපා) ඒක දික් අතර හරහට බික් වෙන් නොවන පරිදි පිහියකින් පලාගන්න.. දැන් ඒක භාජනේකට දාලා මිරිස් කෑලි හා ලුණු කුඩු එකතු කරගන්න (ළූණු පොතුත් එක්ක තියන නිසා ටිකක් වැඩියෙන් මිරිස් කෑලි හා ලුණු දැම්මට ප්‍රශ්ණයක් නෑ.. තමන් කැමති ප්‍රමාණ එකතු කරගන්න) ඒ ටික මිශ්‍ර කරලා සෝයා සෝස් මේස හැදි 1ක් විතර දාන්න.. සෝස් නැත්නම් වතුර උනත් ප්‍රශ්ණයක් නෑ.. මේ ටික හොදට ලූණු වල කලවම් උනාම තෙල් මේස හැදි 2ක් විතර ලිපේ තියලා රත් කරන්න.. ඒක හොදට රත් උනාම කලින් මිශ්‍රණය දාලා මද ගින්දරේ බැදෙන්න හරින්න. ලිපේ තියන භාජනය පියනකින් වහලා තියාගන්න.. (මතක තියාගන්න පපඩම් බදිනවා වගේ ගැඹුරු තෙල් වල නම් නෙවෙයි) විනාඩි 7 - 8 කින් පියන ඇරලා තැම්බිලාද බලලා පොඩ්ඩක් කලවම් කරගන්න.. සුදුළුණු පොතු රන්වන් පාටට හැරුනම එකක් අරන් කාලා බලලා තමන් කැමති ප්‍රමාණයේදි ලිපෙන් බාගන්න.. දැන් ඒ බයිට් එක හරි..

හැබැයි පොතු නම් කන්න එපා හොදේ..!



2 එළවළු හා ක්‍රීම් කැකර්

බෝංචි කැරට් ගෝවා අර්තාපල් වගේ එළවළු ටිකක් අරගෙන තම්බා ගන්න. (අල හොදින් තැම්බිය යුතු අතර අනික්වා එතරම් තැම්බිය යුතු නැත) මේවා කොටු හැඩයට කපා ගන්න.. ගම්මිරිස් කෑලි.. ලුණු කුඩු දමා කලවම් කරගන්න.. ක්‍රීම් කැකර් බිස්කට් කිහිපයක් කෑලී වලට කඩා එයටම එකතු කරන්න. කැමති නම් චීස් ටිකක් එකතු කරගන්න.. දැන් ඒ බයිට් එකත් රෙඩි.
අල පොතු අයින් කරගන්න හො‍ඳේ!!!



3 රටළූණු බැදුම ( බැටර්ඩ් අනියන්)

‍රටළූණු (ලොකුළූණු) රවුම් පෙති කපා ගන්න (සෙන්ටිමීටර් 3/4 ක් පමණ පළලට) මුදු ආකාරයට සිටින පරිදි ‍එම ළූණු පෙති වෙන් වෙන් කරගන්න..

කඩලපිටි මේස හැදි 2කට හාල්පිටි මේස හැදි 1ක් එකතු කර එයට කහ ස්වල්පයක්.. ලුණු කුඩු.. හීනියට කපා ගත් කරපිංචා.. සූදුරු ඇට කිහිපයක් (සැරට අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු හෝ මිරිස් කෑළි කුඩු )ටිකක් එකතු කර වතුර ස්වල්පය බැගින් එකතු කරමින් බැටර් එකක් ආකාරයට (උකු දියරයක් ) අනාගන්න. කලින් කපාගත් රටළූණු මෙහි දවටා ගැඹුරු තෙලේ බැදගන්න..

මෙය කෑමට ගන්න වෙලාව කිට්ටු කරලා හදාගන්න.. මොකද වෙලාව යද්දි ටිකක් ක්‍රිස්පි ගතිය අඩුවෙන්න පුළුවන්. දෙහි බිංදු දෙකක් ඉහලා කෑමට ගත්තොත් තවත් රසක් අත්විදින්න පුළුවන්..


ඉතිං අදට මේ ඇති නේද? ආයේ දවසක අළුත් බයිට් ව‍ට්ටෝරුවක් එක්ක සෙට් වෙමු..
චියර්ර්ස්...!!!

සැර ජාති ගැන කථා කරන්න experts ලා ඉන්න එකේ මට හිතුන ඇග නිවෙන එකක් ගැන ලියන්න.මේක වැඩිය ප්‍රසිද්ධ නෑ.ඒ තමයි ගස්ලබු( පැපොල් ) සමග බෙලි.
කනවනම් කන්න බොනවම් බොන්න පුලුවන් එකක්.මේකට අවශ්‍ය වෙන්නෙ බෙලි ගෙඩියකුයි, අවශ්‍ය ප්‍රමානයට ගස්ලබුයි, සීනී, දෙහි බින්දු දෙකකුයි,අයිස් කැටැයි විතරයි.
මුලින් බෙලි ටික මග් එකකට දාලා සීනී ටික දාල හොදට පොඩි කර ගන්න.එකට දෙහි බිංදු දෙකක් විතර දාලා උකු ගතියකට එනකන් පොඩි කරගන්න.

ඊට පස්සේ ගස්ලබු කැලි චොරු වෙන්නෙ නැති වෙන්න හැන්දික් අරන් බෙලි එක්ක කළවම් කර ගන්න.අයිස් ටිකත් එකට දලා චොරු කර ගන්නෙ නතුව කළවම් කරගෙන කන්න තමයි තියෙන්නේ.
ගස්ලබු බෙලි එක්ක මික්ස් වුනාම පුදුම රසක් එන්නේ.




ඕන නම් බෙලි වල ඇට අයින් කරලා මේ ටික බ්ලෙන්ඩ් කරලා ජුස් එකක් හදා ගන්නත් පුලුවන්.ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා මගේනම් ප්‍රියතම පානයක්.
මේකට වොඩ්කා ටිකකුත් දැම්මොත් කොහොමට තියෙයිද?

ජින්

Posted by ම On Wednesday, January 13, 2010 18 comments
ජින් කියන්නේ සාපේක්ෂව සුවඳ (අනික් අයට ගඳ වගේ දැනුනට මටනම් බීම ජාති වලින් එන්නේ සුවඳක්) අඩු බීමක් නිසා දවල්ට සහ හොරෙන් බොන්න ඕනේ වෙලාවට අපේ තේරීම වෙන්නේ ජින්. වොඩ්කත් මේ වගේ උනාට ජින් තරම් වොඩ්කා පෙවෙන්නේ නැහැ.

මෙහේ රසවල් හතරක ජින් ජාති මන් දැකලා තියෙනවා, ඩ්‍රයි ජින්, ලෙමන් ජින් සහ ඔරෙන්ජ් ජින්. ඔරෙන්ජ් ජින් ඇරෙන්න අනික් දෙක නම් මන් බීලා තියෙනවා. ඔරෙන් ජින් නම් එච්චර හරි නැහැ කියලා මට බීපු කෙනෙක් කිව්වා. ආ තව ක්‍රැන්බරි එකත් මන් බීලා නැහැ.

මම බීපු හොඳම ජින් ජාතිය කියලා එකක් නම් නැහැ රොක්ලන්ඩ් ලෙමන් ජින් එකට අනික් ඒවාට වඩා කැමතියි. හැබැයි බීපු ජරාම එක තමා ෆ්ලින්ටන් කියන එක. ඒක බීපුදාට පහුවදා හැදුනා ජීවිතේටම බීම එපා කරවන විදිහේ ඔළුවේ කැක්කුමක්. එදාට පස්සේ ඒක බිව්වේ නැහැ (හැබැයි එපා උනේ නම් ඒ ජාතිය විතරයි) .

DCSL, IDL, Mendis, Rockland ඔය හැම සමාගමක වගේ ජින් ජාති තියෙනවා. Ascot (IDL) නම් බෝතලේ පිටිපස්සේ ජින් බොන්න හොඳ මිශ්‍රනයක් සඳහන් වෙලා තියෙනවා ඒ ඇරෙන්න මේ අඩවියෙත් ටිකක් තියෙනවා




මම නම් බොන්නේ ස්ප්‍රයිට් එක්ක, ඒකට අයිස් ගොඩකුයි පොඩි දෙහි කෑල්ලකුයි දා ගත්තම මරු. ඒත් මේ ලඟදි සෝඩා ගොඩක් දාලා ස්ප්‍රයිට් චුට්ටක් දාලා බිව්වා. ඒකෙත් අමුතු රසක් තිබ්බා. බාර් එකේ නම් දෙන්නේ සෝඩා එක්ක. මිනිස්සු ඇවිත් ජින් 100 ක් දාගෙන ඒකට සෝඩා පොඩ්ඩක් දාලා එක හුස්මට බොනවා දැක්කම මගේ බඩ පපුව දාලා යන්වා.

අපේ රටේ නම් බීම ගැන කතා කරද්දි කාන්තාවො අදාල නැති උනාට ජින් කියන්නේ Ladies Drink එකක් කියලා එක පාරක් සුද්දෙක් කිව්වා. ඒකා නම් ඇහුවේ Gin & Tonic ද බොන්නේ කියලා. මාත් අහලා තියෙන විදිහට ජින් බොන්න ඕනේ ටොනික් එක්ක. Elephant House එකේ Tonic එකක් Supper Market  වලනම් මන් දැකලා තියෙනවා ඒත් ඒක නිකන් කඩවලනම් මන් දැකලම නැහැ.

ජින් කියන්නේ එංගලන්තේ මහ රැජිනගෙත් ආසම බීමක්ලු, මන් මේ එහෙම කිව්වේ අහල තියෙන කතාවක් මිසක් මන් එ ඇත්තී එක්ක එකට සෙට් වෙලා එහෙම නැහැ එයා කන බොන ජාති ගැන විස්තර අහන්න. මාත් එක්ක සෙට් වෙලා තියෙන කාන්තාවන් හැමෝම වගේ ජින් බොන්න නම් අකමැති නැහැ, ඇත්තටම ඒක අරක්කු වලට වඩා රසවත් බීමක් නිසා.

ලංකාවේ ජින් ජාති ඇරෙන්න මන් බීලා තියෙන්නේ Gordon's Gin සහ Bombay Sapphire® Gin  විතරයි. මේ Bombay Sapphire® Gin එකේ තියෙන්නේ නිල් පාට ජින් එකක් කියලා මන් මුලින් හිතාගෙන හිටියේ ඒත් එකෙත් තිබ්බේ සාමාන්‍ය අවර්ණ ජින්ම තමා. ඒ මදිවට බොන්නත් අමාරුයි ටිකක් සැර වැඩි වගේ. ඒක නිසා ඒ දෙකට වඩා නම් අපේ ජින් හොඳයි කියලා තමා මට නම් හිතුනේ.

බීම තියෙන්නේ බොන්න මිසක් නාන්න නෙමෙයි, කෑම තියෙන්නෙත් කන්න මිසක් ගාගන්න නෙමෙයි ඒක නිසා කෑවට බිව්වට කමක් නැහැ නා ගන්නෙයි ගාගන්නෙයි නැතුව. මොනා කලත් කමක් නැහැ අනික් අයට කරදරයක් නොවී.


ඡායාරූපය මෙතනින්
LG ගෙන් බීම ගැන

හැමෝම කන බොන ජාති ගැන කතා කරන කොට මම කොහොමද අනේ හිත හදා ගෙන පැත්තකට වෙලා ඉන්නෙ;-) මටත් හිතුනා මේ කන බොන ප්‍රොජෙක්ට් එකට සප් එකක් දෙන්න ;-)

බීම කියන්නේ නිකන් කලාවක් වගේ කියලා අපේ ම, නොදරුවා, බුරු බබා වගේ අපේ සහෝදර සෙට් එක නිතරම කියන දෙයක්නේ..

ඉතින් කලාවට බොන්න කැමති අයත් එක්ක කොක්ටේල් ජාති ගැන කතා කරන්න මට හිතුනා.



සරළවම කිව්වොත් කොක්ටේල් එකක් කියන්නේ, මිශ්‍ර බීමක්. ගොඩක් වෙලාවට ලිකර් ජාති එකක් හෝ දෙකක් එක්ක, පළතුරු ජුස්, පළතුරු, සෝඩා, අයිස්, සීනි, පැණි, කිරි, ක්‍රීම් හරි අවුශද (herbals)මොනාහරි මිශ්‍ර කරලා තමයි මේවා හදන්නේ. නන් ඇල්කොහොලික් (non alcoholic) කොක්ටේල් වර්ගත් ගොඩක් තියෙනවා, මේවත් හරිම රසවත් ;-) කොක්ටේල් එකක් හදන හැටි, ශේකර් එකකින් ශේක් කරන හැටි, ඒ වගේම එක එක කොක්ටේල් සදහා භාවිතා කරන වීදුරු ‍තෝරා ගැනීම, පිලිගන්වන ආකාරය.. ඔය වගේ බලන් කොට ඉතින් කොක්ටේලුත් එක්තරා විදියක කලාවක්.. කොක්ටේල්ස් වර්ග කරන්න පුලුවන් විදි කීපයකට,

කොක්ටේල් එක හදන්න භාවිතා කරන ප්‍රධාන ingredient එක අනුව:
  • බියර් කොක්ටේල්
  • බ්‍රැන්ඩි, කොන්යැක් (cognac) කොක්ටේල්
  • ජින් කොක්ටේල්
  • සකේ කොක්ටේල්
  • ටිකිලා කොක්ටේල්
  • වොඩ්කා කොක්ටේල්
  • විස්කි කොක්ටේල්
  • වයින් , ස්පාක්ලින්ග් වයින් කොක්ටේල්
  • …………………..

ඇල්කොහොල් අඩංගුද , නැද්ද අනුව:
  • ඇල්කොහොලික් කොක්ටේල්
  • නන් ඇල්කොහොලික් කොක්ටේල්

මේ වගේම මූලික ingredient එක ලිකර් විදියට භාවිතා වෙන කොක්ටේල්. මේ වර්ගෙට වැටෙන්නේ,
  • චොක්ලට් ලිකර්
  • ක්‍රීම් ලිකර්
  • පළතුරු ලිකර්
  • හර්බල් ලිකර් වගේ ඒවා



කොක්ටේල් වල අනිත් විශේෂ කාරනේ තමයි , මේවට තියෙන අරුම පුදුම නම් ;-) ජින් ‍ෆිස්, ජෝකර්, මයි ෆෙයා ලේඩි, පැරඩයිස්, ජින් සවර්, බ්‍රකාඩි, බ්ලූ හවායි, ඩ්‍රැගන්  ෆ්ලයි, මාගරීතා, ටිකිලා සන් සෙට්, ටිකිලා සන් රයිස්.. සෙක්ස් ඔන් ද බීච් , සෙක්ස් විත් බාර් ටෙන්ඩර්.. එයින් ගියපුවාම, ඩබල් සෙක්ස් විත් බාර් ටෙන්ඩර්..

හපොයි පිස්සු ඩබල් වෙනවා සමහර කොක්ටේල් මෙනුස් දැක්කහම.. නිකන් මොකද්ද මොක්ද්දත් වගේ නැද්ද , බ්ලඩී මේරි එකක් දෙනවද් එහෙම කියල ඉල්ලන්නත්! හික්ස් :-D මගේ ප්‍රියතම කොක්ටේල් කීපයක් තමයි, සෙක්ස් ඔන් ද බීච්, මොහි‍තෝ, Caipirinha, Long Island Iced Tea, ටිකිලා සන් රයිස්, මාගරිතා, වොඩ්කා රෙඩ්බුල්, සන්ග්‍රියා, පින කොලාදා (Piña colada) වගේ ඒවා..

ම මෙතන කිව්වා වගේ, ගෙදර ඉතින් එක පාරට ඔය අරවා මේවා ගෙනත් තියා ගන්න අපහසුනේ. ඒ නිසා අවම අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් කොක්ටේල් කීපයක් ගෙදර හදා ගන්න විදිය කතා කරන්න කට්ටිය කැමති වෙයි කියලා හිතනවා.!

- LG

අරක්කු

Posted by ම On Thursday, January 07, 2010 33 comments
ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.

මන් දන්න විදිහට නම් ලංකාවේ අරක්කු හදන ප්‍රසිද්ද සමාගම් 4ක් තියෙනවා. DCSL (DOL), Mendis, IDL,  සහ Rockland කියලා තව හිඟුරාන කියල එකක් තියෙනවලු ඒක නම් මන් බීලත් නැහැ හරියටම දැකලත් නැහැ. තවත් ඒවා තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ.

ඔය අතරින් මන් වැඩියෙන්ම බොන්න ආසා DCSL  අරක්කු ජාති තමා. Rockland  ඒවා නම් මන් තාම බීලා තියෙන්නේ කියන Rockland  VX එක විතරයි ඒක නම් වරදක් නැහැ. ඒත් IDL  Old Reserve ඇරෙන්න අනික් ඒවා නම් ගන්න දෙයක් නැහැ. පහුවදාට බඩු ෂුවර්. Mendis එකේ තියෙන 12 Years Old  එකනම් එක සැරයක් දෙකක් බීලා තියෙනවා ඒක නම් වරදක් නැහැ ඒත් ගාන තමා සැර මන් හිතන්නේ ඒක 2000 විතර  වෙනවා. 565ක් දීලා ගල් බොන්නෙත් අමාරුවෙන් ඉතින් ඒවා බොන්න පුළුවනෑ.

DCSL නම් DCSL ශ්‍රීලංකා අරක්කු කියන එක ඇරෙන්න අනික් හැම ජාතියම බීලා තියෙනවා ගල්, OLD, Double Distilled, VSOA, White Label සේරම ජාති ටික. ඉස්සරනම් Blue Label කියලා එකක් තිබ්බ ඒත් දැන් ඒක දකින්න නැහැ. ඔය අතරින් මන් කැමතිම නම් OLD Arrack එකට ඒත් ඉතින් සාක්කුවටත් ලේසි නිසා වැඩියෙන්ම පෙවෙන්නේ නම් ගල් තමා. ගල් වල තියෙන ලොකුම හොඳේ තම After Effects අඩු එක.

අන්තර්ජාලේ සැරි සැරුවම අනික් බීම ජාති බොන්න Cocktail Recipe එකක් හොයා ගන්න පුළුවන් උනාට අරක්කු වලට නම් Cocktail Recipe  එකක් තාම මට හම්බ වෙලා නැහැ, අපිට ඉතින් කෝක් නැත්නම් සෝඩා දානවා මිසක් ඔය Recipe  වල හැටියට බීලා පුරුද්දක් තියෙනවායෑ. මන් නම් බොන්න කැමතිම විදිහ තමා අරක්කු 50ml විතර දාලා ඒකට 100ml  විතර සෝඩා දාලා කෝක් 25ml විතර දාලා වීදුරුව පිරෙන්න අයිස් එක්ක. කෝක් ටිකක් දාන්නේ තිත්ත අඩු වෙන්න.මේක එච්චර පැනි රසත් නැහැ තිත්තත් නැහැ ඒක නිසා මන් කැමතියි.

ඉතින් ඔයගොල්ලොත් අරක්කු බොනකොට මිශ්‍ර කරන විශේෂ විදිහක් තියෙනවනම් අපිටත් කියන්න ට්‍රයි කරලා බලන්න.