මට මුලින්ම කැසබා වලදි සෙට්වෙන්නෙ අපේ බෝමන්. එදා රවිත් හිටියට ඒ දවස්වල එයා පොඩි එකා නිසා එලියෙ ඉඳන් කතා කරල වෙන් වුණා. මා යි බෝයි සෙට් වුණා. එදා ඉඳල මේ වෙනකල් දහ දොලොස් වතාවක් හැම මාසෙකම වගේ අපි ඔතන සෙට් වෙනවා. ඒ සෙට් වෙන්නෙත් ජංජාලෙන් හමුවුණ මිතුරන් පිරිසක් විතරයි. බොහොම විට බෝමන්, ශිවන්ත, රවි සහ රාජි සමග මම සෙට් වුණත් මම නැති වෙලාවට උන් ටික තවත් උන් එක්ක සෙට් වෙනවා.
තැන නම් බොන්න හොඳයි. දෙවෙනි තට්ටුව වහලකුයි බාගෙට බැඳපු බිත්තියි තියෙන විවෘත තැනක්. පළවෙනි තට්ටුව හොඳට වායු සමීකරණය කරපු party hall එකක්. ඒ වුණාට අපි යන බොහොම වෙලාවලට ඕකෙ ඉන්නෙ බොන්න ආපු අය විතරයි.
ඔයාලත් කොට්ටාව අවට සෙට් වෙනව නම් කැසබ්ලන්කා රෙස්ටුරන්ට් එක සෑහෙන්න හොඳ තැනක්.
ලඟදි ඉඳන් අපි නම් මෙතන සෙට් වෙන්නෙ කන්න විතරයි. මොකද බොන කට්ටිය ටික ටික කාර්ය බහුල වෙන්න අරන් නිසා. අපි ඉතිං සුපුරුදු ෆ්‍රයිඩ් රයිස් සමග කෙල පෙර පෙර ඩෙවිල්ඩ් චිකන් කන ගමන් පණ නැති වෙනකල් හිනා වෙල එනව දැන්.
වැදගත්ම දේ ඒක නෙවෙයි. මේ ගැන කියන එක නිකං ස්පෑම් කිරීමක් වෙයිද මන්දා. ඒ වුණාට බොන්න සෙට් වෙන තැනක් වෙනුවෙන් මේ වගේ ප්‍රමෝෂනල් වැඩක් කරපු පලවෙනි වතාව වෙන්නත් පුළුවන් නිසා මම මේ ලින්ක් එක දානවා. මේක අපේ කට්ටිය එකතු වෙලා අටවගත්ත අවකාශයේ ඇරඹුණු thread එකක්. අවකාශයේ කවියො ටික කැසබා ගැන කවි කියල තියෙන විධිය බලන්නකෝ...
හොඳ හොඳ සෙල්ලම් තියෙන්නෙ පස්සට වෙන්න හොඳේ...
මෙතනින් තැන ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි.
http://wikimapia.org/714922/Casabalanka-Rest
මාත් ඔය අවකාශේ ත්‍රෙඩ් එක දැකලා තමා ඔතන ගැන දැන ගත්තේ.
ගනන් හිලව් එහෙම කොහොමද බන්?
Hahah...Casaba maxa pot eka..habai api yanne eeta eha paththe poddak gaana shape Casamaara ekata..lol, Homagama peththata wenna thiyena Panoraamath hondai..:)
කැසබා එල. ගණනුත් අවුලක් නැහැ.
සෙනසුරාදා හවසක ගියොත් තමන් කැමති ගී දෙක තුනක් ගායනය කරවගන්න දෙදෙනෙකුගෙන සමන්විත බෑන්ඩ් එකකුත් සෙට් කරල තියනවා(එයාලට පොඩි ෂොට් එකක් දුන්නම වැඩිපුර තව ගීතයක් ගයවගතහැකි)
කැසබා එකේ උඩම තට්ටුවට ගියොත් නම් ටිකක් නිදහසේ බොතහැකි දුමක් එහෙම දාන ගමන්.
කොට්ටාවෙ ඊට එහා තියන පැනොරමා එකත් හොඳයි. ඒකෙ බයිට් නම් සුපිරි.එතන මැක්සා චිකන් ඔම්ලට් එකක් දානවා ඒ දවස්වල. ඉස්සර නිතරම ගියෙ ඒකට උනත් රෑවෙද්දි ඔලුව කැක්කුම එන සයිස් එකට ටකරන් මියුසික් දාන්න පටන ගත්තම එතනට යන එක නැවතුනා(දැන් නම් කොහොමද දන්නෙ නෑ)
මම නම් ගිහින් නැහ. ඒත් නිදහසෙ දුමක් දාල කරදරයක් නැතිව බොන්න පුලුවන් නම් යන්න ඕනි ගිය වෙලාවක.
දැන් කන බොන බ්ලොග් එක නිසාම සෑහෙන තැන් තියෙනව යන්න.
matath meka dakala liyanna hithuna.mama australia wala idala lagadi lankawata awama keepa wathawakma panorama eke yaluwo ekka set una.Mage pannipitiye yaluwo ci Thushara,rohan,bandu ekka thama giye.Ethana drink ekak danna niyama thana.owner delumgamagawatte apith ekka set una
මේක දැක්කාම නොබොන මටත් කැසබා ගිහින් බොන්න හිතුනා. :P
මම ලංකාවෙන් එන්න කලින් යාලුවෙක් එක්ක කැසබා සෙට් උනා. ඕක අයිති මගෙ පොඩි කාලෙ ධර්මපාලේ යාලුවෙක්ගෙ අම්මා කෙනෙක්ට. දැන් නම් මිනිහ ලංකාවේ නැද්ද කොහෙද. හොඳම සීන් එක එදා රෑ දෙන්නත් එක්ක old keg බෝතලයකටම වග කිවුවා. කෑම, සර්විස් පට්ට. නිදහසේ දුමක් දා ගන්න්ත් පුලුවන්. එදා ඉතින් බෝතලේ වැඩ් වෙලා, මම වේටර් අය්යට රු.500 ක ටිප් එකක් දුන්න කියලා පහුවෙනිදා තමයි දන්නේ. ලොල්ස් :D
මාත් මේකෙන් කාලා තියෙනවනේ. මට මතක් වුණා ඒ දවස.
අපි එහෙනම් මෙතනත් සෙට් උනා :-D