Showing posts with label හොට් ඩෝග්ස්. Show all posts
Showing posts with label හොට් ඩෝග්ස්. Show all posts
මම මේ කාලෙකින් ඇවිල්ල කියන්න යන්නේ උණු බල්ලෝ ගැන.එහෙමත් නැත්තං ඔය සබ්මැරීන් ලංකාවට ෆිට් වෙන්න කලින් හැම එකාම කාපු තාමත් බහුලව කැවෙන හොට් ඩෝග්ස් ගැන.හොට් ඩෝග්ස් වලට ලංකාවේ ප්‍රසිද්ධ ගොඩක් නම් ඒකාලේ තිබ්බත්.දැන් ඒවා හුඟක් නෑ.තාමත් තියෙන්නේ කීල්ස් තමයි.ඒකත් හැමතැනම නෑ.විශේෂ තැනක විතරයි තියෙන්නේ.කීල්ස් ලගේ ජම්බෝ හොට් ඩෝස් එක කොච්චර රහ උනත් ඒක දැන් කාලෙට නං එච්චර සෙට් වෙන්නේ නැති ගතියක් තමයි මට හිතුනේ.
ඒත් ඔන්න දැන් අලුතෙන් ඇවිත් තියෙනවා "ස්ටාර් ඩෝග්ස්" කියලා කඩයක්.මේක අලුත් කිව්වට අලුත්ම නෑ.මේක මෙච්චර කල් තිබ්බේ ක්‍රෙස්කැට් එකේ.ඒත් දැන් ගල්කිස්සේ අලුතෙන් වෙනමම පටන් ගන්නයි යන්නේ.ඒක නං ඇත්තටම එල.
මේක තියෙන්නේ ගල්කිස්සේ "ක්වීන්ස් කැෆේ" එක ඉස්සරහා.රහයි වගේම බඩත් පිරෙනවා.සබ්මැරීන් එහෙකට හොඳ ආදේශකයක්.ඕනම විදිහකට ගන්නත් තියෙනවා.ඕනම විදිහකට කිව්වේ,මස් කන්නෙ නැති කට්ටියට උනත් වෙජි හොට් ඩෝග් එකක් එතනින් ගන්න පුලුවන්.ඒ වගේම අපි කැමති ජාතියකින් ටොපින්ස් ඒගොල්ලෝ ගාව තියෙනවා.උදාහරණෙකට චීස්, චිලී සෝස් වගේම කැමති විදිහක ෆිලින්ස්. . ..උදාහරණෙකට මම එදා ගත්තේ මැසඩෝනියන් මීට් ෆිල් කරපු එකක්.ඒ අතින් මේ කඩේ අති විශිෂ්ඨයි.රුපියල් 150 ඉඳන් රුපියල් 250 අතර ගානකට හොඳ හොට් ඩෝග් එකක් ගන්න පුලුවන්.ඊට වඩා අඩුවටත් නැතුවම නෙවෙයි.
ඒ වගේ තවත් හොට් ඩෝග් වලට ප්‍රසිද්ධ තැනක් තමයි "ජිග්සෝ".ඒක නං කඩයක් නෙමෙයි ලොරියක්.ඒකක් මම දන්න තරමින් තියෙනවා ගල්කිස්සේ.හවස හතරේ විතර ඉඳන් පාක් කරලා තියෙනවා.දෙපාරක් විතර කාලා තිබ්බට පාරේ ඉඳන් කාපු නිසා ෆොටෝ එකක් ගන්න නං බැරි උනා ස්ටාර් ඩෝග්ස් වල වගේ.ඔන්න එහෙනන් මම ඔත්තුවක් දුන්නා.සමහරවිට ඕගොල්ලෝ දන්නවත් ඇති.ආහාර පිරි දිවියකට සුබ පැතුම්!
.jpg)
.jpg)
