ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

හෝම් මේඩ් චිලී පේස්ට්

Posted by Rachintha Jayawardhana On Friday, September 10, 2010
ඕන කරන දේවල්:

කෑලි මිරිස් ග්‍රෑම් 200
කූනිස්සෝ ග්‍රෑම් 100
වෙජිටබල් ඔයිල්
ඉඟුරු, සුදු ළුනු
ලුණු, සීනි
සෝයා සෝස්, චිලී සෝස්
අජිනමොටෝ


සාදාගන්නා ක්‍රමය:

වෙජිටබල් ඔයිල් අවශ්‍ය ප්‍රමානයට වඩා මදක් වැඩිපුර ගෙනමිරිස් කෑලි ටික බැදගන්න. මිරිස් කෑලි කලු පාට නොවෙන ආකාරයට තෙලට දැමූ වහාම නැවත බාගන්න.

කූණිස්සෝ  සෝදා කර නොවන ලෙස පාවෙන තෙලේ බැදගන්න. භාජනයේ තෙල් වැඩිපුර ඉතිරිව ඇත්නම් මදක් ඉතුරු කර ඉතිරිය ඉවත් කරගන්න.

ඉන්පසු ඉතිරි තෙල් වල ඉඟුරු ද, සුදු ළුනු ද, පොඩි කර එක්කොට ගන්න මිශ්‍රනයද බැදගන්න. එය රන්වන් පැහැ වන විට මිරිස් සහ කූණිස්සෝද එයටම දමන්න.

ඉන්පසු රස පමනට ලුණු, සෝයා සෝස්, රස අනුව සීනි, චිලී සෝස්, අජිනමොටෝ තේ හැඳි භාගයක් ද දමා කාවම් කර ලිපෙන් බාගන්න.


මෙම අනුපාතයට ග්‍රෑම් 400ක චිලී පේස්ට් සාදාගත හැක.

විශේෂ ස්තූතිය අම්මට!

17 Response to " හෝම් මේඩ් චිලී පේස්ට් "

  1. මරු මමත් හදන්න පටන් ගන්න ඕනේ..! තැන්කූ වේවා...!!!!

     

  2. Anushka Said,

    me ithin mata nethuwama beri deyak thamai...thank you wewa

     

  3. Anonymous Said,

    maco "අජිනමොටෝ" kanna hondada ??

     

  4. Buddhi Said,

    මමත් මාර අසයි චිලිපේස්ට් වලට. දැං නං ටිකක් අඩු කරලා තියෙන්නෙ පපුවෙ දැවිල්ලක් අල්ලන හින්දා! කොහොමත් හදන හැටි දැන ගත්ත එක හොඳයි. හදිස්සියකට හදා ගන්න.

     

  5. @ANO: හොඳ නෑ තමයි. ඒත් මේකට නැතුව බෑ. මේකට පොඩ්ඩක් කමක් නෑ ඔන්න ඔහේ. ඕක කියන්න ඇනෝනිමස් එන්න ඕන නැහැනේ. මොකෝ කුණුහරුපයක් යෑ!

     

  6. ඕකට කූණිස්සෝ නැතුව උම්මලකඩ කුඩු දැම්මොත් නරකද....
    කූණිස්සෝ ඊඊඊඊඊයක්

     

  7. Naliya Said,

    @මුචා
    අජිනමොටො වෙනුවට සුප් කැටයක් දැම්මොත් රස ගොඩාක් වෙනස් වෙය්ද බලන්න ඕනේ!
    ගෙදරදීම කැම හදා ගන්න කැම අර්ටිෆිශල් ගතිය අඩුවෙන් තමන්ට ඕන විදියට වෙනස් කර කර කටට රසට හදා ගන්න පුලුවන්.මේ වගෙ සටහන් වල වටිනාකම කියලා වැගක් නැ.බොහොම ස්තූති මුචා.

     

  8. Dar[K] Said,

    එල මචො හදලම බලන්න වටිනවා

     

  9. Unknown Said,

    thankuuu kolloo...man me hoya hoya hitiye...kohewath thubune nene me wage pehedili wistharaya...ubata pin

     

  10. @සහන්: මමත් ආසා නෑ තමයි මචං! ඒත් නොදා බෑ. නැතුව රහක් නෑ වගේ. කූණිස්සෝ බැද්දම පොඩි කෑලි වලට කැඩෙනවා ඒ නිසා හොයන්නවත් බෑ පස්සේ. ඒක ගැන හිතන්නෙපා!

     

  11. @නලියා: මෙහෙම කරපන්! ඔය ප්‍රමානෙම හදලා ටිකකට විතරක් සුප් කැටේ දාලා බලපන්! නැත්තන් අවුල් උනොත් අපරාදෙ. හැබැයි එක අතකට සුප් කැටේ අගුණෙත් අජිනමොටෝ අගුණෙටම සමාන ඇති. ඒක ඔච්චර හිතන්න දෙයක් නෑනේ බං. දවසට එක පාරක්වත් කඩෙන් කන අපිට මොනවා තව අගුණ වෙන්නද?

     

  12. Naliya Said,

    @මුචා.
    එකනම් ඇත්ත.අපි කන බොන දෙවල් එක්ක අජිනමොටො පොඩ්ඩක් කියන්නේ මොකද්ද කියල හිතෙනවා.

     

  13. Anonymous Said,

    Nice Post...
    By the way nice template too...

     

  14. හැදුවා හැදුවා.. මං මේ රෙසපි එකට හැදුවා.. නියමෙට ආවා..! මරු මරු..!!!

     

  15. rohita Said,

    ajinomot agunada anemanda mata pahugiya tike godak kewuna bath kanakota ekata udata ihla kanna purudu wela hitiyaa

     

  16. Saman Said,

    ohhh... mamath hadanawa.... ela..... thankuuuuuu wewooo....

     

  17. wiaw Said,

    Niyamaaai, mama Haduwaaaaaa...... patta ban. thanks Budy.

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!