ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

යාල්

Posted by Rachintha Jayawardhana On Sunday, September 05, 2010
මේක අපේ කමු බොමු එකේ දැනටත් සාමාජික එසේම අහස් ගව්ව ලියන TG සහෝදරී එයාගේ බ්ලොගට ලියපු එකක්! එයා බිසී නිසා අපි කාටහරි දාන්න කියලා තිබ්බා මේක කමු බොමු එකට!


අපි ලෝකෙ කොහේ කරක් ගැහුවත් අපේ ප්‍රාදේශිය මානසිකත්වයට හරි කැමතිය් නෙ .ඉතින් මේක හොඳ වෙලඳපොල උපක්‍රමයක් විදියට පාවිචිවෙනව නිතරම .එකනේ මාතර බත් කඩයක් හඳෙත් තිබුන කියල කියන්නෙ නීල් ආම්ස්ට්‍රොන් උන්නැහේ හඳ තරණය කොරපු දවස්වල .


මේ කියන්න යන්නෙ මාතර බත් කඩ ගැන නෙවේ , යාපනේ බත් කඩයක් ගැන .අපේ ද්‍රවිඩ මිතුරන් යාල් පානම් කියල බොහොම ගර්වයෙන් කියන්නෙ යාපනේ අර්ධද්වීපයට නෙව . යාපනේ ගිය දුම් රිය හැඳින්වුවේ යාල් දේවි කියල .යාපනේට උරුම වුන මේ ප්‍රදෙශිය සන්ස්කෘතිය මුල් කරගෙන යාපනේ කෑම බීම රහ බලන්න , කොලොම්පුරේ තියෙනව තැනක් . ඒ යාල් රෙස්ටුරන්ට් එක . යාල් තියෙන්නෙ වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් එකේ , වැල්ලවත්ත දුම් රිය පොල පෙනෙන නොපෙනෙන දුරින් .



යාල් පටන් අරන් තාම හය මාසෙකට වැඩිය නැහැ .ඒ වුනාට ගනුදෙනුකරුවො බොහොමය් .යාල් ද්‍රවිඩ හිතවතුන් විතරක් නෙවේ සින්හල අපිත් , විදේශිකයොත් නිතර යන එන තැනක් වෙලා.


මමත් යාල් අවන්හලට නිතර යන එන කෙනෙක් . මගේ කාර්යාලයට හා නවාතැනට ආසන්නයේ පිහිට තියෙන නිසාත් ,වැඩි විච්චූරණ නැතිවුනාට බොහොම නිස්කාන්සුවෙ පිරිසිඳුව කෑම කන්න පුලුවන් වට පිටාව , සහ රසවත් කෑම් බීම නිසා මම මෙතැනට හරි මනාපයි.ඒ නිසා කාර්යාල පරිසරයෙන් මිදිල නිදහසේ යාලුවො මුනගැහෙන්නත් මම එන්නෙ මෙතැනට.


යාල් අවන්හලේ දවල් සහ රාත්‍රි ආහාර ලබාගන්න පුලුවන් .Take Away පහසුකමත් තියෙනව . කවුරුත් දන්නවනේ දවල්ට කොහොමහරි බත් කන සිරිතක් මගේ තියෙනව කියල . ඒකට යාල් නියම තැන . කෙසෙල් කොලයක් එලුව තාලියක , උනු උනු බත් පිරෙව්ව පොඩි බාජනයකුත් , රහ විතරක් නෙවෙ ගුණත් තියෙන ( කරවිල වරදින්නේ නැහැ ) එළවලු හතර පස් ජාතියක් සහිත හුරු බුහුටි බඳුන් කීපයකුත් , රසම් සහ අතුරු පසට පායාස (සව්) , අවල් (හබලපෙති ) , පොන්ගල් වගේ දේකුත් වරදින්නේ නැහැ. තමන්ට මනාප විදියට මස් , මාලු ඉල්ලගන්න පුලුවන් . හරක් මස් නම් නැහැ. ඒත් රස මාලු කරි , ඉස්සො , දැල්ලො , කුකුල් මස් , එලුමස් තියෙනවා.ඔනේ නම් එවෙලෙම හදපු පලතුරු බීමත් බොන්න පුලුවන් .මම නම් තව රසම් කෝප්පයක් ඉල්ලන් බොන්නත් අමතර අතුරුපස බාජනයක් ඉල්ලන්නත් අමතක කරන්නේ නැහැ. හබලපෙති හරි රහයි .හකුරු එහෙම දාල තමයි හදන්නෙ.


යාල් අවන්හලේ රෑ කෑම කන්න ගියොත් නා නා ප්‍රකාර යාපනේට ආවේණික කෑම කන්න පුලුවන්. ඒ අතරින් ඉඳිආප්පම් බිරියානි , කොත්තු විශේෂයි . මේව චිකන් , මාලු එලවලු රස වලින් ගන්න පුලුවන් . ඒ වගේම රතු හාල් පිටි , පාන් පිටි , අටා පිටි , කුරක්කන් පිටි වලින් හදපු පිට්ටුත් මගේ ප්‍රියතම රෑ කෑම වලට අයිතියි. මේව කන්නත් හරි රස කරි විශේෂයක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ කුරුමා කියල . චිකන් , මාලු , එලුමස් , එලවලු කුරුමා රස බලන්න පුලුවනි . කියන්න අමතක වුනා නෙව . බොහොම රස යාපනෙ විදියට උයාපු කකුලුවොත් තියෙනවා. මම නම් වැඩි මනාප නැහැ. කොලෙස්ටරොල් යහමින් තියෙන කෑම නෙව .


යාල් අවන්හල මගේ හිතගත්ත තවත් හේතුවක් තමය් මේ දවවල මගේ ඩයට් කිරිල්ලට ගැලපෙන තැනක් නිසා . නැත්නම් තෙල් ගොඩකරල උයපු චීන මකරු ෆ්‍රයිඩ් රයිස් ගිලලා මම ලෙඩ වෙනවා සිකුරුයි . යාල් කෑම වල තෙල් ගතිය හරි අවමයි .ඒ වගේම දෙන බත්කෝප්පෙ හරි ගානට බඩ පිරෙන්න .අඩුත් නෑ වැඩිත් නෑ. .කෑම කන්න මගේ නවතැනේ හරි කාර්යාලෙ ඉඳල හරි ඇවිදගෙන එන දුර නිසා මට ව්‍යායාමත් ලැබෙනවා.පසුම්බියටත් පහසුයි.


ඔන්න ඔහොමයි කොලොම්පුරේ තියේන යාපනේ බත් කඩේ කතාව .



10 Response to " යාල් "

  1. h Said,

    හප්පා දැන් ඔන්න මේකටත් යන්න ඕන කියයි :P

     

  2. Anonymous Said,

    කටට කෙල උනනව හලෝ

     

  3. වැදගත් විස්තරයක්ම තමා.....

     

  4. h Said,


    හප්පා දැන් ඔන්න මේකටත් යන්න ඕන කියයි :ඵ්

    එයා ඕකට යන්න ඕනේ කියලා කලින්ම කියලා තිබ්බේ මම ගිහින් ඇවිත් ෆොටෝ දැම්මාම. ඒත් මටත් එක්කන් යන්න උනේ නෑ. ලසියා, සබා, ලිහිණි, පෙපෙට්, භානු හා මනෝ නම් මේකට මාත් එක්ක ගියා

     

  5. Naliya Said,

    මම බයික් එකෙ යනකොට හැමදාම ඔක බලාගෙන යන්නෙ ගොඩාක් වෙලවට ඕක ඉස්සරහ තියන තැබිලි කරත්තේන් තැඹිලි ගෙඩියකුත් ගහන ගමක් කලපනා කරනවා යාල් එකෙන් කාළා සටහනක් දානවා කියලා.කොහෙද කැමට බීමට දස්ස මුචා,මට ඉස්සර උනා.
    නියම සටහන,දැන් යාල් ගැන දන්න පොරක් වගෙ ගිහින් මොනවා හරි සප්පායම් වෙලා ඒන්න පුලුවන්.කටට රසට අලුත් යමක් තිබුනොත් සටහක් දාන්නම්

     

  6. කවද හරි ලංකාවට ගිය දවසකට කමුබොමු බ්ලොග් එකේ ලිපි ටිකේ ප්‍රින්ට් අවුට් ටිකක් අරගෙනම සංචාරය ආරම්බ කරන්න ඕනෙ.

     

  7. Unknown Said,

    මම මෙතනින් කාල තියෙනව. නියම තැනක්. ගණන් වුනත් දරා ගන්න පුළුවන්. කැම නම් උපරිමයි.

     

  8. නියම තැනක්.. විශේෂත්වය තියෙන්නෙ බොහොමයක් සයිවර් කඩවල වගේ වෙජිටේරියන් විතරක් නැති එක තමා.. නියම විදිහට හින්දු කෑමක් කන්නනම් යන්න ඕනි තැනක්....

     

  9. බඩගින්නෙ ඉන්න වෙලාවටනම් උඹේ බ්ලොග් එක පැත්ත පලාතෙ එන්නෙ නැහැ.
    හැබැයි මචො මෙන්න මෙහෙම දේකුත් නගර බද කෑම කඩ වලට වෙනව.
    ගොඩක් කෑම කඩ පටන් ගත්ත අලුත හරිම පිරිසිදුයි. ටික කාලයක් යනකොට තමයි ජරාජීර්න වෙන්නෙ. පටන් ගත්ත දා ඉදල කන්න පටන් ගත්තනම් අපේ බඩවල් ඒ කෑම වලට පත්තියම් වෙනව........

    යාල් අවන් හලට එහෙම නොවේවායි! අපි ප්‍රාර්තනා කරමු ...

     

  10. TG Said,

    I am the Yaal fan who has written the original post . No this place maintain it's standards and cleanliness well cos every month i am there at least 5 days .

    Forget to add in my original post also - they have 2 floors to have food , First floor is none A/C second is A/C . if u wanna have food in A/C second floor there will be additional charge of 80 /= rupees to ur bill .

    Also Yaal has very clean wash rooms . Female friends u dont need to worry abt it .

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!