ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

තෙප්පිලි කරවල හා සෙට් වීම

Posted by Buru Babe On Tuesday, February 02, 2010
හැමෝම ලියලා මම විතරක් කිසිම දෙයක් මෙහේ ලියලා නෑ. ඒකට හේතු වෙන ප්‍රධානම තමයි  මට හරියන එකම කෑමක් වත් ඔයාලට සෙට් වෙන්නේ නැති එක. මම මිරිස් කන්න අකැමැතියි. ඒත් ඉතින් මෙහේ යන එන අය අස්ප ගානට මිරිස් කන උදවිය නිසා ලියන්නත් බයයි මට.
 අනික මම දන්න බීමෙදි අපි මේ වගේ බයිට් පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්. ඔලිව් ගෙඩියක්, රට කජු, කජු, ක්‍රැකර්ස්, හැම් හා චීස් වගේම බ්‍රෙඩ් ටාට් වර්ග තමයි හුගක් භාවිතා වෙන්නේ.
 කාලයක් තිස්සේ ඉඳන්ම මගේ බීම එක්ක සෙට් වෙන බයිට් එක වෙන්නේ බැටළු චීස් හෝ හැම් තමයි. වැඩිපුරම මම බොන්නෙ වයින් නිසා රසවල් ගැලපෙනවාත් වැඩි.  (ඒත් මට තේරෙනවා ලංකාවේ බෝතලේ ගන්න අමාරුවෙන් සල්ලි හොයාගන්න අපි මේව කන්න ගියොත් ජීවිතෙටම එක දවසක් තමයි බොන්න වෙන්නේ. බඩු මිලේ හැටියට.
     අනික මම ලංකාවට ආවම බොන්න සෙට් වෙන්නේ නෑ වැඩියම. සෙට් උනත් අපේ අක්කා හා මගේ නෑයො සමග නිසා එයාල යන එන තැන් වලින් තමයි මාත් මම කාල බීල තියෙන්නේ.  ඒ හැම වෙලාවෙම ඉස්සෝ, පොකිරිස්සෝ,කකුළුවෝ  නම් වරදින්නේ නෑ. ඒත් මේව මට ගැලපෙන විදියට හදලා දෙන එකත් ටිකක් කරදරයක්  ඒ තැන්වල වැඩ කරන අයට. 
   
           අපේ අයියා (එරික් බෝයිගේ තාත්තා) බොන්න ගියාම හදන බයිට් එකක් තමයි තෙප්පිලි කරවල  (වැව් මාළු වේලලා) තෙල්දාල හදන එක. ( මම ඉතින් බොහොම අමාරුවෙන් ඒකෙන් කෑලි කිහිපයක් කාගන්නවා හෙට මැරුනත් අද රසනේ කියල හිතාගෙන.) 
පින්තූරේ ගත්තේ මෙතනින්http://farm3.static.flickr.com/2414/1585324857_3f2648c1cc.jpg

එයා කරන විදිය තමයි මේ ලියන්නේ.  
          කරවල පොඩි කෑලි වලට කපලා  හෝදලා වතුර අයින් කරලා ගන්නවා. ඉට පස්සේ පෑන් එකකට ඔයිල් දාලා ඒක  රත් කරලා කපාගත් අමු මිරිස් හා කරවල දානවා.  ඒව තද ගින්දරේ තියෙනව ප්‍රයි වෙන්න. ඒකට (එයා අපි කවුරුත් නැත්නම්  චොප් කරපු මිරිස් දානවා. )ඒ අතර ලූනු කොල ( onion leaves )  කපලා කරවල එක හොදටම ප්‍රයි උනාම ඒකට දානවා. (ලුනු නම් දාන්නේ නෑ)තක්කාලි ගෙඩි කිහිපයකුත් දානවා. මේක වියලි විදියට තමයි තියෙන්න ඕනෙ. අයියා ඒක හදපුවම හරිම රසකට තියෙනවා. ( මම නම් කරවල උයන්නේ නෑ ඒත් උයලා දුන්නම මම තමයි වැඩියම කන්නේ )     
     
         බීම කෙසේ වෙතත් මේකට නම් පුදුම ආසාවක් තියෙන්නේ. මතක විදියට මේක හදන්න අයියා ඉගෙන ගත්තේ ඉස්සර අපි තලවිල පල්ලි ගියාම එහේ තිබුනු බාර් එකකින්. එතන මේ විදිහට තෙප්පිලි බයිටි එක   හදල තිබුණා කෑමට.  මම අදටත් ලංකාවෙදි ඔය වගේ කෑම දැකල තියෙන්නෙත් ඒ පැත්තේ තමයි.

   මම හිතන් ඉන්නේ ලංකාවට ආවම වෙරළු ගෙඩියක් අඹ කෑල්ලක් වගේ දෙයක් අච්චාරු වගේ හදාගෙන කන්න තමයි. එහෙම නැත්නම් ඔහේ ආවම, තියෙන තරම් තෙල් කාල මාව මැරිලා යයි දවස් දෙක තුනකින්

11 Response to " තෙප්පිලි කරවල හා සෙට් වීම "

  1. Unknown Said,

    මෙන්න නියම කෑමක්. අවුරුදු ගාණකට කලින් මෙන්න මේ වගේ වැව් මාළු කරවල බයිට් එක මම කාල තියෙනව. රස නම් අද වගේ මතකයි. නිකන්ම වැව් මාළු බැදල කනව වගේ නෙමෙයි කරවල. පුදුම රහක් තියෙන්නෙ. හැබැයි මට හිතෙන්නෙ මේ වගේ බයිට් එකක් එක්ක රට බීම නෙමෙයි අපේ අරක්කු තමයි හරියන්නෙ. මොකෝ මරණෙ කියන්නෙ? බොරුද ඇත්තද?

     

  2. Said,

    සහතික ඇත්ත. මේකට නම් හරියන්නේ ගල් ම තමා. මන් මේ හිතෙන් ගල් බිබී මේක කෑවා.

    මන් නම් කවදාවත් බයිට් එකට කරවලා කාලා නැහැ. එකම එක පාරක් ලූල්ලු නම් තෙල් දාලා කෑවා. ඒත් කරවල නෙමෙයි

     

  3. හප්පට සිරි.. මේ සෙප්පිල් සෙප්පිලි කියලා කියන්නේ ෂුවර් එකට තේප්පිලි කරවල වලට වෙන්ඩැති.. මම අද දවල්ටත් තේප්පිලි මාළු කෑවේ.. මේ රජරට ඉතින් තේප්පිලි ඇර වෙන මොනවා කන්නද ? :පී මම නම් ආසයි තෙප්පිලි දුමේ වේලලා හදන කරවල කන්න.. මාර රහක් තියෙන්නේ... පොළොන්නරුව හරියේ තියෙනවා මේ දවස් වල.. මතක් වෙද්දීත් කටට කෙල උණනවා වතුර වගේ..

     

  4. එල බ්ලොග් එක. සෙට් වෙලා තියෙන කට්ටියත් එල.
    මමනම් ඉතින් ඔය බීමටනම් නැහැ. බීම ජාති ගැන අඩුම තරමේ මලීට තියන තරම් දැනුමක්වත් මට නැහැ. නමුත් ඉතින් මොකෙක් හරි වචනයක් දැම්මොත් හරි කතා කරන්නවත් දැනුමක් තියෙන්න ඕනෙනෙ.

    එල දිගටම වැඩේ කරගෙන යන්න කස්ටිය

     

  5. @ උදාර, මම හිතන්නේ වෙන්න ඕනේ. මොකද මම දන්නේ නෑ හරියටම කොහොම කියනවද කියලා. මම මේක වැව් මාලු කියලා දැනගත්තෙත් ලඟදි.
    අනේ මම ඔහේ නෑනේ ඕවා කන්න. පවු මම

    @ ම,
    අයියෝ. කාලා බලන්නකෝ. මට නම් මේවා තරම් මාළු සෙට් වෙන්නේ නෑ.

     

  6. Anonymous Said,

    @ උදාර- පිට රටින්, රජ රට වැව් අමුණු වලට තෙප්පිලි අදුන්වලා දුන්නේ නැත්නම් ඉතිං හබක් තමා ඔහේලාට.

    අප්පා මටත් කටට කෙළ උනනවා, මේක දැක්කාම....

     

  7. Naliya Said,

    සෙප්පිලිද තෙප්පිලිද කරවල කොළඹ පැත්තේ ගන්න තැනක් තියනවද? මමත් ජිවීතේට බයිට් එකට කරවල නම් කල නෑ.මෙ සටහන දැක්කම නම් ඉතින් ඊලග සෙට් වීමේදී අනිවා කරවල බයිට් ඕනේ...........!

     

  8. @ Naliyaa,
    ඔව්. මම හිතන්නේ ගමේ පොලේ තියෙනවා. අපිට නම් මේව එවන්නේ මීගමුව වෙන්නප්පුව වගේ පැතිවලින්. දන්න තරමින් වැව් තියෙන පැතිවල තියෙනවා.

     

  9. Naliya Said,

    මම කැකිරවේ වැඩ කරන කාලෙනම් වැව් මාලු බයිට් එක කල තියනවා.කරවල නම් කාලා නෑ.වැව් මාලු බයිට් එකත් මරු,හැබැයි හැමොටම හදන්න බෑ.හරියට හැදුවේ නැත්තම් තිත්ත රහක් එනවා.

     

  10. මම වැව් මාලු කාලා තියනවා උනාට ඉතිං වැව් මාළු කරවල නම් කාලා තියනවා කියලා වැඩි මතකයක් නම් නැහැ.. අනිවා දවසක අනුරාධපුරේ ගිහිං උදාරගේ ගෙදර යනවා ඔය කරවලයි අළුත් හාල් බතුයි පොල් සම්බොලයි කාලා එන්න.. රජරට ‍පුතේ දෙනවාදෝ.....!!!

     

  11. maleeta math join venavaaa.. nala maalu kala emu.

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!