ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

බගර් නම් Burger's King තමා .!

Posted by Naliya On Sunday, February 07, 2010
නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය දකින කෙනෙකුට කටට කෙළ වුනන්නෙ නැතුවනම් ඉන්න එකක් නම් නෑ .
මෙතනින් මම දැනට කාලා තියේන්නේ චිකන් Burger යි(රු:100/= ),සබ්මැරිනුයි(රු: 270/=) විතරයි.නියම රස මම මෙතන දකින විශේෂත්වය තමයි මෙතන බගර් ව්ලටයි සබා වලටයි දාන චිකන් වල අමුතුම ශ්‍රි ලංකන් කැම වල තියන රස තියනවා,ග්‍රේවී ගතියත් වැඩි, සබා එකේ තියන සොස් සහ චීස් දැවටිච්ච චිකන් මතක් වෙනකොට කටට කෙළ උනනවා.මැලේ විධියේ පේමන් එකේ ඉදන් එතනට නිතරම එන පොරවල් එක්ක සබා එකක බගර් එකක රස බලනකොට අමුතුම කික් එකක් තියෙන්නේ.රැ8න් පස්සේ වගේ පාරෙ වහන අඩු වෙලවට නම් මරු.එතන ඉදන් පොඩි ෂොට් එකකුත් දාගන්න තිබුනනම් කියලා මගෙ යලුවො සෙට් එකත් එක්ක එතන කන හැම වෙලවෙම කියවෙනවා.මොකද මරණේගේ අදහස?
මම බොරුනම් කියන්නෙ කොළඹ පැත්තේ ආපු වෙලාවට මෙතනට ගිහින් විනාඩියක් බලාගෙන එන්න,හැබැයි යනවානම් හවස 5න් පස්සේ යන්න, Burger's King පටන් ගන්නේ හවස පහෙන් පස්සේ.
Burger's King යනවනම් කොටුව පැත්තේ ඉදන් එනවනම්,කොම්පඤ්ඤවිදියට ඇවිත් මැලේ විධියේ
කෙරවලටම අවාම පෙනෙයි.කොල්ලුපිටිය පැත්තේ ඉදන් එනවන්ම් කොම්පඤ්ඤවිදියට ඇවිත් මැලේ විධියට
හරවන තැනම තියෙන්නේ.මැලේ විධියට අවිත් ඔන කෙනෙක්ගෙන් ඇහුවාම කියයි.













View Larger Map

29 Response to " බගර් නම් Burger's King තමා .! "

  1. h Said,

    5න් පස්සෙ කේස් එක තමයි ප්‍රස්නෙ. මේ පාර ආ වෙලාවෙත් යන්න බැරි වුනේ ඒ නිසා තමයි. කොහෙද මේ කාන්තාවන්ට හවස 5 වෙද්දි ගෙදර ඉන්න එපැයි. අම්මප ඊළඟ වතාවෙදිනම් මම තනියම ගිහින් කනවා.

     

  2. Naliya Said,

    8න් පස්සෙ යන්න තියනවනම් මරු.මාර සෙටාර් එකක් බහින්නෙ ඕතනට.

     

  3. Said,

    මෙතන ඉඳන් අඩියක් ගහන්න තියෙනවනම් ඒක මරු අදහසක්, ඒත් මන් හිතන්නේ නම් මෙතන බොන්න නම් දෙන්නේ නැහැ. අනික කොහොමත් ප්‍රසිද්ධ ස්ථානවල බොන්න තහනම් නොවෑ.

    මේකෙත් තියෙනවා ඔතන ගැන
    http://perambara.org/featured/2009/10/burger

     

  4. V Said,

    ඔව් මරු මමත් කාලා තියෙනවා එකම එක සැරයක් ඩ්යින්මොර් එකේ බර්ගර් එකටත් වඩා රහයි ලාබයි

    ඒ වගේම එ ගොල්ලන්ගේ ෆ්‍රෙන්ච් ප්‍රයිසුත් මරු

     

  5. Unknown Said,

    මමත් මෙතනින් කාල තියෙනව. මරු ජොයින්ට් එක.

     

  6. අනිවා ආසම පොට් එකක්.ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකත් මරු!

     

  7. sanjeew Said,

    කාලම බලමු වෙලාවක

     

  8. LG Said,

    ම්ම්ම්..අනිවාර්යෙන් යනවා මේකට මේ පාර ලංකාවට ආවම!!

     

  9. Machan Said,

    අම්මපා හෙටම කනවා..කිව්වාම මටත් කෙල ඉනුව.හමදාම දැක්කත් යන්න බරිඋන එක ගැන දුක හිතෙනව...

     

  10. :( හවස 5න් පස්සේ තියන එක නම් හරිම අසාධාරණයි.. ඇයි එයාලට දවල් වෙලාවට තියන්න බැරි? ඔකෙන් කන්න නම් එක්කෝ මං ඒ අහල පහලින් පදිංචි වෙන්න ඕනි.. නැත්තං ඒකේ රස්සාවක් කරන්න ඕනි.. හනේ.. පව් මං..!! :((

     

  11. Naliya Said,

    @ම
    ඔව් මචෝ මෙතන බොන්න බෑ,ලග පාත හොද බොන පොට් එකක්වත් නෑ,එකක් තියනවා එකෙ කලඹල ගතිය වැඩි.අපි ඉතින් ඔතන වෙලා සබා පාරක් දානකොට හූල්ල හූල්ල තමයි ඉන්නේ.

    @V
    ලගදි මම කෑවා මෙතනින්,මම හිතෙන විදියට නම් දැන් බගර් එක විතරක් නෙමෙයි සබා එකත් මෙතන තමයි හොද, ඩයින්මොර් එකේ දැන් ටිකක් අප්සට් වගේ,අනෙක මෙතන පෙමන්ට් එකේ ඉදන් කනකොට එන ගතිය ඩයින්මොර් එකෙ ගන්න බෑ

     

  12. MaJee Said,

    :-q :-d :-)බර්ගර් කිංග් ශාඛා ටිකක් දාන්න බැරිද දන්නැහැ එයාලට. නුගේගොඩ හරියටවත් එකක්. කවුරුහරි එහෙ ගිය වෙලාවක යෝජනා කරන්නකො. හැබැයි ඉතින් එහෙම වෙද්දි original එකේ තියන ගතිය නැතිවෙන්නත් පුළුවන්.මොනව උනත් මේ පිංතූර දැක්කම හදන හැටි බලා හිටියත් ඇති වගේ... ම්ම්ම්...

     

  13. Naliya Said,

    @මගේ ජීවිතය
    මෙතන වැඩ කරන සෙට් එකෙන් ප්‍රශ්නයක් අහන්න ටිකක අමරු වෙයි,මොකද හැම වෙලවෙම මාර සෙනගක් එන්න,මැෂින් වගෙ කස්ටිය වැඩ.ඔය පින්තූර ටිකත් ගත්තේ බොහොම අමරුවෙන්.සමහරු මගේ දිහා සබා එකක් දිහා බලනවා වගේ බැලුවා.සටහනේ වටිනකම වැඩි වෙන්න තමයි,මගේම පින්තූර දැම්මේ.

     

  14. Union Place එකේ මගේ ඔෆිස් එකේ ඉදන් පයින් යන දුර ඕක තියෙන්නේ.... :) යන්න ඕනා වෙලාවක... :D 5න් පස්සේ විතරක් තියෙන එක තමා අවුල.... :( දැන් ඩයින්මෝ එකේ කෑම ටිකක් විතර චා ........!! :(

     

  15. Anonymous Said,

    මචන්ලා,

    වෑඩෙ නම් හොන්දයි. ලන්කාවට අවාම ට්‍රය් කරල බලන්න ඔනෙ.
    මෙ පොටො එකෙ හදනව පෙන්නෙ නම් බ්‍රගර් නෙමෙයි, එවට කියන නියම නම "ශ්වර්මා" මෙක මෙ අරාබි කෑමක්.

    අනික බර්ගර් කින්ග් කියන්නෙ ලොකෙ ජනප්‍රිය අර මෑක්ඩොනල්ඩ් වගෙම තව ජත්යන්ත්තර රෙස්ටුරන්ට් චේන් එකක්. මූට නම කොපි කලා කියල උන් වෙලවක ලෙඩෙ දයිද දන්නෙ න!

     

  16. @
    මමත් මේකට කොමන්ට් එකක් නොදැම්මේ ඔය හේතුව නිසායි. මේ පින්තූරෙ තියෙන්නේ shawarma නොහොත් kebab . සමහර විට මේ අය ශවර්මා විකුනනව ඇත්තේ burger king විදියට.
    මෙහේ අන්තිම කාලේ අඟලින් අඟලට මේ kebab spots තියෙනවා. බොහෝ අරාබි ජාතිකයෝ තමයි ඒ අය. මේ මම උනත් කෙබාබ් එකක් කාල කෝක් එකක් බීල safe වුනු අවස්තා තියෙනවා ඕනෙ තරම්. මිල අඩු main course එකක් විදියට තරුණ අය අතර මේක ජනප්‍රියයි.
    මතක විදියට ලංකාවෙ burger king තියෙනවා. මිල්ලේනියම් පාර්ක් එකේ තිබ්බා නේද ඉස්සර?

     

  17. Said,

    http://lankareviewed.blogspot.com/2008/09/chicken-shawarma-on-malay-st-mr-burger.html

    http://indi.ca/2009/12/photos-burgers-king-barbie-rubix-cube/

    http://perambara.org/featured/2009/10/burger

    මේ වායෙත් ෆොටෝ තියෙනවා ඒත් එකකවත් බර්ගර් නම් නැහැ. ශවර්මා තමා තියෙන්නේ ඒත් මෙතන බර්ගර් තියෙනවා.

    මෙතන Kebab කියලා විකුනන්නේ නම් මෙන්න මෙහෙම එකක්.
    http://www.vectorhive.com/pics/bbqs/Kebab.jpg

     

  18. ඔව්. ඒත් හයිලයිට් වෙලා තිබ්බේ ශවර්මා නේද? මමත් දැන් ඒක නෝට් කලේ.

     

  19. Naliya Said,

    Kebab කියන්නේ අර ඉරටු වගේ කූරුවල මස් ජාති,දැල්ලො,ඉස්සෝ,අන්නාසි වගේ එක එක ජාති ගහල දෙන එක නේද?
    මෙතන කරන්නේ පින්තූරේ තියන විදියට කූරක වගේ ගහලා පුච්චන මස්,කැලි කැලි කපලා අරගෙන චිස් වගෙ එකක එක්ක අර පල්ලෙහා තියනන් තැටියේ දාලා මික්ස් කරලා,ස්බ්මැරීන් බන් එක මැද්දට දාලා දෙන එක,
    බගර් හදන හැටිනම් එච්චට මීටර් නෑ, ඊලග සැරෙ ගියම හරියට බලන්නම්

     

  20. Naliya Said,

    තව එකක් මේක Burger King නෙමෙයි Burger's King

     

  21. කෙබාබ් කියන්නෙ ඉරටු ( අත්තටම යකඩ කූරු ) වල marinate කරපු මස් ගහල පුච්චල දෙන එකයි. ශවර්මා කියන්නෙ ඔය පින්තූරෙ තීන විදිහෙ මස් කපල පොඩි අමුතුම අරාබි රොටියකට දාල තව ඒකට සලාද කොල, විනාකිරි දාල සීසන් කරපු ග්‍රකින්, සෝස්, මයොනීස් එහෙම දාල ඔතල හදන එකක්. මට හිතෙන විදියට මෙක අමුතුම එකක් ශවරමාත් නෙමෙයි බර්ග්‍ර නුත් නෙමෙයි!
    This something special and Developed in SL!!

    එල එල.....

     

  22. මායි, මුචායි අද ගියා.... :) මට නම් හිතෙන්නේ ඩයින් මෝ හොදා වගේ සබ්මැරීන් වලට නම් මෙතනට වඩා .....!! :D

     

  23. poppy Said,

    ඇත්තද ඔතන දවසක දළ ආදායම රු.250000ක් කියන්නෙ?අයිතිකාරයා එක්ක සම්මුඛ සාකච්ඡාවක් ඩේලි නිව්ස් එකේ තිබ්බ ලු.අපේ විෂයට උදාහරණයක් විදියට තමා කතාව ඇදිලා ආවෙ.සර් කියනව 'if I could earn 250000 per day,I wouldn't mind selling burgers'ලු.කතාව ඇත්ත නම් මරු ම තමා

     

  24. Said,

    http://perambara.org/featured/2009/10/burger
    ඇත්ත වෙන්න ඇති, මේක බලන්න. කිලෝ 50ක මස් යනව නම්, බර්ගර් 400ක් 500ක් විකුනනවනම් එහෙම වෙන්න බැරිත් නැහැ

     

  25. Anonymous Said,

    චුට්ටක් ඔලුව දාල බලපන් ඔතන ඉන්නවා නවීන් කියල පොරක්.. උගෙන් අහපන් බොන්න තැනක් දේවි.. අපිත් සෙට් උනාම උගෙන් අහල තම බොන්නෙ

     

  26. පට්ටම පට්ට තැන.. මමත් ආර්ටිකල් එකක් කලා ඔය ගැන ඩේලි මිරර් එකට.. ඔතන කරන්නේ ඉස්සර ලංකාවේම ප්‍රසිද්ධ ගෝල්ෆේස් දුවනගිරිය කරපු නානා ගේ පවුලේ අය... ඔතන ශවර්මා හදන්නේ ගෙදරමයි. ඒ වගේම ට්‍රයි කරලා බලන්න චිකන් කොර්ඩන් බ්ලු සහ චිකන් ෆනාන්... අතේ තියෙන මුදලට බඩ පිරෙන්න කන්න පුළුවන්..

     

  27. 9XM Said,

    මේවට "ශ්වර්මා" කියලයි කියන්නේ...ඉන්දියන් හරි අරාබි හරි කෑමක් මේක...ඩුබායි වල හැම තැනම මේවා තියනවා....

     

  28. This comment has been removed by the author.

     

  29. මොකක්ද අර කෙහෙල් කැන වගේ තියෙන්නේ

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!