ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

පරාට කාලා ඇති වෙලාද?

Posted by Naliya On Thursday, September 16, 2010 17 comments
මේ ලිපිය'වැට නැති කට'ලියන මද්දු සහොදරයා එවපු කැමක් නබොන කස්ටිය ට්‍රයි කරලා බලන්න

මේ
මගේ කමුබොමු වෙතට ලියන පලමු ලිපිය.ගුණදොස් විචාරයකුත් අන්තිමට තියල යන්න.

අල්ලු පරාටා..කට්ටිය වැඩිය අහල නැතිව ඇති,ඒත් අල පරාට කිව්වාම නන් දන්නව ඇති,නමුත් කීයෙන් කීදෙනාද කාල තියෙන්න ?මේක කොටින්ම උතුරු ඉංදියානු කෑමක්.මාත් මේක මුලින්ම දැක්කෙ හින්දි චිත්‍රපටි වලින්,උදේ හවස පිටි සහිත ආහාර ගන්න ඉංදියනුවො මේක සමබර ආහාර වේලක් ලෙස සලකා පාවිච්චි කරනවා.
අපේ
අයටත් කොච්චරවත් පරාට කාලනන් එපා වෙලා ඇති.නිකන් පොල් රොටි කනවටත් වඩා මේක රහයි.පොඩි ට්‍රයි එකක් දීල බලන්න.හැබැයි මම මේක හදල තියෙන්නේ පොඩ්ඩක් කටදන ගානට,මොකද බහුතර අපේ කට්ටිය පොඩ්ඩක් hot දේවල්ට කැමතියි නේ.

අවශ්‍ය ද්‍රව‍ය-

අල ගෙඩි 3ක්
පිටි
කෝප්ප 3ක්
කහ
කුඩු තේ හැදි භාගයක්
මිරිස්
කුඩු තේ හැන්දක්
රට
ලූණු ගෙඩි 2ක්
අමු
මිරිස් කරල් 2ක්
ලුනු
හා දෙහි අවශ්‍ය තරමට
දුරු ටිකක්(තියනවනන්)
ඉගුරු සුදුලූණු ටිකක්(තියනවනන්)
කොත්තමල්ලි කොල හෝ කරපින්ච කොල(පාට ගන්න )

..තව වතුර ටිකක්,අල ගෙඩි තම්බ ගන්නයි,පිටි ටික අනා ගන්නයි.


කට්ටියට පරාට හදන හැටි නන් ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඔනෙ නෑනෙ,උදේ හවස මුස්ලිම් කඩවල දාඩිය පෙරාගෙන කට්ටිය අනන හැටි දැකල ඇතිනෙ.මේකටත් ටිකම තමයි,වෙනස තියෙන්නේ දාඩිය වෙනුවට අපි ලුනු ටිකක් දානව(ඊඊ..යා..:-p).
තේරෙන
විදිහට කිව්වොත් පිටි වලට වතුරයි ලුනුයි පමනට දාල අතේ නොඇලෙන තරමට මෝලියක් හදා ගන්නවා.
ඒක
පොඩ්ඩක් පැත්තකට තියල පිරවුම හදා ගන්නේ මෙහෙමයි.අර පෙර කිවූ අල,ලූණු,මිරිස් සහ කුලුබඩු ඔක්කොම එකට මිශ්‍ර කරනව,අල එහෙම හොදට තැම්බිලා තියෙන්න ඕනා,නැත්තන් හපද්දි පොඩ්ඩක් ප්‍රශ්න වෙනවා.
දැන්
තමයි ලොකුම වැඩේ.අර ඉස්සෙල්ලා හදා ගත්ත පිටි මෝලිය හොදට රෝල් කර ගන්න ඕනෙ,මේකට පිරිසිදු බෝතලයක් යොදා ගන්න පුලුවන්.ඊට පස්සේ අර පිරවුම හොදට රවුම් කරල බෝලයක් හදාගෙන ඒක අර තුනී කරගත්ත පිටි මෝලිය උඩින් තියනවා.ඊට පස්සෙ පිරවුම අර තුනී කරගත් පිටි මෝලියෙන් ඔතනව.මඤ්ඤං වගේද?පින්තූර බලන්නකො එතකොට තේරෙයි.

ඊට පස්සෙ නැවත පිරවුම සහිත පිටි ගුලිය බෝතලයෙන් තුනී කරනව.මේකදී පිරවුම එලියට නොයන විදිහට පරිස්සමට රෝල් කරන්න ඕන.

දැන් තියෙන්නෙ සාමාන්‍ය පරාටයක් විදිහටම තෙල් ටිකක් දාල සාස් පානේ හරි කබලෙ(?) හරි බැද ගන්න.

පැය බාගෙන් රාත්‍රී ආහර වේලක්,උදෙටත් හොදයි.මේක ටිකක් සැර නිසා කරි එකත් පොඩ්ඩක් සැරට තිබ්බොත් හොදයි.හැබයි මට නන් මේකට හොදටම හරියන්නෙ හොද සැර පොල් සම්බෝලයක්.නියමට යනවා.නිකම්මත් කන්න පුලුවන්,හැබයි මන් රෙකමදාරු කරන්නේ තව කරියක් එක්කහරි සම්බෝලත් එක්ක හරි කන්න කියල.බත් කොච්චර වුනත් නිකන් කන්නෙ නෑ නෙ,අනිත් ඒවත් එහෙමනේ.

ඉතින් උත්සාහයක් දාලා ප්‍රතිචාරයක් අපිට දෙන්නකෝ.


හෝම් මේඩ් චිලී පේස්ට්

Posted by මුචලින්ද On Friday, September 10, 2010 17 comments
ඕන කරන දේවල්:

කෑලි මිරිස් ග්‍රෑම් 200
කූනිස්සෝ ග්‍රෑම් 100
වෙජිටබල් ඔයිල්
ඉඟුරු, සුදු ළුනු
ලුණු, සීනි
සෝයා සෝස්, චිලී සෝස්
අජිනමොටෝ


සාදාගන්නා ක්‍රමය:

වෙජිටබල් ඔයිල් අවශ්‍ය ප්‍රමානයට වඩා මදක් වැඩිපුර ගෙනමිරිස් කෑලි ටික බැදගන්න. මිරිස් කෑලි කලු පාට නොවෙන ආකාරයට තෙලට දැමූ වහාම නැවත බාගන්න.

කූණිස්සෝ  සෝදා කර නොවන ලෙස පාවෙන තෙලේ බැදගන්න. භාජනයේ තෙල් වැඩිපුර ඉතිරිව ඇත්නම් මදක් ඉතුරු කර ඉතිරිය ඉවත් කරගන්න.

ඉන්පසු ඉතිරි තෙල් වල ඉඟුරු ද, සුදු ළුනු ද, පොඩි කර එක්කොට ගන්න මිශ්‍රනයද බැදගන්න. එය රන්වන් පැහැ වන විට මිරිස් සහ කූණිස්සෝද එයටම දමන්න.

ඉන්පසු රස පමනට ලුණු, සෝයා සෝස්, රස අනුව සීනි, චිලී සෝස්, අජිනමොටෝ තේ හැඳි භාගයක් ද දමා කාවම් කර ලිපෙන් බාගන්න.


මෙම අනුපාතයට ග්‍රෑම් 400ක චිලී පේස්ට් සාදාගත හැක.

විශේෂ ස්තූතිය අම්මට!

"කප්සා" සහ "මත්ලූතා" බත

Posted by මුචලින්ද On Wednesday, September 08, 2010 3 comments
අපේ දිනුෂ්ක උදාර මහත්තයා එහෙමත් නැත්නම් රොකියා මහත්තයා ලියලා එවලා තියෙනවා අමුතු ආතල් කෑම ජාතියක්! අත්හදා බලන්න කට්ටියම!

ඔන්න මමත් කන බොන කට්ටිය වෙනුවෙන් පොඩි ලිපියක් ලියන්න හිතුවා. කන බොන කියුවට ඉතින් මේක කන දෙයක්. ලංකාවෙන් පිටත් වෙලා මෙහෙට ආවට පස්සෙ කාපු රසම බත් වර්ගය කියලා කියුවොත් නිවැරදී. මේකට කියන්නෙ "කප්සා" (Kapsa) කියලා. මේක ඇත්තටම ඉරාන සහ ඇෆ්කන් වලින් ටිකක් ඈත අතීතයේ ඉඳලා එන ආහාර වේලක්. හරියට අපිට ලංකාවෙදි දකින්න ලැබෙන බිරියානි බත් වර්ගය හා ටිකක් විතර සමානයි. නමුත් ඊට වැඩිය හාත් පසින්ම වෙනස්. මේ සඳහා ගන්නෙ ඉතා සිහින් බාස්මතී සහල්. පිලියල කිරීමේදී ක්‍රමදෙකක් භාවිතා කරනවා. එකක් තමයි රතු පැහැයට මිරිස් ටිකක් යහමින් දාලා හදන එක. අනිත් එක සාමාන්‍ය අයුරින් කහ පැහැයට හුරුව පිලියල කරන බත් එක. හදන හැටිනම් ඉතින් ඔන්න දන්නෙ නෑ.මේක ඇත්තටම ඉරාන සහ ඇෆ්කන් වලින් ටිකක් ඈත අතීතයේ ඉඳලා එන ආහාර වේලක්.
මේක එක්ක ඉතින් ඔය නානාප්‍රකාර දේවල් නම් ලැබෙන්නෙ නෑ. නමුත් රසම රස Bar-B-Que කරගත්ත චිකන් එකක් නම් ලැබෙනවා. ලංකාවෙ දෙන Bar-B-Que එක වගේ නම් නෙමෙයි. මේක අර කුකුළ් මස් එක උඩින් වාහනයක් ගිහිල්ලා වගේ පැතලි කුකුල් මස් එකක් එකක් තමයි මෙහිදී ලැබෙන්නෙ. පැතලි නිසා අර ගල් අඟුරු උඩ පිච්චෙන වෙලාවෙදී හොඳට මුලු කුකුල් මස් එකම පිලිස්සිලා තියෙනවා. තව ඉතින් මේ ආහාර වේලත් එක්ක "ලෙබන්" කියන දියර වර්ගයත් ලැබෙනවා. මේ "ලෙබන්" කියන්නෙ එල කිරි වලින් සාදන ලද ඉතා ගොරෝසු ගතියෙන් යුත් පානයක්. එයින් තමයි මේ කෑම වේලෙ ඇඹුල් ගතිය ඇතිකර ගන්නෙ. තව තක්කාලි වලින් එවෙලේ සාදා ශීතකරනයේ මද වේලාවක් තියාගත්ත දියරයකුත් , (සෝස් කියන්නනම් බෑ ඒකට) ලැබෙනවා. තව ඉතින් අමු එලවලු , ඒ කියන්නෙ ලපටි ගෝවා දලු, සලාද කොල, කොල පැහැති ඉතා ලපටි ලෙල්ල සහිත පිපිඤ්ඤා අඩන්ගු සලාදෙකුත් ලැබෙනවා. හුඟක් වෙලාවට මෙහෙ අය නම් අර "ලෙබන්" කිරි එක මේ සලාදෙත් එක්ක මිශ්‍ර කර ගන්නවා. මේ බත් එක අපි ඕර්ඩර් කෙරුවට පස්සෙ හදලා දෙන නිසා ටිකක් වෙලා යනවා ඒ කාලය තුල බීමට පොඩි සුප් එකකුත් ලැබෙනවා. ඒ සුප් එක හදලා තියෙන්නෙත් කුකුල් මස් වලින් . සුප් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ ඒ තරම් රසයි. ඒත් ඉතින් බත් එක කන්න බැරි වෙයි කියලා මමනම් මුලින් සුප් එකෙන් පොඩ්ඩක් බීලා බත් එක කාලා ඉවර වෙලා බඩේ ඉඩ තිබුනොත් විතරයි සුප් එක බොන්නෙ.

මේ බත් වර්ගයේම තව ඉතින් ඒ ඒ රට වලට ආවේනික තවත් ප්‍රභේද තියනවා. ඉන් එක් ජාතියක් තමයි "මත්ලූතා" කියලා කියන්නෙ. මේ "මත්ලූතා" කියන බත් වර්ගය සමඟ එවෙලේ සාදා ගත්ත පාන් ඉතා සිහින්ව කපලා ඊට සිහින්ව කපාගත් එලවලු සමඟ මිශ්‍ර කරල බත් එක යටින් දාලා දෙනවා. අපි ඉතින් මේ බත් එක කන වෙලාවෙ අත හරි හැන්ද හරි පිංගානට දැම්මහම එයත් එක්ක අර බත් එක සහ පාන් මිශ්‍රනය දෙකම එනවා. මාර රසයි දෙකම මිශ්‍ර උනාම. හැබැයි ඉතින් මේ "මත්ලූතා: කියන බත් වර්ගය "කප්සා" බත් එකට වැඩිය ටිකක් විතර ගනන්. හැබැයි රස නම් නියමයි. හැබැයි ඉතින් හැම දවසෙම නම් කන්න බෑ. අපි නම් ඉතින් සතියකට සැරයක් අනිවා ඔය බත් ජාති දෙකෙන් එකකට සෙට් වෙනවමයි. ඔන්න ඕකයි කප්සා බත් එකේ කතාව. තව ඉතින් මෙහෙ අමුතු අමුතු විදියේ කෑම ජාති තියෙනවා. ඉදිරියෙදි ඒ ගැනත් කස්ටිය එක්ක බෙදා ගන්නම්.
හදලා බලන්න හැමති කට්ටිය ඉන්නවනම් මෙන්න රෙසපිය http://bit.ly/bUA79O


මේ තියන්නෙ ටිකක් ලස්සන කරපු කප්සා බත් එකක්

මෙන්න මේ විදියට තමයි කබාබ් කියන කුකුල් මස් එක ලැබෙන්නෙ.



මේ තියෙන්නෙ අර එලවලු සලාදය

"ලෙබන්" කිරි එක පෙන්නන පිංතූරයක් හොයා ගන්න නම් ටිකක් අමාරු වුනා. මේ පිංතූරෙ දකුණු පැත්තෙ තියන්නෙ ඔය ලෙබන් බෝතලයක් තමයි .

තැඹිලි

Posted by On Tuesday, September 07, 2010 6 comments
හැමදාම ඇල්කොහොල අඩංගු බීම ගැන ලියන එකේ අද ලියන්න හිතුනා ඇල්කොහොල් පොඩ්ඩක් වත් අඩංගු නොවන පානයක් ගැන. ඒ තමයි වතුර ඇරුනම මන් බීලා තියෙන රසවත්ම ස්වභාවික පානය. තැඹිලි


කන අය කෙසේ වෙතත් බොන අය නම් තැඹිලි වල අගේ හොඳට දන්නවා, පොඩ්ඩක් සීමාව එහා මෙහා වෙච්ච දවසක පහුවදාට ඇඟේ අමාරුව නැති කරගන්න තැඹිලි තරම් හොඳ ඔසුවක් තවත් නැතුව ඇති.

ලංකාවේ විවිධ වර්ග වල තැඹිලි තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ ඒත් රන් තැඹිලි සහ ගොන් තැඹිලි කියලා වර්ග දෙකක් නම් මන් දැකලා තියෙනවා ඒත් ඒ දෙකම පොල් වර්ග දෙකක් කියලා මන් නම් හිතන්නේ.

තැඹිලි බොනවනම් උදේට බොන්න කියලා මට අපේ වයසක නෑදෑ කෙනෙක් කිව්වා මොකද හවස් උනාම තියෙන්නේ අව්වට රත් වෙච්ච තැඹිලි නිසා. තැඹිලි වලට සෙම වැඩි වෙනවා සහ තැඹිලි බීලා නාන්න හොඳ නැහැ වගේ කතා නම් මන් අහලා තියෙනවා ඒත් ඔය කතාවල ඇත්ත නැත්ත ගැන නම් මගේ ඒ හැටි දැනුමක් නැහැ.

තැඹිලි කියන්නේ නිකම්ම නිකම් බීමකට වඩා ගොඩක් ගුණ බීමක්, බඩේ අමාරුව හැදුනම සමහර අය  තැඹිලි බොන්න කියනවා. මට නම් වඩාත්ම වැදගත් ,මත් පැන් පානය කරලා වැඩි උනාම වෙරි මත අඩු වෙන්න, බීලා පහුවදාට තියෙන ඇඟේ අමාරුව නැති කරන්න තැඹිලි වලට තියෙන විශේෂ හැකියාව තමා.

තැඹිලි මත්පැන් සමග මිශ්‍ර කරලා නම් මන් බීලා නැහැ ඒක නිසා ඒ මිශ්‍රනය හොඳ ද නරකද කියලා කියන්න මන් දන්නේ නැහැ ඒත් එකම එක වතාවක් කුරුම්ඹා නම් අරක්කු එක්ක මිශ්‍රකරලා බිව්වා ඒත් ඒක එච්චරම ඇල්ලුවේ නැහැ මට නම්.

ඡායාරූපය මෙතනින්

යාල්

Posted by මුචලින්ද On Sunday, September 05, 2010 10 comments
මේක අපේ කමු බොමු එකේ දැනටත් සාමාජික එසේම අහස් ගව්ව ලියන TG සහෝදරී එයාගේ බ්ලොගට ලියපු එකක්! එයා බිසී නිසා අපි කාටහරි දාන්න කියලා තිබ්බා මේක කමු බොමු එකට!


අපි ලෝකෙ කොහේ කරක් ගැහුවත් අපේ ප්‍රාදේශිය මානසිකත්වයට හරි කැමතිය් නෙ .ඉතින් මේක හොඳ වෙලඳපොල උපක්‍රමයක් විදියට පාවිචිවෙනව නිතරම .එකනේ මාතර බත් කඩයක් හඳෙත් තිබුන කියල කියන්නෙ නීල් ආම්ස්ට්‍රොන් උන්නැහේ හඳ තරණය කොරපු දවස්වල .


මේ කියන්න යන්නෙ මාතර බත් කඩ ගැන නෙවේ , යාපනේ බත් කඩයක් ගැන .අපේ ද්‍රවිඩ මිතුරන් යාල් පානම් කියල බොහොම ගර්වයෙන් කියන්නෙ යාපනේ අර්ධද්වීපයට නෙව . යාපනේ ගිය දුම් රිය හැඳින්වුවේ යාල් දේවි කියල .යාපනේට උරුම වුන මේ ප්‍රදෙශිය සන්ස්කෘතිය මුල් කරගෙන යාපනේ කෑම බීම රහ බලන්න , කොලොම්පුරේ තියෙනව තැනක් . ඒ යාල් රෙස්ටුරන්ට් එක . යාල් තියෙන්නෙ වැල්ලවත්තේ මැරයින් ඩ්‍රයිව් එකේ , වැල්ලවත්ත දුම් රිය පොල පෙනෙන නොපෙනෙන දුරින් .



යාල් පටන් අරන් තාම හය මාසෙකට වැඩිය නැහැ .ඒ වුනාට ගනුදෙනුකරුවො බොහොමය් .යාල් ද්‍රවිඩ හිතවතුන් විතරක් නෙවේ සින්හල අපිත් , විදේශිකයොත් නිතර යන එන තැනක් වෙලා.


මමත් යාල් අවන්හලට නිතර යන එන කෙනෙක් . මගේ කාර්යාලයට හා නවාතැනට ආසන්නයේ පිහිට තියෙන නිසාත් ,වැඩි විච්චූරණ නැතිවුනාට බොහොම නිස්කාන්සුවෙ පිරිසිඳුව කෑම කන්න පුලුවන් වට පිටාව , සහ රසවත් කෑම් බීම නිසා මම මෙතැනට හරි මනාපයි.ඒ නිසා කාර්යාල පරිසරයෙන් මිදිල නිදහසේ යාලුවො මුනගැහෙන්නත් මම එන්නෙ මෙතැනට.


යාල් අවන්හලේ දවල් සහ රාත්‍රි ආහාර ලබාගන්න පුලුවන් .Take Away පහසුකමත් තියෙනව . කවුරුත් දන්නවනේ දවල්ට කොහොමහරි බත් කන සිරිතක් මගේ තියෙනව කියල . ඒකට යාල් නියම තැන . කෙසෙල් කොලයක් එලුව තාලියක , උනු උනු බත් පිරෙව්ව පොඩි බාජනයකුත් , රහ විතරක් නෙවෙ ගුණත් තියෙන ( කරවිල වරදින්නේ නැහැ ) එළවලු හතර පස් ජාතියක් සහිත හුරු බුහුටි බඳුන් කීපයකුත් , රසම් සහ අතුරු පසට පායාස (සව්) , අවල් (හබලපෙති ) , පොන්ගල් වගේ දේකුත් වරදින්නේ නැහැ. තමන්ට මනාප විදියට මස් , මාලු ඉල්ලගන්න පුලුවන් . හරක් මස් නම් නැහැ. ඒත් රස මාලු කරි , ඉස්සො , දැල්ලො , කුකුල් මස් , එලුමස් තියෙනවා.ඔනේ නම් එවෙලෙම හදපු පලතුරු බීමත් බොන්න පුලුවන් .මම නම් තව රසම් කෝප්පයක් ඉල්ලන් බොන්නත් අමතර අතුරුපස බාජනයක් ඉල්ලන්නත් අමතක කරන්නේ නැහැ. හබලපෙති හරි රහයි .හකුරු එහෙම දාල තමයි හදන්නෙ.


යාල් අවන්හලේ රෑ කෑම කන්න ගියොත් නා නා ප්‍රකාර යාපනේට ආවේණික කෑම කන්න පුලුවන්. ඒ අතරින් ඉඳිආප්පම් බිරියානි , කොත්තු විශේෂයි . මේව චිකන් , මාලු එලවලු රස වලින් ගන්න පුලුවන් . ඒ වගේම රතු හාල් පිටි , පාන් පිටි , අටා පිටි , කුරක්කන් පිටි වලින් හදපු පිට්ටුත් මගේ ප්‍රියතම රෑ කෑම වලට අයිතියි. මේව කන්නත් හරි රස කරි විශේෂයක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ කුරුමා කියල . චිකන් , මාලු , එලුමස් , එලවලු කුරුමා රස බලන්න පුලුවනි . කියන්න අමතක වුනා නෙව . බොහොම රස යාපනෙ විදියට උයාපු කකුලුවොත් තියෙනවා. මම නම් වැඩි මනාප නැහැ. කොලෙස්ටරොල් යහමින් තියෙන කෑම නෙව .


යාල් අවන්හල මගේ හිතගත්ත තවත් හේතුවක් තමය් මේ දවවල මගේ ඩයට් කිරිල්ලට ගැලපෙන තැනක් නිසා . නැත්නම් තෙල් ගොඩකරල උයපු චීන මකරු ෆ්‍රයිඩ් රයිස් ගිලලා මම ලෙඩ වෙනවා සිකුරුයි . යාල් කෑම වල තෙල් ගතිය හරි අවමයි .ඒ වගේම දෙන බත්කෝප්පෙ හරි ගානට බඩ පිරෙන්න .අඩුත් නෑ වැඩිත් නෑ. .කෑම කන්න මගේ නවතැනේ හරි කාර්යාලෙ ඉඳල හරි ඇවිදගෙන එන දුර නිසා මට ව්‍යායාමත් ලැබෙනවා.පසුම්බියටත් පහසුයි.


ඔන්න ඔහොමයි කොලොම්පුරේ තියේන යාපනේ බත් කඩේ කතාව .