ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

කොහොමද මේ දවස් වල රස්නේ,වෙලාවකට හිතෙනවා සහරාවෙද ජිවත් වෙන්නෙ කියලා.මේ දවස් රැට වොඩ්කා,ජින් වගේ දෙයකින් සෙට් වුනොත් උදේට බඩුම තමයි,ඇගම කරවල වෙලා තියෙන්නේ,උදේට කොල්ලුපිටිය ස්ටෙෂන් එක ගාව කඩෙන් තැඹිලි ගෙඩියක් උදේට ගැහුවාම තමයි ආයෙ පන ගහලා එන්නේ.
මේ දවස් වලට,දවල් පළතුරු බීමක් ලැබුනොත් අමුර්තය ලැබුනා වගේ නේද?
හැබැයි ප්‍රසිද්ධ පළතුරු බීම විකුණන තැන් වල ගනන් ඇහුවාම විජලනය වැඩි වෙලා මැරෙණවා.Roots වල ගන්න ගැන කතා කරලා වැඩක් නැනේ කස්ටිය දන්නවානේ ගනන්.Queen's Cafe එකේ දෙහි යුෂ එක රු:90/=,පානදුර Juice World එකේ නාරං එකක් රු:80/= යි.උගුරු 3ක් බිව්වාම ඉවරයි.හැබැයි ඔය ලොකු ලොකු තැන් වල නැවුම් පළතුරු කියුවට ගොඩාක් එවා තියෙන්නේ ශීතකරනයේ.ගෙදර හදනවා වගේ qulity එකක් එන්නේත් නෑ.මගේ පුද්ගලික මතය නම් ඔය තැන් වල ගනන් වැඩි ලංකාව වගේ රටකට.

මෙන්න එකට නියම තැන,තැන කියුවට තැන් තුන හතරක් තියනවා.පළතුරු කපලා කරලා ඒ වෙලාවෙම ජුස් හදලා දේන්නේ.Fresh ද කියලා අහන්න දෙයක් නැ.ටිකක් වෙලා බලාගෙන හිටියාම තෙරෙනවා,මේ ජොයින්ට් එකට එන්නේ පුදුම සෙනගක්,මේ කඩ ටික තියෙන්නේ කොටුව ස්ටෙශන් එක ඉස්සරහා,ගුවන් මගි පාලම පටන් ගන්න තැන පේමන්ට් එකේ.පින්තූරේ පෙනවනෙ ගනන් ටික. හරිම අඩුයි.පිටට පෙමනුමට මදි වුනට මේ පොඩි කඩේ ඇතුලට ගියම තෙරෙනවා පිරිසිදුයි කියලා.
මදි නොකියන්න බොන්න පුලුවන් ලොකු විදුරුවකට ජුස් එක දෙන්නේ.අසොකා ග්ලාස් කියලා කියන්න ඒ විදුරුවට,අපේ වයසක කස්ටියනම් අහලා ඇති.මෙතන අලිගැට පේර,දිවුල්,පැණි දොඩම්... ඕනම ජුස් එකක් රු:30/= යි,ඇඹුල් දොඩම් විතරක් රු:25/= යි.ගාන අඩු වුනාට Qulity එකේ නම් කිසිම අඩුවක් නෑ.නියම රසයි,ගෙදර හදනවා වගේමයි.මොකද ශීතකරනයේ දාන්නේ නැතුව අයිස් කැට විතරක් දාල දෙන නිසා නියම Fresh ගතිය තියනවා.

අනෙක තමයි මේකේ ජුස් හදන විදිහ මාර ආතල්.ටක් ගාල විදුරුවක් ගන්නවා.අයිස් ලොකු කැටයක් අතට අරගෙන ලොකු හැන්දකින් පාරවල් දෙකක් ගහනවා,මුලු කඩේම පොඩි පොඩි අයිස් කැලි විසිරෙනවා සමහර වෙලවට.දොඩම් ගෙඩිය දෙකට කපලා,එක බැයක් අරන් විදුරුවේ දාරේ තියලා මිරිකනවා දකිනකොට හිතෙන්නේ විදුරුව කැඩිලා යයි කියලා.සිනි මික්ස් කරපු වතුර දාලා යාරේ දෙසැරයක් දාලා දෙනවා, නියමයි.මේ වැඩේ යන්නේ One Man Show එකක්.අලිගැට පේර් හදන විදිය ටිකක වෙනස්,එකත් බලන්න් ඉන්න අසයි.
මේ ජොයින්ට් එක ගොඩාක් අය දන්නවා,ඕනම කෙනෙකුට බය නැතුව සහතික වෙන්න පුලුවන් තැනැක්.


ලොකු ලොකු තැන් වල වගේ වටපිටාව නිදහස් නැති උනාට,මෙතන ජුස් නම් නියමයි.

20 Response to " කොහොමද පළතුරු බීම? අතිවිශිෂ්ඨයි කමුබොමු "

  1. Said,

    අප්පේ... පළතුරු බීම වල වටිනාකම දැනෙන්නේ පහුවදාට තමා. අලිගැට පේර එකක් වගේ බිව්වම දැනෙන සනීපේ. ගම්පහත් ඔයිට හපන් හැබැයි හදන්වා නම් අපිට පේනවා. ලංකාවේ දොඩන් එකක් රුපියල් 100 අනේ මන්දා උන් දෝඩං ගේන්නේ කොයි රටෙන්ද කියලා

    ඔය කියන තැන මාත් දැකලා තියෙනවා. හැමදාම බල බල කෙල ගිල ගිල යනවා මිසක් කවදාවත් ගිහින් නම් නැහැ ඊලඟ දවසේ කොළඹ ගියාම ගිහින් බලන්න ඕනේ

     

  2. Naliya Said,

    දොඩම්නම් කමක් නෑ කියමු මචෝ,නාරං 80 යි කියුවම මොනවද හිතෙන්නේ?.අපේ ගෙදර ගහෙ නරං අරගෙන නාරන් දන්සලක් දන්න පුලුවන්,
    හීන් නරං ජුස් කියලා මුන් රු: 80/= විකුණනවනේ පානදුරේ.මන් හිතන්නේ සුද්දොන්න දෙන්න හදන නාරං එකක් වෙන්න ඇති.

     

  3. Anonymous Said,

    "Tropical Smoothies" @ Kohuwala is the place where u can find the BEST fruit Juice in Colombo, they have their own recipes.. and the prices also very reasonable..

     

  4. ක්වීන්ස් එකේ 130ක් වෙනවා බං.අනිවා මචං ඔය පොට් එක මාර රහයි ජූස් එක.අපිත් හැමදාම බොනවා.ඇයි දෙහි එක 20යි.මාරම ගති පොට් එක!

     

  5. Naliya Said,

    ක්වීන්ස් එකේ දැන් 130ක් වෙනව ද?පිස්සු හෙදෙනවා.ලංකාවට ගිය කලක්.
    ලන්කාවේ නැති පළතුරු ජාති ගනන් වැඩි උනට අවුලක් නෑ.roots එකේ Energy Drink එකක් තියනවා මරු,බෙරි,ස්ටොබෙරි... වගේ එක එක ජාති දාල තියෙන්නේ එවා ගනන් වැඩි උනාට කමක් නෑ.

     

  6. රන්දික Said,

    මාත් ඔතනින් එක පාරක් දොඩම් එකක් බිව්වා.ටිකක් බයෙන් තමා බිව්වෙ.මොකද පහුවෙනිදට බඩට මොනවා වෙයිද දන්නැනේ.හැබැයි අවුලක් නම් උනේ නැ.....

     

  7. Anonymous Said,

    තොරතුර දුන්නට ස්තුතියි. අපිත් ගිහින් බලන්නම්කො.

     

  8. මං නොදන්න නොතේරෙන පොඩි එකා කාලෙ හිතුවා පලතුරු යුෂ වලට රත්තරං කලවම් කියලා.. ගානෙ හැටියට.. ඒත් මේ වගේ ජොයින්ට් දැං පොඩි පොඩි පොට් වල තියනවා.. මේ දවස් වල සාධාරණ ගාණ්ට ජූස් විකුණනවා කියන්නෙ පිනක්...

     

  9. KAS Said,

    මමනම් ටික කාලයක් තරු හතරේ ‍හෝටලයක වැඩ කල නිසා කවදාවත් කඩෙන් බොන්නේ නැහැ. ඒකෙ chef මට කියලා දුන්න ක්‍රම කීපයකට මමමයි ගෙදර හදන්නේ.

     

  10. @KAS: එළනේ මචං.අපිටත් ක්‍රමයක් දෙකක් කිව්වනන්.

     

  11. KAS Said,

    @ මුචලින්ද

    මගේ බ්ලොග් එකේ ළගදිම දානවා, බලන්න

    http://kaushgossip.blogspot.com/

     

  12. මන් දැකල තියෙනව ඔතන. ඒත් කවදාවත් බීල නැහ. පිට කොටුවෙ නිසා පොඩි බයක් තිබ්බ බඩට කරදරයක් වෙය්ද කියල... ඒත් ඉතින් මෙක දැක්කම නම් ආස හිතුනා. ලන්කාවට ගිය දවසක යන්න ඔනි.

     

  13. Naliya Said,

    මම ෆොටො වල දාලා තියන පොට් එකටම යන්න,එතන තමයි පිරිසිදුවටම තියෙන්නේ.මේ පොට එක ලග පාත තව එවා තියනවා ටිකක් අවුල්.
    මම කොටුවට යන හෙම වෙලාවෙම වගේ ඔතනින් ජුස් එකක බීලා යන්නේ.දැනට අවුලක් වෙලා නෑ.

     

  14. මම මෙතන දැකලා තියනවා උනාට ඔය හරියේ කඩ දිහා මං ඇහක් ඇරලා බලන්නත් බයයි.. පලාතෙ ළගින් ගියොත් ඇහැක් නැති අය වැඩි නිසා.. දවසක යන්න ඕනි බලන්න.. වෙනසකටත් එක්ක.. ‍කීය දීලා අරන් හරි ගෙදරවත් හදාගන්න මේ දවස් වල හොද පලතුරු වල අඩුවක් තියනවා.. රස්නේ නිසාද මන්දා

     

  15. ගෙවල් ගාව නිසා මමත් ගොඩක් වෙලාවට පානදුරේ තියෙන "ජූස් වර්ල්ඩ්" එකට යනව.ඒත් ගාන නම් ගොඩක් වැඩියි එතන.

    පිටකොටුවෙදි මාත් මේ කඩේ දැකල තිබ්බත් කවදාවත් මෙතනින් බීල නම් නැහැ.ඒත් ඊලග පාර ගියාම මෙතනට ගිහින් බලනව.

     

  16. Harsha Said,

    කොල්ලුපිටියෙත් එකක් තියෙනවා. BOC Merchant Tower එක ලඟ. එතනටත් සෑහෙන මිනිස්සු එනව.

     

  17. Machan Said,

    මමත් ඔය ප්ලේස් එකෙන් දිවුල් එකක් බොනවා කොටුවෙන් කෝච්චියට නගින දවසට.දෙමටගොඩ ඉතින් ඕව හොයන්න නැහැනේ...කතාව නම් සහතික ඇත්ත.හවසට කට්ටිය නම් පිරිල ඉන්නව...පොකට් එකේ හැටියට වාසි පොට් එක....

     

  18. h Said,

    ඔන්න උඹ කියපු නිසාම අපිත් ගියා හො‍ඳේ. ඇත්තටම හොඳයි. මුල් දවසෙ ගැහුව පැණි දොඩම් එකක්. අර කිව්ව ව‍ගේ ඒක හදන විධියට අපට නම් කවදාවත් හදන්න වෙන්නෙ නෑ. අපි විනාඩි ගාණක් මිරිකල ගන්න දොඩම් යුෂ ටික මේ අයිය තත්පර කීපයකින් ගන්නව. පළවෙනි දවසෙ නම් හොඳට ඉඳගෙන බොන්න පුළුවන් වුණාට දෙවෙනි දවසෙ යද්දි නම් සෑහෙන්න සෙනග. අලි පේර බොන්න හිතාගෙනම ගිය නිසා අලිපේර ම අරන් කඩේ එලිලෙ ඉඳන් බිව්වා. ‍වැඩේ කියන්නෙ කඩේ මනුස්සයට අපිව මතක තිබුණ එකයි. අන්තිමේ සල්ලි දීල යනකොට කඩේ සෙනග වැඩි වීම සහ එලියෙ ඉඳන් බොන්න සිදුවීම ගැන සමාවත් ඉල්ලුවා.

     

  19. Naliya Said,

    මම කීයුවෙ එක තමයි මචො ඔතන එන්න සෙට් එක මාර frendly පොරවල් ටිකක්,
    මාර customer service එකක් දෙන්නේ!

     

  20. neluma Said,

    මට නම් ඉතින් තැනක් නොතැනක් නෑ කොකත් එකයි. මම නම් ඔය පොට් එකෙන් පලතුරු බීම බීල තියෙනවා. එල තමයි.

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!