ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

හොට් ඩෝග්ස් නං ඉතිං

Posted by Rachintha Jayawardhana On Sunday, March 07, 2010
මම මේ කාලෙකින් ඇවිල්ල කියන්න යන්නේ උණු බල්ලෝ ගැන.එහෙමත් නැත්තං ඔය සබ්මැරීන් ලංකාවට ෆිට් වෙන්න කලින් හැම එකාම කාපු තාමත් බහුලව කැවෙන හොට් ඩෝග්ස් ගැන.හොට් ඩෝග්ස් වලට ලංකාවේ ප්‍රසිද්ධ ගොඩක් නම් ඒකාලේ තිබ්බත්.දැන් ඒවා හුඟක් නෑ.තාමත් තියෙන්නේ කීල්ස් තමයි.ඒකත් හැමතැනම නෑ.විශේෂ තැනක විතරයි තියෙන්නේ.කීල්ස් ලගේ ජම්බෝ හොට් ඩෝස් එක කොච්චර රහ උනත් ඒක දැන් කාලෙට නං එච්චර සෙට් වෙන්නේ නැති ගතියක් තමයි මට හිතුනේ.

ඒත් ඔන්න දැන් අලුතෙන් ඇවිත් තියෙනවා "ස්ටාර් ඩෝග්ස්" කියලා කඩයක්.මේක අලුත් කිව්වට අලුත්ම නෑ.මේක මෙච්චර කල් තිබ්බේ ක්‍රෙස්කැට් එකේ.ඒත් දැන් ගල්කිස්සේ අලුතෙන් වෙනමම පටන් ගන්නයි යන්නේ.ඒක නං ඇත්තටම එල.
මේක තියෙන්නේ ගල්කිස්සේ "ක්වීන්ස් කැෆේ" එක ඉස්සරහා.රහයි වගේම බඩත් පිරෙනවා.සබ්මැරීන් එහෙකට හොඳ ආදේශකයක්.ඕනම විදිහකට ගන්නත් තියෙනවා.ඕනම විදිහකට කිව්වේ,මස් කන්නෙ නැති කට්ටියට උනත් වෙජි හොට් ඩෝග් එකක් එතනින් ගන්න පුලුවන්.ඒ වගේම අපි කැමති ජාතියකින් ටොපින්ස් ඒගොල්ලෝ ගාව තියෙනවා.උදාහරණෙකට චීස්, චිලී සෝස් වගේම කැමති විදිහක ෆිලින්ස්. . ..උදාහරණෙකට මම එදා ගත්තේ මැසඩෝනියන් මීට් ෆිල් කරපු එකක්.ඒ අතින් මේ කඩේ අති විශිෂ්ඨයි.රුපියල් 150 ඉඳන් රුපියල් 250 අතර ගානකට හොඳ හොට් ඩෝග් එකක් ගන්න පුලුවන්.ඊට වඩා අඩුවටත් නැතුවම නෙවෙයි.

ඒ වගේ තවත් හොට් ඩෝග් වලට ප්‍රසිද්ධ තැනක් තමයි "ජිග්සෝ".ඒක නං කඩයක් නෙමෙයි ලොරියක්.ඒකක් මම දන්න තරමින් තියෙනවා ගල්කිස්සේ.හවස හතරේ විතර ඉඳන් පාක් කරලා තියෙනවා.දෙපාරක් විතර කාලා තිබ්බට පාරේ ඉඳන් කාපු නිසා ෆොටෝ එකක් ගන්න නං බැරි උනා ස්ටාර් ඩෝග්ස් වල වගේ.ඔන්න එහෙනන් මම ඔත්තුවක් දුන්නා.සමහරවිට ඕගොල්ලෝ දන්නවත් ඇති.ආහාර පිරි දිවියකට සුබ පැතුම්!

18 Response to " හොට් ඩෝග්ස් නං ඉතිං "

  1. ම්ම්ම්ම්ම්......කටට කෙලත් උණනවා.....

     

  2. Said,

    හ්ම්ම්, මන් කාල නැහැ නොවැ.. ගල්කිස්සේ නම් දුර වැඩී, ක්‍රෙස්කැට් එකේවත් බලන්න ඕනේ.

     

  3. කමු කමු මමත් සෑහෙන්න ආස කෑමක්. සාමාන්‍යයෙන් හොට් ඩෝග්ස් කියන්නේ සොසේජ් එකක් බන් එක මැද්දට දාල දෙන එකනේ. වෙජී හොට් ඩෝග්ස් දෙන්නෙ කොහොමද? වෙජී සොසේජ් තියනවද?

     

  4. @දසයා: ඔව් මචං වෙජි සොසේජ් තියෙනවා.කොහොමත් අපි කන නෝමල් සොසේජ් එකක 70% ගානක් තියෙන්නේ සෝයා ලු.අහලා තියෙන විදිහට.මේක ෆුල් වෙජි.මාර ගති! මාර රහයි!

     

  5. ඔය හැම තැනකටම වඩා හොට් ඩෝග් රස මැලේ වීදියේ තියෙන "Bugger King" එකේ. ගොඩාක් පරන තැනක්. හොට් ඩෝග් විතරක් නෙමෙයි හොද බර්ගර් කන්න ඔනේ නම් යන්න ඕනේ එතනට.

     

  6. දැක්කහම උනනවනෙ කෙල

     

  7. @හසිත: ඒක ගැන මේ බ්ලොගේ කතා වෙලා තියෙනවා මචං.අනිත් එක එතන සබ්මැරීන් වලට හොඳ උනාට මෙතන තරන් හොට්ඩෝග් වල කොලිටියක් නෑ.එතන නිකන්ම හොට් ඩෝග් එකක් විතරයි.මෙතන හොට්ඩෝග් වල රස ජාති 12ක් විතර තියෙනවා.ඒකයි මෙතන ගැන ලිව්වේ!

     

  8. Anonymous Said,

    යූනියන් ප්ලේස් එකේ හයිඩ් පාර්ක් එකට පාරෙන් අනික් පැත්තෙ තියෙන ආර්පිකෝ එකෙත් ස්ටාර් ඩෝග්ස් එකක් තියෙනව නේ?

    මමනම් කැමති අබ සෝස් දාපු ඒවට...

     

  9. ඔව් ඔව් යුනියන් ප්ලේස් අර්පිකෝ එකෙත් තියෙනව. අපි නම් යන්නෙ එතනට. කැම්පස් එකට අල්ලපු වත්තනෙ. පොඩි ගානක් වැඩිපුර ගෙව්වොත් සාමාන්‍යයෙන් හම්බවෙන පොඩි සොසේජස් එක වෙනුවට ලොකු එකක් දාල දෙනව. මෙන්න ඒ වෙලාවක අපි ගත්තු ෆොටෝ එකක් http://bit.ly/96y7Y9

     

  10. මුචා මටත් ලියන්න ආසයි බං මේකට ලියන්න බැරිද මට අවස්ථාවක් ගන්න මචං...? දන්නවනේ අපිත් කනබොන කස්ටියනේ...! ;)
    කාලෙක ඉඳන් කියන්න හිටපු දෙයක් ඔන්න අද තමා කියල හිත සැහැල්ලු කර ගත්තේ....!!!

     

  11. MaJee Said,

    හනේ මාත් කාල නැහැ නෙව මේව. දැකලනම් තියනවා. අපි ඉතින් මේව කන්න ගම් නගර ගනනාවක් පහුකරන් එන්න එපැයි:-p

     

  12. @LishWish: නලියට තමයි අයියේ එවන්න පුලුවන්!
    මම ඌට කියන්නන්

     

  13. poppy Said,

    හරි රස පාටයි.ම්ම්ම්......

     

  14. Anonymous Said,

    http://www.facebook.com/group.php?v=wall&ref=search&gid=68865558925

     

  15. ම්ම්ම්... ‍මෙතනට යන්න නම් ‍ට්‍රයි එකක් දෙන්න බැරි වෙන එකක් නෑ වගේ..

     

  16. මේ ඇහුවට මල විකසිත කරගන්න එපා ඕං. වෙජිටේරියන් කට්ටියට හරියන උණු බල්ලෝ එහෙම නැද්ද?. :$ දන්නේ නැති නිසා අහන්නේ. :)

     

  17. එතන තියෙනවා වෙජිටේරියන් උණු බල්ලෝ... දැන් එතන නම වෙනස්... තරු බල්ලෝ (Star Dogs )නෙවෙයි... Urban Kitchen...ඒක ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක්...

     

  18. @Pathum Punchihewa
    පට්ට නිව්ස් එක. බොහොම ස්තූතියි. :)
    දැහැමි බල්ලෙක් කාලාම බලන්න ඕනි. :D

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!