ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

තක්කලි සලාදයක්

Posted by On Friday, March 05, 2010
 "මගේ ජීවිතය" ගානේ.

ඇත්තටම කෑම බීම ගැන අභිරුචියකින් කතා කිරීමම කෑමට බීමට කරන ගෞරවයක්!

මේ සැරේ මරණෙ ට "සලාදයක්" ඉල්ලුවනෙ. සලාද කිව්වම ඉතින් නොයෙක් සලාද තියනවා. කෑමට ගතහැකි ඕනෑම දෙයකින් කෑමට හැකි සලාදයක් සාදා ගතහැකියි. ගොඩක් වෙලාවට සලාද වලට යොදා ගන්නෙ අමු දේවල්. සලාදයක් හදාගන්න බැරි කෙනෙක් මේ බ්ලොග් අවකාශයෙ නැති බව විශ්වාසයි.

මේ කියන්න යන්නේ " තක්කලි සලාදයක් " සාදා ගන්නා ආකාරයයි. කෑම පිඟානක් රසවත්, ගුණවත්, වර්ණවත් කරවන ආකාරයෙන්, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් තමයි තක්කලි සලාද.


අවශ්‍ය ද්‍රව්‍ය:
  • හොඳින් වර්ණවත්, නොතැලුණු තක්කාලි ගෙඩි කීපයක්.
  • බී ලූනු
  • සලාද කොළ
  • අමු මිරිස් කරල් කිහිපයක්
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • දෙහි යුෂ ස්වල්පයක්
හදන්නෙ මෙහෙමයි

තක්කාලි, පොතු ඇරගත් බී ලූනු, සලාද කොළ, අමු මිරිස් සෝදාගන්න. මුලින්ම සලාද කොළ ටික සලාදය ' වඩවන ' දීසියේ තැන්පත් කරගන්න තමන් කැමති ආකාරයකට. මේ කොළ කපන්න කොටන්න යන්නෙපා. ඒකෙ ප්‍රියමනාප බව රැකෙන්නෙ කොළ ටික ජීවී බවින් පිරී තියන විටයි.  මේවට ලුණු කුඩු ටිකක්, දෙහි යුෂ ටිකක් තැවරුවට කමක් නෑ. මොකද මේ සලාද කොළ ලස්සන වුණාට ගොටුකොළ තරම් රස නෑ මටනම්. නිකන්ම කෑවොත් බුලත් කොළ කනව වගෙ කහට රසයි.

මීළඟට බී ලූනු, තක්කලි රවුම් ආකාරයට පෙති කපාගන්න. ( මෙහෙම කීවට ඒ විදියටම කපන්න කියල නියමයක් නෑ:D ඒත් මේ වෘත්තාකාර හැඩ තුළ ආකර්ශණීය බවක් තියනවා. ඒක ආරාධනාත්මකයි! සිත් ගන්නා සලාදයක් කෑම රුචියට ආරාධනයක් වගෙයි )

දැන් මේ කපාගත් බී ලූනු, තක්කාලි තමන් කැමති ආකාරයකට අර සලාද කොළ මත අතුර ගන්න. ඒ මත සිහින්ව ලියාගත් අමු මිරිස් කැබලිද තමන්ට රිසි ලෙස අතුරා ගන්න. මේ සියල්ලට උඩින් දෙහි යුෂ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ඉස, ලුණු ඇඹුල් බලා ආහාරය සඳහා කෑම මේසයට තබන්න.

ප. ලි.
( තවත් රසවත්, ගුණවත් තමන් කැමති දේ එකතු කර සලාදය පොහොසත් කරගන්න. එක් එක් ද්‍රව්‍යයට අදාළ රසය, වර්ණය, වයනය (පෙනුම) ඒ ලෙසම දිස් වන ආකාරයට සලාදය සකස් කරගත්තොත් වටිනවා )

4 Response to " තක්කලි සලාදයක් "

  1. Said,

    මට ඉතින් බීම ගැනවත් නිර්මාංශ ආහාර ගැනවත් ලියන්න තේරෙන එකක්යෑ. ඒක නිසා ඔය දන්න කියන කෙනෙක් ලවා ලියව ගන්න තමා වෙලා තියෙන්නේ.

    තක්කලි නෙමෙයි මන් හිතන්නේ ඕනේම සලාදයක් (මන් මේ සලාද කිව්වේ සිංහලෙන් එන සම්බෝල ගැන මිසක් ඉංග්‍රීසි Salad ගැන නම් නෙමෙයි) ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන් කෑම රස කරවන කෑමක්. බත් කන්න ගියාම ළුණු සම්බලයක් හදලා දෙන්න අම්මලා අහන්නෙ වෙන ජාති නැතත් ඒක විතරක් උනත් බත් කන්න පුළුවන් නිසා.

    මේකට ඕනේ නම් බිත්තරයක් කපලා දාල බිත්තර සම්බෝලයක් හදා ගන්නත් පුළුවන්.

    සලාද කොල වලට නම් මාත් වැඩිය කැමති නැහැ. තක්කාලි, ළුණු, අමු මිරිස් තිබ්බම වැඩිත් එක්ක

     

  2. MaJee Said,

    මරණේ
    ආයෙත් අහලා! ඉංග්‍රීසි salad එකට වඩා ලූනු ටිකක් අමු මිරිස් ටිකක්, උම්බලකඩ ටිකක් එකතු කරල හදාගන්න සම්බෝලෙ මසුරන්.

     

  3. අනේ කවුද සලාද කොළ කන්න අකමැති ?? ඇත්තම කියනවා නම් සලාද කොළ කියන්නේ මගේ ඕල් ටයිම් ෆේවරිට් කෑමක්..! මොකද ‍ඒ ‍කොළ පාටින් අපේ කෑම පිඟන් වලට එකතු වෙන කෑම වර්ගයක් තව නැති තරම් වගේ.. හැබැයි ගෙදර සාමාන්‍යයෙන් හදද්දි නම් මම සලාද කොළ කෑළි වලට ඉරලා වගේ ගන්නවා.. නැත්තං පළල අතට අඟලේ විතර කෑලි වලට කපා ගන්නවා... ඔය තක්කලි සලාදෙටම වෙලාවකට පොල් ටිකක් දාලා හදලා ගන්න.. ඒකෙත් අමුතු ගතියක් තියනවා.. ඒ ඇරුනම ඉතිං තක්කලි සලාද කියන්නේ අපේ ගෙදර සතියකට දවස් 5ක් වත් හැදෙන කෑමක්. ඒ වගේම තමයි සලාද කන්න අකමැති කාවවත් මට තවම හම්බ වෙලා නෑ.

     

  4. poppy Said,

    ම්ම්ම්....yum yum.තක්කලි වලට මම හරි ආසයි.තක්කලි පෙතියි,චිලී සෝසුයි පාන් මැද්දට දාලා හදන සැන්ඩ්විච් මරු....& මගේ ජීවිතය ඇයි blog1ක් පටන්ගන්නෙ නැත්තෙ?

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!