උද්භිද විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් අනුව මිහිතලය මත ශාක වර්ග 350000ක් පමණ ඇත. මින් ශාක වර්ග 75000ක් පමණම අපගේ ආහාරය සඳහා සුදුසුය. නමුත් මිනිසා ආහාරය සඳහා භාවිතා කරන්නේ ඉන් තුන්දහසක් පමණි. මේ ප්‍රවේශය අප රාමු කරගත් අහාර රාමුවෙන් පිටපැනීමට පොඩි උත්සාහයක් දැරීමටය.
අර්ධ, වියලි හෝ ශුෂ්ක දේශගුණයක් තුල හොඳින් වැඩෙන "මැරෝමා බෝංචි" ප්‍රෝටීන් බහුල ආහාරයකි. මෙහි සෝයා බෝංචි වලට සමාන ප්‍රෝටීන අගයක් පවතින අතර රටකජු වලට සමාන කැලරි අගයක් පවතී. මෙම මැරෝමා බෝංචිවල මද තලා බැදගත් විට කජුමද මෙන් රසවත් බව මගේ විදෙස් මිත්‍රයෙක් වරක් මට පැවසුවා මතකය. එසේම මැරෝමා අලද ව්‍යාංජනයක් ලෙස පිලියෙල කරගත හැක.
1885 දී වින්සන් හෝල්ට් විසින් "why not eat insects" යන ග්‍රන්ථය සම්පාදනය කරමින් බටර්වලින් තෙම්පරාදුකල පණුවන් හා හම්බෙල්ලන් සුප් එංගලන්තයේ ජනප්‍රිය කිරීමට උත්සාහ කලත් පසුව එය අසාර්ථක විය.
වොෂිංටන් නුවර ආහාර පණුවන් හා පළඟැටියන් යෙදූ ආහාර අලෙවියට ඇති අතර කැලිෆෝර්නියාවේ කීටගොවිපෙලවල්වලින් සතියකට දෙවරක් මේ සඳහා පණූවන් හා පළඟැටියන් ලබාදීම සිදුකරයි. එමෙන්ම ගෙඹි කකුල් බටර් වලින් බැද ගම්මිරිස් හා තක්කාලි සෝස් සමග අනුභවයද ඇමරිකාවේ ප්‍රචලිතය. වසරකට ඇමරිකාවට ගෙඹිකකුල් ටොන් අටදහසක් පමණ ආනයනය කරයි. ප්‍රංශයේද මෙය ජනප්‍රිය ආහාරයක් වන අතර ප්‍රංශය වසරකට ටොන් අටදහසක් පමණ ආනයනය කරයි.
අපිටනම් ඇහුවත් වමනෙ යන්න එන කෘමින් සහ පණුවන්ද අප්‍රිකානු රටවල, තායිලන්තය හා පිලිපීනයේ ඈත අතීතයේ සිට ජනප්‍රිය ආහාරයකි. පණුවන් සහ කුරුමිණියන් වර්ග තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් මිනිසා විසින් ආහාරයට ගනී. තෙලෙන් බදින ලද දිග අඬු සහිත කුරුමිණියන් මෙන්ම රැහැයියන්, වේයන්, පළඟැටියන්, දළඹුවන් ප්‍රසිද්ද ආහාර අතර මුල්තැන ගනී. කුරුමිබා ගෙඩියක ඇස්ස කපා ඒ තුලට ලුණු, ගම්මිරිස්, රතුළූණු සමග කඳන් පණුවන් දමා පැහෙන්නට දී සාදා ගන්නා පානයද කැමරුන්හි අමුත්තන් සඳහා ඔවුන් පිලියෙල කරන ආහාර අතර ප්‍රමුඛ ස්ථානය ගනී.
ලෝක මන්දපෝෂණය තුරන් කිරීමට විශාල මෙහෙයක් මෙම ආහාර තුලින් සිදුකරගත හැකි මෙන්ම මේ තුලින් වෙනත් ආදායම් මාර්ග ඇතිවූ අවස්ථාද ඇත. වරක් දකුණු කොරියාවේ වසංගතයක් ලෙස කුඹුරුවල බෝවුන "මෙඩුගි" නම් තණකොලපෙත්තන්ගෙන් එරට රසවත් ජනප්‍රිය ආහාරයක් නිෂ්පාදනය වීම නිසා ගොවිමහතුන්ට අතිරේක ආදායම් මාර්ගයක්ද විවෘත වුනි.
කෘමින්ගේ බෝවීම ඉතා ඉහල අනුපාතයක් ගන්නා නිසාත් ආහාර හිඟතාවය පිළිඹඳ ගැටළුවක් පැන නොනගින අතර උදාහරණයක් ලෙස ගෙමැස්සන්ගේ ප්‍රජනන අනුපාතය මිලියන 550ද වේයන් දිනකට බිත්තර 6500 ක් පමණ දමනු ලැබීම දැක්විය හැක.
ඉතින් මේ බලකිරීමක් නෙමෙයි සංස්කෘතිය කියලා අහවල් එකකට කොටුනොවී පෝෂණය ගැන මූලික කරලා භෝජන චර්යාවන් පුරුදු කරගත්තොත් නම් අපිට මේ ගැටළු ඇතිවෙන එකක් නැතිවෙයි.
නැවත හමුවෙමු.......!

Subscribe to:
Post Comments (Atom)
100% එකඟයි. ඒත් එක කාලෙක, අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයට පිලියමක් විදියට, අභ්‍යන්තර ධීවර කර්මාන්තය ප්‍රචලිත කරන්න, ගෙවල් ආශ්‍රිතව අර පොඩි වලවල්, ටැංකි හදලා තිලාපියා ප්‍රචලිත කරන්න රජයෙන් උත්සාහයක් ගත්තා. එතනදී හාමුදුරුවෝ සිවුරු උස්සන් පිකටිං කරා.. මේක බෞද්ධ රටක් අරකද මේකද කියලා. ඒක නැවැත්තුවා ඒ පාර. ඒ පැතිවල දුප්පත් මිනිස්සු තාමත් මන්දපෝෂනයෙන් ඇති..
මම පරිසරයට ආදරෙයි. සත්තුන්ට ආදරෙයි. ඒත් කවුරු හරි සතෙක් මරං කෑවත් දොසක් දකින්නේ නෑ. ආහාර දාම, ආහාර ජාල ගැන ඉගෙන ගත්තු අපි ඇයි මේ, මේවා කන්න පිලිකුල් වෙන්නේ???
(ඒත් බං, මම කෘමීන් කන්නේ නෑ, මොකද මගේ මේ ඉගෙනීම් කටයුතු හන්දා, මගේ අතින් දැනටම සත්තු දාස් ගානක් දිවි පුදපු හන්දා, මට උන් කනකොට දුක හිතෙනවා)
වෙන රටවල පදික වේදිකාවේ බැදපු ගෝනුස්සෝ, කැරපොත්තෝ, පත්තෑයෝ වගේ උන් දකිනකොට මටත් හිතෙනවා ඇයි මෙහේ ඕවා කරන්නේ නැත්තේ කියලා. බයිට් එකට කැරපොත්තෙක් කකා පොඩි අඩියක් ගහන්න තියෙනම් වගේ. කන්න පුළුවන් කෘමීන් ගෙදරකින් හොයා ගන්න පුළුවන් සති දෙක තුනකට ඇති වෙන්න
ඒක හරි මරේ.. ඒත් අපි ඒක කරන විදිය ගැන ඉස්සෙල්ලා ඉගෙන ගන්න වෙනවා. මොකද නැත්නම් විස වෙනවා, සමහර සත්තුන්ගේ සමහර කොටස් ආහාරයට ගත්තාම.
උදාහරෙනේට ඉස්සෙක් ගත්තාම උගේ ඔළුවයි, අන්ත්‍රයයි ගලවන්න ලේසි ටෙක්නික් එකක් තියෙනවානේ. ඒවගේ ඉස්සෙල්ලා අපේ රටේ කන්න යන අළුත් සත්තුන්ගෙත් එහෙම විස වෙයි කියලා හිතන කොටස් ගලවලා, 100 දෙනෙකුට කන්න දීලා, පොඩි රිසර්ච් එකක් කරලා තමා එළියේ විකුනන්න අවසර ගන්න පුළුවන් වෙන්නේ... උඹයි, උඹේ සෙට් එකයි කාලා බලන්න ඉස්සෙල්ලා.. හෙ හේ..
මම ඕන්නම් Research paper එකක් ලියලා දෙන්නම්..
කවුරු හරි හදලා දෙනවනම් කන වැඩේට මම ඉදිරිපත් වෙනවා. :-D
මේකට දන්න තිබ්බේ මේ වගේ ඉමේජ් එකක්
ඔය තියෙන්නෙ ගෙඹ් කකුල් වලින් හදපු ඉස්ටුවක්ද කොහෙද. ඉගෙනගත්තනම් දවසක හදලා කන්න පුළුවන්නෙ..
"මිහිතලය මත ශාක වර්ග 35000ක් පමණ ඇත. මින් ශාක වර්ග 75000ක් පමණම" ?????????????
බින්දුවක් අඩුවෙලා සමාවෙන්න ඕනි ඕකට ඉතිං ඇනෝනිමස්ම එන්න ඕනිද...
උද්භිද විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් අනුව මිහිතලය මත ශාක වර්ග 350000ක් පමණ ඇත. මින් ශාක වර්ග 75000ක් පමණම අපගේ ආහාරය සඳහා සුදුසුය. this is correct
ශාක වර්ග 350000ක් ඇත්නම් සත්තුන්ගේ මල කුණු කන්න ඇයි මෙච්චර පෙරේත..
malakunu warga ochchara godak nene bun...ekai :P
ඕකට ඉතිං පුරුද්ද තමයි සෑහෙන්නම බලපාන්නේ. අපි පුරුදු වෙලා තියෙන විධියට ඔය කෘමි සත්තු ටිකක් පිලිකුල් සහගතයිනේ. ඇත්තම කිව්වොත් ඒ අනුව ගත්තම හැම සතාම පිලිකුල් තමයි. නමුත් පුංචි කාලෙ ඉඳන් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කෑමට ගන්න සත්තු කොටසක් සහ නොගන්න කොටසක් ඉන්නවනේ. නමුත් උත්සාහ නොකලොත් ලෝකෙ කෑමට ගන්න බැරි දෙයක් නෑ කාල දිරවල හප වෙල එලියට දාන ඒව හැර :පී
මලකුණු කියන ඒව ඉතිං සත්තු හෝ ශාක කියල වෙනසක් නෑ. අපි හාල් තම්බල කනව කියන්නේ ජීවිත ලක්ෂ ගානක් එකපාර සුං කරනව කියන එකයි. මොකද ගස් වැල් කියන්නෙත් ජීවයේ මූලික ලක්ෂණ සහිත ප්‍රාණවත් ජීවින්...
ගෙඹි කකුල් මමත් කාලා තියනවා. නියම රහයි.
ඊයා....
අර පනුවොයි කැරපොත්තොයි කතාව නං මට ඇල්ලුවෙම නෑ
මට නම් හිතන්නවත් ඕනෙ නෑ..
මං TV එකේ වැඩසටහනක දැක්කා ඔය කැරපොත්තො, පළඟැටියො වගේ සත්තු තෙලෙන් බැදල පැනිරස චොකලට් ද්‍රාවණයක ඔබල වේළුණාම කෑමට ගන්නව. ඒව කාපු අයනම් හරිම අභිරුචියකින් කෑවෙ. ඒකෙ නිවේදකයත් කෑව. කාපු අයගෙ මූණු වල තිබුණ ප්‍රසන්න පෙනුමට මටත් කෙළ ගිලුණට මම මළත් නොකමි ඔය සත්තු. මට කැරපොත්තො පේන්න බෑ. මොකද මට ළඟදි කැරපොත්තෙක් තැම්බූ වතුරෙන් සැකසූ තේ එකක් පෙවුණා. අමි රහකුත් නොදැනුණා නෙමෙයි ඒත් බීල දැම්මා. පස්සෙ තමයි නිරීක්ෂණය කළේ අමි රහට හේතුව. කේතලයේ කෙමියෙන් ඇතුළු වූ ඒකා ගානට තැම්බී සිටියා. ඒත් ඒකනම් හොඳ පාඩම දැන් වතුර උණු කරන හැම වෙලේම පියන ඇරල බලනවා. නැත්තම් නයෙක් හිටියත් තම්බල බොයි :-D
නොදොමකින් විතරක්..
කන්න නැති රටක බඩගින්නේ ඉන්න උන් කිව්වනම් කමක් නැහැ..
හූනෙකුට කැරපොත්තෙකුටවත් ඉන්න දෙන්න එපා.
ලිපිය පටන් ගන්නේ ශාඛ වර්ග ගැන කියලා ඉවර කරන්නේ පණුවන්ගෙන්..
ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා...
මේ ලිපිය ගැන කන්තාවක් හැටියට මගේ බලවත් බවලත් විරෝධය..! ඇයි දෙයියනේ මේක බලලා අපේ මනුස්සයා කවදා හරි කිව්වොත් අනේ හොද මලියා වගේ මට කැරපොත්තෙක් බැදලා දෙන්න කියලා..! බ්ලැක්කා..!!! පුළුවන් වැඩක්ද ඈ..!!!
maaraya - ai itin upsetda? mata nam hari santhosai. Ape eun ganath kawru hari liyala thiyenawane...
මන්දා ඉතින්....
මොනවා නමුත් මමනම් හිතන්නේ අපි කුකුල් මස් කනවානම් හරක් මස් කනවානම් , මාලු කනවනම් , මොකක්ද ඔය කෘමියන් කන එකේ වැරද්ද ?