ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

කිරි තේ

Posted by On Monday, March 01, 2010
මේක ලිව්වේ පොපී

මගේ මරණයෙ 'ම'ගෙ ආරාධනාවක් නිසයි මම මේ ලිපිය ලියන්න පටන් ගත්තෙ.තේ වලට පරසිඳු ලංකාවෙ රසට තේකක් හදාගන්න බැරි නම්  දුක් වෙන්න ඕනි.


නිකම් තේ නෙමෙයි 'කිරි'තේකක් හරියට හදාගන්න විදියයි මම කියන්න යන්නෙ.'කිරි'තේ කියලා කිව්වම  මගෙ මතකෙට එන්නෙ හරියට ලැජ්ජා හිතෙන කතාවක්.හැබැයි මෙතනට ඒකෙන් වැඩක් නැති නිසා ආයෙ තේකටම බහිමුකො. තේකක් රස වෙන එකේ ලොකුම රහස තමා කහට.නියම පාට කහට නෙමේ නියම රහ කහට.

හරි හමන් තේ කොළ ජාතියකින් ටිකක් සැරට වැක්කෙරුවම තමා කිරි තේක හරියට එන්නෙ කිරි පිටි ජාතිය නම් කැටි නොගැසෙන එකක් වෙනව නම් වඩා හොඳයි. මොකද බාගෙට නිවුණු වතුරින් හදන තේ වලටත්,කිරි ගොටුවෙ අඟලක් ගනකමට කැටි ගැහුනු කිරි ටික තේකෙ ඔබාගෙන දියකරන වැඩේටත් මම නම් එච්චර ආසා නෑ.(ඒත් වෙළඳ නාම කියන එක හරි නැහැ නෙ).

ඉතින් කොහොම හරි කිරි පිටි ටිකයි,තේ කොළයි සූදානම් කර ගත්තා කියමුකො.තව ඕනෙ තේ ගොට්ටක්(රෙදි වලින් මහපු),ප්ලාස්ටික් කිරි ගොට්ටක්(පොඩි1ක්,තේක පෙරන්න)උණු වතුර සහ කූඹි නැති සීනි.(තේකෙ උඩ කූඹි ඔලු,කකුල් පාවෙන එක හරිම අප්‍රසන්නයි)

පියවර
  1. තේ ගොටුවට තේ කොළ තේ හැන්දකින්1ක් දාන්න.
  2. කෝප්පයකට කිරි පිටි ,පිරවූ මේස හැඳි 1 1/2 හෝ,තේ හැඳි වලින් නම් 3ක් පමණ දාන්න.
  3. එයටම සීනි,පිරවූ තේ හැඳි 1 1/2 පමණ දමන්න.(සීනි මදි නම් පස්සෙ දා ගන්න පුලුවන්නෙ.වැඩි උනොත් තේකම එපා වෙනව.)
  4. වෙන කෝප්පයකට තමන්ට තේක ඕනෙ ප්‍රමාණයටවඩා ටිකක් අඩුවෙන් කහට වත් කර ගන්න.මුලින් තේ කොළ දාලා සූදානම් කරගත්ත තේ ගොට්ට මැද්දෙන් උණු වතුර දාලා තේ ගොටුව දෙපාරක් විතර ඔබලා ගත්තම හොඳ පාටට එනව.(මතක තියාගන්න අපි බොන ප්ලේන් ටී වල පාටට වඩා සෑහෙන්න තද පාට විය යුතුයි)
  5. ඊට පස්සෙ ඔය කහට එක අර කිරි පිටි,සීනි තියෙන කෝප්පෙට දාලා හොඳින් හැඳි ගා,ගොටුවෙන් පෙරා උණුවෙන් පානය කරන්න.
පෙලක් පිරිමි පාර්ශවයෙ ඇත්තො තේකක් හදාගන්න වත් දන්නෙ නැහැ නෙ.ඉතිං සරලවම කිව්වා.


මම නම් ගෙදර අයට මේ ටිකේ පොවන්නෙ අයිස් තේ.රස්නෙයි නෙ.කහට වීදුරුවක් හදා ගන්න ඕනෙ ප්ලේන් ටී ගානට ටිකක් වැඩියෙන් කහට දාල(කිරි දාන්නෙ නෑ.).ඕකටම දෙහි බෑයක් මිරිකුවම කහට ගතිය තේරෙන්නෙ නෑ.සීනි තේ හැඳි2ක් විතර දාන්න.ඊට පස්සෙ හොඳ...ට සීතල කරලා බොන්න. නැත්නම් වීදුරුවකට අයිස් කැට පුරවල ඕක උඩින් වක්කරන් බොන්න.හරිම නැවුම්.ඩිල්මා වල ටී බෑග් තියෙනව,අඹ රස,කරදමුංගු,බ්‍රැන්ඩි('ම'ට හොඳා ඒක),මොරොක්කන් මින්ට් රස. ඕනෙ එකකින් හැදුවහැකි අයිස් තේ.

ලිපිය අවසන් කරන්නම් ලංකාවෙ හදන තේ වර්ගයක් ගැන කියලා.දන්නවද සිල්වර් ටිප්ස් කියලා තේ කොළ ජාතියක් තියනව,තේ රිකිල්ලක උඩින්ම එන රිදී පාට දලු3 නෙලලා,විශේෂ ක්‍රමයකින් වේලලා හදන්නෙ.කිලෝ1ක් අඩුම රු.40000/-විතර වෙනවා ලු.ආසයි කෝප්පයක් රහ බලන්න!

ඡායාරුප 1 මෙතනින්
ඡායාරුප 2 මෙතනින්

11 Response to " කිරි තේ "

  1. Said,

    කොහෙද අනේ බ්‍රැන්ඩි රස තේ විකුනන්න තියෙන්නේ? වහාම ගෙනත් බීලා බලන්න ඕනේ. රස විතරද? ඇල්කොහොල් නැද්ද දන්නේ නැහැනේ?

     

  2. tea hena gananne ban...
    40000 ????

     

  3. poppy Said,

    අම්මෝ මේකෙ edit කරන්න දෙයක් තියෙනව.කිරි තේකට සීනි 'තේ හැඳියි' 1 1/2ක් විතර දාන්නෙ.මේස හැඳි නෙමේ.බ්‍රැන්ඩි රස තේ ගැන තව විස්තර හොයලා කියන්නම්:)

     

  4. poppy Said,

    බ්‍රැන්ඩි රස තේක christmas special ද කොහෙද.ඩිල්මා සයිට්1න් ඒක ගැන විස්තර අයින් කරලා.අපේ ගෙදර නම් ඉතුරු උන තේ බෑග් 2,3ක් තියනවා.(http://www.virtualtourist.com/travel/Asia/Vietnam/Thanh_Pho_Ho_Chi_Minh/Ho_Chi_Minh_City-1470720/Shopping-Ho_Chi_Minh_City-Asian_Food-BR-1.html)මේ පිටුවෙ තියනව සංචාරකයෙක් දාපු සටහනක්.ගත යුතුම දෙයක් විදිහට ලංකාවේ-බ්‍රැන්ඩි සහ රම් රස තේ බෑග්- කියලා.
    (Asian Food: Tea and Coffee for souvenirs...සටහනේ)

     

  5. තේ හදන හටි කියල දුන්න එක නම් හොන්ද දෙයක්. ඒත් Practice එකෙන් හැකියව දියුනු කරගත යුතුයි.
    මම නම් කාලයක් තිස්සෙ කිරි තේ බීම නවත්තල තීන්නෙ. මොකද ගොඩාක් අයට ( ගෑනු පිරිමි දෙකම ) හරියට තේ එකක් හ්දන්න දන්නෙ නෑ. කිරි තේ හදනව කියන්නෙ හරිම කලාත්මක අපහසු වැඩක් කියලයි මට හිතෙන්නෙ. මොකද පිටි වඩි උනොත් තේක කිරි ගන්දයි. සීනි වැඩි උනොත් තොල් ගලවන්න බෑ එකට ඇලිල කතා කරන්නත් බැරි වෙනව.කහට වැඩි උනොත් තිත්තයි.අනික ගෙදරකට ගියාම තේ හම්බවෙනව පීරිස්යෙත් තේ, කෝප්පෙ වටෙත් තේ, ගේනකොටම හලාගෙන. බීල බලනොකට අඩියෙ පිටි කැට.ඉතින් ඔය වගේ හේතු නිසා පිටින් තේකක් බොන එක හරිම අපුල වැඩක් වෙලා තීන්නෙ. හැබැයි මන් ජීවිතේටම බීපු හොන්දම කිරි තේක බිවුවෙ ( සුප්පා දේවි මේව නොදකින නිසා හොන්දයි..නැත්තන් ඉතින් ආයි මලාට තේ නම් නෑ තමයි මට ) Bogawanthalawa Plantation එකේ Main office එකෙන් (AAT Building එකේ තීන්නෙ )හැබැයි ඒක හැදුවෙ වයසක Tamil Uncle කෙනෙක්.විශේශම දේ ඒ තේ එකේ සීනි නැතිම තරන්..

     

  6. MaJee Said,

    පොපී ගෙ කිරි තේ එක නම් එළකිරි! ඔව් රහට කහට නැත්නම් පාට මොකටද. කිරි තේ එකක් රස වෙන්න ඒකට එකතු කරන තේ කහට ඍජුවම බලපානවා. පොපී කියන්නා වගේ ඉහළ මිළ ගනන් වලට තියෙන්නෙ ඉහළම ශ්‍රේණි වල තේ. අවාසනාවට අපිම වගා කරන තේ ගහෙන් නෙළපු, හොඳම දළු වලින් හදපු තේ බොන්න වාසනාව අපිට නෑ. ඒවා රට පටවනවා. අපිට රොඩු. මේ මිළෙන් වැඩි තේ හදන්නෙ තේ ගසේ ඉහළම තියන " තිරයත් දළු දෙක සහ නොමේරූ තුන්වන කොළය" දක්වා ඇති කොටසින්. මේවට කියන්නෙ main grades කියලයි. මෝරපු දළු වලින් නිපදවන තේ තමයි අපිට ගොඩක් වෙලාවට ලැබෙන්නෙ. මේවට කියන්නෙ off grades කියලයි.

    මිළෙන් වැඩි තේ ශ්‍රේණි
    FBOP 1
    BOP 1
    OP 1
    OP
    OPA
    PEKOE
    BOPE
    DUST NO 1
    FBOP 1
    FBOPF

    මිළෙන් අඩු තේ ශ්‍රේණි
    BOP 1A
    BM
    BP
    BPF
    PEK FGS
    DUST 11
    සමහර තේ පැකට් වල එහි අඩංගු තේ ශ්‍රේණිය සඳහන් කරල ඇති නිකමට බලන්න.

    ඉතින් මේ මිළෙන් වැඩිම තේ අපිට රහ බලන්න නොලැබෙන නිසාම අපේ අයිය ඒ තේ ගෙදරම හදාගන්න ක්‍රමයක් හොයාගත්තා. ඒකෙ තිබුණේ අමුතුම මිහිරක්. කිරිත් එක්ක කියාපු තේ. මට මේ තරම් තේ ගැන විස්තර දාන්න පුළුවන් වුණේ අපිත් පොඩි තේ වගාවක් කරන නිසයි. ඉතින් තේ වගාවට පස සකස් කිරීමේ ඉඳලා දළු නෙළීම දක්වාම විස්තර ඇතුළත් පොත පතත් පරිශීලනය කරන්න ලැබුණා.

     

  7. h Said,

    මගේ ජීවිතේගෙ කතාව නම් හරියට හරි. අපට ලැබෙන තේ හෙනම චා කියල මම අහල තිබුණට ඒ වෙනස මොන වගේද කියල දැනගත්තෙ මෑතකදි. තේ වත්තක තියෙන අවුට්ලට් එකකින් මගේ කාර්යාලීය යාළුවෙක් අපට තේ පැකට් එකක් ගෙනත් දුන්න. ඒක සාපේක්ෂව මිල වැඩියි. ඒ වුණාට රස නම් උපරිමයි. මෙච්චර කල් බීල තියෙන ඒව ගැන දුක හිතුණ අපට.

     

  8. ඇත්ත ඇත්ත...! රසට තේකක් හදාගන්න තේ කොළ වර්ගය තමා අංක 1ටම බලපාන්නේ.. මමත් දැන් බදුලු පුරෙන් විශේෂ තේ කොළ ආනයනය කරලා තමා බොන්නේ.. මොකද ඒකේ රස සහ කිරි වලට දැම්මම තියන ‍කොලිට් එක අනිත් තේ වලින් ගන්න අමාරුයි..

     

  9. poppy Said,

    ම.ජී. ඉන්නෙ තේ වැවෙන පැත්තකද?කොළඹින් ඈත වෙන්න ඕනෙ එහෙනම්..

     

  10. තේ එකේ කොළ වර්ගය තමන්ගේ රසයට අනුව තෝරා ගත්තත්, උෂ්ණත්වය තමයි වැදගත්. තේ හදන භාජනයට මූඩියක් තියෙන්න ඕනෙ. ඒකට වරක් උණුවතුර දාලා රත් වෙන්න තියලා තමයි තෙකොළ හා නටන වතුර දාන්න ඕනේ. තැම්බෙන කාලය විනාඩි පහක් කියලා තමා පොතේ කියන්නේ. නමුත් ඒක තමන්ගේ කොළ වර්ගය අනුව වෙනස් වෙනවා. සුවඳට ආස අය PEKOE, BOP අතර මැද රසයකට ආස අය BOPF,FF කහටට ආසා අය Dust . අපේ පුංචි අම්මා හදන තේ එකට ඉඟුරු හොඳින් අඹරලා දානවා. කිරිතේ එක පිස්සු හැදෙනවා. එනසාල් කරලක් හෝ දෙකක් තලලා දාන එකත් එක කලාවක්.

     

  11. poppy Said,

    හ්ම්....නිකම් තේ එක්ක ඉඟුරු වගේම කරදමුංගුත් ගැලපෙනව.spicy tea වල මම ආස ඒ රහට.මොනව උනත් dilmah මින්ට් තේ තරම් නැවුම්-refreshing තේකක් බීල නෑ වෙන කොහෙදිවත්....

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!