ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

No Reservations

Posted by Unknown On Tuesday, February 02, 2010
කෑම බීම ගැන අනන්ත අප්‍රමාණ රූපවාහිනී වැඩසටහන් අපි දැකල තියෙනව. සමහර වැඩසටහන් වල කෑම බීම හදන හැටි කියල දෙනව. සමහර වැඩසටහන් වලදි වැඩසටහන ඉදිරිපත් කරන්නා තැන් තැන් වලට ගිහින් කෑම රස විඳින ගමන් ඒ කෑම ගැන යම් යම් විස්තර කියල දෙනව. ලංකාවෙ රූපවාහිනී නාලිකා වලට වඩා පිටරට නාලිකා වල ( ට්‍රැවල් ඇන්ඩ් ලිවින්ග් වගේ ) මේ වගේ වැඩසටහන් බහුලයි. මේ වගේ වැඩසටහන් ජනප්‍රිය වෙන්න එක දෙයක් අත්‍යවශ්‍යයි. හුඟදෙනෙක් හිතයි රස කෑම කියල. නමුත් මගේ අදහස වෙනස්. මම කියන්නෙ මේ වගේ වැඩසටහනක ජනප්‍රියත්වය රැඳිල තියෙන්නෙ වැඩසටහන ඉදිරිපත් කරන්න අතේ කියන එකයි මගේ අදහස. මම වැඩි විස්තර කියවන්නෙ නැතුව දෙන්නම් උදාහරණයක්. මේක මම කැමතිම වැඩසටහනක්. කෑමක් බීමක් හදන විදියක් ගැන මේකෙ වැඩි විස්තරයක් නැති වුණත් මේක බලන්න වටින වැඩසටහනක්. මොකද මේ වැඩසටහන කරල තියෙන්නෙ ලංකාව ගැන.





7 Response to " No Reservations "

  1. Said,

    එළ මචං
    මන් මේ වගේ ඒකක් දැකලා තිබ්බේ High Way on My Plate එකේ ගිය එක විතරයි

     

  2. Said,

    පොඩි වීදුරුවකට අරක්කු අරන් එක හුස්මට බොනකොට අපි නිකන් බලන්නේ අපෝ මූ නම් අමු බේබද්දෙක් කියලා. ඒ උනාට ෂොට් ග්ලාස් වලට අරක්කු දාලා නීට් ගහන එකකුත් තියෙනවනේ බැලුවම (2වෙනි වීඩියෝ එක)

     

  3. Anonymous Said,

    මේක මම කැමතිම වැඩසටහනක්. තව andrew zimmernගේ Bizarre Foods එකත් බලන්න.
    http://en.wikipedia.org/wiki/Bizarre_Foods_with_Andrew_Zimmern

     

  4. Naliya Said,

    නියමයි මචෝ මම ඔක්කොම බැලුවා
    ලංකාවට තියන ආදරේ තවත් වැඩි වෙනවා

     

  5. මම මේකේ ඇඩ්ස් ට්‍රැවල් ඇන්ඩ් ලිවින් වල යනවා දැකලා තියනවා.. ඒත් ගොඩක් වෙලාවට රෑ10ට විතර තමා යන්නේ.. ඉතිං මට බලන්න වෙන්නේ නැහැ.. ඔය වර්ගයේ වැඩසටහන් වලින් මම කැමතිම වල්ඩ්ස් කැෆේ එෂියා කියන එකටයි හයි වේ ඔන් මයි ‍ප්ලේට් එකටයි.. ඒ ඇරුනහම කෑම ගැන කොයි වැඩසටහනටත් ඉතිං අනේ මම නම් ගොඩක් කැමතියි.

     

  6. KAS Said,

    මේ වීඩියෝ එකේ ලංකාවේ ඇත්ත තත්ත්වය වෙනස් කරලා ඉන්දියාවේ විදියට තමා පෙන්නන්නේ. කොළඹ තියෙන ජරාම පොට් වලට එක්කගෙන ගිහිල්ලා ලංකාවත් නිකං සවුත්තු කරලනේ. අනිත් එක උඩරට පැත්තේ තියෙන විශේෂ, ලංකාවටම ආවේනික වුණ කෑම ජාති පෙන්නල නෑ.

    කොහොම වුනත් මේ වගේ දෙයක් හරි පෙන්නපු එක අගේ කරන්න ඕනෙ.

     


Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!