ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

බයිට්

Posted by On Friday, February 26, 2010
අපේ මලී ලිව්වා වගේ බොනකොට කන ඒවා හදා ගන්න හැටි නම් මට ලියන්න තේරෙන්නේ නැහැ. හැබැයි බොනකොට කන නිසා වැරදියට ලිව්වත් එච්චරම අවුලක් නැහැ, හොඳට බීල ඉන්න වෙලාවට දර කෑල්ලක් උනත් හපන්න බැරි කමක් නැති නිසා.

වෙන රට වල අයට කෙසේ වෙතත් අපේ ලංකාවේ බොන අයට නම් බොන්න දෙයක් වගේම බයිට් එකත් හරිම වැදගත්. බොන්න ජාති කොච්චර තිබ්බත් , මිශ්‍ර කරන්න මොකුත් නැති උනත් බයිට් එකට නම් මොනා හරි නැත්නම් බීලා හමාරයි තමා. සෝඩා, කොකා කෝලා මොකුත් නැත්නම් ඇල්වතුර එක්ක හරි බොයි . ඇල් වතුරත් නැත්නම් නිකම්ම හරි බීලා දායි ඒත් හපන්න බයිට් එකක් නැත්නම් ඒකට නම් විසඳුමක් නැහැ.

 

මේ පින්තූර වල තියෙනවා වගේ ජාති බයිට් එකට ගන්න ලැබෙන අවස්ථා නම් හරිම විරලයි. ගොඩක් වෙලාවට අපේ බයිට් එක වෙන්නේ නම් රුපියල් දෙකේ වඩේ සහ කඩල කාරයාගේ ටේස්ට් කඩල එක. ඔය ඇරෙන්න රටකජු, මුරුක්කු, බැදපු මඤ්ඤෝක්කා පෙති වගේ ඒවා තමා සුලබවම ගැනෙන්නේ.

එක පාරක් බැදපු කරවිල කෑවත් අධික තිත්ත නිසා ඒක හරිගියේ නැහැ. කඩල කාරය ගාව මොකද්ද කරපු සුදුළුණු ජාතියක් තිබ්බත් තාම මම නම් ඒක අත් හදා බලලා නැහැ. ගල් අරක්කු එක්ක ළුණුයි උම්බලකඩයි යනවා කියලා බ්ලොග් එකක කවුද කියලා තිබ්බ. කනකොටනම් ඒක නියමයි ඒත් පහුවදා උදේට ළුණූ රස උගුරට එනකොටනම් එපා වෙනවා. හැබැයි උම්බලකඩ නම් නියමයි.

 

අපේ අයියා කෙනෙක් ඉන්නවා බෝධිසත්වයෙක් (කාලක් ගහන කෙනා - කාලකන්නියා, බාගයක් ගහන කෙනා භාග්‍යවන්තයා, බෝතලයක් ගහන කෙනා බෝධිසත්වයා ඊට වඩා බොන අයට කියන්න නම් නැහැ මොකෝ එහෙම අය වැඩි කල ජීවත් වෙන්නේ නැති නිසා) මිනිහා දවසක් කියනවා එක පාරක් බොන්න ගිහින් බයිට් එකට එක වඩයයිලු තිබ්බේ අන්තිමට වඩේ එකේ පරිප්පුඇට වෙන් කරල කට්ටියට සම සමව බෙදලා ඒක එක්ක කිව්වා බිව්වේ. ඒ කියන්නේ එච්චර බොන කෙනෙක්ට උනත් බයිට් නැත්නම් බොන්න අමාරුයි කියන එක තමා.

හැබැයි මේක ගොඩක්ම ලංකාවේ අය අතර තියෙන දෙයක්ලු. වෙන රටවල් වලනම් බොනකොට කන සිරිතක් නැහැ කියලා තමා ඔය රට ගිය ඇත්තෝ කියන්නේ. (මන් නම් ඔය වෙන රටවල වෙන දේවල් ගැන දන්නේ නැහැ) හැබැයි එහෙ ගිය අයත් මෙහෙ ඇවිත් බොන කොට නම් බයිට් හොයනවා.

මම කාලා තියෙන බයිට් ජාති වලින් වඩාත්ම මතකයේ රැඳුනු එක තමා ලෙමන් ජින් එක්ක කාපු ඇපල් අච්චාරුව. ලුණු ගම්මිරිස් කුඩු දාපු කොල පාට ඇපල් එක ලෙමන් ජින් එකත් එක්ක නැගලා ගියා නියමෙට. ඒ ඇරෙන්න SSC එකේ Hot Buttered Cuttlefish එක, දෙහිවල ඉම්පාලා එකේ Devil Chicken එක, දෙහිවල මහරගම පාරේ තියෙන Al Bite එකෙන් ගත්ත Chicken එකක්. එකේ නම නම් මතක නැහැ මොනා හරි Pepper කතාවක් තියෙන එකක්. ඒක නම් නියමයි. ඉඳලා හිටලා බයිට් එකට ගන්න විශේෂ දෙයක් ඇරුනම නිතරම කැවෙන්නේ එකම ජාති ටික තමා.

බිත්තර රොටී, බිත්තර ආප්ප, රෝස් පාන් වගේ ඒවාත් සමහර වෙලාවට බයිට් එකට ගැනෙනවා. එක පාරක් රඹුටන්නුත් කෑවා. සමහර අය නම් රාබුත් කනවලු ඒත් මන් නම් හිතන්නේ නැහැ රාබු හොඳ ඇති කියලා. හැබැයි ලුණු ගම්මිරිස් කුඩු දාපු පිපිඤ්ඤා නම් හොඳයි.  කවුදෝ කිව්වා අරක්කු එක්ක ඉදිච්ච ගස් ලබු නියමයි කියලා. සුප් කැට, රා තැබෑරුමේ තියෙන ලුණු කුඩු ටිකත් බයිට් එකට වෙලාවේ හැටියට ඇති. ඔය මේ අස්සේ මන් කාපු සවුත්තුම බයිට් එක තමා ගම්පහ තානායමෙන් කාපු බැදපු මාලු එක. ඒක කාලා මට පහුවදා දවසම ඇඳේ ඉන්න උනා බඩේ අමාරුව හැදිලා. එදායින් පස්සේ නම් ඒ පැත්තවත් බැලුවේ නැහැ

ඡායාරූප 1 මෙතනින්
ඡායාරූප 2 මෙතනින්

මත්පැන් බීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි.
බීමත්ව රිය පැදවීමෙන් වලකින්න.

21 Response to " බයිට් "

  1. h Said,

    ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක මම ගොඩක් සෙට් වෙලා තියෙනවා. ඒක සෞඛ්‍ය අතින් නම් කොහොමද මන්දා. ඒ වුණාට අපි සෙට් වෙන වේලාවල් එක්ක බැලුවම කෑම සහ බීම දෙකම එකම වර කරගන්න පුළුවන් වුණාම ලේසි හින්දයි එහෙම වෙලා තියෙන්නේ. ඊට අමතරව ඩෙවිල්ඩ් චිකන් එකත් වැඩේට නියමයි. ඒකෙ තියෙන මාළු මිරිස් ටික ගොඩක් වෙලාවට මම විතරයි කන්නේ. ආයෙ ගෙවල් වල සෙට් වෙද්දි නම් කොත්තුවක් හරි බිත්තර බැදුමක් හරි ලේසියට සෙට්කරගන්න පුළුවන්. ඒ වගේම ෆුඩ් සිටියෙ තියෙන බයිට් පැකට් එකත් හොඳයි. ආයෙ නියමයි ජම්බෝ පීනට්!

    දැන් ඩිස්ක්ලේමරේකුත් දාන්න පටං අරන් තියෙන නිසා අවුලක් නෑ. කට්ටිය මේක කියවලා බොන එකක් නෑ.

     

  2. Said,

    හැබෑට කොත්තුව අමතක උනානේ. කොත්තුවත් එළ. මන් දැක්කා ගම්පහ සෙට් එකක් රයිස් එකක් දාගෙන එක කකා බොනවා. එකෙන් කෑමයි බීමයි දෙකම ෂේප් වෙන කතාව නම් ඇත්ත.

    උඹ නම් කියයි මන් එපෑ අමද්‍යප අයගෙන් බැනුම් අහන්න. ඒක නිසා අවවාදය දානවා. ඊට පස්සේ කට්ටිය බලලා විතරක් යයි බොන එක ගැන හිතන එකක් නෑ

     

  3. ඇයි කශ්ටා සමග කුරුම්බා ඇට්ටි..... ඒකත් අල්ලල යනවාලු
    (හැබැයි මම නම් දන්නෑ මම බීලත් නෑ සමහරු කියන්නේ)

     

  4. Said,

    ඔය කතාව මාත් අහලා තියෙනවා. ඒත් ඒ ගැන කියන්න නම් හරියට දන්නේ නැහැ. කසියා බොනවනම් ඉතින් කුරුම්බැට්ටියක් කන එක එච්චර දෙයක් නෙමෙයි මන් හිතන්නේ

     

  5. Anonymous Said,

    අපිටනම් ඉතින් කොත්තුව තමයි. බයිට් එකත් ශේප්. කෑමත් ශේප්

     

  6. kkroxc Said,

    අපිටනම් පලවෙනි බොතලේ යනකම් විතරයි බයිට් සැන්ඩි ඕනී ඊට පස්සේ ඉතින් කටෙ තියාගෙන ගුඩු ගුඩුස් තමා , ලංකාවේ ඉද්දි සෙට් වුන නුගේගොඩ 7 කනුව රොයල් හොස්ට් එකේ තියනවා මික්ස් ග්‍රිල් කියලා ප්ලෙට් එකක් මාර රසයි ඔල්ඩ් රිසව් එක්ක නැගලා යනවා මස් ජාති ඔක්කමයි එලවලුයි තියෙන්නේ

     

  7. Anonymous Said,

    ගල්, ඇල් වතුර සන්ඩි සමග බීලා දත් බෙහෙත් ටිකක් දිවෙ ගාගත්ත පරන කැම්පස් බුවලා සෙට් එකක් ගෙන මම අහල තියෙනවා

     

  8. හප්පොච්චියේ මෙකට නොදාන කොමෙන්ට්ස් ආයේ අහවල් එකට දාන්නැයි..

    බොන්න ගත්තම බයිට් නම් ඔනම තමා..
    මම ඉතින් රස්සාව නොකරන හැම වෙලේම කරන්නේ ඉතින් බොන එකම නෙව.
    ඒ හින්දා හුගාක් දුරට මගේ බයිට් එක මමම හදා ගන්නවා.
    උම්බලකඩ දාලා බිත්තර ඔම්ලට්.
    සොසේජස් කරල් දෙකක් හීනියට කපලා ඩෙවල් එකක් වගේ හදනවා
    හිටපු ගමන් ෆරයිඩ් රයිස් හදනවා
    මාළු බදිනවා.
    සැමන් තෙල් දානවා
    ඔන්න ඔය වගේ දේවල් වගේම හදිස්සි වෙලාවට වඩෙ, මුරුක්කු, රට කජු වගේ දෙවළුත් ගන්නවා.
    සිංහල අච්චාරුත් එක්ක බීලා බලන්න පිස්සු පීකුදු.
    කඩල නම් මම ආසම නැහැ.
    අර සුදු ළුණු වැඩෙත් මෙලෝ රහක් නැහැ.

     

  9. මගේ යාලුවෙක් ඉන්නව Bangladesh වල. උන් නම් නිතරම ගන්නෙ සුදු ලූනු පුච්චල ලු. මොකද කිලෝ එකක් (ලන්කාවෙ මුදලින් ) රැපියල් 30ක් විතර වෙන නිසා.
    Smoked salmon, smoked cheese, mixed nuts වගේ දෙවල් සුද්දො අතර හරි ජන්ප්‍රියයි . ඒත් උන් කවදාවත් මස් ( BBQ එකකදි වගේ හැර ) fried rice වගේ බර අහාර නම් ගන්නෙ නෑ. මොකද ඒ ගොල්ලො බඩගින්නෙ බොන ක්‍රමයක් නොහොත් අම්බානට ගහල චුට්ටක් කන ක්‍රමයට පුරුදු නැති නිසා.
    මගේ නම් favorite ම bite එක තමා කොත්තු තැටියෙ දාල පුච්චල ගන්න marinated ඌරු මස්. ඒත් ඉතින් ඒකට ඒ පහසුකම ලබාගන්න පුලුවන් තැනකම සෙට් වෙන්න වෙනව.

     

  10. Anonymous Said,

    තරහ වෙන්න එපා මේක කිව්වට
    SBU එකේ පොඩි ලම්යින් ඉන්න හිංද පාලනයක් තියෙනවා නේද?
    මගෙ මරෙනෙ ස්ව කැමැත්තෙනම් එයාගෙ බ්ලොග් එක සින්ඩියේ දැම්මෙ නැත්තෙ ඒකනෙ.
    ඒත් පසුගිය ලිපිය සම්පූරනයෙනම් මත්පැන ගැන කතා කරල මේ ලිපියෙත් සැහන්න්න කතා කරල.

    මෙච්චර නීති තියෙන මේ සින්ඩිකේටර් 1 මෙහෙම මත්පැන් ගැන කතාකරන්න පුලුවන්ද?
    ඇඩිමින්ලා කෝ
    ඒ කට්ටියත් වොඩ්කා ශොට් 1 අරන් නිදිද?

     

  11. QT Said,

    සුද්දෝ නම් බොනකොට බයිට් කන්නේ නැති එක නම් ඇත්ත. මමත් මෙහේ පොරවල් එක්ක සෙට්වෙන කොට නිකන් තමයි. සමහර වෙලාවට මෙතනට එකට ගියාම නම් චිකන් අඩු එක්ක බියර් බොනවා. අගහරුවාදාට අඩුවක් සත හතලිස්පහයි.

     

  12. QT Said,

    www.buffalowildwings.com/ :-)

     

  13. කොත්තුව නම් ජාරාම බිටෙ එක තම මට... බොන්නත් එප වෙනව... හැබය් නිකන් නොබෙන වෙලවට නම් එල....

    අ අරුනම හුගාක් වෙලවට ලන්කවෙදි නම් චිකන් ඩෙවල් ... ඔම්ලෙට් තමා...

    මෙහෙදි නම් ඉතින් මන් ම හද ගන්නව අර මාරය කිව්ව වගෙ....

    ::: මෙ නොදන්න කමට අහන්නෙ... මෙ කට්ටිය කියන තරම් පොඩි ලමය් බ්ලොග් බලනවද ??? :::

     

  14. Anny මල්ලි මේ නිකන් බොරුවට තලේබාන් වෙන්න හදන්න ඒපා. මෙහේ පෙට්ටි කඩවලත් whiskey brandy. උදේට තේ වෙනුවටත් beer. ඒ උනාට මුන් ට එහා ගිය දැනුමක් චින්තනයක් තාම අපිට නෑ. අනික බුලත් විට කාල මත් සිතින් පිර්ත් කියන එක හොන්දයි, කාලක් ගහල මෙත් සිතින් අහන එක වැරදියි. මේව සේරම කුහක කම නිසා.. මේ blog එක බලල කවුරු හරි බොන්න පටන් ගත්ත කියනවනම් ඒක තම 21 එකේ ලොකුම විහිලුව. ගොඩක් පොන්නයො බොන්න ගන්නෙ මේ කොහෙවත් ඉන්න xxබක් අහක බැලුව වගේ silly case නිසා sick එකට මිස මේ වගෙ බීමෙ රස කෑමෙ රස ගැන කියවෙන ලිපි බලලනමි නෙමේ.
    අනික ඔයගෙ ඔය තලේබාන් comments මොකද gay story site අර එකේ දාන්නෙ නත්තෙ ? ඔයත් ඒ ජාතියෙ හින්දද ?

     

  15. Anonymous Said,

    @ ඇනෝ-
    මේක පුදුම ලෝකයක් නේ.. ඇයි කොහේවත් මේකේ බොන්න උල්පන්දම් දීලා තියෙනවද?
    මේ බ්ලොග් එක නොලිව්වයි කියලා, මතට තිත තියන්න පුළුවන්ද?

    අපේ රටේ එවුන් ඉන්නේ හීන ලෝකවල.
    යකුනේ මේක බලලාවත් පොඩ්ඩක් තිතට මත් වෙලා, ලාවට ආතල් එකක් ගන්න ඉගෙන ගන්න බලාපං..

     

  16. Anonymous Said,

    මට අල්ලලාම ගිය බයිට් එක කොත්තුව. කරන්න දෙයක් නැති නිසා වැලිත් එක්ක කඩල බයිට් එක කනවා. අනිත් එක ටිකක් සප්පායම් වුනාම වැලි නෙවේ මොනවා කැවුනත් එච්චර තේරෙන්නේ නෑ නෙ.

     

  17. Anonymous Said,

    well well mamath wediyenma set wela thiyenne kottu ekkai,fried rice ekkai....
    eth omlet,lunu sambola ehemath hena sira...........thawa mamath oya liyala thiyena Hot Buttered Cuttlefish,chicken devil ehema ekkath set wela thiyena....hebei machn anithimata oya monawa thibbath murukkuwama thama.........:

     

  18. Said,

    කොත්තුව ට යන එක තමා ලාබම වැඩේ. කෑමත් ෂේප් වෙන නිසා.

    මටනම් ඕකේ අනික් පැත්ත, මුලදි බයිට් ඕනේ නැහැ පස්සේ තමා නැතුව බැරි. මික්ස් ග්‍රිල් එක හොඳයි බන් ඒත් ගාන තමා වැඩි.

    දත් බෙහෙත් සීන් එක නම් අදමයි ඇහුවේ . අපි සමහර වෙලාවට සුප් කැටයක් හරි චීස් කෑල්ලක් හරි ගෙනත් චුට්ට චුට්ට කනවා.

    සිංහල අච්චාරුත් එක්ක බීලා බලන්න ඕනේ ඇඹුල් රසත් එක්ක නියමෙට යනවා ඇති නේ.

    මෙහෙ ගොඩක් අය ඌරු මස් කන්නේ නැති නිසා තියෙන තැනකදි උනත් වෙන විසඳුම් වලට යන්න වෙනවනේ. මාත් කැමතියි හොඳට කාලා එහෙම බොන්න තියෙනවනම්.

    අනේ මචන් එහෙම හැමෝම සින්ඩියෙන් අයින් කරවන්න ගියොත් සින්ඩියේ බ්ලොග් නැති වෙයිනේ. අනික පේනවනේ බන් සේරම ප්‍රතිචාර බොන අයගෙන්, උඹට ඇල්කොහොල් අගුණ නම් මේ පැත්තේ නෑවිත් ඉන්න පුළුවන්නේ. මන් බොන්න පටන් ගන්නකොට බ්ලොග් තියා අන්තර්ජාලේ ගැනවත් අහලා නැහැ. බ්ලොග් කියවලා බීමට ඇබ්බැහි උන කෙනෙක් මන් හිතන්නේ නැහැ හොයා ගන්න පුළුවන් වෙයි කියලා. අපි කමු බොමු පටන් ගත්තේ නිර්මාංශ කෑමයි ඇල්කොහොල් නැති බීමයි ගැන විතරක් කතා කරන්න නම් නෙමෙයි.

    එහෙම බයිට් එකක් නැතුව බොන එකේ අවුලක් නැද්ද ? මෙහෙ Chicken Wings නම් තියෙනවා මන් දැකලා Pizza Hut තියෙන්නේ විතරයි. ඇයි බන් අඟහරුවාදට ගනන් අඩු. එදාට කට්ටිය අඩුයිද?

    පොඩි ලමයි තියා ලොකු අයවත් ඔච්චර බ්ලොග් බලන්නේ නැහැ. අවුරුදු 10ක් විතර ඉන්ටනෙට් භාවිතා කරන අයත් මගෙන් අහලා තියෙනවා බ්ලොග් කියන්නේ මොනාද කියලා.

    ඉස්සර තමයි මචන් බුලත් විට කාලා පිරිත් කිව්වේ දැන් සිගරට් සහ අරක්කු ඕනේ. මන් ඇහුවම DCSL එකේ එක්කෙනෙක්ගෙන් ඇයි හොඳ වෙබ් සයිට් එකක් නැත්තේ Cocktail Recipes එහෙම දාලා එයා කියපි මල්ලි අපේ රටේ උන් ඕවා බලලා බොන්නේ නැහැ සෙට් උනා බොන්නේ මොනාද ඇහුවා ගෙනාවා බිව්වා එච්චරයි කියලා.

    මාත් හිතන්නේ එහෙමයි මචන්, මන් මේ කට්ටියට බොන්න කියන්වා නෙමෙයි බොන කට්ටිය එකතුවෙලා අපි කාපු බීපු හොඳම ජාති ගැන අනික් අය එක්ක කතා බහක යෙදෙන්න හදන්නේ. බීමට උල්පන්දම් දෙන්න බ්ලොග් එක තාම හොඳ මාධ්‍යයක් නෙමෙයි.

    මෙහෙ කඩලවල නම් එච්චරම වැලි නැහැ බන්. ඒක නිසා අපි නම් නිතරම යොදා ගන්නවා. කොත්තුව හදන්න වෙලා යන්වනේ. එච්චර නාස්ති කරන්න වෙලාවක් අපිට නැහැ :-D

    ෆ්‍රයිඩ් රයිස් එක්ක සෙට් වෙලා බලන්න ඕනේ. ලුණු සම්බෝලත් හොඳ ඇතිනේ. මට නිකන් හිතුනා රටළුණු, කෑලි මිරිස්, උම්බලකඩ, ලුණු, දෙහි දාලා හදපු ළුණු මිරිසක් සමහරවිට හරියයිද කියලා

     

  19. sanjeew Said,

    ඇයි, කලටියි -ලුනුදෙහියි අරගෙන නැද්ද, මේකත් මාර බයිට් එක ඕනම එකක් එක්ක ගන්න පුලුවන්, ගොඩක් වෙලාවට බයිට් වලට සල්ලි නැති උනාම මේක එක්ක සෙට් වෙනව ඉස්සරම කාලෙ,

    තව මහරගම තිබුන King-Zu කියල චයිනීස් එකක් , මට මතක විදිහට 98-2000 (දැන් නෑ) විතර ඒකෙ තිබුන බයිට්නම් මරුම, ඩෙවල් චිකන්, මික්ස් චොප්සි , මික්ස් ග්‍රිල් එහෙම නැගල යනව

     

  20. MaJee Said,

    මන් බොන්නෙත් නෑ ඒත් ඇල්කොහොල් මට අගුණත් නෑ:-) මේ මං ඉන්නෙ යස අගේට:-] ඒත් මං බිව්වෙ නැති වුණාට ඇල්කොහොල් ගැන ඇහුනත් දැක්කත් අමුතු ආශ්වාදයක් තියනවා. මොකද මන්දා. ඉතින් ඔය කියන හැටියට මේ ලිපි දැකල ඒවට ඇබ්බැහි වුණානම් මං මේ වෙනකොට ජීවතුන් අතරත් නෑ:-p ඔව් බොනවනම් බොන්ඩ ඇහැකි කරටි කැඩෙන්න :D

     

  21. ඇත්ත ඇත්ත.. බිව්වට පස්සේ කෙසේ වෙතත් බොන්න කලින් නම් බයිට් එක කියන්නේ අතිශය වැදගත් කොටසක්! මම නම් ඉතිං ගොඩක් වතාවක් බීලා නැති නිසා ‍ඒ ගැන වැඩි විස්තර කියන්න බෑ.. හැබැයි රස ඩෙවල් එකක් හෝ හොද සැර බයිට් එකක් නැතුව මම බීම දිහා බලන්නේ නෑ.

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!