ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

වොඩ්කා

Posted by On Thursday, February 18, 2010
මන් බොන්න ආසම බීම මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත්, ආයි කතා දෙකක් නැහැ මගේ උත්තරේ වෙන්නේ Absolut Mandarin Vodka කියන එක තමයි. ඒ තරමටම මන් ඒක බොන්න කැමතියි. මන් බීල තියෙන රසම බීම ඒක කියලා මන් හිතන්නේ. සමහර අය වොඩ්කා බොන්න එච්චර කැමති නැහැ මොකද පහුවදාට මුළු ඇඟේම තියෙන වතුර ටික වාෂ්ප වෙලා වගේ දැනෙන නිසා. ඒ කතාව නම් ඇත්ත. හේතුව නම් මාත් හරියටම දන්නේ නැහැ වොඩ්කා බිව්වම පහුවදාට මුළු ඇඟම වේලිලා වගේ දැනෙනවා.


මේ පින්තූරේ තියෙන ඒවායින් Raspberry, Ruby Red, Apeach, Mandarin, Vodka සහ රූපේ නැති Mango මන් බීලා තියෙනවා. ඕවායින් හොඳම එක තමා Mandarin  සවුත්තුම එක තමා Mango. ඒක නම් ගන්න දෙයක් නැහැ පුදුම අමාරුවකින් බිව්වේ. ඒ තරම් අප්සෙට්. අනික් ජාති බොන්න හිතාගෙන ඉන්නවා. තාම බොන්න හම්බ වෙලා නම් නැහැ මේවා මෙහෙ වෙළඳ පොලෙන් අරන් බොනවා කියන එක නම් හීනයක්. Absolut ඇරෙන්න 42 Below කියලා එකකත් රස දෙකක් තුනක් බීලා තියෙනවා. ඒවායින් 42 BELOW - Feijoa කියන එක නම් නියමයි.


මෙහේ තියෙන වොඩ්කා ජාති Mendis Rusalka Vodka, Petroff Vodka, White Russian Vodka, Smirnoff Vodka, Smirnoff Apple වලින් නම් මන් බීල තියෙන්නේ Smirnoff Vodka විතරයි. අනික්වා බීලා නැහැ. Smirnoff Apple එක, එක පාරක් ටිකක් බිව්වා. රසනම් වරදක් නැහැ ටිකක් පැනි රසයි . මෙහෙ 1800/= ක් කියලා ගාන නම් කිව්වේ මට ෂුවර් නැහැ ගාන නම් හරිද කියලා හැබැයි 1800/= නම් බිව්වට පාඩු නැහැ වගේ.

වොඩ්කා බොන්න හොඳම Orange Juice එක්ක කියලා තමා කියන්නේ. එක පාරක Galle Face Hotel එකේදි බිව්වා Orange Juice එක්ක, පුදුම රසක් තිබ්බේ 50ml කියලා කිව්වට 25ml ක් වත් දාලා තිබ්බද මන්දා මොකො මන් බීපු ප්‍රමානේ හැටියට 50ml එහෙම තිබ්බනම් දවස් දෙකක් විතර මන් එකේ වැටිලා ඉන්න ඕනේ (බිල ගෙව්වේ මන් එහෙම නෙමෙයි). Vodka & Red Bull බොනවා කියලා කියනවා. ඒකත් කරලා බලන්න ලොකු ආසවක් තියෙනවා. තාම නම් බැරි උනා. වැඩි පුරම ඉතින් පෙවෙන්නේ සුපුරුදු කොකා කෝලා එක්ක තමා. අපේ LG ට පුළුවන් වෙයි වොඩ්කා බොන්න හොඳ ටිකක් Recipes දාන්න. (එක ලිපියයි ඊට පස්සේ දැක්කෙත් නැහැ)

ඡායාරූපය1 මෙතනින්
ඡායාරූපය2 මෙතනින්

(කරුණාකර බීමත්ව රිය පැදවීමෙන් වලකින්න)
(මත්පැන් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත)

24 Response to " වොඩ්කා "

  1. LG Said,

    හපොයි..සොරි වෙන්න ඕන!

    මම පහුගිය ටිකේ ගොඩක් busy වුනා නේ.. නිවාඩුවට ලංකාවට ගොඩ බැහැලානේ ඉන්නේ..ඒකයි ;-)

    Free වුන ගමන් ලියන්නම්කො.. ඒ කියන්නේ ඉතින් නිවාඩුව ඉවර වුනාම තමා!

     

  2. Said,

    නිවාඩුවට ආවම වැඩ කරනදවස් වලටත් වඩා busy තමා. එහෙනම් ආයි ගියාම හිමින් සීරුවේ ලියන්නකෝ.

    මෙහාට ගොඩ බැහැපු එකේ බ්ලොග් ලියන කාව වත් මුන ගැහුනේ නැද්ද?

     

  3. කැම්පස් ඉන්න කාලෙ වොඩ්කා සමග සන්ක්වික් කියන්නේ අපේ ප්‍රියතම බීමක්. (ඒත් ඒ කාලෙ වැඩිපුර බිව්වෙ ගල් මොකද ආර්ථීකේ ගැනත් හිතන්න ඕනනේ). Raspberry සහ Mandarin ඒවත් මම බීල තියනවා. මේ රටට ආවට පස්සෙනම් වොඩ්කා දාලා හදන කොක්ටේල් ඩ්‍රින්ක්ස් සෑහෙන්න බීල තියනවා. ඒවායින් මම ආසම එක තමා White Russian. තැපෑලෙන් තමයි වදින්නෙ.

     

  4. Said,

    උඹ White Russian කිව්වේ මේකද?
    http://www.drinksmixer.com/drink5014.html

    මෙහෙ White Russian කියලා වොඩ්කා එකක් නම් තියෙනවා. මන් නම් බීලා නැහැ.

     

  5. Anonymous Said,

    http://groups.google.com/group/isrilanka?hl=en

     

  6. ම වෙත,
    ඔව් මචං. ඕක ක්ලබ් වල උන් වීදුරු දෙක දෙපැත්තට තියලා හොල්ලල හරි ලස්සනට හදනවා.

     

  7. KAS Said,

    වොඩ්කා හොදයි කන පැලෙන්න ගහලා මෙලෝ සිහියක් නැතුව දවසම නිදියගන්න තියෙනවනම්. නැත්නම් වොඩ්කා වලට වඩා හොද බීම ඕන තරම් තියෙනවා. හැබැයි මමත් ආසයි වොඩ්කා වලට අර ඉහත කිව්ව දවස් සල නම්.

    ලංකාවෙනම් දොඩම් හොයන්න ගියොත් හරියන්නෙ නැහැනේ. ඉතින් හොදම වැඩේ තමයි සන්කුවික්.

    අර කිව්වා වගේ ඇබ්සලියුට් වොඩ්කා නම් හොදයි ඒත් ලංකාවේ තියෙන වොඩ්කා වලින් නම් ගන්නම දෙයක් නැහැ. කොකා කෝලා එක්ක වොඩ්කා බොනව කියන්නෙ නම් වහ තමා.

    හොද බීම හොයනවනම් Try කරලා බලන්න Jin Beam, Black & White, Black Opel, VAT69, Jack Daniel වගේ ඒවා.

     

  8. Said,

    Jin Beam සහ Jack Daniel නම් බීලා තියෙනවා. දෙකම නියමයි. VAT69 හරිගියේ නැහැ සැර වැඩි නිසා. අනික් දෙක නම් බීලා නැහැ.

    මේවා කෝකත් ඉඳලා හිටලා තමයි ට්‍රයි කරන්න උනත් වෙන්නේ.

     

  9. ලංකාවේ අයට බොන්න උගන්නනවද? ඒකට බ්ලොග් එක පාවිච්චි කරන්න එපා. රස, පාට, මුදල, බෝතලේ හැඩේ මොකක් උනත් මත්ද්‍රව්‍ය වලින් වෙන්නේ මත්වෙන එකයි හොද සිහිය නැතිවෙක එක විතරයි. මීට හොදයි වොඩ්කා බෝඩ් එකක් එල්ලගෙන පාරේ හිටියනම්.

    කමෙන්ට්ස් කියවල බැලුවම පේන්නේ ඔක්කොම බේබද්දො කියල.

     

  10. h Said,

    මම නම් වොඩ්ක බීල තියෙන්නෙ එක පාරයි. මගේ බිල ගෙවන්න කවුරුත් නෑනෙ ඉතිං. ;) ඒ වුණාට ඒකෙ බලපෑම මොනවගේද කියල කියන්න තරම් මතකයක් නෑ.

     

  11. පිස්සො රැලක්. සල්ලි දීලා ඔලුව නරක් කරගන්න එක මුන්ට ඉතිං ජොලියක්. පව්!!!

     

  12. voddddddddkaaaaaaaaa

    may faaaaavvvvvvvvvv

     

  13. Pradeep Said,

    සංජු සහ දොඩන්

    තමුන්ගෙ වැඩක් බලාගෙන අමද්‍යප බෝර්ඩ් එකකුත් එල්ලගෙන පැත්තකට වෙලා හිටියනම් කොච්චර හොදද?

     

  14. Hikz...... මගේ ඔෆිස් එකේ කට්ටිය වතුර බොන්නෙත් වොඩ්කා බෝතල් වල....... :D අපේ එකාලට වොඩ්කා පේන්න බෑ....... :P බෝතලයක් කොතනද උන් එතැන .....!! :)

     

  15. KAS Said,

    බොන එක හොද දෙයක් නොවන බව මමත් පිළීගන්නා. ඒත් මමත් බොනවා, බේබද්දෙක් ‍වගේ නම් නෙවෙයි.

    අනිත් එක ලංකාවෙ අමද්‍යව කාරයෝ බොන එක නවත්තන්න කියලා මිනිස්සුන්ට උගන්වන්න හදන්නේ ප්‍රයෝගික නැති උදාහරණ අරගෙන

    පෝස්ටර් ගහනවා, "අරක්කු බොන්නෙ බයට", "පොර වෙන්න", "බිව්වම අරක අප්සෙට්" වගේ දේවල් කියලා

    ඕව කියල බොන එක නවත්තන්න බැහැ. බොන එකා තමයි ලෝකෙ නරකම එකා කියලා මේක කරන්නත් බැහැ.

    කරන්න ඕනෙ බොන එකෙන් වෙන සෞඛ්‍ය ප්‍රශ්ණ, සමාජ ප්‍රශ්න සහ අනෙකුත් ප්‍රශ්න ප්‍රායෝගිකව මිනිස්සුන්ගේ ඔළු වලට දාන එක.

     

  16. සුරාවේ ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන උතුමෝ මිසක්
    නොබොන අණුවන දනෝ නොදනිත්

     

  17. Machan Said,

    බොන නොබොන එක තමුන්ගේ වැඩක්.වොඩ්ක වලට මමත් ආසයි.vat69 එක නියමයි. ඇබ්සොලුට් එකෙන් තමයි මම වැඩිය බිල තියෙන්නෙ ගොඩක්ම අපේ තාත්තට හම්බුන ඒව...;)

     

  18. screwdriver
    8/10 vodka
    2/10 orange juice
    1 sp sugar syrup
    shaker with ice and serve cold cocktail glass

     

  19. Absolut Mandarin orange ekannam patta

     

  20. අනේ මන්දා මෙච්චර කල් හොඳට හිටපු මටත් "ම" ගෙ ලිපිය දැකලා බොන්න හිතෙනවා. මොනා උනත් හොඳ බ්ලොග් එක. එක එක මිනිස්සු තමන්ගෙ ජීවිතය විඳින ක්‍රම වෙනස්. ඒක තව කෙනෙක්ට ප්‍රශ්නයක් නොවෙන විදියට කරනවනම්, ඒකෙ ප්‍රශ්නයක් නෑ.
    සුභම තමයි!

     

  21. මාත් ආස ඩ්‍රින්ක් එකක්... අප්පිරිය නතිව බොන්න පුලුවන්. හැබය් වදිනව හොදට... මොකද ඉතින් බොනව දැනෙන් නෙනෙ...
    orange juice එක්ක තමා මන් වැඩියම බීල තියෙන්නෙ...

    තව mix කරල වගෙත් බොනව හිටපු ගමන්....

    vodka + kahula + milk....

    vodka + rasberry juice + lemon luice + midori...

    ඔය වගෙ ඉතින් යනව ලිස්ට් එක..
    හැබය් මන් තාම ඔය falovoured නම් බීල නෙ...

     

  22. මම නම් තාම ඕකක් බීලා නෑ.. රහ බලන්නවත් දුකේ බෑ.. කවුද මට වොඩ්කා අරන් දෙන්නේ..................!!

    හැබැයි ඇල්කොහොල් අතරින් මම වැඩියම කැමති රම් වලට.. රෙඩ් රම් වල සුවඳට මම හරිම කැමතියි.

     

  23. ඕනම සුරා වර්ගයක් ඒකෙ නියම රසය විඳලා තමයි වෙනත් දෙවල් එක්ක කළවම් කරන්න සුදුසු. තනි 'දෘඪ සුරා' ස්වල්පයක් අයිස් වතුර වීදුරුවක් ළඟ තියාගෙන බොන එක පොඩි කලාවක්. එහෙම බොනකොට මඳ පමණට දෂ්ට කරන එකේ සතුට දැනෙනවා. කට වතුරෙන් හේදුනාම ඊලඟ සුරා ස්වල්පයේ රස හොඳින් දැනෙනවා. දුලබ සුරා බොන්න ඔනේ එහෙම. තනි මෝල්ට් විස්කි වගේ.

     

  24. වොඩ්කා කියන්නේ රුසියන් කාරයන්ගේ බීමක්ලුනේ.. මගේ රුසියන් යාලුවෙක් කියලා තියෙනවා ලාබ සහ සැර වොඩ්කා ජාතියක් ගැන..." කචාකා" කියලා... ලාබයි හැබැයිඔ හොඳට වදිනවලු...

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!