ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

කානිවල් අයිස් කිරිං පාල ;-)

Posted by hare :-) On Tuesday, February 09, 2010
මේකෙ හරි නම Carnival Ice cream parlour හො‍ඳේ. තියෙන්නෙ අයිස් ක්‍රීම් විතරමයි. ඇත්තම කිව්වොත් මම ලංකාවෙ මෙහෙම එකක් තියෙනවද කියලවත් දැනං හිටියෙ නෑ. (හික්.. මම නොදන්න ගොඩක් තැන් ලංකාවෙ තියෙනව තමයි ඉතිං) ඒ වුණත් මගේ සුන්දරී :පී නම් කාලෙක ඉඳන් මෙතනට යන්න ඕන කියල නහයෙන් අඬ අඬ හිටිය. එයා කිව්වෙ ඉස්සර යාළුවො එක්ක මෙතනට ඇවිත් අයිස් ක්‍රීම් කාල තියෙනව කියලයි. ඒ කියපු විධියට මම හිතුවෙ මේක නිකං පේමන්ට් එකක් අයිනෙ තියෙන ටිකක් සිරා මොබයිල් කඩයක් වගේ එකක් වෙන්න ඇති කියලයි. (අපේ එක්කෙනාගෙ යාළුවො ගැන මම දන්නෙ නැද්ද)

ඉතිං ඔන්න සති දෙකකට කලින් මම කොලොම්පුර ආපු වෙලාවෙ අපි දෙන්නගෙ ව(යි)ල්(ඩ්) ටුවර් එක දැම්මා. ලිබර්ටියෙන් ඇවටර් බලල කොල්ලුපිටිය හන්දියෙ ඉඳන් ගාළු පාර දිගේ ටික දුරක් පයින් ඇවිත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව පාස් කරනකල්ම කානිවල් කියල මම හිතාගෙන හිටපු පරිසරයක් තිබුණෙ නෑ. ඒ වුණාට ඒතනින්ම මාවත් ඇදගෙන ඇතුලට වෙන්න (ලොකු Car park එකක් එක්ක) තියෙන ටොප් තැනකට මාව අරන් ගියානෙ අනේ මෙයා.

මේක නියම තත්ත්වයේ තැනක්. ඉඩකඩ හොඳට තියෙනවා. කට්ටියත් යහමින් ඉන්නවා. හැබැයි තියෙන්නෙ නා නා ප්‍රකාර අයිස් ක්‍රීම් විතරයි. මෙනු එකකින් අපට ඕන කරන එක තෝරගන්න පුළුවන්. ඇත්තම කියනවනම් ඩොටේ මම මෙතුවක් කාලෙකට අයිස් ක්‍රීම් කියල කාල තිබුණෙ කප් වල නැත්තං ලීටර් ගණං දෙන ඒව ඔය මගුල් ගෙවල් මල ගෙවල් පාටි වගේ සෙට් වුණාම තමයි. රෙස්ටුරන්ට් එකකින් ලන්ච් ගන්නව වගේ අයිස් ක්‍රීම් කන්න විතරක් වෙන් වුණ තැනක් තිබීම සහ තෝරගන්න තිබුණ විවිධත්වය නිසා මම ටිකක් පුදුමත් වුණා.

මට ඒ තේරීම් ගැන අවබෝධයක් නොතිබුණ නිසා පෙම්බරී (හිටපු ගමන් ගෙම්බරී) හොයල හොයල කටටයි පොකට් එකටයි දෙකටම හරියන එකක් තෝරගත්තා. ඒ වුණත් ඒක කද්දි තමයි තේරුණෙ ඒ ප්‍රමාණය සෑහෙන්න වැඩියි වගේ කියල. සාමාන්‍යයෙන් මම නම් බත් කනව වගේ අයිස් ක්‍රීම් කන්නෙ නැති වුණාට එතන හිටපු බොහොම දෙනෙක් එහෙම තමයි කෑවේ. ඒ වුණාට ඉතිරි කලේ නම් නෑ. හිමීට හිමීට දෙන්නම ඔක්කොම කෑව.

ඔන්න ඕකයි කානිවල් අයිස් ක්‍රීම් පිළිබඳ මගේ අත්දැකීම. මෙතන හරියට නිරීක්ෂණය කරන්න නම් වුණේ නෑ. දැකපු දේවල් අනුවයි මේක ලිව්වෙ. මොනව වුණත් අයිස් ක්‍රීම් කන්න ඕන නම් ගිහින් බලන්න වටින තැනක්.


මැප් එකේ තැන නෑ. ඒ වුණාට ඔය NSB එක ගාවමයි තැන. හොයාගන්න අමාරු නෑ. තවත් පැහැදිලිව ඕන නම් මෙතනට යන්නකෝ.

18 Response to " කානිවල් අයිස් කිරිං පාල ;-) "

  1. Said,

    මේකේ සේරමත් හොඳයි ගාන තමා ටිකක් වැඩි. මන් නම් දෙතුන් පාරකට වඩා ඔතනින් අයිස්ක්‍රීම් කාල නැහැ. ඒක නිසා කාල තියෙන්නේ ජාති දෙකක් විතර වගේ තමා. ඔතන ඉස්සරහ තියෙන Indu Ceylon (නම හරිද මන්දා)එකෙන් දවල්ට කාල අතුරු පස කන්න ඕකට එන්නත් පුළුවන්

     

  2. Machan Said,

    එල එල....ගාන නම් ටිකක් වැඩී තමයි ..ඒත් ඉතින් ගාන වගෙද මේකෙ රස.ජාති ගොඩක් තියන නිසා පට්ට..:)

     

  3. Naliya Said,

    මම අන්තිමටම ඔතනින් අයිස්කිරිං කැවේ 2005(ගෙදරින් යැපුන කාලේ),එකම එක සැරයයි.කොල්ලුපිටිය wisdom එකේ class යන කාලේ,අයිස්ක්‍රීම් නම් නියමයි.වට පිටාව 5 Star Hotel එකක් වගේ,හැබැයි මචෝ එක අයික්‍රීම් කප් එකක ගානෙන් Elephant House අයිස්කිරිං ගැලුමක් කන්න තිබුනා.

    දැනටත් ඒ සෙට් එකෙ යාලුවෙක් හම්බනොත් ඔය අයිස්කිරිං සීන් එක තමයි මතක් කරන්නේ.මොකද? දවල්ට හොදට Indu Ceylon තොසේ සහ වඩේ පරාක් දාලා කොක් එකක් බීලා,..බටයකුත් ගහලා ආතල් එකෙ එන්න තිබුන සල්ලි මේ අයිස්කිරිමක් විතරක් කාලා දවසම Class එකේ ඉන්න වුන එක ගැන.

    අපි සෙට් එක පොරවල් වගේ අතුලට ගිහින් අයිස්ක්‍රීම් වල ගන්න ඇහුව විතරයි කට්ටියම මූණට මූණ බලා ගත්තා,නොන්ඩිය වහගන්නත් එක්ක දවල්ට කන්න තිබුන සල්ලි දාලා කර්නිවල් අයිස්කිරිං කැවා,කාලා අවිත් ඔකට යන්න යොජනාව කරපු එකාව කැවේ නැති ටික විතරයි.ඒ කාලේ මතක් වෙනකොටත් ආතල්.

     

  4. මම නම් කානිවල් එකට නිතරම යනව.මාසෙකට දවසක්, දෙකක් අනිවාර්යෙන්ම දවල් කෑවට පස්සෙ ඔතනට යනව යාලුවොත් එක්ක.

    තව දෙයක් කියන්න ඕනෙ.කානිවල් එක අයිති මුස්ලිම් කොන්ග්‍රස් එකේ නායක රවුෆ් හකීම් මහත්තයටයි.මීට අවුරුදු පහ, හයකට කලින් කුමාරි කියල කෙනෙක් ගිනි තියාගෙන මැරුනෙත් කානිවල් එක ඉස්සරහම තමයි.ඉස්සර නම් රවුෆ් හකීම් හිටියෙත් කානිවල් එක පිටි පස්සෙ ගෙදරමයි.දැන් නම් එතන ඉන්නවද දන්නෙ නැහැ.

     

  5. මමත් මේකට දෙතුන් වතාවක් ගිහිල්ල තියනවා. ගාන ටිකක් සැර උනාට ජෝඩුවකට ගිහිල්ල අඩ අඳුරේ අයිස් ක්‍රීම් එකක් තොලගගා චැට් එකක් දාන්න කියාපු තැන. මමත් ගිය දෙතුන් පාරම ගියේ මගේ බාරි (ඒ දවස් වල වෙන්න බාරි) එක්ක තමයි.

     

  6. sanjeew Said,

    මේකෙ බඩුනම් නියමයි, මාත් දවසක් දෙකක් විතර උපන්දින සාදවලට යාලුවො මරාගන්න ඔතනට ගිහිල්ල තියෙනව හැබැයි ඒ ඉතින් 2005 විතර තමයි, ලගකදිනම් යන්න බැරි උනා

     

  7. Dar[K] Said,

    හප්පච්චියේ කොලඹ ඉදලත් මේක දැනන් හිටියේ නෑ | හැබැයි පොඩි දුකක් තියේ මේක කලින් දාපු එක ගැන මාර්තු පහුවෙනකන් ඉන්නෙ නැතුව දැන් ඇපිට් එකෙ ඉන්න මල පෙරෙතයො ටික එක්කන් යන්න වෙයිද දන්නේ නැ මගේ උපන්දිනේ දවසේ !!!!

     

  8. මම ත් මේකට පස්පාරක් විතර ගිහින් තියනවා.. මම ‍ඉතිං බත් නොකා අයිස්ක්‍රීම් කන්න කැමති මනුස්සයා හින්දා ගාන කෙසේ වෙතත් අයිස්ක්‍රීම් වලට නම් මම කැමති නිසා යනවා...

    මේ විදියට අයිස්ක්‍රීම් ගන්න පුළුවන් තව තැනක් විදියට මම දන්න තැනකට තියෙන්නේ එම්සී එකේ ෆුඩ්කොට් එකේ තියන එලිෆන්ට් හවුස් ශොප් එක විතරයි.. එතනින් අපි කැමති විදියට අයිස්ක්‍රීම් ගන්න පුළුවන්.. මම හිතන්නේ රූට්ස් වලත් පුළුවන් හැබැයි ෂුවර් නෑ..

    ඔතන තියන විවිධ වර්ග ටේස්ට් කරලා බලන්න ආස උනත් ගාණ සැර නිසා අප්සැට් රසක් තියන අයිස්ක්‍රීම් හම්බ උනොත් කරන්න දෙයක් නැති නිසා ඒ රිස්ක් එක ගන්නේ නැතුව දන්න කියන වැනිලා චොක්ලට් අනම් මනම් තියන දේවල් තමයි මම නම් ට්‍රයි කරන්නේ.

     

  9. Anonymous Said,

    mama nam gihilla na thama..hebei menu eka gena thawa tikak wisthara damma nam apitath ready welama yanna thibuna...:P

     

  10. h Said,

    මේකෙ ගණන් වැඩියි කියල නම් මම හිතන්නෙ නෑ. ලැබෙන අයිස් ක්‍රීම් එකේ රසය සහ ප්‍රමාණය එක්ක බැලුවම ගාණ සාධාරණයි. හැබැයි ඉතිං මට මතක විධියට තිබුණ අඩුම එකේ ගාණ රුපියල් 210යි.

     

  11. අනේ අපේ මලී මැඩම් ඔයාට බලෙන් අයිස්ක්‍රීම් කවලා නේද? පවු අපේ හරේ බෝයි.

    මමත් ඉස්සෙල්ලම රස්සාවක් විදියට කලේ ස්කෝලෙ යන කාලේ අයිස්ක්‍රීම් කඩේක වැඩ කරපු එක. ඒ දවස් වල ඉතින් මම වැඩ දාල ඔක්කෝම රහස් ටික හොයාගෙන රස අයිස්ක්‍රීම් හැදුවාත් එක්ක. පුදුම ලස්සන කාලයක්. ඒ කාලෙ මගේ බොහොමයක් යාළුවෝ මාව බලන්න එන්නෙත් මම වැඩකරපු තැනට. හිතා ගන්න පුළුවන් නේ රහස.
    මම නම් ඉතින් වැඩියම අයිස්ක්‍රීම් වලට ආස නෑ.ඒත් පිස්ටාශියෝ, කෙසෙල් , පොල්, හේසල්නට් තමයි කැවත් කන්නේ. දන්න තරමින් ලංකාවේ දූරියන් අයිස්ක්‍රීම් රසයිලු. මේ පාර ඇවිත් ඒව කන්න ඉන්නවා. Oයාල ඒක ටේස්ට් කලේ නැද්ද?

     

  12. MaJee Said,

    ම්ම්ම් අයිස්ක්‍රීම් කියන්නෙ මගේ ප්‍රියතම "ආහාරයක්". අපේ ආච්චි ඉන්න කාලෙ ආච්චිත් ආසයි. ආච්චි යෝගට් කන්නැහැ කිරි රහයි කියල ඒත් අයිස්ක්‍රීම් කනව:-D ඒත් දෙකම හදන්නෙ කිරි වලින්;-) චොක්ලට් එකට ඉක්මනින් බඩ පිරෙනවා. වැනිලා එකනම් බඩපිරෙන්න ලීටරයක්වත් කන්න වෙයි. පැණි කජු එකත් වැඩිය කන්න බෑ මත්වෙනව. ඔය කර්තකොළොම්බන් එක කනවට වඩා හොඳයි කර්තකොළොම්බන් ගෙඩියක් වෙනම අරන් තීරු කපල වැනිලා අයිස්ක්‍රීම් එකේ ඔබාගෙන කනව ම්ම්ම්ම්... හ්ම්ම්ම් ඔය "කාර්නිවල් අයිස්ක්‍රීම් පාලර්" එකේ රුපියල් 210 කට අයිස්ක්‍රීම් මිලිලීටර් 500ක් වත් දෙන්නැත්නම් වැඩක් නෑ. එහෙම බලද්දි එලිෆන්ට් හවුස් හරි කාර්ගිල්ස් හරි එකකින් තමන් කැමති ටේස්ට් එකකින් හොඳට අයිස්ක්‍රීම් කන්න පුළුවන්. හැබැයි ඔතන අයිස්ක්‍රීම් එකට වඩා වැඩි යමකුත් විඳගන්න පුළුවන්නෙ. ඒකයි විශේෂත්වය. ඒත් ඉතින් ඕව ඔක්කොම තියෙන්නෙ ඉතින් කොළොම්පුරේනෙ අප්පා :-( ම්ම්ම්ම් මං දූරියන් නම් කාල තියනවා. බූරු කියන්නා වගේ ඒව අයිස්ක්‍රීම් වගේ තමයි. ඒත් සමහරු ඒවට ආස නෑ. ඒවයෙ සුවඳ ගඳක් වගේ සමහරුන්ට දැනෙන්නෙ. ඒ වුනාට පුදුම රහක් තියෙන්නෙ.

     

  13. Anonymous Said,

    Mahtwaruni,

    Oya Carnival eke Ice Cream ulakanne natuwa eka parak try karala balanna "Mars Ice Cream". Meka podi cylinder type paper pack ekaka enne 300ml, 500ml walin tama tiyenne. Cargills, Keels Super wala tiyenawa. Mama baya natuwa kiyanawa me tamayi one of the world best Ice Cream kiyala. Try and comment!

    Upasanta.

     

  14. h Said,

    @ බූ - හි හි... හෙන කාලයක් කියෙව්වා ඕකට යං කියලා. දැන් යාන්තං මං නිදහස්. දුරියන් මම ට්‍රයි කලා වතාවක්. ඒ වුණාය හරි ගියෙ නෑ සුවඳ වැඩි නිසා. ආයෙ කන්න හිතාගෙන ඉන්නවා.

    @ ම.ජී. - මෙතන ගන්න තියෙන්නෙ තනි අයිස් ක්‍රීම් වර්ගයක්මත් නෙවෙයි. එක මෙනු අයිටම් එකක් කියන්නෙ වර්ග කීපයක අයිස් ක්‍රීම් කලෙක්ෂන් එකක්. මම නම් කලින් ඒව දැකල තිබුණෙ පින්තූර වල විතරයි. උදාහරණයක් විධියට අපි කාපු වර්ගයෙ තිබුණා යටින්ම කේක් ලේයර් එකක්. ඊට පස්සෙ චොක්ලට් සහ වැනිලා අයිස් ක්‍රීම්. ඊටත් උඩින් තවත් ක්‍රීම් ‍ෆ්ලේවර් එකක්. ඒකෙ නම මතක නෑ. ඒකෙ ගහල තිබුණ බිස්කට් කූරක් සහ චෙරි ගෙඩියක්. සේරම මි.ලී. 500ට නම් වැඩියි.

    @ Upasanta - බලමු උත්සාහ කරලා...

     

  15. poppy Said,

    මමත් එක පාරයි ඔතනට ගිහින් තියෙන්නෙ.2006අග හරියෙ මතක විදියට.අපේ අයියයි අක්කයි බඳින්න කලින් ඒ දෙන්න එක්ක.ගනම් නම් click උනේ නෑ,ගෙව්වෙ අයියා.හැබැයි ආයෙ එතනින් කන එක එපා උනා.චොක්ලට් අයිස් ක්‍රීම්,අයිය ඇහුවා පැණියි කජුයිත් දාන්න කියන්නද?කියලා.එලිෆන්ට් හවුස් 'කප්'එක මතක් වෙලා මමත් හා කිව්වා.කොත ගහල දුන්න අයිස් ක්‍රීම් එකෙන් හැන්දක් නහයට ලං වෙනකොටමයි මට තේරුනේ,පැණි-මී පැණි බව.මම අකමැතිම දෙයක්.මොනව කරන්නද.මී පැණි රස නැතුව චොක්ලට් රස අරමුණ කරගෙන කෑවා.

     

  16. Jay Said,

    මම නම් නිතරම ගිය තැනක්. (සතියකට සැරයක් වත්)
    හොඳ අතීත මතකයකුත් නැත්තේ නැහැ. ඒ මතකය එච්චරම සුන්දර නොවන නිසා දැන් මේ ස්පොට් එකට යනවා අඩුයි.
    :D

     

  17. කාර්නිවල් මරු තැන... ඒ එක්කම ට්‍රයි කරලා බලන්න බම්බලපිටියේ IL Gelato... නියම ඉටැලියන් අයිස් කිරිම්...

     

  18. Anonymous Said,

    I have been here many years ago. Good to see its still around. Funny and endearing blogs. Pembaree, smaharawita gembaree. :)

    Renuka

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!