ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

කෑමට බීමට ආගිය තැන්

Posted by On Monday, February 01, 2010
මන් මේ කියන්න යන්නේ කොළඹ නගරේ තියෙන්න කෑම කෙසේ වෙතත් බීමට මන් ආ ගිය තැන් ගැන.

මන් ගිහින් තියෙන තැන් වලින් වැඩියෙන්ම ආස තැන තමයි SSC එක. SSC එකේ කෑමත් හොඳ තත්වයේ තියෙනවා අනික බීම වල උනත් මිල ගනන් සාපේක්ෂව අඩුයි. එකම ගැටළුව SSC යන්න පුළුවන් සාමාජිකයන්ට පමනයි. එහෙම නැත්නම් අපි යන්න ඕනේ සාමාජිකයෙක් එක්ක. SSC එකේදි බයිට් එකට කාපු Hot Buttered Cuttlefish  තමා මන් පිටදි කාපු රසම බයිට් එක. SSC එකේ සේවය කරන මහතුන්ගෙන් ලැබෙන සේවයත් සෑහෙන්න සතුටුදායකයි.


ඊලඟට කැමති තැනක් තමා නවම් මාවතේ තියෙන  White Horse එක සමහර අය White House කිව්වත් ඒක White Horse . මෙතන නම් ගනන් ටිකක් වැඩියි හැබැයි ගොඩක් සෙනග ගැවසෙන තැනක්. ටිකක් කලින් නොගියොත් ඉඳගන්න තැනක් හොයා ගන්නත් ටිකක් අමාරුයි වගේ. මෙකෙ ඇතුලේ වට පිටාව නම් බොන්න හිතෙන විදිහේ එකක්.

තුන් වෙනියට මන් ප්‍රියකරන තැන තමා ගල්කිස්සේ තියෙන ලයන් පබ් එක. මෙතන රෑට නම් ගොඩක් හොඳයි. දවල්ට නම් එච්චර සෙනග නැහැ ඒත් රෑට ටිකක් සෙනග ඉන්නවා. කෑමත් හොඳයි. මිල ගනනුත් එච්චරම වැඩියක් නැහැ. සේවය ගැන නම් එච්චරම කියන්න තරම් විශේෂයක් නැහැ. ඒත් දවසක් මගේ මිත්‍රයෙකුටනම් බෝතලයක් ඉල්ලුවම කඩපු බෝතලයක් දීලා එහෙම පොඩි පොඩි ගැටළු වෙලා තියෙනවා.

කොල්ලුපිටියේ Crescat එකෙත් එක කඩේක විතරක් බියර් විකුනන්න තියෙනවා. ඉස්සරනම් එකේ Three Coins බියර් අලෙවිහලක් තිබ්බත් දැන් නම් ඒක නැහැ. Excel World එකේ Keg Bar and Pub එකේ බීම නම් තියෙනවා ඒත් එතනින් කාපු කෑම නම් මෙලෝ රසක් නැහැ ඒක නිසා ඒකෙන් බීලා එලියෙන් මොනා හරි කන එක තමා හොඳ. වැල්ලවත්තේ බීච් වාඩියත් ටිකක් හොඳයි. කෑම නම් එච්චරම වැදුනේ නැහැ. සති අන්තේ දවල් වෙලාවටත් ටිකක් සෙනග ඉන්නවා.



මේ ඇරුනම් ගල්කිස්සේ බීච් එකේ තැනක හැන්දෑවට සෙට් වෙලා තියෙනවා ඒත් තැන හරියටම කියන්න මතක නැහැ එතනත් වරදක් නැහැ. බම්බලපිටිය හන්දියේ උඩ තට්ටුවක තිබ්බ කඩයක බියර් එකක් බොන්න පුළුවන් කම තිබ්බා දැන්නම් ඒක තියෙනවද මන්දා. එතන නම් කෑමත් රසයි.

ඉස්කොලේ යන කාලේ ගියපු තැන තමා නුගේගොඩ හන්දියේ තියෙන ඩොමීනියන් එක. ඒ කාලේ නම් සිරා වගේ පෙනුනට දැන් නම් එච්චර ගතියක් නැහැ. ඒත් අමාරුවෙන් පන්ති සල්ලි එකතුකරල ඒකට ගිහින් බීපු මතකයන් නම් කියලා වැඩක් නැහැ.

මන් මේ කිව්වේ බීමත් සමග කෑමත් තියෙන කොළඹ අවට තියෙන තැන් කීපයක් ගැන. ලඟකදි නම් මන් මේ තැන් වලට ගියේ නැහැ ඒක නිසා වර්ථමානේ තත්වය ගැන නම් මන් කියන්න හරියටම දන්නේ නැහැ.

ඡායාරූපය 1 මෙතනින් 
ඡායාරූපය 2 මෙතනින් 

17 Response to " කෑමට බීමට ආගිය තැන් "

  1. අප්පට සිරි...
    මරණයත් නොගිය තැනක් නෑ වගේ...

    /බිඟුවා...!

     

  2. Naliya Said,

    කොල්ලුපිටියේ Crescat එකේ keels super එකෙන් බීයර් අරගෙන food court එකට වෙලා බොන්න පුලුවන්,හැබැයි කිසි ගතියක් නෑ.තිබහට බොන හැගීමක් තමය් එන්නේ.
    SSC ගොඩාක් හොදයි කියලා අහලා තියනවා.ගිහිල්ලානම් නෑ,සාමජිකයෙක් හොයගෙන ගිහින් බලන්න ඔනේ.
    මමත් කොළඹ ඉදන් පානදුරේ ,වාද්දුව වෙනකම් ගාලු පාරට ආසන්න නා නා ප්‍රකාර තැන් වල සෙට් වෙලා තියනවා,බොන්නම් සිරා පොට් ඕන තරම්.ඒත් බොනකොට හොද බයිට් එකක් තියන තැන් නම් 2ක් විතර තියෙන්නේ.දෙහිවල එකේ ලැනිස් පොට් එක තමයි හොද තැනකට කියලා තියෙන්නේ.බීලා බීලා පිස්සු කෙලලා හොද ආතල් එකක් ගන්න පුලුවන් තැනක්ක්ක්,
    බීලා උපරිම ආතල් ගන්න පුලුවන් තැන්ක් වගෙම බයිට් එකත් හොද තැන් තියනවනම් කියපන්කො...පින් අතේ වැඩක්

     

  3. ඔය වැඩේට මගේ ගෙදර තරම් ෆිට් තැනක් මට තාම සෙට් වෙලා නෑ,..! ඇත්තමයි!

     

  4. Anonymous Said,

    මචන් ප්‍රශ්න දෙකක් තියනවා උඹෙන් අහන්න.
    1 Burger King එක තියන තැන හරියටම කියපන්. Nippon එක ඉස්සර්හද?
    2 මට ආරංචි උනා ගල්කිස්ස බිච් එක පැත්තේ BYOB ප්ලේස් එකක් තියනවා කියලා. පොර බිච් එකේ පුටු ටිකක් දාලා සෙට් කරලා දෙනවලු. අපිට බෝතල් පිටින් ගෙනත් කෑම සහ බයිට් පොරගෙන් ගන්න පුලුවන් කියලා. දන්නවද තැන?

     

  5. Naliya Said,

    @Anonymous
    1.burger's King ගැන දැන් සටහනක් ලියන්න ආවේ පින්තූර ටිකකුත් අරගෙන "ම" ගේ සටහන දැක්කම පස්සෙ ලියන්න හිතුනා.හෙට අනිද්දට වගෙ ලියන්නම් විස්තර ඔක්කොම දාල.අවුලක් නෑනේ?
    2.
    බිච් එකේ පුටු ටිකක් දාලා සෙට් කරලා දෙන පොට් 1ක් නෙමෙයි මචෝ පහ හයක් තියනව බීච් එක දිගටම , අන්තිමට ගියේ මාස 6කට විතර ඉස්සල්ලා රු:200/= ගන්නවා වැඩේට,ෆිට් වුනම පොඩි බයිට් එකකුත් දාගන්න පුලුවන්.
    ගල්කිස්ස මහා හෝටලය ලගින් බීච් එකට ඇවිත් කොළඹ පැත්තට 50M විතර යනකොට දිගටම තියනවා .බීච් එකට අවිත් එන්න පොරකගෙන් අහල බලපන් කියයි ඔන තරම්

     

  6. Naliya Said,

    @malee_msg
    අපි එච්චර වාසවන්ත නැතුව අති! ගෙදර පුවන්නම් ආතල් එකේ කලා බීල වැඩි වුනාම වැටිලා ඉන්න
    මම දැනට හොදම Fun එක අරන් තියෙන්නේ පානදුර බේච් එකෙ.අවශ්‍ය බොතල් ටිකයි,බයිට් ටිකය් ගෙනල්ලා කැමති විදියට සෙට් වෙලා Full Fun එකක් අරන් යන්න පුලුවන්

     

  7. ඇයි මචන් බත්තරමුල්ලේ පාලම් තුන හංදියෙත් නියම පොට් එකක් තියෙනවා ......!! :)

     

  8. Said,

    Burger King ගැන මේවායේත් තියෙනවා.

    http://lankareviewed.blogspot.com/2008/09/chicken-shawarma-on-malay-st-mr-burger.html

    http://indi.ca/2009/12/photos-burgers-king-barbie-rubix-cube/

    http://www.nation.lk/2009/11/08/eyefea5.htm.
    කොම්පඤ්ඤවීදියේ හංදියේ ඉඳලා ස්ටේෂන් එක පැත්තට යනකොට දකුණට තියෙන පාර පටන් ගන්න තැනම තියෙන්නේ

    මලී මාත් කැමතිම තැන තමා ගෙදර. කිසි බයක් නැතුව ඇති වෙනකම් බොන්න පුළුවන්. වැටුනත් ගෙදරනේ.

    බත්තරමුල්ල පැත්තේ සෙට් වෙලාම නැහැ බන් Uraj. ඔය ඇරුනම මන් ගම්පහ තැන දෙක තුනකට ගිහින් තියෙනවා එච්චර තමා.

     

  9. Said,

    එහෙම්ම එකක් නැහැ බිඟු මචං. මේ අවුරුදු 10 ක් විතර කාලයක් ඇතුලත ගොඩ වැදුනු තැන් පහක් හයක්

     

  10. MaJee Said,

    මරණේ..... මරණේ..... කෑම බීම ගැන රසවත්ව ලියනවනෙ. මරණය කෑමේ බීමේ උපරිම ආශ්වාදය විඳින හැඩයි.

     

  11. නුගේගොඩ ඩොමීනියන් එක නරක නෑ.. ඒ කිට්ටුව අවුට්ඩෝර් බොන්න පුලුවන් තැනකට තියෙන්නෙ ඒක තමයි..... තව මහරගම පැත්තට මීටර් 200 විතර යනකොට තියෙන බාර් එක නම් චා... යන්න එපා.. නාරාහෙන්පිට ඇපලෝ එකේ ඉඳලා හයිලෙවල් එක පැත්තට යන කොට එයාටෙල් එක කිට්ටුව තියෙනව එකක්...ලෝ බජට් බොන අපි වගේ අයට උපරිම සර්විස් දෙන තැනක්

     

  12. ඇයි දෙහිවල ස්ටේෂන්ස් එක. විලියම්ස් හංදියෙ ඉඳල මූද පැත්තට තියෙන පාර. භූ විද්‍යා සහ පතල් සමීක්ෂණ කාර්යාලය ලඟ පාර. අනිවාර්යයෙන්ම යන්න,නියම තැන.

    තව රාජගිරියෙ ස්පෑල්ෂ් එක, බියර් බොන්න මරු. රාජගිරිය ටවුම පාස් කරල පාර්ලිමේන්තුව පැත්තට යනකොට පාරෙ වම් අත පැත්තෙ. හැදැල්ලො බයිට් එකක් තියෙනවා. මරු.

     

  13. ඇයි EAP එක බොරැල්ලෙ. හොද බයිට් තියෙනවා. හතු බයිටි එකක් තියෙනවා මරු. තව කඩල කොත්තු බයිට් එකක් තියෙනවා.

     

  14. Said,

    විජයබාහු කියපුතැන ගැන නම් මන් දන්නේ නැහැ මචන්.

    දෙහිවල ස්ටේෂන්ස් කියන එක ගැන නම් අහලා තියෙනවා ඒත් ගිහින් නැහැ. එතන පොඩ්ඩක් අර ඇලේ සුවඳ එනවා කිව්වා. අනික් තැන් දෙකට නම් ගිහින් නැහැනේ.

    හැබැයි කට්ටිය දන්න දන්න තැන් ගැන කියන එක නම් මරු එතකොට ආයි ඕනේ වෙච්ච වෙලාවක ලඟම තියෙන හොඳම තැනට ගියෑකි

     

  15. තව කටුබැද්ද හංදිය පාස් කරල මොරටුව පැත්තට යනකොට දකුණු අත පැත්තෙ තියෙනවා country club කියල එකක්. මරු

    පානදුරේ ගංගාධාරේ ත් එල

     

  16. aone Said,

    This comment has been removed by the author.

     


Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!