පොට් එකක් දෙකක් දැනටත් ලියා දාලා තියෙනවා
මත්තටත් තවත් කියනට හිතේ ඇඳීලා
කොත්තු හට් එකෙයි කාලය ගත වෙන්නේ
එවුනත් මුචා කියා මා කවුරුත් අමතන්නේ
අද කියන්න යන්නේ පොට් දෙකක් ගැන.එකකින් ප්‍රධාන ආහාර වේල අනිත් එකෙන් සුළු ආහාර වේල්.ඔන්න මුලින්ම කියමුකෝ ප්‍රධාන ආහාර වේල.
ප්‍රධාන ආහාර වේල අපි කවුරුත් හඳුන්වන විදිහට සයිවර්.වෙජිටේරියන් ඩයල් වලට කියාපු පොට් එක.නම Chennai Vegetarian Restaurant.තියෙන්නේ කවුරුත් දන්න කියන වැල්ලවත්තේ ශක්ති ටියුෂන් ක්ලාස් එකෙන් මෙහා පැත්තේ තියෙන වැල්ලවත්තේ කෝවිලේ එහා පැත්තේ.වැල්ලවත්ත කෝවිලේ ප්‍රධාන ඇතුල්වීම තියෙන්නේ ඉස්සරහින් නෙමෙයි; පැත්තකින්.ඒකියන්නේ වෙනම පාරකින්.ඒ පාර එහා පැත්තේ තමයි මේ කියන තැන තියෙන්නේ.ගනං මිනුං ඒ කඩේ හැටියට හුඟක්ම ලාබයි.අපි සාමාන්‍යයෙන් රුපියල් 30/= කට වඩයක් කෑවටමෙතන හතලිහයි.හරිම රහයි, නෝමල් එකට වඩා උණුයි, ඒවෙලාවේ හදපුවා තමයි දෙන්නේ.ඒක නිසා ටිකක් වෙලා ඉන්නනං වෙනවා.තෝසේ එකක් 70/= යි.තියෙන්නේ නියමම පේපර් තෝසේ එකක්.මාරම රහයි.ඇඩි දුර විස්තර තව පාරක් කාලා ඇවිල්ලම කියන්නං.අනිත් එක අපි හුඟක් වෙලාවට කන කට්ටක් තමයි තෝසේ රහ දාට, හොදි රහ නැති එකයි.ඒකෙම අනිත් පැත්තයි.හැබැයි මෙතනනං එහෙම නෑ.දෙකම මාර ගතියට තියෙනවා.ඒ වගේම හරිම පිළිවෙලයි.ගෙදර ගෙනිහින් කනවානං නිකම්ම බෑග් වල දාලා දෙන්නේ නෑ.වෙනමම භාජන වල දාලා පිළිවෙලට දෙනවා.තවත් දෙයක් කියනවනංවාහනේකින් ගිහින් ගන්නවනං කඩේ ඇතුලේ රස්ති වෙන්න ඕන නෑ;ඕනම ටයිම් එහෙක කට්ටිය අපිට සලකන්න ෆුල් රේඩී.
ඔන්න දෙවනි එක මගේ ආදි කාලේ ඉඳන් ප්‍රියතම තැනක් වෙච්ච Family Baker Cool Corner.මේක තියෙන්නේ ගල්කිස්සේ.ගල්කිස්සේ කොමර්ෂල් බැංකුව ඉස්සරහින් බැහැලා ටිකක් කොළඹ පැත්තට එනකොට, එහෙමත් නැත්තං ගල්කිස්සේ ඕඩියන් ෆිල්ම් හෝල් එක ඉස්සරහින් බැහැලා ගාල්ල පැත්තට යනකොට (Star Dogs, Queens Cafe එහෙමත් පහු වෙනවා) තමයි පොට් එක තියෙන්නේ.හරියටම කිව්වොත් Lion Restaurant එක ඉස්සරහා.තැන නියමයි, පිරිසිදුයි, ගාන එහෙමත් පොකට් එකට හොඳයි.තියෙනවා ඕන ජාතියක්.Family Baker එකෙන් අලුත්ම ජාති වල Short eats වර්ග, Soup වර්ග, Noodles ඕන එකක්.Cool Corner එකෙන් Fruit Drinks සහ තවත් බීම ජාති සමග අයිස් ක්‍රීම්.බීම ජාති විදිහට Fruit Drinks ඇරුනම Faluda, Milk Shake ඕන එකක ගාන 130/= විතර.120/= ටත් තියෙනවා මොනවද මන්දා.Ice Cream ජාති නං විශේෂයි.සාම්ප්‍රදායික Vanilla, Chocolate, Strawberry, Fruit and Nut වගේ අයිස්ක්‍රීම් එකක් රුපියල් 50/=ක් 60/= විතර වෙන්නේ Topin එකකුත් එක්කම.Chocolate, Vanilla සහ කජු එකට තියෙන Triple Ice Cream එකට.ඒක 70/=.ඊට පස්සේ තියෙනවා වෙන වෙන ජාති.ඒ කිව්වේ ඒ ගොල්ලෝ එතන හදලා දෙන Ice Cream කොක්ටේල්ස් වගේ. Family Fruity, Grapes, Banana,Family Magic වගේ ජාති ගොඩක්.ඒවත් වෙන්නේ 130/=ක් 150/=ක් අතර ගානක්.ඔය ඔක්කොම ජාති හොඳයි.එහෙනං ඉතිං ගිහිල්ලා කාලා එන එකයි තියෙන්නේ!
මෙය මා වරක් පල කල ලිපියකි.එනමුදු එය වඩාත්ම ගැලපෙන්නේ මෙම බ්ලොගයට බැවින් මා එය මෙහි පලකරමි.පලමු වර කියවූ අය සමාව දෙන සේක්වා!

මගේ මරණය සහෝදරයට බීම වගේ,කෑම කියන්නේ මගේ ජීවිතයේ මාව ජීවත් කරවන ප්‍රධාන සාධක වලින් එකක්.ඉතිං කතාව පටන් ගමු.

මගේ මරණය සහෝදරයට බීම වගේ,කෑම කියන්නේ මගේ ජීවිතයේ මාව ජීවත් කරවන ප්‍රධාන සාධක වලින් එකක්.ඉතිං කතාව පටන් ගමු.
මුලින්ම ප්‍රධාන ආහාරය වෙච්ච බත් වලින් පටන් ගමු.සමහරු බිරියානි කියලා කිව්වට හැමෝගෙම ව්‍යවහාරයේ බුරියානි කියන්නේ මගේ ආසම කෑමක්.බුරියානි කන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි බුහාරි එක.බුහාරියෙන් බුරියානියක් නොකාපු කටක් හුඹස් කටක්.වැල්ලවත්තේ MARZ එකත් උපරිම විදිහ බුරියානියක් දෙනවා.ඒක තියෙන්නේ ඩෙල්මන් ඉස්පිරිතාලේ ඉස්සරහා.පීසා මඩුව හඳුන්වලා දීපු බිරිස්සාවත් හොඳ මට්ටමක තිබ්බට බුහාරියට ගහන්න බෑ.කෙන්ටකි මාමගෙ කඩේ නං ගන්න දෙයක් නෑ බුරියානි වල.ඕගොල්ලෝ ඔරිජිනල් බුරියානි රසවිඳින්න ආසානං එක තැනක් තියෙනවා.ගල්කිස්සේ හන්දියේ උසස් බාලිකාව ඉදිරිපිට.කඩේ නම නං මතක නෑ.ඒත් අපිට පුරුදු බුරියානි වලට වඩා ගොඩාක් වෙනස් ඒක.මෙලෝ රහක් නෑ.කෙහෙල් කොලේ ඔතපු බත,එහෙමත් නැත්තං ලම්ප්‍රයිස් කන්න නං කියාපු තැන තමයි බම්බලපිටියේ Sapid එක.ඔය ෆ්‍රයිඩ් රයිස්ම සමහරු නානාප්‍රකාර නං වලින් දෙනවනේ.Naasi Goreng Rice එකත් එහෙම තමයි.හැබැයි මාර රහයි.මම අහලා තියෙනවා නියම Naasi Goreng රහ තියෙන කඩයක් තියෙනවාලු පැපිලියානේ.ඕගොල්ලෝ වෙජිටේරියන් නං වෙජි බුරියානි තියෙනවා සරස්වතී ලොජ් එකේ බම්බලපිටියේ.පහසු මිලකට උපරිම රහක්.ඒකේ කඩල කරි එක දෙන්නේ බදාදට විතරලු.ඒක හින්දා බදාදට ගිහින් බලන්න.හැබැයි ඒ ඉස්සර;දැන් කොහොමද දන්නේ නෑ.එහෙමත් නැත්තං Queens Cafe එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න.උපරිම රහක් විඳින්න පුළුවන්.සද්ද බද්ද නැතුව,A/C එකේ වාඩි වෙලා,සුහද ශීලී සේවය මැද්දේ කෑමට 10%ක් ස'විස් චාජ් ගන්න බවත් මතක තියාගන්න හොඳේ.මම මේ කියලා තියෙන කඩ වලින් අඩුත් නැති වැඩිත් නැති මුදලකට උපරිම කොලිටියකින් ඕගොලොන්ට බත් ජාති කන්න පුළුවන්.බත් ගැන මෙතනින් නවත්තමු නේ.
ඕන්න ඊලඟ මාතෘකාව මස්.ලංකාවේ මිනිස්සු කන මස් ජාති එච්චරම නැති උනත් ඔය කොයිකත් කාලා බලන එක හොඳයි.මම දැනට මස් ජාති හතක් කාලා තියෙනවා.ඒවායින් ජාති තුනක් එක පාරයි මම කාලා තියෙන්නේ.එහෙම එක පාරක් කාලා තියෙන්නේ රහ බලන්න විතරයි.විඳින්න නෙමෙයි.අශ්ව මස් නං මෙලෝ රහක් නෑ.ඒකනං ඉතාලි කෑමක්.හා මස් නං ෂේප්.රහම මස් ජාතිය තමයි දඩ මස්.ඒක කන්න හම්බුනේ යාළුවෝ සෙට් එකක් එක්ක ගිය ට්‍රිප් එකකදී.අපිට වස්ගමුව වනෝද්‍යානෙට මාතලේ පැත්තෙන් තියෙන ප්‍රවේශයක දවල් කෑම ලැබුනේ.එතනින් තමයි අපිට මේ ගෝන මස් කන්න ලැබුනේ.මාර රහයි.ඔය දැනට තියෙන මස් ජාති වලින් වැඩකටම නැති මස් ජාතිය තමයි කුකුල් මස්.බාබකියු පාරක් දැම්මොත් හරි,ශවර්මා විදියට හරි ඇරෙන්න චිකන් කියන්නේ මෙලෝ රහක් නැති දෙයක්.පොදුවේ අපි අනුභව කරන රසම මස් ජාතිය තමයි එළු මස්.හරක් මස් සහ ඌරු මස් වල රහ නං තීරණය වෙන්නේ නං උයන කෙනා අනුව.ඔය ජාති දෙක නං මට දැනට තහනං.මම සුරයක් දාලා නේ ඉන්නේ.දැන් තියෙන මීට් බෝල්ස්,සොසේජස් ජාති නං කාලා වැඩක් නෑ.දැන් කිසිම රහක් වත් කොලිටියක් වත් නෑ.කනවමනං ඉතින් ටිකක් ගනන් වැඩි උනත් එලිෆන්ට් හවුස් තමයි.ඒත් දැනට කීල්ස් ලගේ විකුනන බේකන් එහෙමනං හොඳ මට්ටමක තියෙනවා.මස් ජාති ගැනත් කතා කලා ඇති වගේ නේද ?....
ඊට පස්සෙ ඉතිං අපි බොහෝමයකගෙ ප්‍රධාන රාත්‍රී ආහාරය ගැන කතා කරමු.මොනවද මුලින්ම හිතුනේ. . .කොත්තුයි තෝසෙයි නේද ? තෝසේ උපරිම කොලිටියකට කන්න නං ඉතිං දැනට තියෙන්නේ Greenlands තමයි.ඉස්සර කොල්ලුපිටියේ ඉන්ඩෝසිලෝන් එකෙත් හොඳට තිබ්බා.ඒත් දැන් එච්චර හරි නෑ.කොත්තු ජාතිත් ගොඩාක් තියෙනවානේ.හැබැයි ඕවැයින් ජාති ගොඩාක් කාලා වැඩක් නෑ.වෙජි කොත්තු,බිත්තර කොත්තු,මාලු කොත්තු,ඉඳිආප්ප කොත්තු එයින් ප්‍රධානයි.මොකද ඒවා කෑවට දැනෙන්නේ නෑ.චීස් කොත්තු වලනං කොලිටියක් තියෙනවා.ඒවගේම ඕනම කොත්තුවක් ගෙදර ගෙනල්ලා කනවනං නෙස්කැෆේ හෝ මයිලෝ කුඩු ටිකක් උඩින් හලාගෙන කාලා බලන්න.අමුතු රසයක් තියෙනවා.ඒක මම අත්හදාබලපු දෙයක්.හැබැයි වැඩිය දාන්න එපා.පෝඩ්ඩක් දැම්මම ඇතී වගේම සමහර තැන්වල කොත්තු කන්න අප්පිරියා වෙනවනේ.ඒවගේ වෙලාවට ළුුනු පෙත්තක් හරි ඇඹුල් කෙසෙල් ගෙඩියක් හරි එක්ක කාලා බලන්න.නියම රහ දැනෙන්න පටන් ගනීවි.කොත්තු කාලා ස්ප්‍රයිට් බොන්න පුරුදු වෙලා තියෙනවානං ස්ප්‍රයිට් බෝතලේට ලුණු චුට්ටක් දාගෙන බොන්න.කොත්තුවේ රහ දෙගුණ තෙගුණ වෙයි.කොත්තුවල උපරිම රහ තියෙන කඩනං ගොඩාක් නෑ.ඒත් කොටුව ස්ටේෂන් එක ඉස්සරහා මුස්ලිම් කඩේ,බොරලැස්ගමුවේ ෆැමිලි ෆුඩ් කැබින් වගේම ඔය කට්ටිය පොශ් වෙන්න කොත්තු කන පිලාවුස් එකත් හොඳයි.ඒවගේම KFC කොත්තුවෙත් නරකක් නෑ....මදිකම මිසක්.
ඉතිං ඊලඟට කතා කරන්නේ බඩට අඩුවෙනුත්,පොකට් එකට වැඩියෙනුත් දැනෙන කෑම ගැන.මුලින්ම කතා කරමු කට්ටිය පිස්සු හැදීගෙන කන පීසා.පීසා වල වෙනස් වෙනස් ඉමවල් අපි විසින් හොයාගෙන යන එක හොඳයි.ඒ කියන්නේ ආසියාතික මිනිස්සු කැමති ටිකක් දැවිල්ලට තියෙන පීසා හොයාගෙන යන එක..ඔය සාම්ප්‍රදායික බටහිර පීසා රසවිඳින්නේ නැතුවම.ඒ අතින් Dominoz යම් හොඳ මට්ටමක ඉන්නවා වගේම ඒ වෙනකල් වගේම මේ වෙනකලුත් ලංකාවේ පීසා වලට රජ කරං හිටපු පීසා මඩුවේ රෙසිපියෙනුත් පොඩ්ඩක් ඈතට ගිහින් තියෙනවා.එච්චර ජනප්‍රිය නොවුනත් Dominozලගේ මම අළුත් රසයක් අත්වින්දා.එහෙමත් නැත්තං ඉතින් එකෙන් පීසා කන එක තමයි හොඳ.ඊලඟ එක තමයි පිඟන් උඩ එන සබ්මැරීන්.රහයි තමයි.Queens Cafe එකෙන් හරි Dinemore එකෙන් හරි උපරිම රහක් විඳින්න පුළුවන් තමයි.ඒත් සබ්මැරීන් ජාති වල තියෙන චිකන් කිප්ලි නං කන්න එපා.කිසිම වැඩකට නෑ.ඊලඟට කියන බ'ගර් ඇමරිකාවට කොච්චර බඩ පිරෙව්වත් ලංකාවට නං එච්චර නැගලා යන්නේ නෑ.ඒත් මැක්ඩොනල්ඩ්ස්ලගේ බ'ගර් පරාසයම ගොඩාක් රස දෙන ඒවා.ඒත් ලාබෙට රහට බ'ගර් එකක් රසවිඳින්න නං කොම්පඤ්ඤවීදියේ බ'ගර් කිං එකට යන්න.මමත් තාම එතනින් එකපාරක් විතරයි කාලා තියෙන්නේ.ආපහු පාරක් යන්නයි හිතාගෙන ඉන්නේ.
ඊලඟට ඉතින් පොඩි පොඩි කෑම ගැන ලියමු.ඒ කිව්වේ මේ ෂෝට් ඊට්ස්,ඩෙස'ට්ස් සහ ඔය පොඩි පොඩි පැණි රස කෑම ජාති.ෂෝට් ඊට්ස් මම රසටම කාපු කඩේ තමයි කොළඹ Pagoda එක.ලෝක වෙලඳපොලට එහා පැත්තේ පාරේ ඇතුලට යනකොට තමයි Pagoda එක තියෙන්නේ.ඇත්තටම සුද්දගේ විදිහට රහට ශෝට් ඊට්ස් කන්න නං Pagoda යන්නම වෙනවා.එහෙමත් නැත්තං ඒකේ ශාඛාවක් වෙච්ච Green Cabin එකට යන්න ඕනේ.හැබැයි ඒකේනං ඇතුලත එච්චර සමීප බවක් නෑ.ඊලඟට ඉතින් ඩෙස'ට් ජාති.වටලප්පං කියද්දිම මතක්වෙන ගොඩක් කඩ තියෙනවා.කටුබැද්දේ රසවිමන,බම්බලපිටියේ මැජස්ටික් මම වටලප්පං රසටම කාපු කඩ දෙකක්.රසම පලතුරු සලාදයක් කන්න පුළුවන් බම්බලපිටියේ Banana Leaf එකෙන්.අළුත් මීකිරි කන්න හැමදාම තිස්සමහාරාමේ යන්න බැරි හින්දා මීකිරි රසම කඩයක් තියෙනවා කැස්බෑව නගරයේ.ඒක ගොඩාක් ප්‍රසිද්ධයි.කේක් ජාති රසවිඳින්න ආසානං යන්න වටින කඩයක් තමයි රත්මලානේ Meal Cart එක.පුදුම රහක් තියෙන කේක් ජාති ඒකේ තියෙනවා.පුඩිං ජාති,එහෙමත් නැත්තං Genuine Dessert ජාති ගැන කතා කරනවානං Mount Lavinia Hotel එකේ Chocolate Moose එක වගේම Upsidedown Pineapple Cake එක මාර රහයි.ඒ වගේම මාර ගනං.හැබැයි කන්න වටිනවා.ගෙදර හදලා කනවානං ඉතින් කැරමල් පුඩිං තමයි.දේශීය පැණිරහ කෑම වලින්,මම නං ආසම වැලිතලප වලට.අපේ පුත්තම්මා හදන වැලිතලප වලට පස්සේ රසම වැලිතලප කෑවේ,මගේ යාළුවෙක් වෙච්ච විසල්ගේ ගෙදරදී.
මෙතන කතා කරන්නේ අනංමනං කෑම ජාති ගැන.ඒ කිව්වේ තැනක් නොතැනක් නැති,රැයක් දවාලක් නැති ඒවා.මේක කියවන ඕගොල්ලෝ ඔක්කෝම වගේ කතරගම ගිහින් ඇතිනේ.ඉතින් ඔය කතරගම ගිහින් ඕගොල්ලෝ බොහෝදෙනෙක් රෑට කන්නේ ආප්ප බිත්තර ආප්පනේ.ඔය ආප්ප කඩ ගොඩ අස්සේ දර ලිපේ ආප්ප පුච්චන තැනක් තියෙනවා.මටත් හොයාගෙන යන්න පුළුවන්,ඒත් කියන්න තේරෙන්නෑ.ඒක හින්දා ලේක් හවුස් නිවාඩු නිකේතනයේ පරිපාලනයෙන් පාර අහන්න.ඒ තැන ආප්ප අමුතුම රහයි.හුඟාක් කිරි රහයි.වෙනසකටත් එක්ක ඊලඟ පාර එතනින් ඩයට් එකක් දාලා බලන්න.ඒවගේම ඉතිං තැනක් නොතැනක් නැතුව කන දෙයක් තමයි පලතුරු.ඒ අතර අඹ සහ අන්නාසි මුල්තැනක් ගන්නවා.පාඩං කරන දවස් වලට නින්ද නොයන්න නං සියඹලා කන එක හොඳයි.ඒවගේම තමයි කොළඹ හරියේ වැඩිය නැතත් නියමම පලතුරක් තමයි සීනි කැකිරි.ඒ වගේම තමයි ගඩුගුඩා,රඹුටන් සහ මැන්ගුස්.වාරෙට විතරක් උනත් මාර රහක් තියෙන්නේ.ලොවි ගැනයි අච්චාරු ජාති ගැනයි නං කියන්නේ නෑ.මලී අක්කා නියම රසබර ලිපියක් ලියලා තියෙනවනේ ඒ ගැන.
ඉතිං ලිපියත් ටිකාක් දිග වැඩි හින්දා අන්තිමට මගේ කතාවේ පොඩි සංෂිප්තයක් දෙන්නයි හදන්නේ.මේක මම ලිව්වේ මේ මම ආසම මාතෘකාවක් නිසාත්,මම වගේම ගොඩාක් කට්ටියත් කෑමට ආසා නිසාත්,සමහරු වැඩිපුර සල්ලි ගෙවලා රහ ගුණ නැති තැන් වලින් කන නිසාත්,මම කෑම සම්බන්ධයෙන් කරපු යම් යම් පරීක්ෂන එලියට දාන්න ඕන නිසාත් යන මූලික පරමාර්ථයෙන්.ඉතිං අන්තිම වශයෙන් කෑම ටිකක් රහට කන්න හොඳ තැන් ගැන කියනවානං. . . .Chinese Dragon Cafe - Mount Lavinia & Bambalapitiya,Meal Cart - Rathmalana,Buhari - Maradana,Green Lands - Bambalapitiya,Queens Cafe - Bambalapitiya & Mount Lavinia කියන ප්‍රධාන කඩ පහ ගොනු කරන්න පුළුවන්.ඒ වගේම මම ආසම කරන සිම්පල්ම ආහාර වට්ටෝරු ගැනත් සඳහනක් කලොත්. . . .සුදු බතුයි,නිවිතියි,කරවලයි..ඒවගේම කිරිකොසුයි,සුදු බතුයි,කරවලයි..එහෙමත් නැත්තං අන්නාසි උයලා සුදු බතුත් එක්ක..තව කියනවානං චිකනුයි සුදුබතුයි..තවත් කියනවානං රතුළුනු උයලා සුදු බතුත් එක්ක..වගේම අවසාන වශයෙන් හොඳට බැදලා ඊට පස්සේ මිරිස් වැඩිපුර දාලා උයපු මාලුත් එක්ක සැර පොල් සම්බෝලෙකුයි රතු කැකුළු බතුයි තිබ්බානං ලංකාවේ මහ රජ කමත් එපා කියන්න මම ලෑස්තියි! තව මේවා ගැන අදහස් සහ විස්තර තියෙනවානං මටයි අනිත් අයටයි දැනගන්නත් එක්ක ලියන්න.
මේක කියවපු උන්ට සසර ගමන අවසන් වන තෙක් මතු උපදින සෑම භවයකම කෑම බීමෙන් නං අඩු පාඩුවක් නොවේවා !
මේක ගැන ලියන්න කියල මරණෙ කාලෙකට කලින් කියල තිබුණ වුණාට කම්මැලිකම නිසා මේ ගැන ලියන එක කල් ගියා. කැසබා හෙවත් කැසබ්ලංකා හෙවත් Casablanca family restaurant එක තියෙන්නෙ කොට්ටාවෙ ඉඳන් පන්නිපිටිය පැත්තට ඇවිදගෙන එද්දි හැටන් නැෂනල් බැංකුව ගාව. අපි ඒකට කැසබා කියන්නෙ ආදරේට. ඒ තරමටම ඒක පහුගිය අවුරුදු දෙකක වගේ කාලය පුරා අපේ වෙරි වීම්, හිනා වීම් සහ බෙදාගැනීම් ගොඩකට මූලස්ථානය වුණා.
මට මුලින්ම කැසබා වලදි සෙට්වෙන්නෙ අපේ බෝමන්. එදා රවිත් හිටියට ඒ දවස්වල එයා පොඩි එකා නිසා එලියෙ ඉඳන් කතා කරල වෙන් වුණා. මා යි බෝයි සෙට් වුණා. එදා ඉඳල මේ වෙනකල් දහ දොලොස් වතාවක් හැම මාසෙකම වගේ අපි ඔතන සෙට් වෙනවා. ඒ සෙට් වෙන්නෙත් ජංජාලෙන් හමුවුණ මිතුරන් පිරිසක් විතරයි. බොහොම විට බෝමන්, ශිවන්ත, රවි සහ රාජි සමග මම සෙට් වුණත් මම නැති වෙලාවට උන් ටික තවත් උන් එක්ක සෙට් වෙනවා.
තැන නම් බොන්න හොඳයි. දෙවෙනි තට්ටුව වහලකුයි බාගෙට බැඳපු බිත්තියි තියෙන විවෘත තැනක්. පළවෙනි තට්ටුව හොඳට වායු සමීකරණය කරපු party hall එකක්. ඒ වුණාට අපි යන බොහොම වෙලාවලට ඕකෙ ඉන්නෙ බොන්න ආපු අය විතරයි.
මට මුලින්ම කැසබා වලදි සෙට්වෙන්නෙ අපේ බෝමන්. එදා රවිත් හිටියට ඒ දවස්වල එයා පොඩි එකා නිසා එලියෙ ඉඳන් කතා කරල වෙන් වුණා. මා යි බෝයි සෙට් වුණා. එදා ඉඳල මේ වෙනකල් දහ දොලොස් වතාවක් හැම මාසෙකම වගේ අපි ඔතන සෙට් වෙනවා. ඒ සෙට් වෙන්නෙත් ජංජාලෙන් හමුවුණ මිතුරන් පිරිසක් විතරයි. බොහොම විට බෝමන්, ශිවන්ත, රවි සහ රාජි සමග මම සෙට් වුණත් මම නැති වෙලාවට උන් ටික තවත් උන් එක්ක සෙට් වෙනවා.
තැන නම් බොන්න හොඳයි. දෙවෙනි තට්ටුව වහලකුයි බාගෙට බැඳපු බිත්තියි තියෙන විවෘත තැනක්. පළවෙනි තට්ටුව හොඳට වායු සමීකරණය කරපු party hall එකක්. ඒ වුණාට අපි යන බොහොම වෙලාවලට ඕකෙ ඉන්නෙ බොන්න ආපු අය විතරයි.
මෙතන සර්විස් එකත් සැලකිය යුතු තරමට හොඳයි. ගොඩක් අය නම් දැන් අපිව දන්නවත් වගේ. අපි බොහොම විට කෑම බීම දෙකම ගන්න නිසා සහ බොන්නෙ නැති අයත් ඉන්න නිසා බයිට් එකට ගොඩක් වෙලාවට රයිස් එකක් තමයි ගන්නේ. ඊට අමතරව battered onion එකත් අපේ ජනප්‍රිය බයිට් එකක්. ඇත්තටම මම ඒක ගැන දැනගත්තෙත් එතනින් තමයි.
සින්දු නම් කියන්න බෑ. ඒක දැන්වීම් මගින් තහනම් කරල තියෙනව. ඒ/සී නැති වෙලාවට පුළුවන් වුණාට ඒ/සී තියෙද්දි ඇතුලෙ සිගරට් බොන්න බෑ. ඒ/සී නෑ කියන්නෙ සෙනග නැති වෙලාවට මෙයාල ඒක ඕෆ් කරන නිසයි. ඒ වුණත් එලියෙ බැල්කනියට ගිහින් මත් ගතියත් එක්ක දරුණු කතාවක් දාගෙන පාරෙ වාහන බලමින් දුමක් දාන එක ඇතුලෙ ඉඳන් ඒක කරනවට වඩා හොඳයි.
ඔයාලත් කොට්ටාව අවට සෙට් වෙනව නම් කැසබ්ලන්කා රෙස්ටුරන්ට් එක සෑහෙන්න හොඳ තැනක්.
ලඟදි ඉඳන් අපි නම් මෙතන සෙට් වෙන්නෙ කන්න විතරයි. මොකද බොන කට්ටිය ටික ටික කාර්ය බහුල වෙන්න අරන් නිසා. අපි ඉතිං සුපුරුදු ෆ්‍රයිඩ් රයිස් සමග කෙල පෙර පෙර ඩෙවිල්ඩ් චිකන් කන ගමන් පණ නැති වෙනකල් හිනා වෙල එනව දැන්.
වැදගත්ම දේ ඒක නෙවෙයි. මේ ගැන කියන එක නිකං ස්පෑම් කිරීමක් වෙයිද මන්දා. ඒ වුණාට බොන්න සෙට් වෙන තැනක් වෙනුවෙන් මේ වගේ ප්‍රමෝෂනල් වැඩක් කරපු පලවෙනි වතාව වෙන්නත් පුළුවන් නිසා මම මේ ලින්ක් එක දානවා. මේක අපේ කට්ටිය එකතු වෙලා අටවගත්ත අවකාශයේ ඇරඹුණු thread එකක්. අවකාශයේ කවියො ටික කැසබා ගැන කවි කියල තියෙන විධිය බලන්නකෝ...
හොඳ හොඳ සෙල්ලම් තියෙන්නෙ පස්සට වෙන්න හොඳේ...
ඔයාලත් කොට්ටාව අවට සෙට් වෙනව නම් කැසබ්ලන්කා රෙස්ටුරන්ට් එක සෑහෙන්න හොඳ තැනක්.
ලඟදි ඉඳන් අපි නම් මෙතන සෙට් වෙන්නෙ කන්න විතරයි. මොකද බොන කට්ටිය ටික ටික කාර්ය බහුල වෙන්න අරන් නිසා. අපි ඉතිං සුපුරුදු ෆ්‍රයිඩ් රයිස් සමග කෙල පෙර පෙර ඩෙවිල්ඩ් චිකන් කන ගමන් පණ නැති වෙනකල් හිනා වෙල එනව දැන්.
වැදගත්ම දේ ඒක නෙවෙයි. මේ ගැන කියන එක නිකං ස්පෑම් කිරීමක් වෙයිද මන්දා. ඒ වුණාට බොන්න සෙට් වෙන තැනක් වෙනුවෙන් මේ වගේ ප්‍රමෝෂනල් වැඩක් කරපු පලවෙනි වතාව වෙන්නත් පුළුවන් නිසා මම මේ ලින්ක් එක දානවා. මේක අපේ කට්ටිය එකතු වෙලා අටවගත්ත අවකාශයේ ඇරඹුණු thread එකක්. අවකාශයේ කවියො ටික කැසබා ගැන කවි කියල තියෙන විධිය බලන්නකෝ...
හොඳ හොඳ සෙල්ලම් තියෙන්නෙ පස්සට වෙන්න හොඳේ...
මේ දවස් වලට,දවල් පළතුරු බීමක් ලැබුනොත් අමුර්තය ලැබුනා වගේ නේද?
හැබැයි ප්‍රසිද්ධ පළතුරු බීම විකුණන තැන් වල ගනන් ඇහුවාම විජලනය වැඩි වෙලා මැරෙණවා.Roots වල ගන්න ගැන කතා කරලා වැඩක් නැනේ කස්ටිය දන්නවානේ ගනන්.Queen's Cafe එකේ දෙහි යුෂ එක රු:90/=,පානදුර Juice World එකේ නාරං එකක් රු:80/= යි.උගුරු 3ක් බිව්වාම ඉවරයි.හැබැයි ඔය ලොකු ලොකු තැන් වල නැවුම් පළතුරු කියුවට ගොඩාක් එවා තියෙන්නේ ශීතකරනයේ.ගෙදර හදනවා වගේ qulity එකක් එන්නේත් නෑ.මගේ පුද්ගලික මතය නම් ඔය තැන් වල ගනන් වැඩි ලංකාව වගේ රටකට.
හැබැයි ප්‍රසිද්ධ පළතුරු බීම විකුණන තැන් වල ගනන් ඇහුවාම විජලනය වැඩි වෙලා මැරෙණවා.Roots වල ගන්න ගැන කතා කරලා වැඩක් නැනේ කස්ටිය දන්නවානේ ගනන්.Queen's Cafe එකේ දෙහි යුෂ එක රු:90/=,පානදුර Juice World එකේ නාරං එකක් රු:80/= යි.උගුරු 3ක් බිව්වාම ඉවරයි.හැබැයි ඔය ලොකු ලොකු තැන් වල නැවුම් පළතුරු කියුවට ගොඩාක් එවා තියෙන්නේ ශීතකරනයේ.ගෙදර හදනවා වගේ qulity එකක් එන්නේත් නෑ.මගේ පුද්ගලික මතය නම් ඔය තැන් වල ගනන් වැඩි ලංකාව වගේ රටකට.
මෙන්න එකට නියම තැන,තැන කියුවට තැන් තුන හතරක් තියනවා.පළතුරු කපලා කරලා ඒ වෙලාවෙම
ජුස් හදලා දේන්නේ.Fresh ද කියලා අහන්න දෙයක් නැ.ටිකක් වෙලා බලාගෙන හිටියාම තෙරෙනවා,මේ ජොයින්ට් එකට එන්නේ පුදුම සෙනගක්,මේ කඩ ටික තියෙන්නේ කොටුව ස්ටෙශන් එක ඉස්සරහා,ගුවන් මගි පාලම පටන් ගන්න තැන පේමන්ට් එකේ.පින්තූරේ පෙනවනෙ ගනන් ටික. හරිම අඩුයි.පිටට පෙමනුමට මදි වුනට මේ පොඩි කඩේ ඇතුලට ගියම තෙරෙනවා පිරිසිදුයි කියලා.
මදි නොකියන්න බොන්න පුලුවන් ලොකු විදුරුවකට ජුස් එක දෙන්නේ.අසොකා ග්ලාස් කියලා කියන්න ඒ විදුරුවට,අපේ වයසක කස්ටියනම් අහලා ඇති.මෙතන අලිගැට පේර,දිවුල්,පැණි දොඩම්... ඕනම ජුස් එකක් රු:30/= යි,ඇඹුල් දොඩම් විතරක් රු:25/= යි.ගාන අඩු වුනාට Qulity එකේ නම් කිසිම අඩුවක් නෑ.නියම රසයි,ගෙදර හදනවා වගේමයි.මොකද ශීතකරනයේ දාන්නේ නැතුව අයිස් කැට විතරක් දාල දෙන නිසා නියම Fresh ගතිය තියනවා.
මදි නොකියන්න බොන්න පුලුවන් ලොකු විදුරුවකට ජුස් එක දෙන්නේ.අසොකා ග්ලාස් කියලා කියන්න ඒ විදුරුවට,අපේ වයසක කස්ටියනම් අහලා ඇති.මෙතන අලිගැට පේර,දිවුල්,පැණි දොඩම්... ඕනම ජුස් එකක් රු:30/= යි,ඇඹුල් දොඩම් විතරක් රු:25/= යි.ගාන අඩු වුනාට Qulity එකේ නම් කිසිම අඩුවක් නෑ.නියම රසයි,ගෙදර හදනවා වගේමයි.මොකද ශීතකරනයේ දාන්නේ නැතුව අයිස් කැට විතරක් දාල දෙන නිසා නියම Fresh ගතිය තියනවා.
අනෙක තමයි මේකේ ජුස් හදන විදිහ මාර ආතල්.
ටක් ගාල විදුරුවක් ගන්නවා.අයිස් ලොකු කැටයක් අතට අරගෙන ලොකු හැන්දකින් පාරවල් දෙකක් ගහනවා,මුලු කඩේම පොඩි පොඩි අයිස් කැලි විසිරෙනවා සමහර වෙලවට.දොඩම් ගෙඩිය දෙකට කපලා,එක බැයක් අරන් විදුරුවේ දාරේ තියලා මිරිකනවා දකිනකොට හිතෙන්නේ විදුරුව කැඩිලා යයි කියලා.සිනි මික්ස් කරපු වතුර දාලා යාරේ දෙසැරයක් දාලා දෙනවා, නියමයි.මේ වැඩේ යන්නේ One Man Show එකක්.අලිගැට පේර් හදන විදිය ටිකක වෙනස්,එකත් බලන්න් ඉන්න අසයි.
මේ ජොයින්ට් එක ගොඩාක් අය දන්නවා,ඕනම කෙනෙකුට බය නැතුව සහතික වෙන්න පුලුවන් තැනැක්.ලොකු ලොකු තැන් වල වගේ වටපිටාව නිදහස් නැති උනාට,මෙතන ජුස් නම් නියමයි.
බියර් බියර් බියර්... කතා කරන්න සුන්දර මාතෘකාවක්. ඒවුනාට කූල් නැති බියර් එකක් බොනවා කියන්නේ නම් මහ එපා කරපු වැඩ වලින් එකක්. බියර් සාමාන්‍යයෙන් 4% සිට 8% දක්වා ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගුවෙන පානයක් කිව්වොත් නිවැරදියි. මම පානයක් කියලා කිව්වෙ සාමාන්‍යයෙන් බියර් ලිකර් එකක් විදිහට සලකන්නෙ නැති නිසා. ඒ කියන්නෙ කාට හරි බියර් විතරක් තියෙන බාර් එකක් දාන්න ඕනි නම් ඒකට වෙනම බලපත්‍රයක් වුනත් ගන්න බැරිකමක් නෑ..
වැඩියත්ම මම මේ සෙට්වුනේ බියර් හදන හැටි ගැන පොඩ්ඩක් කියන්න. (මේක කලින් පෝස්ට් එක වගේ වමනෙ යන එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.)බියර් හදනවා කියන එක කසිප්පු පෙරනවා වගේ ගෙදර ඉඳන් කරන්න බැරි හින්දා මේක එක අතකට කියන එක තේරුමකුත් නෑ වගේ ඒත් ඉතිං දැනගත්තොත් හොඳයිනෙ. ඒ නිසා කියන්නම්.
උපකරණ ඇරුණාම බියර් හදන්න මූලිකව බාර්ලි, යීස්ට් හා බීර මල් යොදාගන්නවා. මේ තුනම හොයාගත්තත් අපිට අවශ්‍ය තත්ව ලබා දෙන්න ගියාම බර ගාණක් යන හින්දා බියර් එකක් බාර් එකෙන් බොන එක අපේ පොකට් එකට හොඳයි.
මුලින්ම අපි බාර්ලි හොඳට වතුරෙන් පොඟවලා පැලවෙන්න තියන්න ඕනි.මේ මිශ්‍රණයට නිෂ්පාදනයේදී කියන්නේ මෝල්ටීන් කියලා. මේ මෝල්ටීන්වල තියෙන බාර්ලි පැලවෙන වේගය වැඩිකරන්න ගිබරලීන් පාවිච්චි කරනවා. (ගිබරලින් කියන්නේ ශාක හෝමෝනයක් මේක ඔය කෘෂි කඩවලනම් ගන්නත් තියෙනවා ගිබරලින් වලින් ශාක වර්ධන වේගය වැඩි කරනවා) මේමෝල්ටීන් ටිකක් කල් තිබ්බට පස්සෙ ගානට පැලවීගෙන එන බාර්ලි ඇට මිශ්‍රණයට අපි නිෂ්පාදනයේදී කියන්නෙ මෝල්ට් කියලා.මේ මෝල්ට් ඊට පස්සෙ හොඳට වේලනවා. බියර්වල රසයත් වර්ණයත් ලැබෙන්න මේ මෝල්ට් වේලන එක මූලික හේතුවක් වෙනවා කිව්වොත් හරියටම හරි.
ඊළඟ පියවර තමයි මේ වේලපු මෝල්ට් වතුරෙන් හොඳට අඹරන එක ඇඹරීමෙන් පස්සෙ එන ඒ මිශ්‍රණයට කියන්නෙ වර්ට්ස් කියලා. මෙහෙම හදපු වර්ට්ස් වලට හෝප් කියලා මල් වර්ගයක් එකතු කරනවා. ඔන්න ඔතනින් තමයි බියර් වලට ආවේණික තිත්ත රසය එන්නෙ. තිත්ත නැත්නම් ඉතිං බියර් නෙමෙයි නිසා මම හිතන්නෙ බියර් වල අනන්‍යතාවය තියෙන්නෙ මේ ක්‍රියාවලිය මත.අන්තිමට මේ බියර් මල් දාපු වර්ට්ස් හොඳට නටවලා යීස්ට් එකතුකරලා වාතය අයින් කරපු ලොකු සිලින්ඩර්වල දාලා දවස් 2-5 අතර පැසෙන්න දීලා පස්සෙ ඒ පැසුන මිශ්‍රණය පැස්ටරීකරණය කරලා පෙරලා ගත්තාම බොන්න පුළුවන් තත්වයේ තියෙනවලු.
හැබැයි ඉතින් මෙච්චර දවස් ගාණක් හදන බියර් එක හදන බියර් එක බොන්න යන්නෙ පැය දෙකකටත් අඩු කාලයක්නෙ..! මොනා කරන්නද ඉතිං බියර්නෙ...
ආයි හමුවෙමු......!

