ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

බයිට්

Posted by On Friday, February 26, 2010 21 comments
අපේ මලී ලිව්වා වගේ බොනකොට කන ඒවා හදා ගන්න හැටි නම් මට ලියන්න තේරෙන්නේ නැහැ. හැබැයි බොනකොට කන නිසා වැරදියට ලිව්වත් එච්චරම අවුලක් නැහැ, හොඳට බීල ඉන්න වෙලාවට දර කෑල්ලක් උනත් හපන්න බැරි කමක් නැති නිසා.

වෙන රට වල අයට කෙසේ වෙතත් අපේ ලංකාවේ බොන අයට නම් බොන්න දෙයක් වගේම බයිට් එකත් හරිම වැදගත්. බොන්න ජාති කොච්චර තිබ්බත් , මිශ්‍ර කරන්න මොකුත් නැති උනත් බයිට් එකට නම් මොනා හරි නැත්නම් බීලා හමාරයි තමා. සෝඩා, කොකා කෝලා මොකුත් නැත්නම් ඇල්වතුර එක්ක හරි බොයි . ඇල් වතුරත් නැත්නම් නිකම්ම හරි බීලා දායි ඒත් හපන්න බයිට් එකක් නැත්නම් ඒකට නම් විසඳුමක් නැහැ.

 

මේ පින්තූර වල තියෙනවා වගේ ජාති බයිට් එකට ගන්න ලැබෙන අවස්ථා නම් හරිම විරලයි. ගොඩක් වෙලාවට අපේ බයිට් එක වෙන්නේ නම් රුපියල් දෙකේ වඩේ සහ කඩල කාරයාගේ ටේස්ට් කඩල එක. ඔය ඇරෙන්න රටකජු, මුරුක්කු, බැදපු මඤ්ඤෝක්කා පෙති වගේ ඒවා තමා සුලබවම ගැනෙන්නේ.

එක පාරක් බැදපු කරවිල කෑවත් අධික තිත්ත නිසා ඒක හරිගියේ නැහැ. කඩල කාරය ගාව මොකද්ද කරපු සුදුළුණු ජාතියක් තිබ්බත් තාම මම නම් ඒක අත් හදා බලලා නැහැ. ගල් අරක්කු එක්ක ළුණුයි උම්බලකඩයි යනවා කියලා බ්ලොග් එකක කවුද කියලා තිබ්බ. කනකොටනම් ඒක නියමයි ඒත් පහුවදා උදේට ළුණූ රස උගුරට එනකොටනම් එපා වෙනවා. හැබැයි උම්බලකඩ නම් නියමයි.

 

අපේ අයියා කෙනෙක් ඉන්නවා බෝධිසත්වයෙක් (කාලක් ගහන කෙනා - කාලකන්නියා, බාගයක් ගහන කෙනා භාග්‍යවන්තයා, බෝතලයක් ගහන කෙනා බෝධිසත්වයා ඊට වඩා බොන අයට කියන්න නම් නැහැ මොකෝ එහෙම අය වැඩි කල ජීවත් වෙන්නේ නැති නිසා) මිනිහා දවසක් කියනවා එක පාරක් බොන්න ගිහින් බයිට් එකට එක වඩයයිලු තිබ්බේ අන්තිමට වඩේ එකේ පරිප්පුඇට වෙන් කරල කට්ටියට සම සමව බෙදලා ඒක එක්ක කිව්වා බිව්වේ. ඒ කියන්නේ එච්චර බොන කෙනෙක්ට උනත් බයිට් නැත්නම් බොන්න අමාරුයි කියන එක තමා.

හැබැයි මේක ගොඩක්ම ලංකාවේ අය අතර තියෙන දෙයක්ලු. වෙන රටවල් වලනම් බොනකොට කන සිරිතක් නැහැ කියලා තමා ඔය රට ගිය ඇත්තෝ කියන්නේ. (මන් නම් ඔය වෙන රටවල වෙන දේවල් ගැන දන්නේ නැහැ) හැබැයි එහෙ ගිය අයත් මෙහෙ ඇවිත් බොන කොට නම් බයිට් හොයනවා.

මම කාලා තියෙන බයිට් ජාති වලින් වඩාත්ම මතකයේ රැඳුනු එක තමා ලෙමන් ජින් එක්ක කාපු ඇපල් අච්චාරුව. ලුණු ගම්මිරිස් කුඩු දාපු කොල පාට ඇපල් එක ලෙමන් ජින් එකත් එක්ක නැගලා ගියා නියමෙට. ඒ ඇරෙන්න SSC එකේ Hot Buttered Cuttlefish එක, දෙහිවල ඉම්පාලා එකේ Devil Chicken එක, දෙහිවල මහරගම පාරේ තියෙන Al Bite එකෙන් ගත්ත Chicken එකක්. එකේ නම නම් මතක නැහැ මොනා හරි Pepper කතාවක් තියෙන එකක්. ඒක නම් නියමයි. ඉඳලා හිටලා බයිට් එකට ගන්න විශේෂ දෙයක් ඇරුනම නිතරම කැවෙන්නේ එකම ජාති ටික තමා.

බිත්තර රොටී, බිත්තර ආප්ප, රෝස් පාන් වගේ ඒවාත් සමහර වෙලාවට බයිට් එකට ගැනෙනවා. එක පාරක් රඹුටන්නුත් කෑවා. සමහර අය නම් රාබුත් කනවලු ඒත් මන් නම් හිතන්නේ නැහැ රාබු හොඳ ඇති කියලා. හැබැයි ලුණු ගම්මිරිස් කුඩු දාපු පිපිඤ්ඤා නම් හොඳයි.  කවුදෝ කිව්වා අරක්කු එක්ක ඉදිච්ච ගස් ලබු නියමයි කියලා. සුප් කැට, රා තැබෑරුමේ තියෙන ලුණු කුඩු ටිකත් බයිට් එකට වෙලාවේ හැටියට ඇති. ඔය මේ අස්සේ මන් කාපු සවුත්තුම බයිට් එක තමා ගම්පහ තානායමෙන් කාපු බැදපු මාලු එක. ඒක කාලා මට පහුවදා දවසම ඇඳේ ඉන්න උනා බඩේ අමාරුව හැදිලා. එදායින් පස්සේ නම් ඒ පැත්තවත් බැලුවේ නැහැ

ඡායාරූප 1 මෙතනින්
ඡායාරූප 2 මෙතනින්

මත්පැන් බීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි.
බීමත්ව රිය පැදවීමෙන් වලකින්න.

වොඩ්කා

Posted by On Thursday, February 18, 2010 24 comments
මන් බොන්න ආසම බීම මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත්, ආයි කතා දෙකක් නැහැ මගේ උත්තරේ වෙන්නේ Absolut Mandarin Vodka කියන එක තමයි. ඒ තරමටම මන් ඒක බොන්න කැමතියි. මන් බීල තියෙන රසම බීම ඒක කියලා මන් හිතන්නේ. සමහර අය වොඩ්කා බොන්න එච්චර කැමති නැහැ මොකද පහුවදාට මුළු ඇඟේම තියෙන වතුර ටික වාෂ්ප වෙලා වගේ දැනෙන නිසා. ඒ කතාව නම් ඇත්ත. හේතුව නම් මාත් හරියටම දන්නේ නැහැ වොඩ්කා බිව්වම පහුවදාට මුළු ඇඟම වේලිලා වගේ දැනෙනවා.


මේ පින්තූරේ තියෙන ඒවායින් Raspberry, Ruby Red, Apeach, Mandarin, Vodka සහ රූපේ නැති Mango මන් බීලා තියෙනවා. ඕවායින් හොඳම එක තමා Mandarin  සවුත්තුම එක තමා Mango. ඒක නම් ගන්න දෙයක් නැහැ පුදුම අමාරුවකින් බිව්වේ. ඒ තරම් අප්සෙට්. අනික් ජාති බොන්න හිතාගෙන ඉන්නවා. තාම බොන්න හම්බ වෙලා නම් නැහැ මේවා මෙහෙ වෙළඳ පොලෙන් අරන් බොනවා කියන එක නම් හීනයක්. Absolut ඇරෙන්න 42 Below කියලා එකකත් රස දෙකක් තුනක් බීලා තියෙනවා. ඒවායින් 42 BELOW - Feijoa කියන එක නම් නියමයි.


මෙහේ තියෙන වොඩ්කා ජාති Mendis Rusalka Vodka, Petroff Vodka, White Russian Vodka, Smirnoff Vodka, Smirnoff Apple වලින් නම් මන් බීල තියෙන්නේ Smirnoff Vodka විතරයි. අනික්වා බීලා නැහැ. Smirnoff Apple එක, එක පාරක් ටිකක් බිව්වා. රසනම් වරදක් නැහැ ටිකක් පැනි රසයි . මෙහෙ 1800/= ක් කියලා ගාන නම් කිව්වේ මට ෂුවර් නැහැ ගාන නම් හරිද කියලා හැබැයි 1800/= නම් බිව්වට පාඩු නැහැ වගේ.

වොඩ්කා බොන්න හොඳම Orange Juice එක්ක කියලා තමා කියන්නේ. එක පාරක Galle Face Hotel එකේදි බිව්වා Orange Juice එක්ක, පුදුම රසක් තිබ්බේ 50ml කියලා කිව්වට 25ml ක් වත් දාලා තිබ්බද මන්දා මොකො මන් බීපු ප්‍රමානේ හැටියට 50ml එහෙම තිබ්බනම් දවස් දෙකක් විතර මන් එකේ වැටිලා ඉන්න ඕනේ (බිල ගෙව්වේ මන් එහෙම නෙමෙයි). Vodka & Red Bull බොනවා කියලා කියනවා. ඒකත් කරලා බලන්න ලොකු ආසවක් තියෙනවා. තාම නම් බැරි උනා. වැඩි පුරම ඉතින් පෙවෙන්නේ සුපුරුදු කොකා කෝලා එක්ක තමා. අපේ LG ට පුළුවන් වෙයි වොඩ්කා බොන්න හොඳ ටිකක් Recipes දාන්න. (එක ලිපියයි ඊට පස්සේ දැක්කෙත් නැහැ)

ඡායාරූපය1 මෙතනින්
ඡායාරූපය2 මෙතනින්

(කරුණාකර බීමත්ව රිය පැදවීමෙන් වලකින්න)
(මත්පැන් පානය කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර නැත)

කලූගේ පපඩං හොද්ද

Posted by hare :-) On Tuesday, February 16, 2010 7 comments

මේක අද අපේ කාර්යාලෙ සිද්ධ වුණ කතාවක්. කෑමට සම්බන්ධ නිසා ලියන්න හිතුණ.

අපේ කාර්යාලෙ ඉන්නව කා.කා.ස. මහත්තයෙක් කලූ කියල. එයාගෙ ඇත්ත නම නං ධර්මදාස. ඒ වුණාට එයාගෙ දත් ටික ඇරෙන්න සර්වාංගෙම හොඳටම කළු නිසා කට්ටිය ආදරේටත් එක්ක කියන්නෙ කලූ කියලා. එයත් ඒ නමට කැමතියි. එයාට වයස දැන් 54යි. ලබන අවුරුද්දෙ විශ්‍රාම යන්නයි ඉන්නෙ.

කලූ කියවන්න මාර දස්සයි. ඒ කියන්නෙ එයාගෙ කතා සෙට් එකක් තියෙනවා. එයාට වැඩක් නැති වෙලේක අහන්න කට්ටිය ඉන්නව නං ස්ටාට් කලොත් නවත්තගන්න අමාරුයි.

අද එයා කියල දුන්න පපඩං හොද්ද හදන හැටි. මට හරියටම මතක නෑ. ඒ වුණාට දාන්නං කට්ටියටම ටෙස්ට් කරන්න.


අවශ්‍ය ද්‍රව්‍ය -

පපඩම් සෑහෙන ප්‍රමාණයක් (ඉන්න කට්ටියට සෑහෙන්න)
ළූණු, අමු මිරිස්, කරපිංචා, රම්පෙ, උළු හාල් වගේ හොද්දක් හදන්න ඕන කරන කුළු බඩු.
ගා ගත්තු පොල්...

සාදන ක්‍රමය -

කොරන්න කියල ඒ තරම් දෙයක් නෑ. මුලින් පපඩං ටික කැමති හැඩේකට කපාගෙන බැදගන්න. ඒක අරන් තියලා සාමාන්‍ය කිරි හොද්දක් හදන විධියට අනිත් තලමනා සහ පොල් කිරි භාවිතයෙන් හොද්දක් හදාගන්න. හොද්ද ලිපෙන් බාන අවස්ථාවට කිට්ටු වෙනකොට බැදගත්තු පපඩං ටික ඒකට දාල මදක් කලවං කරගන්න. දැන් පපඩං හොද්ද සූදානම් !


මේක ඇහුවම අපිට මුලින් හොඳටම හිනාගියා. මේක හරියට අර ඇණ සුප් වගේ එකක් වෙන්න ඇති කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් පපඩං වලට වතුර වැටුණම පෙ‍ඟෙන නිසා මේක හරියන්නෙ නැති බව තමයි අපේ සූපවේදී කාන්තාවො සෙට් එක නම් කිව්වෙ. ඒ වුණාට කලූ නම් පුන පුනා කිව්වෙ මේක පෙ‍ඟෙන්නෙ නෑ කියලයි. හැමදාම කන පපඩං වලට වඩා වෙනස් විධියට කන්න පුළුවන් කියලයි.

අපේ කාන්තාවො නම් මේක විශ්වාස කලේම නෑ. ඒ වුණාට හැමදාම කන විධියටම හැමදාම කන්න කැමති නැති මම නම් මේක හොඳ අදහසක් කියලයි හිතුවෙ. මොකද හිතන්නෙ කට්ටිය?

පින්තූරෙ මෙතනින් - http://diyatha.com/web/pinthura/images/foods/foods.htm
මේකෙ හරි නම Carnival Ice cream parlour හො‍ඳේ. තියෙන්නෙ අයිස් ක්‍රීම් විතරමයි. ඇත්තම කිව්වොත් මම ලංකාවෙ මෙහෙම එකක් තියෙනවද කියලවත් දැනං හිටියෙ නෑ. (හික්.. මම නොදන්න ගොඩක් තැන් ලංකාවෙ තියෙනව තමයි ඉතිං) ඒ වුණත් මගේ සුන්දරී :පී නම් කාලෙක ඉඳන් මෙතනට යන්න ඕන කියල නහයෙන් අඬ අඬ හිටිය. එයා කිව්වෙ ඉස්සර යාළුවො එක්ක මෙතනට ඇවිත් අයිස් ක්‍රීම් කාල තියෙනව කියලයි. ඒ කියපු විධියට මම හිතුවෙ මේක නිකං පේමන්ට් එකක් අයිනෙ තියෙන ටිකක් සිරා මොබයිල් කඩයක් වගේ එකක් වෙන්න ඇති කියලයි. (අපේ එක්කෙනාගෙ යාළුවො ගැන මම දන්නෙ නැද්ද)

ඉතිං ඔන්න සති දෙකකට කලින් මම කොලොම්පුර ආපු වෙලාවෙ අපි දෙන්නගෙ ව(යි)ල්(ඩ්) ටුවර් එක දැම්මා. ලිබර්ටියෙන් ඇවටර් බලල කොල්ලුපිටිය හන්දියෙ ඉඳන් ගාළු පාර දිගේ ටික දුරක් පයින් ඇවිත් ජාතික ඉතිරි කිරීමේ බැංකුව පාස් කරනකල්ම කානිවල් කියල මම හිතාගෙන හිටපු පරිසරයක් තිබුණෙ නෑ. ඒ වුණාට ඒතනින්ම මාවත් ඇදගෙන ඇතුලට වෙන්න (ලොකු Car park එකක් එක්ක) තියෙන ටොප් තැනකට මාව අරන් ගියානෙ අනේ මෙයා.

මේක නියම තත්ත්වයේ තැනක්. ඉඩකඩ හොඳට තියෙනවා. කට්ටියත් යහමින් ඉන්නවා. හැබැයි තියෙන්නෙ නා නා ප්‍රකාර අයිස් ක්‍රීම් විතරයි. මෙනු එකකින් අපට ඕන කරන එක තෝරගන්න පුළුවන්. ඇත්තම කියනවනම් ඩොටේ මම මෙතුවක් කාලෙකට අයිස් ක්‍රීම් කියල කාල තිබුණෙ කප් වල නැත්තං ලීටර් ගණං දෙන ඒව ඔය මගුල් ගෙවල් මල ගෙවල් පාටි වගේ සෙට් වුණාම තමයි. රෙස්ටුරන්ට් එකකින් ලන්ච් ගන්නව වගේ අයිස් ක්‍රීම් කන්න විතරක් වෙන් වුණ තැනක් තිබීම සහ තෝරගන්න තිබුණ විවිධත්වය නිසා මම ටිකක් පුදුමත් වුණා.

මට ඒ තේරීම් ගැන අවබෝධයක් නොතිබුණ නිසා පෙම්බරී (හිටපු ගමන් ගෙම්බරී) හොයල හොයල කටටයි පොකට් එකටයි දෙකටම හරියන එකක් තෝරගත්තා. ඒ වුණත් ඒක කද්දි තමයි තේරුණෙ ඒ ප්‍රමාණය සෑහෙන්න වැඩියි වගේ කියල. සාමාන්‍යයෙන් මම නම් බත් කනව වගේ අයිස් ක්‍රීම් කන්නෙ නැති වුණාට එතන හිටපු බොහොම දෙනෙක් එහෙම තමයි කෑවේ. ඒ වුණාට ඉතිරි කලේ නම් නෑ. හිමීට හිමීට දෙන්නම ඔක්කොම කෑව.

ඔන්න ඕකයි කානිවල් අයිස් ක්‍රීම් පිළිබඳ මගේ අත්දැකීම. මෙතන හරියට නිරීක්ෂණය කරන්න නම් වුණේ නෑ. දැකපු දේවල් අනුවයි මේක ලිව්වෙ. මොනව වුණත් අයිස් ක්‍රීම් කන්න ඕන නම් ගිහින් බලන්න වටින තැනක්.


මැප් එකේ තැන නෑ. ඒ වුණාට ඔය NSB එක ගාවමයි තැන. හොයාගන්න අමාරු නෑ. තවත් පැහැදිලිව ඕන නම් මෙතනට යන්නකෝ.

බගර් නම් Burger's King තමා .!

Posted by Naliya On Sunday, February 07, 2010 29 comments
නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය දකින කෙනෙකුට කටට කෙළ වුනන්නෙ නැතුවනම් ඉන්න එකක් නම් නෑ .
මෙතනින් මම දැනට කාලා තියේන්නේ චිකන් Burger යි(රු:100/= ),සබ්මැරිනුයි(රු: 270/=) විතරයි.නියම රස මම මෙතන දකින විශේෂත්වය තමයි මෙතන බගර් ව්ලටයි සබා වලටයි දාන චිකන් වල අමුතුම ශ්‍රි ලංකන් කැම වල තියන රස තියනවා,ග්‍රේවී ගතියත් වැඩි, සබා එකේ තියන සොස් සහ චීස් දැවටිච්ච චිකන් මතක් වෙනකොට කටට කෙළ උනනවා.මැලේ විධියේ පේමන් එකේ ඉදන් එතනට නිතරම එන පොරවල් එක්ක සබා එකක බගර් එකක රස බලනකොට අමුතුම කික් එකක් තියෙන්නේ.රැ8න් පස්සේ වගේ පාරෙ වහන අඩු වෙලවට නම් මරු.එතන ඉදන් පොඩි ෂොට් එකකුත් දාගන්න තිබුනනම් කියලා මගෙ යලුවො සෙට් එකත් එක්ක එතන කන හැම වෙලවෙම කියවෙනවා.මොකද මරණේගේ අදහස?
මම බොරුනම් කියන්නෙ කොළඹ පැත්තේ ආපු වෙලාවට මෙතනට ගිහින් විනාඩියක් බලාගෙන එන්න,හැබැයි යනවානම් හවස 5න් පස්සේ යන්න, Burger's King පටන් ගන්නේ හවස පහෙන් පස්සේ.
Burger's King යනවනම් කොටුව පැත්තේ ඉදන් එනවනම්,කොම්පඤ්ඤවිදියට ඇවිත් මැලේ විධියේ
කෙරවලටම අවාම පෙනෙයි.කොල්ලුපිටිය පැත්තේ ඉදන් එනවන්ම් කොම්පඤ්ඤවිදියට ඇවිත් මැලේ විධියට
හරවන තැනම තියෙන්නේ.මැලේ විධියට අවිත් ඔන කෙනෙක්ගෙන් ඇහුවාම කියයි.













View Larger Map