ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑගෙන , ගැලපෙන එහෙම නැත්නම් අදකාලෙ භාෂාවෙන් කියන්නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ .
මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක් . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය , දොඩන්දූව ,රත්ගම ,ගිංතොට , අහංගම වගෙ ගාල්ල, මාතර පලාත්වල. ජාඩි හදන්නෙ මාලු වලින් .ඇත්තටම කිව්වොත් මේ මාලු කල්තියාගන්න සරල ක්‍රමයක් .වැල්ලකරේ ගම් වල මාලු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාලු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කන්න . ඒ කාලෙ මිනිස්සු මාලු හිඟ වුණහම අද කාලෙ වගෙ වෙලඳ ඇමතිට බැන්නෙ නැහැ නෙව .
ජාඩි ගැන මම දන්නෙ අපේ ගෙදරත් කාලයක්ම ජාඩි හට්ටියක් තිබුණ නිසා . ජාඩි හදාගන්නෙ මෙන්න මෙහෙම .මේකට ඔනෙ වෙන්නෙ
1. අලුත් මාලු – වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි . හුරුල්ල , කුම්බලා (බෝල්ලො කියලත් කියනවා), බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ . මාලු හොඳට ලුණු වතුරෙන් හරි , මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ.මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්.ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න.
2. ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා.
3. පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා , මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න . දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න . මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බන්දින්න . ඊට පස්සේ වතුර නොවැටෙන , මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න .දුම් මැස්ස තමයි මේකට හොඳම තැන .
මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා . විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා . ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා. මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන් . අවශ්‍ය තරම් මාලු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට දාලා , ඊට සෑහෙන්න රතුලූණු , හොඳ සැරට මිරිස් කුඩු , පමණට ලුණු (ලුණු දානකොට පරිස්සමෙන් මේව ලුණු මාලුනේ) , හායි හූයි කියන්න සැරට කොචිචි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ලිපෙන් බාගන්න ඕනෙ . ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම . මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුලුවනි ඔනෙ තරමක් . පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි . ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස් , දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි . රතු බත් එක්ක , දෙල් කහ පොල් දාලා මලවලා , ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති දවල්ට බත් කන්න .
ඉස්සර ජාඩි කඩවල් වල විකුණන්න තිබිල තියෙනවා. ඒව තිබිල තියෙන්නෙ පීප්ප වල දාලා. ජාඩි මුදලාලිලත් ඉඳලා තියෙනවා. ඒකනෙ සින්දුවක් තියෙන්නෙ "ඇරපිය ලුසිය දොර ජාඩි කඩේ ජෙමා මම " කියලා. ජාඩි හදන්න අති ප්‍රසිද්ද දොඩන්දුවෙ , බලපිටියෙ පැරැන්නො සුලුප්පු යාත්‍රා වල නැගිල ලුණු ගොරක එහෙමත් අරෙන ඉන්දියාවෙ තූත්තු කුඩි වරායට ගිහින් එහෙන් මාලු අල්ලන් ජාඩි කරලා ඒව පීප්ප වල දාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලාදොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ශය මුල කාලෙ .
මේ ගාල්ල මාතර වැල්ලකරේ ජාඩි කොයිතරම් ප්‍රසිද්ධ කෑමක් ද කිව්වොත් ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කරුවල ගෙදර , අපේ ගම , උපන්දා සිට පොත් වල එහෙමත් සඳහන් වෙනවා මට මතකයි. කරුවල ගෙදර පොතේ සිරිමල් කරුවල ගෙදරගේ මල්ලි නිමල් කියනවා වැල්ලකරේ ගම් වල ගෑණු බුලත් හපලා මැදුන කටට රහ හොඳින් දැනෙන්නෙ හොඳට කොච්චි මිරිස් දාලා ජාඩි හොදි කනවා කියලා . වතුර වැටුනොත් , එහෙම නැත්නම් මාලු පරණ වුණොත් ජාඩි හට්ටියෙ පණුවො එකෙක් දෙන්නෙක් හැදෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. . ඒත් සමහර පැරණි උදවිය කියන්නෙ ඒක එතරම් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි , පණුවො රස වැඩි කරනවා කියලා. මට මතකයි දවසක් ඔය ජාඩි ගැන කියාදෙන්න ගිහින් කොලඹ පැත්තේ යාලුවන්ට ඔය පණු කතාව කිව්වම ඒ හැමෝම "ඊය මල ජරාවක්" කිව්ව .හැබැයි ඒ නිසා ජාඩි පහත් කරලා සලකන්න ඔනෙ කෑමක් නෙවෙයි .එහෙමනම් අද කාලෙ අපි මොන තරම් වස විස කනවද උජාරුවට සල්ලිත් දීලා.ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ "ලුණිජ්ජ" කියලා . අහල තියෙනවද මේ ගැන.ලුණිජ්ජ කියන්නෙ මාලු, ලුණු , ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙට . ලුණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි . පොලොස් ගැට ,කෙසෙල් මුව උයද්දි ලුණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා , දෙහි දානකොට ලුණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි .
ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා. එහෙම නැත්නම් ගාලු මාතර පාරේ යද්දි කොස්ගොඩ තියෙන සංචි ජාඩි බත් කඩේට ගොඩවුණොත් ජාඩි එක්ක බඩ පිරෙන්න බත්කාලා, ජාඩිත් , ලුණිජ්ජ බෝතලේකුත් මිලට අරන් යන්න පුලුවණි . මම මෙතැනට තාම ගිහිල්ල නැතත් අපේ තාත්තනම් කැමති බත් කඩයක් . එහෙමත් නැත්නම් දොඩන්දූව , බලපිටිය , ධීවර වරාය වලින් විපරම් කලොත් ඒ කිට්ටුව ඉන්න ජාඩි දාන ධීවරයන්ගෙන් ජාඩි මිලට ගන්න පුලුවනි . ඒ පලාත්වල තාමත් පැරණි උදවිය මේ කර්මාන්තෙ සුලුවට කරනවා . සුපර් මාකට් හරි සිල්ලර කඩවල හරි ජාඩි විකුනන්න තියෙනවා තවම මම දැකලා නැහැ. අදකාලෙ නවීන පන්නෙට හැදුන උදවියට ජාඩි රහ නොදැනුනත් මේ අපේ ගම් වල හොඳ කෑමක් .
ප/ලි
සටහන ලියන්න සමහර දේවල් අහගත්තේ අම්මගෙන්.මේ සටහන මෙතැනිනුත් කියවන්න පුලුවනි.

Subscribe to:
Post Comments (Atom)
නියමයි! නියම විස්තරයක්. මමත් දකුණේ එකෙක් විදිහට මමත් ආසම කෑමක් තමයි සුදු බතුයි, කිරි හොදියි, ජාඩියි! හැබැයි දැන් හැම තැනම ලොකු බෝඩ් ගහලා තිබ්බට ඒ එක තැනකවත් ජාඩි හරි නැහැ.
කටට කෙල උනනවා ඇත්තමයි,මමත් ආසම කැමක් ,ඒත් ගොඩාක් වෙලවට සෙට් වෙන්න හරි නැති ජාඩි,කාපු ගමන් කට කසන්න ගන්නවා.හොද ජාඩි කැමක් ට්‍රයි කරපු කාලයක් මතක නැ.
අංග සම්පුරන සටහනක්,හදන විදිහ ගන්න පුලුවන් තැන් ඔක්කොම දැම්මට ස්තුති
දකුණු පලාතේ යන දවසක අනිවා කොස්ගොඩ පොට් එකටනම් යනවා
මේ සටහන දැක්කම කන්න ආසා හිතෙන වගේ කෑමක් කියලා හිතුනත් මිරිස් ගැන දැක්කාම මම හිතා ගත්තා බැරි වැඩ කරලා මොකටද දුක් විඳින්නේ කියලා.
ඉතින් අර කතන්දර මහත්තයා අහනවා වගේ වගේ මම නොර්වේජියන් ස්මෝක් සල්මන් කනවා පරන පුරුදු විදියටම. මනෝගේ කතාවේ විදියට නම් මේක ස්මෝක් සල්මන් (smoked salmon) වලටත් වඩා සමීප smoked herring වලට කියලයි මට හිතුනේ... මේ ළඟදි දවසක අපේ අම්මා මම ගෙදර එනකොට (අපේ කොන්ඩොමීනියට ඇතුල් වෙනකොටම මම මල පැනලා ආවේ) මේ හෙරින් තෙල්දාලා ලූනු එක්ක. බැන බැන ආවට මොකද පොඩි කෑල්ලක් කෑවාම නිතර කන්න ආසාවක් ඇති උනත් මගේ දුප්පත් ලිවර් එකට ඔරොත්තු නොදෙන නිසා ගෙදරට ගේන එකත් තහනම් උනා.
මම නම් දන්න තරමින් මේ වගේ කෑම හදන්න ඉස්සර මිනිස්සු පුරුදු කල් තියාගැනිමේ ක්‍රම විදියට. ඒකාලේ මේ අද වගේ ශීතකරන තිබ්බයැ. ඔය ලෝක ප්‍රසිද්ධ හැම් හදන්නෙත් මේ වගේ ක්‍රමයකින් තමයි. පුළුවන් උනොත් පස්සෙ වෙලාවක මාත් ලියන්නම්. ඒ වගේ ඒවා හදා ගන්න හැටි.
මනෝ එක්ක ඉතින් මිරිස් කන්න නම් මට කවදාවත් ආයේ අමුතුවෙන් පුරුදු වෙන්න ඕනේ නෑ.. (මොකටද අහිංසක කොල්ලන්ව භය කරන්නේ...:P)
රසවත් කෑමක් ගැන ලස්සනට ලියල තියෙනවා.
දකුණු පැත්තෙ ගිය දවසක අර කියන පොට් එකට අනිව යනවමයි.
ස්තුතියි හැමෝටම.
ජාඩි හදනවනම් මම අර කලින්න් කිව්ව වර්ග වලින් අලුත්ම මාලු ප්‍රෙෂ් බඩු හොඳින් සෝදා පිරිසිඳු කරගැනීම වැදගත්. මැටි මුට්ටිය , ලුණු ගොරක එහෙමත් පිරිසිඳුවට ගන්න ඕනෙ. මාසෙකට පස්සෙ කෑමට ගන්න මුට්ටිය අරිද්දි පිරිසින්දු පොල් කටු හැන්දකින් ජාඩි මාලු එලියට ගන්න . මතක ඇතුව ඉතිරි ජාඩි මාලු මුට්ටියෙ කඩවැස්ම ගැටගහන්න ඔනෙ.වතුර එකතුවෙන්න , මැස්සන්ට එන දෙන්න එපා හරිද ? එතකොට කට කහන්නෙ නැහැ.
@ රංගි
අනේ මගෙ කට . උඹත් එක්ක කන්න යනවට වඩා හොඳයි....මට කෑම කන්න නෙවෙයි කඩේ කොල්ලන්ට උපදෙස් දෙන්නයි සිද්ධවෙන්නෙ .
දුවල යන්න හිතෙනවා කොස්ගොඩට. මේ පාර අනිව යනව ඔය කිව්ව තැනට. මට මතකයි වගේ ඔය කඩේ ඉත් ගිහින් නම් නැහ
මම් කාලා නෑනේ :/
හරිම ආසාවෙන් ජාඩි ටික ගැන කියෙව්වා!
අපිත් මාතර තමයි.නියමයි.
http://manasindiviyata.blogspot.com/
ඇයි මේ ලිපි නොලියන්නේ ,කොච්චර වටිනවද ලියනවා නං
ජාඩි ගැන බොහෝදේ දැනගත්තා...,
ස්තුතියි
මෙච්චර හොඳ බ්ලොග් එකක් නැවැත්තුවේ ඇයි. අපි ආයෙත් ලියමු.
අපරාදෙනෙ මේක ලියන එක නවත්තල තියෙන්නෙ. බැරිද ආයෙ පටන්ගන්න.
ෙමාකද අප්පා මෙච්චර හොඳ බ්ලොග් එකක් ලියන එක නැවැත්තුවේ?