කවුරු කොහොම කිව්වත් දෙමල එහෙම නැත්තන් සයිවර් කෑම කිව්වාම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ තෝසෙ(ඩෝසෙ,තෝසෙයි ).ලංකාවෙ තෝසෙ නැති සයිවර් කඩ නෑ නෙ.තෝසෙ නන් නානාප්‍රකාර ජාති තියනවා,ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත සාමාන්‍ය තෝසෙ එහෙම නැත්තන් ප්ලේන් තෝසෙ හා මසාල තෝසෙ.නිකන් තෝසෙ නං අපි හැමෝම කාල තියනවනෙ.සාම්බාරුයි සම්බලුයි එක්ක තමා බොහෝ විට ඒව කන්න තියෙන්නෙ.සාම්බාරු නං දන්නවනෙ..බොහෝ විට ඉතුරු වෙච්ච එලවලු විශේශයෙන් වට්ටක්ක,කැරට්,මුරුංගා වගේ ඒව දාල හදන තරමක් උකු හොද්දක්.සම්බෝලෙත් අපි එදිනෙදා දකින සම්බෝලෙට වඩා වෙනස්.බොහෝ විට පේස්ට් එකක් වගේ තමා.කොල හා රතු පාටින් සම්බෝලෙ තියනව.අනික් තෝසෙ තමා මසාල තෝසෙ.ඒ තෝසෙ තියෙන්නෙ බොහෝ වෙලාවට දෙකට හෝ හතරට් නමල,මැද අල වලින් හදපු මිශ්‍රනයක් තියනව.ඒකත් එක්ක බොහෝ විට සාම්බාරු වලට අමතරව පරිප්පු හොද්දකුත් දෙනව.මේක සම්පූර්න ආහාරයක්.ගාන බොහෝ විට රුපියල් 80 ඉදල 100 දක්වා වෙනව.මීට අමතරව සෑම තැනම නැති වුනත් බොහෝ රස තෝසයක් තමා ලූනු තෝස කියන්නෙ.පීසා එකක් වගේ පෙනුම.සාමාන්‍ය තෝසයේ මැදට ලූනු හා කිරි මිශ්‍රනයක් දාල හදන තෝසයක්.හරිම හොද සුවදක් තියෙන්නෙ,චීස් සුවද කිව්වොත් හරියටම හරි.ගානත් වැඩිපුර නෑ..රු120කට විතර ලබා ගන්න පුලුවන්.
තෝසෙ වගේම තව ප්‍රධාන කෑමක් තමයි ඉදියාප්ප(ඉඩියාප්ප ).අපරාදෙ කියන්න බෑ මේ පලාත්වල ඉදියාප්ප හදිස්සියකට එලාගෙන බුදිය ගන්න හරි පුලුවන්.එච්චර ලොකුයි.සාමාන්‍යයයෙන් උදේ ආහාර වේලකට ඉදියාප්ප 5යි වඩයයි ප්ලේන්ටියයි හොදටම ඇති.ඒ වගේම තමයි සයිස් එක වගේම ගානත් ලොකුයි,එකක් රු6ක් විතර වෙනවා.ඉදියාප්ප කන්න සාම්බාරුයි සම්බෝලයි පරිප්පුයි ඇරෙන කොට කිරි හොද්දකුයි මිරිස් හොද්දකුයි තියනව,කැමති එකක් අරන් කන්න පුලුවන්.ඉදියාප්පයි තෝසෙයි කඩේකින් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම නොඉල්ලා වුනත් ලැබෙන දේවල් තමයි වඩ.ප්‍රධාන වශයෙන් වඩ ජාති තුනක් ගෙනෙල්ල තියනව.එකක් අපි හැමෝම දන්න පරිප්පු වඩේ,උලුදු වඩේ හා අල බෝල.පරිප්පු වඩේ නං කට්ටිය දන්නවනෙ.උලුදු වඩේ නං කන්න ඕන උනු උනුවෙන්ම තමයි,නැත්තන් ඉතින් පිටියි තෙලුයි ගිලිනව වගේ.කොහොම කෑවත් උලුදු වඩේ තෙල නන් යවන්න බෑ.මට පුදුම උදේ හවස වඩ ගිලින දෙමල මිනිස්සු කොහොම තෙල් පාලනය කරනවද කියල.ඒකටත් මොකක් හරි ක්‍රමයක් ඇති,දන්න කෙනෙක් ඉන්නවනන් ලියන්නකෝ.අනික තමා අල බෝලෙ,අලමිශ්රනයක් මැදි කල වඩයක් තමයි අලබෝලෙ කියන්නෙ.මේවත් රු25 ඉදල 30 දක්වා තමයි පරාසය වෙන්නෙ.
ඕව තමයි සාමාන්‍ය කඩයක දකින්න ලැබෙන ආහාර.කඩ ගැන කතා කරද්දි ගොඩක් දෙවල් තියනව කියන්න.කඩේට ඇතුල් වෙන්න ඉස්සෙල්ල හොදින් බලන්න ඕන ඒක නිර්මාංශ එහෙමත් නැත්තං වෙජිටේරියන්ද කියල.නැත්තන් කඩෙ ඇතුලට ගිහිල්ල මස් මාලු ඉල්ලුවොත් හරි අමාරුවකට තමා වැටෙන්න වෙන්නෙ.බොහෝ සාම්ප්‍රධායික කඩ බොහෝමයක් නිර්මාංශ,ඒවල බොහෝ වෙලාවට තියෙන්නෙ හැම දෙයක්ම සම්පූර්නයෙන්ම එලවලු (මඩකරි,මටකරි ) වලින් නිශ්පාදිත අහාර.ඒ වගෙම තමයි අහාර දෙන බදුනුත් හරිම විශේශිත ඒව.අපි බෙලෙක් පිගන් කියල හදුන්වන බොකුටු පිගන්වල ලන්ච් ශීට් දාල තමයි කෑම ගන්න තියෙන්නෙ.අපි කාල ඉවර වුනාම ඒ ලන්ච් ශීට් එක ඔතාගෙන් ගිහින් කුනු බක්කියට දාන එක අමතක කරන්න නන් එපා.එහෙම නොවුනොත් වේටර් කොලුවන්ගෙන් නෝන්ඩිය තමයි අහන්න වෙන්නෙ.අනික් කාරනේ තමයි වතුර.යාපනය නගර සීමාවට ඇතුලු වෙනකම් ජලය අපිරිසිදුයි.ඒකට හේතුව ජලයේ කැල්සියම්.වකුගඩු රෝගවලට ප්‍රධානම හේතුව.ඒත් කෝප්පයක් දෙකක් බීමෙන් නන් අබාදයක් වෙන්නෙ නැති බව කියන්න ඕනෙ.කඩවලින් වතුර බොන්න තියෙන්නෙ අර වටේ සිහින් උන බෙලෙක් කෝප්ප.එතරම් සිහින්ව දාරය සෑදීමේ අරමුන කෝප්පය කට නොතබා අගල් කීපයක් ඉහලින් තබා ගනිමින් වතුර බොන්නට සැලසීම.බලන්න හෝටලයක වගේ තැනක ඒක කොතරම් ප්‍රයෝජනවත්ද.දහස් ගනන් මිනිස්සු වතුර බොන කෝප්පය ගැන එයාල හිතල තියන විදිහ අපූරුයි නේද?
බත් ගැන කිව්වොත් උතුරු පලාතේ වැඩිපුරම භාවිතා වෙන්නේ රතු බත්.සුදු බතුත් නැතිවා නෙවෙයි.එයාල බත හදන්නෙ හාල් හොදට තම්බලා,ඒක නිසා බත් ඇටේ ගොඩක් විශාලයි.ඒක අපිටනන් හරිම අමාරුයි කන්න,නමුත් ගුණය ඉතා වැඩියි.නිර්මාංශ ආහාර වේලක් ගැන කතා කලොත් අනිවාර්යයෙන්ම එලවලු ජාති 3ක් තියනවාමයි.හැබයි ඒ එලවලු කවදාවත් දකුනෙ විදිහටනම් බලා පොරොත්තු වෙන්න එපා.ඇඹුල් ජාති වැඩියෙන් යොදා ගෙන තමයි එයාල කෑම හදන්නෙ.කෑම පාර්සලයක් ගනිද්දි එයාල සාමාන්‍යයෙන් බතුයි එලවලුයි බෙදලා නැවත ඒ එලවලු උඩට බත් හැන්දක් දමනව.ඒක එයාලගෙ සිරිතක්,හේතුව නන් දන්නෙ නෑ.
බත් ගැන කතා කරද්දි නොකියම බැරි දෙයක් තමා රසම් පානය.සමහර අය ඉන්නව රසම් එකේ රස ගුන අනුව යන කඩේ තීරනය කරන අයත්.එච්චරට රසම් එක විශේශයි.ඒකෙන් කෑම රුචිය ඇති කරනව, ඒක නිසාම හැම අහාර වේලකටම ඉස්සෙල්ල රසම් බොන්න දෙමල ජනයා පුරුදු වෙලා ඉන්නව.බත් එක්ක තව දෙන දෙන දෙයක් තමයි පපඩම්.ඒවලනන් එච්චර විශේශයක් නැති වුනත් ඒ එක්කම හම්බෙන මෝර මිරිසුයි අලුකෙහෙල් පෙති බැදුමයි නන් මරු.මෝර මිරිස් කියන්නෙ විශාලත්වයෙන් වැඩි හොදට ලුනු එහෙම තියන මිරිස් කරලකට.අපාරාදෙ කියන්න බෑ මරු සැර.ඔය ඔක්කොම ඉවරද?නෑ..තව තියනව..ඇයි සව් කැද එක.සාමාන්‍යයෙන් ටිකක් යමක් කමක් තියන කඩවල සව් එකත් වරදින්නෙ නෑ.ඕක තමයි සාමාන්‍ය කඩයක දවල් කෑම වේල.
රෑට කන එක ගැනත් යමක් කිව්වොත් ඉදියාප්පයි තෝසෙයි රෑට වරදින්නෙ නෑ.ඊට අමතරව පරාටත් ගන්න පුලුවන්.කොත්තුත් රෑටම විශේශිත වූ කෑමක්.හැබයි ඒකට විශේශත්වය දරන්නෙ ගොඩක්ම මුස්ලිම් කඩවල්.ඊට අමතරව ෆ්‍රයිඩ් රයිසුත් නැතිවා නෙමේ.රු200 කට වගේ හොද චිකන් රයිස් එකක් ගන්න පුලුවන්.
ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ල කියන්න ඕන ගොඩක් කට්ටියට යාපනය ගමනේදී හම්බෙන අවසාන හදුනාගත් සශ්‍රීක නගරය වෙන්නේ වවුනියා ව.බොහෝ දෙනෙක් කෑම ගන්න,තවත් අවශ්‍ය අඩුම කුඩුම ගන්න නවත්වන්නෙ වවුනියාවෙ.ඉතා විශාල නගරයක් වන වවුනියාවෙන් කවුරු හරි කන්න බොන්න එනව නන් අපිට රෙකමදාරු කරන්න තියෙන්නෙ සින්බොන් තමයි.ඒක තමයි නම.වවුනියා නගරයට ඇතුල් වෙද්දිම ෆුඩ් සිටිය යාබදව තියෙන්නෙ සින්බොන්.කෙටි ආහාර වලට ලාභ රස තැනක් තමයි එතන.ඒකෙම උඩ තට්ටුව බත් තෝසෙ ඉදියාප්ප චපාති වගෙ කෑම වලට.ඉහල බජට්ටුවක් තියනව නන් හොදම තැන නෙල්ලි ස්ටාර්.වෙජිටේරියන් අහාර ගන්නවා නන් තැන සුද්දානන්ද භවාන්.වවුනියාවෙ ඕන කෙනෙක් දන්නව ඔය තැන්. හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.
ko ithin kadawal tika gana kiyala nehe ne...?
rolex, mega, aneka mathaka ne. eva ganath liyanda...kema gana witharak ochcharama liyalath wedak nehe ne
@donga
ඔය ඔයාම ලියල තියෙන්නෙ.....:-D
වවුනියාව පැත්තෙ නම් කඩවල නම් ලියල තියනව.ඔය නම් ටිකත් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි.
මේකනං වැදගත් ලිපියක්.
දෙමළ කට්ටිය සිංහල මිනිස්සු වගේ කාල නිකං ඉන්නෙ නැති නිසා ඒ ගොල්ලන්ගෙ තෙල් පාලනය වෙනව ඇති.
@Praසන්ன
ඒකනන් ඇත්ත.
ඒත් මේකට මොකක් හරි කෑම සම්බන්දම ප්‍රතිකාරයක් තියනව.බොහෝ විට ඒක වඩේ කෑමට ගන්නා සම්බල් එකේ තියන කරපින්චා ප්‍රමානය වෙන්නත් පුලුවන්.මං අහල තියනව කරපිංචා කොලොස්ට්‍රෝල් අඩු කරනව කියල.
Every friday, programme එකකට මම වවුනියා යනවා. මම නම් කෑම කන්නේ police quarters eken එකෙන්.නෙල්ලි ස්ටාර් එකේ කෑම බලු බල්ලෙකුට කන්න බැහැ. කිසිම රසක් නැහැ.
මේ දවස් වල හැටියට හුඟක් ප්‍රයෝජනවත් වෙන ලිපියක්
@Ano
මං නන් හිතන්නෙ ඒ කෑම වල ප්‍රශ්නයක් නෙමේ,මොකද සිංහල විදිහට කෑම කාල ඒව කෑවාම ටිකක් වෙනස් වගේ තමයි.පොලිසියෙන් කන්නෙ නැතුව එලියෙන් පොඩ්ඩක් කාල බලන්න.සමහර විට නෙල්ලි කෑම අමෘතය වගේ දැනෙයි.අනික එතන තෝසෙ ඉදන් පීසා එක දක්වා තියනව මං දන්න විදිහට.
@පිණිබිඳු...
මේ දවස් වල විතරක් නෙමේ,ඉස්සරහට දිගටම ප්‍රයෝජනවත් වෙයි...
:-D
katata kelath uranawa
:)
@Vithti
:-D