ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

ගෙදරදි කොත්තු රොටි

Posted by Rachintha Jayawardhana On Tuesday, August 03, 2010

  • චටස් පටස් කොත්තු රොටිය කැපෙයි මේ වගේ..
  • ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය. . සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය. .
  • කොත්තු රොටී අපි කාටත් දහක් වටී. .තලු මර මර බලනා කට ගැහෙන සැටී. .
  • මට කොත්තුත් ඕනේ. . .
ඔය ඔක්කොම සින්දු හැදුනේ මේ රසවත් කෑම හින්දා.බයිට් එකක් විදිහට වගේම දවාලට කාපු කෑම ආපහු රෑට කන්නත් එපා උනාම මේක මාර විකල්පයක්.කලින් දවසක් කඩයක් ගැන ලියලා තිබුනට දැන් ලියන්නේ ගෙදරදි හදන විදිහ.හදන්න යන්නේ විනාඩි විස්සයි.මේක ලියන්නේ අපේ අනුවා සහ ලිෂාගේ මතක් කිරීම මත.

වැඩේ පහසුයි.තාච්චියක තෙල් ටිකක් රත් කරගන්න.ඒක තෙල් නටද්දි( බුබුලු දාද්දි ) ඒකට තලාගත්තු ඉඟුරු චුට්ටක්, තලාගත්තු සුදු ළුනු කෑල්ලක්, කරපිංචා, ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න.ඒක ටිකක් රත්වෙද්දි පොඩියට කපාගත්තු ළුනු, කැරට්, ලීක්ස් ටිකත් දාගෙන කවලම් කරගන්න.ඒ ටික තෙල් වලින් පොඩ්ඩක් බැදෙද්දිම බිත්තරයක් කඩලා දාන්න.ඒ ටික හැන්දකින් කවලම් කරන ගමන් පොඩි කෑලි වලට කපපු ගෝදම්බා රොටි තුනක් හෝ හතරක්, ඒ වගේම බැදපු හෝ උයාගත්තු චිකන් කෑල්ලක( ඕනෑම මාංශ ජාතියක ) කටු අයින් කරලා පොඩි කෑලි වලට ලිහාගෙන මේකටම එකතු කරන්න.ඊට පස්සේ තක්කාලි සෝස් ටිකකුයි සෝයා සෝස් ටිකකුයි දාන්න.

ගෙදර හදන කොට කොත්තුව ටිකක් කරවෙන්න දෙන්න.ඒ නිසා මුලදි තෙල් ටිකක් අඩු වෙන්න දාලා අන්තිමට ගින්දර ටිකක් වැඩි කරන්න.මේ ඔක්කොම කරලා ඉවර වෙලා, තාච්චිය විනාඩි පහකින් ලිපෙන් බාන්න.මේ විදිහට කොත්තු හදන්න නං කලින් කොත්තු කාලම තියෙන්න ඕන.නැත්තං දාන ප්‍රමාන ගැන අපිට දැනුමක් නැති වෙනවා.

වෙජිටේරියන් නං චිකන් හෝ මාංශ ජාතිය වෙනුවට හතු එකතු කරගන්න.සෝයා සෝස් සහ තක්කාලි සෝස් නැත්තං සීනි තේ හැඳි එකහමාරක් විතර දාන්න.වෙනසක් විදිහට හැපී කව් චීස් වෙජ් එකක් එකතු කරගන්න.ක්‍රාෆ්ට් චීස් දාන්න එපා.

මෙහෙම කොත්තුවක් කන්න හොදි ඕන්නෑ!

20 Response to " ගෙදරදි කොත්තු රොටි "

  1. ඇයි ක්‍රාෆ්ට් දාන්න එපා කිව්වෙ? රස අප්සෙට් යනවද?

     

  2. ඔව් මචං වැඩේ අවුල් ගියා මටනං!

     

  3. h Said,

    ම්ම්ම්... මගේ ප්‍රියතම ආහාරයක්. කාලයක් හැමදාම රෑට එපා වෙනකල් කෑවා. නුගේගොඩ බෝ ගහ ගාව කඩ පේලියෙ කොනේම තියෙන ඉන්දියන් හෝටලේ කාලයක් නියමෙට කොත්තුව දැම්ම. පස්සෙ නම් අල වුණා. තව නුගේගොඩ සිටි ෆුඩ් කොත්තුවත් නියමයි.

    ගෙදරදි ඉතිං රොටි හොඳට කපාගන්න වෙනව. කෙටෙන්නෙ නැති නිසා රොටි කෑලි ලොකු වුණොත් කොත්තු ගතිය නැති වෙයි. මේකම තමයි කඩේ කරන්නෙත් නේද?

    මට හිතෙනව සාමාන්‍යයෙන් ගෙදර හදන පොල් රොටිය කෑලි වලට කඩල මේ ක්‍රමේට හදල ගත්ත නම් කොත්තුම නොවෙන නියම කෑමක් වෙයි නේද කියල...

     

  4. කෝ හෙණ්ඩුව විතරනේ. අලිය කඩෙන්ද? ගොදම්බ හදන හැටි ඊළග එකෙන් වත් දාන්ඩෝ

     

  5. මමත් ගෙදර ඉන්න දවස් වල මාසෙකට සැරයක් හදනවා අහල පහල අයටත් එක්ක සද්ද නැති කොත්තු

     

  6. Manik Said,

    චිකන් කන අයට නම් චිකන් හොදි ටිකකුත් කොත්තුව ලිපෙන් බාගන්න කලින් කවලම් කරලා විනාඩි 2කින් විතර බෑවම කොත්තුවේ වේලිච්ච ගතිය යනවා. තව තෙල් රත්වෙනකොට රම්පෙ කෑල්ලකුයි,කරාබු නැටි 2-3 සහ එනසාල් ඇට 2ක් විතර දැම්මම රසය තවත් වැඩි වෙනවා ඒ වගේම සුවඳයි. අනික තමයි chilly paste ටිකකුත් දාන්න ගෝදම්බා රොටි එකතු කරන්න කලින්.මේ මම හදන හැටි, කඩේක හදන විදිය බලාගෙන තමයි මමත් හැදුවෙ....

     

  7. මේකනං නියමයි බං! "කො"යන්න ඇහෙද්දිම කටට කෙළ උනනවා

     

  8. ඕයි KPG, එව්වා කඩෙන් ගනින්! උඹටත් ඕන්නැති ගෝදම්බයක් නෑ!

     

  9. ගෝදම්බ hadana hati utube eke one thran tiyenwa ;)
    niyama post eka macho,mannm oya kiwata kaden thama ithn kottu kanne,hehe

     

  10. Anonymous Said,

    ස්තුතියි ලිපියට.
    BTW අනුරාධපුරේ නව බස් නැවතුම්පල ඉස්සරහ රෙස්ටොරන්‍ට් එකක තියෙනවා කොත්තු වර්ග 150ක් තියෙනවා කියලා බෝඩ් එකක්.

    දන්න කෙනෙක් ඉන්නවනම් වැඩි විස්තරයක් කියන්න. මමනම් හිතන්නේ සංයෝජන (nCr) ක්‍රමේට වෙන්න ඇති ඔච්චර ලොකු ගණනක් ආවේ.

    -AD

     

  11. නියමයි. සද්ද නැති කොත්තු.

     

  12. මුචේ....තහඩුවලින් කෙටිල්ල නැහැයි කියල අවුලක් නැහැ නේ...... හදලම බලමු.

     

  13. Anonymous Said,

    අපේ ගෙදර නං ඉඳලා හිටලා ඔය සද්දෙ නැති කොත්තු හදනවා දැන් කාලෙක ඉඳලා. ටොයිලට් ප්‍රශ්නත් නෑනෙ. අර ගෝදම්බෙ නං කඩෙං තමයි. ගෙදර 4දෙනාට ගෝදම්බ 10-12ක් දානවා. සමහර දවසට 14ක් විතර. ඊට පස්සෙ ඉතිං බඩ පැලෙන්න කෑම තමයි.
    /නිපුන

     

  14. මමත් මේ අඩවිය හොදට රසවිදිනවා..
    මාත් කැමතියි සම්පත්දායක කරන්න,කොහොමද ලිපි ලබන්න සලස්වන්නෙ කියල මට දන්වනවද?

     

  15. Naliya Said,

    මේ දවස් ටිකෙ වඩ නිසා බ්ලොග් එක බලන්න උනෙත් නැ හරියට.
    කොත්තු කියවාම පහුවෙනිදට බඩේ අමාරුව තමයි මතක් වෙන්නේ.ඒත් කොත්තු කැමනම් එපා වෙන්නේ නැ විශේෂයෙන් බයිට් එකට.නියම සටහන මචො .ගෙදරදී හදා ගන්න තියනවානම් අගේ කියලා වැඩක් නැ.නිවාඩු පාඩුවෙ try කරලා බලන්න ඕනේ!

    @මද්දු
    email address එක දේන්න.

     

  16. Anonymous Said,

    to :Nalin
    yako kotthu kanne bethak washayen ban.masekata sarayak withara kaapan.api masayak purama kapu wisha beeja tika eka dawasin full suddai. :P

    dan kiyapan balanna Roti kohenda okata danna? plane rotiyak Rs.12k ewath nikan sawkola wage hulage gahagena yanawa.roti 10k withara dammoth 120.bittharayak 15i. kaden kana eka labai wage ban.

    but 1ka dawasak hari try karala balamu tanx post kalata :D

     


  17. Deeps Said,

    පට්ටනේ මුචෝ...හදලා බලන්නම්කෝ..මම හිතන් හිටියේ ඔය කොත්තුව හදන එක හෙන අමාරු වැඩක් කියලා...එහෙම නෙවේනේ බලන් ගියාම

     

  18. Bunny Said,

    ගෝදම්බ රොටි වෙනුවට මං බිත්තර රොටි කපලා දාලා ඔහොම මගුලක් හැදුවා.. අන්තිමට වෙනම කැමක් ඒක :D
    රහයි :D

     

  19. Anonymous Said,

    අපිත් හෑදුවා.. හරිම රසයි..වෑඩිය මම මෙ බ්ලොග් ගෑන දන්නෙ නෙ..මෙ ටිකත් බොහොම අමරුවෙන් ලියා ගත්තෙ..බොහොම ස්තුති..

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!