ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

ලැසී

Posted by Rachintha Jayawardhana On Sunday, August 01, 2010

අද කියන්න යන්නේ පහසුවෙන් හදාගන්න පුලුවන් බීමක්.රස බීමක්.කඩේ ගන්නවානං රුපියල් 200ක් විතර වෙන නිසා, අපි මේ කියන විදිහට රුපියල් දෙසීයක් වියදමෙන් හතර දෙනෙකුට පමන සෑහෙන ප්‍රමානයක් සාදාගන්න පුලුවන් නිසා කට්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.

මේකට අවශ්‍ය කරන්නේ

  1. මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්)
  2. මී කිරි ගත්තු ප්‍රමානයෙන් බාගයක ප්‍රමානයට අයිස් වතුර
  3. සීනි තේ හැඳි තුනක්
  4. ලුණු රස පමනට
  5. ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක්

මේ ඔක්කොම බ්ලෙන්ඩරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්න.ඊට පස්සේ වීදුරු හතරකට දාගෙන හතරදෙනෙක් එක්ක බොන්න.බඩජාරිකමට තනියම බොන්න එපා.



ඒ වගේම මේකේ ස්ට්‍රෝබෙරි වෙනුවට අඹ පෙති දෙකක්, මින්ට් කොල දෙකක්, රෝස් සිරප් ටිකක්, චොකලට් කෑලි දෙකක්, කෙසෙල් ගෙඩියක් එකතු කරගෙන රස බලන්න.

 
ක්‍රමේ කියලා දීපු ලිහිණි අක්කට පිං!

16 Response to " ලැසී "

  1. කවුද හිතුවෙ අදම උඹ මේක දායි කියල.

    මුලින්ම රස බැලුව වෙලාවේ මගේ ඇස් දෙකත් උඩ ගියා.. අමෘතයට වැඩිය රස දෙයක් පොඩි ගාණකින් ෂේප් කරල හදා ගන්න පුලුවන්.

     

  2. සුපිරි..!!! හදලා බලන්න ඕනේ අම්මාගේ අනුග්‍රහය ඇතිව..!!!

     

  3. මෙච්චර රස දෙයක් හදල දුන්න ලිහිණි අක්කට පිං!

     

  4. ආයෙ ගෙදරට ගෙනාවම හදල බලන්න ඕන... පේන විධියට නියමයි වගේ...

     

  5. Kolama Said,

    මචන් සීනි තේ හැඳි තුනක් ඇද්ද ??

     

  6. @Kolama: කියපු විදිහට නං ඇති ලොක්කා!

     

  7. does it taste like stirred yoghurt?....thnx anyway 4 the info.....:)

     

  8. හදල බලන්න ඕනි....අවුලක් ගියොත් තමා චා වෙන්න වෙන්නේ....හික්ස්

     

  9. හ්ම්... දැන්මම කටට කෙළ උනනවා වගෙ... :D

     

  10. බඩේ පණුවෝ මාරාන්තික උපවාස කරන්න හදනවා බං මේවා දැක්කහම.
    මේවා කියාදුන්න ලිහීණි අක්කටත්, මුචා උඹටත් , ලබන ආත්මභවේදී උතුරන්න ලැසී ලැබේවා !

     

  11. අමිල Said,

    මීකිරිත් සමග හට්ටියත් බ්ලේන්ඩ් කරයි ද සමහරු....????
    {
    1. මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්)


    මේ ඔක්කොම බ්ලෙන්ඩරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්න.

    }
    :P

    මුචාට ජය.

     

  12. Bunny Said,

    යකඩෝ.........කෑම ???? මම මේ සයිට්‍ එක දැක්කෙ අදනේ ???

    මරු මරු...!!!

     

  13. හප්පට සිරි.. මේ ලස්සි එකේ ඔරිජිනල්ම එකක් මම බංග්ලාදේශ් වල ඉද්දී බිව්වා.. පට්ට බීම ඒක.. මම හිතන්නේ මේකේ මව් රට බටහිර බෙංගාලය පැත්ත වෙන්නැති කියලා.. මොකද කල්කටා වලත් මේක හරි ජනප්‍රියයි..

     

  14. දෙන්නම් වැඩේ..මේ වීක් එන්ඩ් එකේ...

     

  15. Jay Said,

    මගෙත් කැමතිම බිමක්..

     

  16. Naliya Said,

    නියමයි ලැසී බීලා තිබුනට ගෙදරදී හදා ගන්න විදිය දැනගෙන හිටියේ නෑ නේ.මුචාට ස්තුතී වේවා.වැඩි වැඩියෙන් කැම බීම ලැබේවා!

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!