ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

තලප

Posted by hare :-) On Thursday, May 06, 2010

කට්ටිය වැලි තලප ඕන තරම් කාල ඇති. කැන්ද කොලේ ඔතල දෙන හැලපත් කාල ඇති. ඒත් නිකංම නිකං තලප කාපු අය නම් හොයාගන්න ටිකක් අමාරුයි. අද අපේ තාත්ත හදපු තලප ගුලියක් ගිලින ගමන් කමුබොමු එක මතක් වෙලා මේ ගැන මම දන්න ටික හරි කියන්න ඕන කියල හිතුවා.

වැලි තලප කෙසේ වෙතත් හැලප සහ තලප දෙකම හදන්නෙ කුරක්කන් වලින්. හැලප නම් අපි ගන්නෙ කැවිල්ලක් විධියට වුණත් තලප නම් ඉස්සර ගම්වල මිනිස්සු කුරක්කන් වලින් හදාගත්තු ප්‍රධාන කෑමක්. ඒ කාලෙ හේන් ගොවිතැනේ මූලිකම බෝගයක්ලුනේ කුරක්කන් කියන්නේ. ගම් ගැන හේන් ගැන කියවපු හැම පොතකම වගේ කියන්නෙ හේනට කුරහන් ඉහිනවා කියලනේ. ඒ කියන්නෙ කුරක්කන් වලින් හදපු ආහාර ඒ දවස්වල (සමහර විට ඇතැම් පිටිසර ගම් වල තවමත්) ගැමියන්ගෙ මූලික ආහාර විධියට සලකලා තියෙනවා. ඒ අතරෙ තලප කියන්නෙ ලේසියෙන්ම හදාගන්න පුළුවන් ආහාරයක්.

මේ ගැන ලියන්න ඕන නිසා මම තාත්තගෙන් ඇහුවා කොහොමද හදන්නෙ කියල. වැඩි දෙයක් නෑ. කුරක්කන් පිටි වලට යන්තමින් වතුර එකතු කරල ඒක ලිපේ තියල ගුලි කරගන්න පුළුවන් ගානට එනකල් හැන්දකින් කලවම් කරමින් තම්බනව. ඒකට ලුණු ටිකකුත් දාගන්න ඕනලු. කොහොම හරි ගුලි කරගන්න පුළුවන් ගානට ආවම උණුවෙන්ම හැන්දයි අතයි පාවිච්චි කරල සාමාන්‍ය අඟල් 4ක විතර විෂ්කම්භයක් තියෙන ගුලි හදාගන්නව. මේව තැම්බිල ආවම තද දුඹුරු පාටයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට මේ ගුලි දෙකක් ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නෙ.

තලප නිවෙනකල් තිබ්බොත් කන්න ටිකක් අමාරුයි. ඒ නිසා උණුවෙන් කන්න පුළුවන්නම් හොඳයි. තලප නිකං කන්නත් බෑ. හොඳට උකු තරලයත් වගේ හොද්දක් හදාගන්න ඕන. ගම්වල නමි මේකට හදන හොඳම හොද්ද තමයි කොල්ලු හොද්ද. හොද්ද කිව්වට මේක ඕන දේක හොඳට තැවරෙන ගොඩක් උකු එකක්. මේක රස කරගන්න ඉස්සර නම් දඩමස් පුංචි කෑලි වලට කපල දාල තියෙනවා. නිකං මස් කොල්ලු හොද්දක් වගේ. මම පුංචි කාලෙ අපේ නැන්ද හරක් මස් එකතු කරල හදල දුන්න කොල්ලු හොද්ද එක්ක මම තලප කාල තියෙනවා. ඒ වගේම තාත්ත බිබිලෙ වැඩ කරන කාලෙ ගේන දඩමස් දාලත් වරක් කොල්ලු හොද්ද හැදුව වගේ මතකයි. ඒ තමයි මම කාපු හොඳම තලප එක කියල මට තාමත් කියන්න පුළුවන්. දැන් අපේ තාත්ත නමි හැමදාම හොද්ද අනාගන්නවා. එක්කො දියර ගතිය වැඩියි. නැත්තං කුළුබඩු වැඩියි. (එයා පරිප්පු හැදුවොත් ඒකෙ පරිප්පු වලට වඩා තියෙන්නෙ උළුහාල්, අබ වගේ කුළුබඩු තමයි) මොනව වුණත් හරක් මස් හරි උම්බලකඩ හරි යහමින් දාල හොඳට තුනපහ එක්ක හදල ගන්න කොල්ලු හොද්ද තරම් තලපයත් එක්ක සෙට් වෙන වෙන දෙයක් නෑ.

තලප කෑමත් විශේෂයි ඇත්තටම. තලපය කන්නෙ අර ලොකු ගුලියෙන් ගිලින්න පුළුවන් පුංචි ගුලි හදල ඒක අර හොද්දෙ තවරගෙනයි. හැපිල්ලක් නෑ. හොඳට හොදි තවරගෙන ගිලින්නයි තියෙන්නේ. ඒ නිසාමයි හොද්ද උකු වීම වැදගත් වෙන්නේ. ඒ වුණත් තලප කෑමේ මේ වෙනස් විධිය නිසාම ‍ඇතැම් අයට තලප හරියන්නෙ නෑ. මම නම් අඩු තරමෙ එළවලු කැපිල්ලෙවත් වෙනසක් අපේක්ෂා කරන මනුස්සය හින්ද මේ වගේ වෙනස් කෑම රටාවක් සහිත තලපය පිහිගන්නෙ හරිම කැමැත්තෙන්.

අපේ ගෙදර රෑට බත් කෑමට මම කොමාව පනවල තියෙන නිසා ඉඳි ආප්ප, රොටි, පාන්, තෝසෙ වගේ කෑම එක්ක මාසෙකට වතාවක් දෙකක් තලපෙ වරදින්නෙ නෑ. මම දන්නෙ නෑ කී දෙනෙක්ට මේක බලල තලපය අත්හදා බලන්න හිතුනද කියල. උත්සාහයක් දරන්න බලන්න. මම හිතන්නෙ ගොඩක් දෙනා කැමති වෙයි.

14 Response to " තලප "

  1. Jay Said,

    තලප මමත් කාලා තියෙනවා, හරි ගුණයි කියලා අහලත් තියෙනවා. එතරම්ම මම ප්‍රිය නොකරන කෑමක්. මොකද කියනවානම් ඔය කන්න තියෙන අමුතු රටාව නිසා මම එතරම්ම කැමති නැහැ.
    :)

     

  2. Said,

    ඔහොම එකක් මන් කාලා නැහැනේ.
    මන් අහලා තියෙන්නේ උණු ගින්දර වලට කොලේක ඔතලා දාලා හදන කුරහන් තලපයක් ගැන

     

  3. මේ පැත්තෙනම්‍ තලප කන්නේ කොස්ඇට හොද්දත් එක්ක.

     

  4. මම නම් ඕන තරම් තලප කාල තියෙනව. අපේ අම්මා දන්නව කුරහන් තලප හදන්න. ඒත් අපිට කුරහන් හේනක් එහෙම නැති නිසා කඩේ තියෙන පැකට් කළ පිටි වලින් තමයි හදන්නෙ. හැබැයි අපේ අම්මා නම් තලප කන්න හදන්නේ කොල්ලු නෙමේ (මම කොල්ලු කාල නෑ). ඇඹුල් වැඩියෙන් දාපු මුං ඇට පියලි හොද්දයි, මාලු/චිකන් හොදියි එක්ක තමයි මම කාලා තියෙන්නේ. ඒත් ඔය තලප එක ගුලියක් කෑවම මගෙ බඩ නම් පිරෙනවා. කෑදර කමට වැඩියෙන් කන්න ගියොත් ඉස්මුරිත්තාව හැදෙනවා.

     

  5. lokka Said,

    මම නම් ආසම කෑමක් තමයි තලප ම්ම්ම්ම්

     

  6. @ අන්ෂ් - ඒක තමයි ගොඩක් අය අකමැති හේතුව

    @ ම - අඩේ මමනම් ඒක අහල නෑ. සමහර විට මේකම හදන වෙන ක්‍රමයක්ද දන්නෙ නෑ.

    @ ප්‍ර - ඒකත් හොඳයි කියල හිතෙනවා මට නම්. මොකද කොස් ඇට හොදදත් සෑහෙන්න උකුයිනේ.

    @ - සොබනි - අපි හදන්නෙත් කඩේ පැකට් වලින් තමයි. කොල්ලු කිල නැති එකනම් අපරාදෙ රස ධාන්‍ය වර්ගයක් ඒක. අශ්වයන්ටත් ඕව තම්බල දෙනවලු. මුං ඇට පියලි හොද්දත් නරක නැතිව ඇති. දියර ගතිය අඩු උකුවට තියෙන ඕන එකක් මේකට හරි යනව ඇති.

    @ - එල එල ලොක්කා

     

  7. MaJee Said,

    ම්ම්ම් මතක් කළාට ස්තූතියි. මමත් මුළින්ම තලප කෑවෙ ගිය අවුරුද්දෙ [අදියතලාව පැත්තෙ මගෙ යාලුවගෙ ගෙදර ගියාමයි. එයාල වැඩියෙන් හදන්නෙ කුරහන් වලින් නෙමෙයි. බඩ ඉරිඟු පිටි වලින්. ඒත් ඔය ක්‍රමයටම තමයි. ඒවා කහ පාටයි ලස්සනයි. රසත් ඒ වගේමයි. හැබැයි උණුවෙන්ම ගිලින්න ඕනි තමයි. නැත්නම් එච්චර ගොඩක් නිවුනම ගිලින්න අමාරුයි :-P කය වෙහෙසා වැඩ කරන මිනිස්සුන්ට තලප ගොඩක් කන්න පුළුවන්ලු.

    එයාල තලප හොද්දට කීවෙ ආනම් හොද්ද කියල. ඒක හදා ගන්නෙ දියාරුවට තමයි. කවුපි පියළි, කොස් ඇට, මුං පියලි, මිරිස්, හීනියට ලියපු රතු ලූණුත් හොද්දට දානවා. උකු ගතිය ගන්න තලප හදාපු ඉරිඟු පිටි ටිකකුත් ඒකට දානවා. නාන්න තරම් හොදි බොකුටු පිඟානකට දාගත්තම ඒකෙ පීන පීන තලප කතහැකි. ගිලගෙන ගිලගෙන ගිහින් ඉතිරි හොදි ටික පිඟානෙන්ම බොනකොටත් හරි ජොලි :D

    එයාල මං ගෙදර එනකොට තලප හදන්න අඩුම කුඩුම පුරවපු මල්ලකුත් දුන්නා. ඉතින් මාත් ගෙදර අයට ඒ වගේම තලප සහ ආනම් හදල දුන්නා :-)

     

  8. පොච්චියේ තලප කියනකොටත් දිව නටනවා...

    මාත් කැමති මුං ඇට හොද්දත් එක්ක තමයි..

     

  9. V Said,

    මමත් කිහිප සැරයක් තලප කාල තියෙනවා හැබැයි මතක් හැටියට වැඩියෙන්ම රහ තලප කැවේ මොණරාගල හරි අම්පාරේ හරි කැලේ මැද වාඩියක ගගක් අයිනේ මස් ( පොලිසියට කියන්න එපා) එක්ක කාපු එක තමා.
    තලප නිකම් කනවානම් මෙලෝ රහක් නැ.ඕකට මස් හොද්දක්ම ඔනේලු හොදටම දෙසා බාන්න.

     

  10. h Said,

    @ ඔබේ ජීවිතේ - ඉරිඟු වලිනුත් ඕක හදනවා තමයි. මම වතාවක් කෑවා. ඒක මාර ගති තමයි. ඉරිඟු වල කිරි රසත් එක්ක ඒක නියමෙට සෙට් වෙනවා. ඒ කියන්නෙ ඔයාට තලපෙ පදම එහෙම තේරෙණව නේද? අනේ හරිම ෂෝක් :)

    @ මා - එල එල. හොඳට රහ දන්නව වගේ නේ.

    @ වැන්ඩෙටා - මස් මිශ්‍ර වුණ හොද්ද තමයි මට ගොඩක් ඉස්සර කියපු විධියට පාරම්පරික හොද්ද. මේක ඇත්තටම අපේ මුතුන්මිත්තන් කෑම ගත්තු ක්‍රමයක් කියල ඉස්සර කියෙව්ව මතකයි.

     

  11. මමත් එකම එක පාරක් හරක් මස් එක්ක කාල තියෙනවා.හරිම රහයි කියලා මතකයි.හැබැයි රහ මතක නෑ වගේ.උදේකට මිසක් රෑකට ඕවා හදන්න කියලා අම්මට කියන්න බෑ.මොකද තාත්තටයි මටයි රෑට බත් නැතුව බෑ.මොනා උනත් පට්ට.මෙහෙම කෑම ගැන තමයි ලියවෙන්න ඕන.ලිෂානය දැන් මාසෙක විතර ඉඳන් පැණි වලලු ගැන ලියනවා!

     

  12. @ මුචා - මේක උදේට කාල ඉන්න ටිකක් අමාරු වෙයි බං. මොකද කුරකුකන් ජීර්ණය වෙන්න වෙලා ගන්න සීන් එකක් මම අහල තියෙනවා. ඒ නිසා රෑට ගන්න එකලු හොඳ කියල කියන්නේ. ඒ වුණාට කාල ඉන්න පුළුවන් නම් උදේ දවල් රෑ බේදයක් නෑනේ කෝකෙත්!

     

  13. Bandula Ambalangoda Said,

    අවන්කවම මම හරිම ආස කෑමක් . කොල්ලු හොද්ද රසට උයන හැටි කිව්වට Thanks .
    මම අද තමය් මේ බ්ලොග් එකට ගොඩ උනේ, එළකිරි බ්ලොග් එකක්.
    i think anyone can cook.....

     

  14. me blog ekata godawenakota katata kela unanawa...

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!