ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

පොට් දෙකක්

Posted by Rachintha Jayawardhana On Wednesday, April 14, 2010
පොට් එකක් දෙකක් දැනටත් ලියා දාලා තියෙනවා
මත්තටත් තවත් කියනට හිතේ ඇඳීලා

කොත්තු හට් එකෙයි කාලය ගත වෙන්නේ
එවුනත් මුචා කියා මා කවුරුත් අමතන්නේ

අද කියන්න යන්නේ පොට් දෙකක් ගැන.එකකින් ප්‍රධාන ආහාර වේල අනිත් එකෙන් සුළු ආහාර වේල්.ඔන්න මුලින්ම කියමුකෝ ප්‍රධාන ආහාර වේල.

ප්‍රධාන ආහාර වේල අපි කවුරුත් හඳුන්වන විදිහට සයිවර්.වෙජිටේරියන් ඩයල් වලට කියාපු පොට් එක.නම Chennai Vegetarian Restaurant.තියෙන්නේ කවුරුත් දන්න කියන වැල්ලවත්තේ ශක්ති ටියුෂන් ක්ලාස් එකෙන් මෙහා පැත්තේ තියෙන වැල්ලවත්තේ කෝවිලේ එහා පැත්තේ.වැල්ලවත්ත කෝවිලේ ප්‍රධාන ඇතුල්වීම තියෙන්නේ ඉස්සරහින් නෙමෙයි; පැත්තකින්.ඒකියන්නේ වෙනම පාරකින්.ඒ පාර එහා පැත්තේ තමයි මේ කියන තැන තියෙන්නේ.ගනං මිනුං ඒ කඩේ හැටියට හුඟක්ම ලාබයි.අපි සාමාන්‍යයෙන් රුපියල් 30/= කට වඩයක් කෑවටමෙතන හතලිහයි.හරිම රහයි, නෝමල් එකට වඩා උණුයි, ඒවෙලාවේ හදපුවා තමයි දෙන්නේ.ඒක නිසා ටිකක් වෙලා ඉන්නනං වෙනවා.තෝසේ එකක් 70/= යි.තියෙන්නේ නියමම පේපර් තෝසේ එකක්.මාරම රහයි.ඇඩි දුර විස්තර තව පාරක් කාලා ඇවිල්ලම කියන්නං.අනිත් එක අපි හුඟක් වෙලාවට කන කට්ටක් තමයි තෝසේ රහ දාට, හොදි රහ නැති එකයි.ඒකෙම අනිත් පැත්තයි.හැබැයි මෙතනනං එහෙම නෑ.දෙකම මාර ගතියට තියෙනවා.ඒ වගේම හරිම පිළිවෙලයි.ගෙදර ගෙනිහින් කනවානං නිකම්ම බෑග් වල දාලා දෙන්නේ නෑ.වෙනමම භාජන වල දාලා පිළිවෙලට දෙනවා.තවත් දෙයක් කියනවනංවාහනේකින් ගිහින් ගන්නවනං කඩේ ඇතුලේ රස්ති වෙන්න ඕන නෑ;ඕනම ටයිම් එහෙක කට්ටිය අපිට සලකන්න ෆුල් රේඩී.

ඔන්න දෙවනි එක මගේ ආදි කාලේ ඉඳන් ප්‍රියතම තැනක් වෙච්ච Family Baker Cool Corner.මේක තියෙන්නේ ගල්කිස්සේ.ගල්කිස්සේ කොමර්ෂල් බැංකුව ඉස්සරහින් බැහැලා ටිකක් කොළඹ පැත්තට එනකොට, එහෙමත් නැත්තං ගල්කිස්සේ ඕඩියන් ෆිල්ම් හෝල් එක ඉස්සරහින් බැහැලා ගාල්ල පැත්තට යනකොට (Star Dogs, Queens Cafe එහෙමත් පහු වෙනවා) තමයි පොට් එක තියෙන්නේ.හරියටම කිව්වොත් Lion Restaurant එක ඉස්සරහා.තැන නියමයි, පිරිසිදුයි, ගාන එහෙමත් පොකට් එකට හොඳයි.තියෙනවා ඕන ජාතියක්.Family Baker එකෙන් අලුත්ම ජාති වල Short eats වර්ග, Soup වර්ග, Noodles ඕන එකක්.Cool Corner එකෙන් Fruit Drinks සහ තවත් බීම ජාති සමග අයිස් ක්‍රීම්.බීම ජාති විදිහට Fruit Drinks ඇරුනම Faluda, Milk Shake ඕන එකක ගාන 130/= විතර.120/= ටත් තියෙනවා මොනවද මන්දා.Ice Cream ජාති නං විශේෂයි.සාම්ප්‍රදායික Vanilla, Chocolate, Strawberry, Fruit and Nut වගේ අයිස්ක්‍රීම් එකක් රුපියල් 50/=ක් 60/= විතර වෙන්නේ Topin එකකුත් එක්කම.Chocolate, Vanilla සහ කජු එකට තියෙන Triple Ice Cream එකට.ඒක 70/=.ඊට පස්සේ තියෙනවා වෙන වෙන ජාති.ඒ කිව්වේ ඒ ගොල්ලෝ එතන හදලා දෙන Ice Cream කොක්ටේල්ස් වගේ. Family Fruity, Grapes, Banana,Family Magic වගේ ජාති ගොඩක්.ඒවත් වෙන්නේ 130/=ක් 150/=ක් අතර ගානක්.ඔය ඔක්කොම ජාති හොඳයි.එහෙනං ඉතිං ගිහිල්ලා කාලා එන එකයි තියෙන්නේ!

8 Response to " පොට් දෙකක් "

  1. කෑවා වගේ තමයි දැන් නම්...

     

  2. Said,

    Chennai Vegetarian Restaurant මාත් දැක්කා ඔතනින් යනකොට ගිහින් කන්න හිතාගෙන තමා ඉන්නේ.

    Family Baker Cool Corner එකේ කෑම ජාති නම් නියමයි තමා. මාත් දවසක් ගියා ඒ වෙලේ නම් වැඩිය සෙනග හිටියේ නැහැ ඒ නිසා නිදහසේ කෑවා බිව්වා.

     

  3. Raven Said,

    Chennai Vegetarian Restaurant එක සතියකට පාරක්වත් යන තැනක්. පේපර් තෝසෙ එක මැක්සා තමයි. රුපියල් 130කට මසාලා පේපර් ‍තෝසෙ එකක් තියනවා ඒකත් පට්ට. තෝසෙ කන ගමන් ෆැන්ට පාරකුත් දැම්මනම් මාරගති.

     

  4. ඔය උඩින් කොමෙන්ට් කරපු එක්කෙනා කිවුව දේට මමත් එකඟයි....... එකටනෙ යන්නෙ ඔතන්ට.... Chennai එකෙ කෑම නම් නියමයි.... දරන්න පුළුවන් ගානකට පිරිසිදුවට කන්න තියෙන හොඳ තැනක්......

     

  5. Unknown Said,

    ලංකාවට ආපු දවසක අනිවා යන්න ඕනේ.. මට මතක විදියට මම අන්තිමට මසාල තෝසයක් කෑවෙ රුපියල් 40ට විතර, තෝසයක් වඩයක් රුපියල් 10ක් 15ක් අතර වගේ. ඔය වගේ ගණන් තිබුනේ "ශාන්ති විහාර්" එකේ විතරයි. බලාගෙන යද්දි ලංකාව සෑහෙන දියුණු වෙලානෙ මේ ටික කාලෙට :D

     

  6. Naliya Said,

    නියමයි සටහන දැක්ක ගමන් තොසේ පරක් දාන්නම හිතෙනවා..
    අනිවා ඉලග සැරෙ තොසේ කන්නේ Chennai Vegetarian Restaurant එකෙන්.
    මේක කියවනකොට බඩ පිරෙනවා.
    පානදුරේ නම් රිවර තමයි තෝසේ නම්,හසට බඩගිනි උනාම තොසේ පාරක් දාන්න ඔකට තමය් යන්නේ.
    පානදුරේ තියන නියම පොට් එක තොසේ වලට.

     

  7. Chamij Said,

    machn Family Baker Cool Corner eka num ela thama...eka uda thiyena restaurant ekath ela...anuradhapure ehema giya kattiya dannawa ethi "Alankulama bakers,alankulama farms"...eke brach eka thama me

    ado thawa short eat ela pot ekak thama "CORNISH" eka ratmalane...chicken pie eka num patta...ganath shape

     

  8. h Said,

    මම නම් යන්න හිතලවත් නෑ. ඒ වුණාට හෙට අනිද්දට හිතන්න වෙයි ;)

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!