ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

LG ගෙන් බීම ගැන

හැමෝම කන බොන ජාති ගැන කතා කරන කොට මම කොහොමද අනේ හිත හදා ගෙන පැත්තකට වෙලා ඉන්නෙ;-) මටත් හිතුනා මේ කන බොන ප්‍රොජෙක්ට් එකට සප් එකක් දෙන්න ;-)

බීම කියන්නේ නිකන් කලාවක් වගේ කියලා අපේ , නොදරුවා, බුරු බබා වගේ අපේ සහෝදර සෙට් එක නිතරම කියන දෙයක්නේ..

ඉතින් කලාවට බොන්න කැමති අයත් එක්ක කොක්ටේල් ජාති ගැන කතා කරන්න මට හිතුනා.



සරළවම කිව්වොත් කොක්ටේල් එකක් කියන්නේ, මිශ්‍ර බීමක්. ගොඩක් වෙලාවට ලිකර් ජාති එකක් හෝ දෙකක් එක්ක, පළතුරු ජුස්, පළතුරු, සෝඩා, අයිස්, සීනි, පැණි, කිරි, ක්‍රීම් හරි අවුශද (herbals)මොනාහරි මිශ්‍ර කරලා තමයි මේවා හදන්නේ. නන් ඇල්කොහොලික් (non alcoholic) කොක්ටේල් වර්ගත් ගොඩක් තියෙනවා, මේවත් හරිම රසවත් ;-) කොක්ටේල් එකක් හදන හැටි, ශේකර් එකකින් ශේක් කරන හැටි, ඒ වගේම එක එක කොක්ටේල් සදහා භාවිතා කරන වීදුරු ‍තෝරා ගැනීම, පිලිගන්වන ආකාරය.. ඔය වගේ බලන් කොට ඉතින් කොක්ටේලුත් එක්තරා විදියක කලාවක්.. කොක්ටේල්ස් වර්ග කරන්න පුලුවන් විදි කීපයකට,

කොක්ටේල් එක හදන්න භාවිතා කරන ප්‍රධාන ingredient එක අනුව:
  • බියර් කොක්ටේල්
  • බ්‍රැන්ඩි, කොන්යැක් (cognac) කොක්ටේල්
  • ජින් කොක්ටේල්
  • සකේ කොක්ටේල්
  • ටිකිලා කොක්ටේල්
  • වොඩ්කා කොක්ටේල්
  • විස්කි කොක්ටේල්
  • වයින් , ස්පාක්ලින්ග් වයින් කොක්ටේල්
  • …………………..

ඇල්කොහොල් අඩංගුද , නැද්ද අනුව:
  • ඇල්කොහොලික් කොක්ටේල්
  • නන් ඇල්කොහොලික් කොක්ටේල්

මේ වගේම මූලික ingredient එක ලිකර් විදියට භාවිතා වෙන කොක්ටේල්. මේ වර්ගෙට වැටෙන්නේ,
  • චොක්ලට් ලිකර්
  • ක්‍රීම් ලිකර්
  • පළතුරු ලිකර්
  • හර්බල් ලිකර් වගේ ඒවා



කොක්ටේල් වල අනිත් විශේෂ කාරනේ තමයි , මේවට තියෙන අරුම පුදුම නම් ;-) ජින් ‍ෆිස්, ජෝකර්, මයි ෆෙයා ලේඩි, පැරඩයිස්, ජින් සවර්, බ්‍රකාඩි, බ්ලූ හවායි, ඩ්‍රැගන්  ෆ්ලයි, මාගරීතා, ටිකිලා සන් සෙට්, ටිකිලා සන් රයිස්.. සෙක්ස් ඔන් ද බීච් , සෙක්ස් විත් බාර් ටෙන්ඩර්.. එයින් ගියපුවාම, ඩබල් සෙක්ස් විත් බාර් ටෙන්ඩර්..

හපොයි පිස්සු ඩබල් වෙනවා සමහර කොක්ටේල් මෙනුස් දැක්කහම.. නිකන් මොකද්ද මොක්ද්දත් වගේ නැද්ද , බ්ලඩී මේරි එකක් දෙනවද් එහෙම කියල ඉල්ලන්නත්! හික්ස් :-D මගේ ප්‍රියතම කොක්ටේල් කීපයක් තමයි, සෙක්ස් ඔන් ද බීච්, මොහි‍තෝ, Caipirinha, Long Island Iced Tea, ටිකිලා සන් රයිස්, මාගරිතා, වොඩ්කා රෙඩ්බුල්, සන්ග්‍රියා, පින කොලාදා (Piña colada) වගේ ඒවා..

මෙතන කිව්වා වගේ, ගෙදර ඉතින් එක පාරට ඔය අරවා මේවා ගෙනත් තියා ගන්න අපහසුනේ. ඒ නිසා අවම අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් කොක්ටේල් කීපයක් ගෙදර හදා ගන්න විදිය කතා කරන්න කට්ටිය කැමති වෙයි කියලා හිතනවා.!

- LG

16 Response to " බීම කියන්නේ නිකන් කලාවක් වගේ - LG "

  1. Said,

    This comment has been removed by the author.

     

  2. Said,

    ඔන්න ඉතින් කටට කෙල උනන ලිපියක්
    එත් ඉතින් ඔය නම් වලින් ඉල්ලන එකනම් මූණ රතු වෙන වැඩක්

     

  3. Naliya Said,

    නියමයි මචන් කොක්ටේල් ගැන මටත් දැන ගන්න මට මාර ඕන කමක් තිබුනා.
    දවසක රෙඩ්බුල් එක්ක smirnoff වොඩ්කා එකක ගහල පහුවෙනිදා ඇග අතුලෙ ගිනි කන්දක් පුපුරනවා වගෙ දැනුනා.

     

  4. Unknown Said,

    අන්න අන්න ඉතිං LG මට කලින් වැට පැන්නනෙ. මම යාළුවෙකුගෙන් කොක්ටේල් පොතකුත් ඉල්ලගෙන බල බල හිටියෙ මෙව්ව ගැන ලියන්න. පරක්කු වෙන්න ප්‍රධාන හේතුව තමයි අර කිව්ව වගේ ඒවට දාන ජාති වල මිල ගණන්. අනික සමහර ඉන්ග්‍රීඩියන්ස් ජීවිතේට අහලවත් නෑ. කොක්ටේල් වල මම දකින විශේෂම කාරනය තමයි ඒකේ ප්‍රසන්ටේශන් එක. LG කිව්ව වගේ ඒ ඒ කොක්ටේල් වලට පාවිච්චි කරන වීදුරුව, ඩ්‍රින්ක් එකේ පාට, ඇතුලේ පේන්න තියෙන දේවල්, වීදුරුවෙ දාරය වටේ තියෙන දේවල්.. පිස්සු හැදෙනව. චියර්ස්....

     

  5. Said,

    ඕන් මන් මේ දැන්ම කිව්වා, මෙහෙ අපිට හොයා ගන්න තියෙන්නේ අරක්කු, ජින්, වොඩ්කා , බියර් විතරයි ඒක නිසා ඒවායින් හදන් ඒවා වලට මුල්තැන දෙන්න හොඳේ

     

  6. ශා.. මරු දවසේ මේ ලිපිය දැක්කේ.. මම නම් කවදාවත් කොක්ටේල් බීලා නෑ.. හැබැයි මේ බ්ලොග් යාළු‍වන්ගේ කථා වලින් අහලම කොක්ටේල් එකක් රස බලන්න ආසාවෙන් ඉන්නකොට අරක්කු බෝතල් වල පිටිපස්සේ තියන කොක්ටේල් රෙසපි මතක් උනා.. ලංකාවේ අපිට ඒවා හදන්න ලේසියි අනිත් ඒවට වඩා.. ඉතිං තාත්තත් එක්ක සාකච්චාවක් දාලා ඇස්කොට් ලෙමන් ජින් එකක් ‍එහෙම ගෙන්නගෙන අද වැඩේට සෙට් වෙන්නයි හැදුවේ.. කරුමේක මහත කියන්නේ අම්මා ෆ්‍රීජ් එකට අයිස් කැට දාලා නෑ.. ඉතිං හෙට අයිස් කැට හැදෙනකං වැඩේ ‍පරක්කු වෙනවා.. :((
    රෙඩ් රම් හා ලෙමන්ජින් කොක්ටේල් දෙක හදන්න විතරයි මම දැනට දන්නේ පුළුවන් නම් ලංකාවේ අපිට ලේසියෙන් හදන්න පුළුවන් රෙසපි ටිකක් දානවද? ලොකු උදව්වක්..

     

  7. LG Said,

    @ ම

    ඔව් , සමහර ඒවාගේ නම කියලා ඉල්ලන්න එක කේස් ;-)

    හරි හරි, අපි බලමුකො ඔහේ ලේසියෙන් හොයා ගන්න පුළුවන් ජාති දාලා හදන කොක්ටේල් ගැන!

    @ naliya
    හ්ම්..වොඩ්කා රෙඩ්බුල් අප්සට් වුනේ ඇයි දන්නෑ :-/

    @ නොදරුවා

    හපොයි ..මම කලින් වැට පැනලා නේ!!
    අනේ ඉතින් ඔයත් ඔය පොතේ තියෙන පාට පාට බීම ගැන ලියන්න..ඔයා ඉතින් ටිකක් වැඩදාලා ලියන ඒවා කියවන්න අපි ඔක්කොම කැමති නේ!

     

  8. Naliya Said,

    නෑ.නියමටම තිබුන නිස බීලා වැඩි වුනා.උෂ්නේ වැඩිවෙලා තිබුනේ.ඇගම වේලලා දාලා පහුවෙනිදා....

     

  9. අඩෝ පට්ට ලියමන, උඹ හොඳටම දන්න්වනේ මේවා ගැන
    රැජිනට හොරෙන් දෙන්න ඕනෑ ගේමක්, මොකෝ එයා නෑනේ මේ දවස්වල ගෙදර...
    මමයි රජා තමා තිරගත වෙන්නේ...

    /බිඟුවා...!

     

  10. LG Said,

    @මලී
    ආ..නියමයිනෙ...අද එහෙනම් මලී කොක්ටේල් එකක රස බලනන්යි යන්නේ ;-)අපිටත් කියන්නකො හදපු එකේ විස්තර, රස..
    රෙසිපි ටිකක් දානවා ලගදිම... අපේ නොදරුවත් සෙට් වෙයි රෙසිපි දාන්න :-D

     

  11. LG Said,

    @බිගුවා

    ආ..එක්කෙනෙක් මේ දවස් වල ගෙදර රජ වෙලා..හොදා හොදා..:-P

     

  12. ඔයාට ඉතින් පින් දෙන්න හොයාගෙන එන්න හිතෙනවා.

    මම නම් එහෙමට නොබොන නිසා දන්නේ මේ කොක්ටේල් මික්ස්චර්ස් ගැන කියන්න තමයි. ඉස්සර ඉඳන්ම මට ආහාර හා බීම කලාවක්ම තමයි. අදටත් මොන හදිස්සියට බූක් ශොප් එකකට ගියත් ඉබේම මාව යැවෙන්නේ ඔය අංශේ පොත් පැත්තට තමයි. කඩේකට ගියත් එහෙමයි. තියෙන තරම් ඔක්කොම බෝතල් ටික බලල අඩුම ගානේ දෙකක්වත් ගේන්න අමතක කරන්නේ නෑ. ( ඒව බොන්නෙත් නෑ. නිකම් මිනිස්සු සල්ලි එකතුකරනවා වගේ මම එකතු කරන්නේ ඔය දේවල් ) අදටත් මම ගාව එකතු වෙලා තියෙන්නේ පොත් (කෑම හා බීම විශේෂයි.) හා ඔය කියන දේවල් හදන්න අවශ්‍ය වෙන ඒව තමයි.
    ආ ඔයාලා නෙල්ලි බීල තියෙනවාද කොක්ටේල් වලට දාල. ටොනික්, නෙල්ලි, වොඩ්කා ජින් මට නම් ඒක නියම රසයි. (ඉන්වෙන්ට් කලෙත් මම )
    සෙට් වෙලාම බලන්නකෝ ඒකට.

     

  13. Anonymous Said,

    What too many cocktails can do to you: :D

    http://www.youtube.com/watch?v=1_H_sVNgvf4

     

  14. Thejan Said,

    මෙන්න කරනවානම් වැඩ තියෙනවා ... cocktails හදා ගන්න ඕන නම් ...

    http://www.bombaysapphire.com/#

    http://www.cocktailmaking.co.uk/

    http://www.bacardi.com/

     

  15. මුලින්ම කියෙව්වෙ කමෙන්ට්ස් ටික. ඒ ටික බැලුවහම කෙල උනනවා.නියම පොස්ට් එකක්.

     

  16. මමනම් අහින්සකයා. උනුවතුරත් නිවල බොන්නෙ. එක පාරක් long island ied tea එකක් නිවන්නෙ නැතුව බීල හතරගාතේ දාල වැටුන. එදායින් පස්සෙ නෝ කොක්ටේල්. හැබැයි බේලීස් වගේනම් බෝතලයක් උනත් බොනවා. :-)

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!