ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

මීවන දළු තෙම්පරාදුව

Posted by On Friday, January 22, 2010
"මගේ ජීවිතය" ගෙන් කමු බොමු වලට ගමේ කෑමක් .....

අපේ මරණෙ මිත්‍රයගෙ ඉල්ලීමකට අනුව මං මේ කියන්න යන්නෙ ගමේ කෑමක් හදාගන්න විදිය. මේක රසය ගුණය නොඅඩුව ඇති කෑමක්. " මීවන දළු තෙම්පරාදුව " තමයි කෑම. ඉස්සෙල්ලම කියන්නෝනි මීවන ශාකය වැවෙන්නෙ තෙත් කලාපයේ ගංගා ආශ්‍රිත " වතුරාන බිම් " ලෙස හඳුන්වන ප්‍රදේශ වල. ලෝකයේ මීවන විශේෂ දහස් ගණනක් තිබුණත් හැම වර්ගයම ආහාරයට ගන්නෙත් නෑ. ඉතින් මං මේ කියන්නෙ අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ කෑමට ගන්නා මීවන විශේෂයක් ගැන. මේව ඉතින් ගම්වල තමයි වැඩිපුර තියෙන්නෙ. නගර වල අයට කන්න ලැබෙනව අඩුයි. හැබැයි " දෙල්කඳ පොළ " ට ගියොත්නම් ඕනෑම ගමේ එළවළුවක්, පළාවක්, පළතුරක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.



ඔන්න ඉතින් මීවන තෙම්පරාදුව හදාගන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලම ළපටි මීවන තෝරගෙන ඒවයෙ කෘමි සතුන් ඉන්නවද බලල ඉන්නවනම් ඉවත් කරගෙන මේව අපි මෑ කරල් කඩනව වගේ කඩාගෙන හොඳින් සෝදාගන්නව. ගස් පිටින් හෝදන්න අමාරු නිසයි කඩලා හෝදන්නෙ. ඊළඟට මැටි ඇතිළියකට දාගෙන ලියාගත් රතුලූණු, සුදුලූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, මිරිස්, තුනපහ, ලුණු එක්කරගන්න. මිරිස් ටිකක් යහමින් දාගන්න. ගොරක කෑලි තුන හතරකුත් මේකටම දාගන්න. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගෙන වතුර ටිකකුත් දාල ලිපේ තියන්න. මේක හොඳට තැම්බුනාට පස්සෙ මැටිකෝප්පෙකට ඒ ටික දාගෙන ඒ ඇතිළියටම තෙල් ටිකක් දාල ලිපේ තියන්න. තෙල් හොඳින් රත් වුණාම අබ ටිකක් දාල අර මීවන දළු ටික ඒකට එක්කරල තෙම්පරාදු කරගන්න. මේක හොඳින් හැඳිගාල මැටිකෝප්පෙන් ටිකක් වහල තියල ලිපෙන් බාගන්න. මේ ව්‍යංජනයෙ සුවඳ ගම පුරා පැතිරේවි. බඩගිනි වඩවන සුවඳක්. රසත් ඒ වගේමයි. කාල තියන අය ඉන්නවනම් අදහස් ටිකක් එකතු කරන්නකෝ..

ඡායාරූපය මෙතනින්

14 Response to " මීවන දළු තෙම්පරාදුව "

  1. Said,

    මන් නම් මේක කාලා නැහැ. බලාගෙන ගියාම අපේ රටේ තියෙන ගොඩක් ගස් වල කොල කෑමට ගන්න පුළුවන්.

    දෙල්කඳ පොළ තාම තියෙනවද? මන් මේ ලඟදි දැක්ක පොළේ ඉඩම අයිති අය පොළ නවත්තනවා කියලා තියෙනවා. ඔය පොළ සෑහෙන්න කාලයක් පරණ එකක්ලු.

     

  2. LG Said,

    මම මේක ගැන ඇහුවෙ අදයි..

    මේ වගේ රස ගුණ කෑමක් කාපු කාලයක් මතක නෑ

    ස්තුති වේවා අපිට මේක හදුන්වලා දුන්නාට..

     

  3. Said,

    LG
    මෙන්න මේකෙත් ඔහොම කෑමක් හදන හැටි ගැන තියෙනවා.
    http://rubbahslippahsinitaly.blogspot.com/2006/05/hoio-hawaiis-edible-fern.html

     

  4. MaJee Said,

    මීට මාසෙකට විතර කලින් ඒ පත්තෙන් යනකොට මං පොළ දැක්කා. ආයෙ ළඟකදි ගියේ නෑ. හැබැයි ඒක තමයි නියම ගමේ පොළ. හැමෝටම මේ නිවේදනය! කෑමට ගන්න මීවන විශේෂයක්ද කියල හොඳට හොයල බලල ගන්න. පොළේ විකුණන ඒව හොඳයි. දන්න කියන අයගෙන් අහලම කන එක කෝකටත් හොඳයි.

     

  5. මගේ ආසම කෑමක්. ඒත් අන්තිමට මේවා කාලා තියෙන්නේ අවුරුදු විස්සකට විතර කලින්.
    මේ පාර ලංකාවට ගියාම මේව හොයලා කන්න ඕනෙ. මන්දා.මම හිතන්නේ දැන් නම් ඒවා ගම්වලත් නෑ වෙන්න ඕනෙ. මම නම් හොඳ ළැමයා නිසා ගමේ අය මට ඔය මොනවා හම්බ උනත් අපේ ගෙදරට දීල යනවා...
    මේව කන්න නම් හොඳ කැකුලු බත් තියෙන්නම ඕනෙ. දන්න තරමින් මේවට මිරිස් දාන්නෙ නැති නිසා මම වගේ අයට ලේසියෙන්ම කන්න පුළුවන්. ( ඒ කියන්නේ ඔයාල මේව දැක්කොත් අර මිරිස් කිලෝ එකක් කන මලී ලට නොදී මට අරන් තියන්න කියන එක )

     

  6. Said,

    ඒත් මේකේ තියෙන්නේ "මිරිස් ටිකක් යහමින් දාගන්න" කියලනේ ඉතින් බුරූට කන්න වෙන්නේ නැහැ මලී සේරටම වග කියයි වගේ.

     

  7. MaJee Said,

    ඔව් ඔව් මිරිස් " යහමින් " තමයි දාන්නෝනි. හබැයි මිරිස් නැතත් තෙම්පරාදු කරල ගත්තම පංකාදුයි :-D

     

  8. Anonymous Said,

    මරු මරු.
    කාල තියනවද වැල්පෙඩර.
    පිරිමින් නම් කන්නම ඕන කෑමක්ලු.එකත් මේ විදියටම හදලා කන්න පුළුවන්.
    බීල වැඩිවෙලා ලිංගික ශක්තිය අඩුවුනාම ගමේ වෙද්දු කියන්නෙ වැල්පෙඩර කාපන් කියලා.

    ආරි..

     

  9. ‍බුරු බබීට සොරි තමයි.. මම මේවා කාලම නැති නිසා කාටවත් ඉතුරු කරන්න වෙන්නේ නෑ.. ඒ වුනාට ඉතිං කවුද මට මේවා හදලා දෙන්නේ?? අපේ පැත්තේ මීවන කනවා කියලා කවුරුවත් දන්නේ නැහැනේ.. ඉතිං කන ඒවා මොනාද නොකන්නේ මොනාද කියලා හොයන්නේ කොහොමෙයි? අනික දෙල්කද පොලට යන්න මං?

    මේ විදියටම වගේ මඩු දළු හදලා කාලා තියනවාද ඔයාලා? ඒකත් මරු කෑම හැබැයි හදන්න කලින් උණු වතුරේ දාලා එකේ පොත්ත අයින් කරගන්න ඕනි..

     

  10. h Said,

    මේක ඇත්තටම මාර රස ගතියක් පින්තූරෙන් කියන්න පුළුවන්. දෙල්කඳ පොලේ යන එක තමයි වැඩේ ඉතිං. පැන්ඩෝරා වල කට්ටිය නම් මේව හොඳට කනව ඇති ;)

     

  11. @ mage jiivithaya,
    mee vana dhalu da miyana daludha? mana da call ekak deela avhuvama ehema eva eyala danne ne kiva.. passe loku vistarayak karala ela ayine hedenne kiivama kiiva man kala thiyena evata kiyanne miyana kola kiyala...
    malee guti thamai ithin... man kaala thiyenne miris daala nethivane.

     

  12. sanjeew Said,

    අපේ මහ ගෙදර ඉන්න කාලෙනම් මේවා කෑවා, මේ වගේම තවත් ජාතියක් තියෙනව කැරන් කොකු කියල, මීවන පවුලෙම තමයි, කිවුල් ජලය තියෙන කලපු වල හොදට හැදෙනව. හොද රස කෑමක්

     

  13. Unknown Said,

    මීවන ඕන නම් අපිට කියන්න ඕන තරම් තියෙනවා

     

  14. Anonymous Said,

    මීවන ශාකය, ඕකිඩ් වල නෑකම් ඇති එකක් නො වේ. කැරංකොකු ශාකය; මෙ යට කඩොලාන පරිසරයේ වැවෙන එක ම ඕකිඩ් විශේෂය බව සඳහන්!

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!