ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

බියර්

Posted by On Thursday, January 21, 2010

Chill Beer එකක්... මතක් කලත් මටනම් සනීපයි.

අපේ රටේ බියර් ජාති නම් මහ ගොඩක් තියෙනවා, ඔය සේරම ජාති නම් මන් බීලා නැහැ. Carlsberg, Lion, 3 Coins, Kings, Barons, Anchor, 8GB ඔය වගේ. ඔය අතරින් මන් ආසම එක මොකද්ද කියලා ඇහුවොත් ආයි කතා දෙකක් නැහැ Carlsberg තමා. මන් දන්නේ නැහැ ඒත් මට දැනෙන විදිහටනම් ඒක අනික් ඒවාට වඩා තිත්ත අඩුයි. ඊලඟට එක Three Coins Irish Dark.

සාමාන්‍යයෙන් බියර් බොන කොට නම් වෙන මොකුත් මිශ්‍ර කරන්නේ නැහැ ඒත් Stout  වගේ එකක් බොනකොටනම් ස්ප්‍රයිට් ටිකක් දැම්මම බොන්න ලේසියි කියලා මන් අහලා තියෙනවා. ඒ ඇරෙන්න Cool නැති බියර් එකක් නම් අයිස් දාගන්නවා නැත්නම් බොන්න බැරි නිසා. බියර් වලට වෙන ජාති මිශ්‍ර නොකලට සමහර අයනම් ඉතින් බියර් අනික් ඒවාට මිශ්‍ර කරන එකනම් කරනවා. මන් නම් ඒක කිසිම දවසක අනුමත කරන දෙයක් නම් නෙමෙයි.

බියර් වල තියෙනවනේ එක එක සැර ප්‍රමාන වලින්, ඇල්කොහොල් අඩංගු නැති බියර් වර්ගත් තියෙනවා. ඔය ටිකක් වැඩිපුර බොන කට්ටියනම් Carlsberg  Special Brew එකටයි Lion Strong එකටයි කැමතියි. මේ දෙකම සාමාන්‍ය බියර් වලට වඩා සැරයි. Three Coins Irish Dark කියන්නෙත් ඔය වගේම එකක් තමා. Three Coins Irish Dark වලත් 7.5%ක් ඇල්කොහොල් අඩංගු වෙනවා. ඒත් අනික් දෙකට වඩා බොන්න ලේසියි. Stout වලත් වැඩි ඇල්කොහොල් ප්‍රමානයක් අඩංගු උනත් ඒකේ තියෙන අධික තිත්ත නිසා මන් හිතන්නේ ගොඩක් අය බොන්න වැඩිය කැමති නැහැ.

අතේ මිටේ තියෙන වෙලාවක නම් මන් Corona Extra Beer බොන්නත් කැමතියි ඒත් එකේ ගාන නම් ටිකක් වැඩියි (330ml - 250/=) හැබැයි රස නම් නියමයි බොන්නත් හරිම ලේසියි. ඔය Corona Extra Beer  එක බොනකොට බෝතලේ කටට ලෙමන් කෑල්ලක් ගහලා බිව්වම හොඳයි කියලා කියනවා ඒත් මන් ඒකනම් කරලා නැහැ. වෙලාවක ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ. බියර් එකක් බොනකොට යන්තම් ඇඹුල් ටිකක් වැටුනොත් අමුතු රසක් තියෙයි කියලා මටත් හිතෙනවා.

ඔය Lion Beer නුයි Carlsberg Beer දැක්කම හිතෙන්නේ ඔය දෙක සමාගම් දෙකකින් කරන ඒවා කියලා. මාත් එහෙම තමා කලින් හිතාගෙන හිටියේ ඒත් බැලුවම දෙකම කරන්නේ Lion Brewery Ceylon Ltd සමාගමෙන්. ඔය ලංකාවේ Lion Beer තිබුනට මන් හිතන්නේ සිංගපූරුවෙද කොහෙද තියෙනවා සිංහ බියර් කියලා එකක්.

බියර් එකක නියම රස බලන්න නම් නිකන් Cool වෙලා තිබ්බට මදි කියලා මට නම් හිතෙන්නේ. Chill Beer එකක්  තියෙනම් තමා නියම.

ඡායාරූපය මෙතනින්

19 Response to " බියර් "

  1. [said]
    ඔය Lion Beer නුයි Carlsberg Beer දැක්කම හිතෙන්නේ ඔය දෙක සමාගම් දෙකකින් කරන ඒවා කියලා. මාත් එහෙම තමා කලින් හිතාගෙන හිටියේ ඒත් බැලුවම දෙකම කරන්නේ Lion Brewery Ceylon Ltd සමාගමෙන්.
    [/said]
    වැරදියි නේද? Carlsberg [http://www.carlsberg.com/] කියන්නෙ මුලු ලෝකෙම පැතිරිච්ච සමාගමක් නෙව. ලංකාවෙ හදන එකක් නෙවෙයි.

    Lion Brewery Ceylon Ltd කරන්නේ මම හිතන්නේ ගෙන්වා බෙදාහරින එක. ඒ අයගේ වෙබ් එකේ [http://www.lionbeer.com/] තියෙන්නේ "We are the manufacturer and the marketer of Lions Larger, Carlsberg, Strong Beer, Special Brew, Lion Stout" කියලා. ඉතින් Carlsberg සම්බන්ධයෙන් ඒ අය නිකං බෙදාහරින්නෝ විතරක් වෙන්න ඇති.

     

  2. Unknown Said,

    මේ කරන සමාජ සත්කාරයට උබව ජනාධිපති කරන්නෝනා...

    (බියර් 1/2යි සයිඩර් 1/2යි දාලා try කලේ නැද්ද? අර සිංහලෙන් snakebite කියන්නෙ?)

     

  3. Unknown Said,

    බලන්ගියහම බුද්ධත් හෙන බේබද්දනෙ.. :D

     

  4. මම මුලින්ම බියර් එකකට බිව්වේ ලයන් ලාගර් බෝතලයක්..එක සැරයයි.. ඊට පස්සේ දිගටම කාල්ස්බර්ග් තමා.. ඒ හැර ත්‍රීකොයින්ස් ඒ දෙක හොදයි.. ඉතිං හොදද නරකද කියන්න අනිත් ඒවා මම බීලා නැහැ නේ..

     

  5. sanjeew Said,

    මලීත් බියර් බොනවද

     

  6. h Said,

    මරේ මරු... කලිනුත් දවසක උඹ කිව්ව වගේ මම බීමේ අයන්න කිව්වෙත් බියර් වලින් තමයි. ඒ දවස් වල හොඳම යාළුවෙක් ;) යාළුවෙක් එක්ක කදේ දාගෙන සඳළු තලේට වෙලා නුගේ‍ගොඩ ජනාකීර්ණ හයිලෙවල් පාරෙ සස්සන ගෑණු ළමයි දිහා බලාගෙන ජම්බො රට කජු හෝ චීස් එක්ක බියර් බෝතලයක් පැයක් විතර ඇදපු අතීතය බියර් එක්ක ගෙවුණ සුන්දර කාලයක්. ඒ වුණත් වෙනත් ආදේශක එන්න ගත්තම මම බියර් වලින් ටික ටික ඈත් වුණා. මොකද ඒක නිසා මේ සෙම ගතිය වැඩි වෙන එක මට අවුලක් වුණ නිසා. වින්දනය කරන්න බීල විඳවන්න කැමති නැති නිසායි ඒ. (සමහර වෙලාවට ඒ සිමා කැඩිය විඳවන වෙලාවල් නැතුව නෙවෙයි :පී)

    මට මතක විධියට නම් මෑතකදි නම් ස්පෙෂල් බ්රෑ එක තමයි මම ගත්තේ...

     

  7. Anonymous Said,

    මරේ, මෙහේ ඔයිට අමතරව ගොඩාක් බියර් ජාති තියෙනවා.. ගොඩාක් ඒවා අපි ලංකාවේදී පාවිච්චි කරපුවා නෙමෙයි..මම එච්චර Beer Lover කෙනෙක් නම් නෙමෙයි.. නත්තලට ගෙනාපු බියර් කෑන් 12 එහෙමමයි.(12ක් ගත්තොත් ලාබයි, බාගෙට බාගේ).

    මෙහේ බවාරියා වල බියර් තමා ලෝකේ, හොදම බියර් කියන්නේ..
    ඔයාට වගේ නම් ටිකක් නිවී සැනසිල්ලේ රස විදවිද බොන නිසා, වෙනස හොයා ගන්න ලේසි වෙයි.. මට බෑ.. මගේ මෝඩ බීමේ මෙතඩ් එක නිසා, මොනවා බිව්වාද කියලා මතක නෑ, ඊලඟ දවසට..

     

  8. LG Said,

    ලංකාවේ බියර් වලින් මම බීල තියෙන්නේ ලයන් ලාගර්, ස්ටවුට්, කාල්ස්බර්ග්, බයිසන් , ත්‍රීකොයින්ස් විතරයි.

    ඔය ටිකෙන් මම කැමති ස්ටවුට් එකටයි , ත්‍රී කොයින්ස් එකටයි තමයි.

    නන් ඇල්කොහොලික් බියර් , ( මෝඩ බියර්.. හික්ස්) ලංකාවෙදිත් මම බීල තියෙනවා, මට මතක හැටියට බෙක්ස් වෙන්න ඕන ඒ බිව්ව බ්‍රෑන්ඩ් එක.

    පිස්සා කිව්වා වගේ බවාරියන් ඒවා තමා හොදම කියන්නේ..
    මම බීපු හොදම බියර් එක බිව්වේ මියුනික් වල බියර් ගාර්ඩ්න් එකකදි.. ජර්මනියෙ තියෙන බියර් ගොඩ දැක්කම පිස්සු හැදෙනවා..මාර ජාති ගොඩක්..ඔක්කොම වගේ නියම භාණ්ඩ..

    මම ප්‍රංශෙදි බිව්වා වයිට් බියර් එකක්, ඒකත් මික්ස් එකක්..

    කොරෝනා එක්ස්ට්‍රා කිව්වත් වගේ බොන්නේ ලෙමන් එකක් එක්ක..


    මරේ, බියර් මික්ස් කරලා බොනවා.. ජර්මනියෙ ඒකට කියන්නේ රඩ්ලර් කියලා. ප්‍රංශේ කියන්නේ පැනාචේ කියලා..ගොඩක් මේවා මේ රටවල් වල ප්‍රසිද්ධයි..

    අනිත් මම ආස බියර් එකක් තමා ගිනස්. අමුතු රසක් තියෙනවා.

    සමර් එකට බියර් බොන්නේ කට්ටිය වතුර බොනවා වගේ මේ රටවල.. ..

     

  9. Said,

    සුපුන්ගේ කතාව හරි මන් හිතන්නේ.

    සයිඩර් කියන්නේ මොනාද බන්? වෙල් පැන්ටා ද?
    එහෙම එකක් නම් ට්‍රයි කරලා නැහැ බන්

    කාලෙකට කලින් නම් තිබ්බා පලතුරු රස බියර් ජාති ටිකක් ඒක බීලා නැද්ද මලී. ඒක හදලා තිබ්බෙම කාන්තාවෝ ඉලක්ක කරලා හැබැයි දැන් නම් නැහැ.

    මාත් ඉතින් ආරම්භය බියර් වලින් තමයි දැන් නම් අනික්වට කැමතියි බියර් වලට වඩා. ඇයි ඉතින් වෙරි වෙන්න ගොඩක් බොන්න එපායෑ. නිකන් ජොලියට වගේ තාමත් බියර් බොනවා. සෙම වැඩි වෙන එකනම් තියෙනවා බියර් බිව්වම. අපොයි Special Brew නම් බිව්වේ එක පාරයි එදාම එපා උනා.

    අනේ මචෝ මෙහෙ දෙන්නේ නැහැනේ ඔහොම Discount දෙනවනම් මාත් ගේනවා 12ක්. අනික ලංකාවේ කෑන් ගනන් බෝතල් වලට වඩා ඉතින් බෝතල්ම තමා ගැනෙන්නේ.

    බියර් මික්ස් කරන්නේ මොනවා එක්කද? ජර්මනියේද කොහෙද තියෙනවා නේ ප්‍රසිද්ධ බියර් ෆෙස්ටිවල් එකක්? මෙහෙ ඉතින් ජාති ගොඩක් ම නැහැ වැඩිම උනොත් 20ක් ඇති. පිටරට බියර් ජාති නම් මන් බීලා නැහැනේ අප්පා. ජපානේ අයත් වතුර වගේ බියර් බොනවා කියලා මන් අහලා තියෙනවා.

     

  10. Anonymous Said,

    බියර්! මේ දවස් වල විබාගයක් ඉවර වෙච්ච ගමන් හිතට එන්නේ කූල් කාල්ස්බර්ග් බෝතලයක්.

     

  11. MaJee Said,

    නොතේරේය තම තරම ප්‍රමාණේ
    හිතේ දුකට බේතයි අනුපානේ
    පොතේ තියන බණ වෙයි අඩමානේ
    නැතේ නුඹට සම වෙන අන් පානේ;-)

    " බීර " - සක්වා ළිහිණි - මහගම සේකර.

     

  12. Anonymous Said,

    පහුගිය දොහේ හයිට් කම්පැනියෙ වැඩකරන මගේ මිත්‍රයෙක් මට ගෙනත් දුන්නා ලීටර් 20 බියර් ගැලුමක්.ලොකු ‍ජෝග්ගුවක් තියාගෙන මම කලේ හිතෙන හිතෙන වෙලාවට ජෝග්ගුව ජෝග්ගුව බීම.එලියේ ටෙම්පේරේචර් එක සෘණ දුවන්නෙ.ශීතකරනේ දමන්න ඕනෙත් නැ.එලියෙම තිවුවා.
    මෙහේ වතුර වලට වැඩිය අරක්කු ලාබයි.තේකඩේකට ගියත් අරක්කු තියනවා.
    කොහොමත් මම කඩේට ගියාම වැඩිපුර බොන‍්නෙ.කෝලා නෙවෙයි.
    කෝමාරිකා බීම එකක් හරි බියර් එකක් හරි.
    අන්තර්ජාලේ සැරිසරන ගමන් බියර් ටින් එකක් කඩාගෙන බොනඑකත් අමුතුම ආතල්.
    මට සැරබීම ටිකක් ‍බොන්න අමාරුයි.වැඩිපුර කරන්නෙ බියර් කෑන්එකක් අරන් උගුරක් බීලා ඒකට සැරබීම සොට්එකක් විතර දාලා බොනවා.
    උඩ සයිඩර් ගැන තිබුනා.මම දන්න විදියට සැර අරක්කු සැන්ඩිකරන්න එලම ජාතියක් සයිඩර්.මෙසිල් එකත් මරු.

    (පුංචි ට්‍රික්ස් එකක්,ලොකු උස වීදුරැවක් ගන්න.අර විදුරුව ඇතුලට යන සයිස් එකේ ලොකු වීදුරුවෙන් බාගයක් විතර උස පොඩි වීදුරුවක් ගන්න.‍ලොකු වීදුරුවට පොඩි වීදුරුවේ උසට බියර් වත් කරන්න.පොඩි වීදුරුවට සැරබීම එකක් දමලා ලොකු වීදුරුව ඇතුලින් තියන්න.ආයිත් ලොකු විදුරුවට කටමට්මටම පිරෙන තුරු හෙමින් කෝලා වත්කරන්න.
    දැන් බීලා බලන්න.පුංචි කොක්ටේල් එකක්.)

    ආරි..

     

  13. මෙන්න මගෙන්ඃ

    ලංකාවේ තියෙන කාල්බර්ග් මං දන්න තරමට හදන්නේ ලංකාවේ මයි. ලයිසොං පිට. බුධාජීව කිවට. - එහෙනං ලංකාවෙ කොකා කෝල හදන්නේ ලංකාවෙ මිසක් ඇමරිකාවෙයැ?

    හැබැයි ලංකාවෙ කාල්ස්බර්ග් කෑන්ස් නම් අල. මං ලංකාවෙන් පිතටදි බීල තියෙන ඒවට ලඟින්වත් තියන්න බෑ.

    2.
    කවුරු කවුරුත් වගෙ මාත් පටන් ගත්තෙ බියර් වලින් තමයි. මාස ගානක් මං නවාතැන් ගෙන හිටියෙ නුවරඑලියෙ බෲවරි එකට අල්ලපු ඉඩමෙ. දවස පුරාම සුවඳ පෙනහළු පුරාම. දවල් ට රෑ ට කෑවෙත් බෲවරි එකේ ක්වාටර්ස් වල ගෙදරකින්. පිල්ස්නර් තමයි මගෙ බ්‍රෑන්ඩ් එක. දැන් නම් බියර් වලට වැඩිය ප්‍රියතාවයක් නෑ ඇඟේ.

    මගෙ හොඳම බීයර් බීම පොළ තමා - නුවර එලිය ටවුමෙ තිබුණු බෲවරි එකේ බීම හල. ඒකෙ තමයි ටැප් එකෙන් බියර් ගන්න පුළුවන් එකම තැන ඒ දවස්වල. ජනවාරි මුල සතියෙ නුවරඑලි ගිය වෙලේ බැළුව. දැන් ඒක තිබුණු තැනවත් හොයා ගන්න බැරි වුනා.

    3.
    සිංහ බියර් තියෙන්නෙ - තායිලන්තෙ. මං ගිහින් තියෙනව ෆෑක්ටරියටත්. අවුරුදු එක හමාරක් විතර හිතේ හැටියට සිංහ බියර් බිව්ව. ඒකට අනිත් හේතුව එහෙ තියෙන 'මැකෝන්' කියන අරක්කු එක ගල් වලටත් වඩා අන්ත එකක් වීමයි.

    කතන්දරකාරයා

     

  14. Said,

    නුවරඑළියේ කාර්ගිල්ස් එක පහු කරගෙන් යන්කොට තියෙන පෙට්‍රල් ෂෙඩ් එකට අල්ලා තියෙන බියර් කඩේ වෙන්න ඕනේ ඔය කියන්නේ

     

  15. Said,

    බියර් ගැනත් පොඩ්ඩක් මේකේ තියෙනවා
    http://www.tubaah.com/details.php?video_id=42594

     

  16. Unknown Said,

    අනේ, මට බියර් බොන්න බෑ. ගැස්ට්‍රික් ඩබල් වෙනව බියර් බිව්වම. මගේ බියර් බොන හුඟක් මිත්‍රයෝ නම් තාමත් බයිසන් බියර් රස තමයි මතක් කරන්නෙ. කොරෝනා වල ඉස්තරම් බව නම් මමත් උඩින්ම පිළිගන්නව.

     

  17. Anonymous Said,

    කතන්දරකාරය කියනව වගේ "සිංහ" බියර් හදන්නෙ තායිලන්තෙ; හැබැයි සිංගප්පූරුවෙදිත් ගන්න පුළුවන්! සිංගප්පූරුවෙ වැඩියෙන්ම ප්‍රසිද්ධ "කොටි" (Tiger) බියර්! ඒක කිසිම වැඩක් නැති බීමක්; වතුර බොනව ඊට හොඳයි! ඒත් බලන බලන තැන මෙහෙ තියෙන්නෙම ඔය Tiger බියර් තමයි.

    මෙහෙ restaurant වල එක එක බියර් ජාති market කරන්න ලස්සන ගෑණු ලමයින්ව දාල ඉන්නව. ඒක ඒ අයගෙ part-time job එකක් වෙන්න ඇති. ඒ අයගෙ රස්සාව තමයි බියර් බොන අයගෙ කෝප්ප හිස් වෙන්නැතුව තියෙන එක. සමහර වෙලාවට වදයකුත් එක්ක. Beer mug එකෙ කට ළඟට වෙනකම් බියර් පුරවනව. ඔන්න අපි උගුරක් දෙකක් බිව්ව කියමු. ආපහු කට ළඟට වෙනකම් පුරවනව! :-D :-D හික්ස්

     

  18. Unknown Said,

    සිංහ Beer නම් මෙහෙත් (Melbourne) තියෙනවා. ඒත් මෙහේ ජනප්‍රියම Beer 1 VB (Victoria Bitter). මම නම් Beer ලෝලියෙක් නෙමෙයි, මම කැමති ඉතින් සැර ජාති වලට තමයි, හැබැයි Beer 1ක් බොන්න උනොත් VB කියන්නේ කරදරයක් නැතුව බොන්න පුලුවන් Beer 1ක්.

     

  19. කවුද සයිඩර් ගැන අහලා තිබුණා. සයිඩර් කියන්නේ පළතුරු සුරාවක්. ඇපල් සයිඩර් එංගලන්තෙ ප්‍රසිද්ධයි. රසයි. 4% තමයි ඇල්කොහොල්. ඉතා මිළ සයිඩර් වර්ග තිබුණත් සුපර් මාර්කට් වල තියෙන ලීටර 2 බෝතලය ගත්තාම ඔහේ බොන්න පුලුවන්. ජෝන් ඩන් ගේ කවි වලත් සයිඩර් ගැන තියෙනවා. කුකුල් මස් උයනකොට සයිඩර් හරි සයිඩර් විනාකිරි හරි ඩිංගක් දැම්මාම මරු. මම දවසක් උය උය ඉන්න ගමන් වක්කරා අතේ තිබුණු වීදුරුවෙන්, ඉතා රස 'ග්‍රේවි' එකක් හැදුනා.

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!