ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

එතකොට බොනකොට කන ඒවා?

Posted by hare :-) On Saturday, January 16, 2010
මේක මලී ලියපු එකක්. එයාගෙ පත්කල නියෝජිතය විධියට මට මේක මෙතන දාන්න වුණා ;-)

අපේ කන බොන කට්ටිය බීම ගැන කෑම ගැන කතා කලා උනාට බීමේම වැදගත් අංගයක් වෙන බොනකොට කන කෑම ගැන තාම මොකුත් ලිව්වේ නැහැනේ.. ඉතිං ඒ ගැන ටිකක් ලිව්වොත් හොදයි කියලයි මට හිතෙන්නේ..

බොනකොට කන කෑම කිව්වම අපි බොන දේවලුත් ‍වෙනස් වෙනවනේ... ඒ කියන්නේ ඇල්කොහොල් රහිත එදිනෙදා ‍බීමට ගන්න පැණි බීම තේ කෝපි ආදී බීම වර්ග වගේම ඇල්කොහොල් සහිත බීමත් තියනවානේ.. ඔය හැම බීමකම රස වැඩි කරන්න වගේම තියන රසත් නැති කරන්න ඒවාත් එක්ක කෑමට ගන්න ආහාර වලට ‍පුළුවන්.. සමහර බීම වල රස හොදටම දැනෙන්න නම් ඒකත් එක්ක යන කෑමත් ගන්න ඕනි.. ඒ වගේම තමයි ඇල්කොහොල් රහිත බීම වලට ගැලපෙන කෑම වර්ග හදන හැටි ගැන නිතර කතා උනත් ඇල්කොහොල් සහිත බීම වලට ගැලපෙන කෑම ගැන නම් කතාකරන්නේ බොහොම අඩුවෙන්.. ඉතිං මං මේ හදන්නේ අපි හැමෝටම තේරෙන බාසාවෙන් කියනවා නම් සෙට් වෙන වෙලාවට ගන්න බයිට් ගැන කතා කරන්නයි.

‍මෙහෙම කිව්වම කට්ටිය සෙට් වෙන වෙලාවල් - අවස්ථාවන් වෙනස් වෙනවා වගේම ඒ සෙට් වීම් වලට ගන්න බීම වර්ගත් වෙනස් වෙනවානේ.. උදාහරණයක් හැටියට කට්ටිය මූහුදේ නාන්න සෙට් වෙනවා නම්.. ඇළක දොළක නානවා නම් හරි ‍විවේකී ඉරිදා දවසක උදේක හරි සෙට් වෙනවා නම් ගොඩක් කැමති රා වලටනේ? ඒක ඉතිං කිතුල් රා ද පොල් රා ද කියලා වෙනසක් නැති වුනාට.. පොල් රා වලට මයියොක්කා තම්මබලා කට්ට සම්බෝලයක් හෝ උම්බලකඩ වැඩියෙන් දාපු පොල් සම්බෝල හෝ ලුණුමිරිසක් තිබ්බා නම් මරු.. ඒ වගේම කිතුල් රා වලට වල් ඌරු මස් හෝ ගම් කුකුළු මස් මිරිසට තියනවා කියන්නේ ඒවා කෑමේ වගේම බීමෙත් රස වැඩි කරන උපාංග..

ඉතිං මගේ මේ ලිපියේ මුලික අරමුණ බීම වලට ගැලපෙන බයිට් වර්ග ගැන ලියන එකම නෙවෙයි.. මොකද ලියන මට වඩා කියවන ඔබතුමන්ලා (තුමියන්ලා) ඒ ගැන දන්නවා ඇති කියලා මම හිතනවා... ඉතිං කොහොම උනත් ගැඹුරු තෙලේ බැදපු කරවල කෑල්ල, පපඩම, බිත්තර ඔම්ලට්, කඩල , කොත්තු, ආප්ප, බිත්තර ආප්ප, වඩේ, ආදී එකී මෙකී නොකී දේවල් වලට අමතරව පලතුරු හා එළවළු වර්ග පවා බයිට් විදියට එහෙමත් නැත්නම් බීමේ අමතර අයිත්තම් විදියට පාවිච්චි වෙනවා.. ඒ හැමදේම බීම වර්ගය, බොන පුද්ගලයා හා ඒ පුද්ගලයාගේ ආර්ථික මට්ටම අනූව වෙනස් වෙනවා.. මොකද අපි මේ සාමාන්‍ය බයිට් ගැන කථා කලාට ස්පෙෂල් සී ෆුඩ් ‍ප්ලේට් එකක්ම කැමති නම් කෙනෙකුට බයිට් එක විදියට හවසට බ්රැන්ඩි හෝ වයින් හෝ වොඩ්කා හෝ තමන්ට කැමති දෙයක් එක්ක ගන්න පුළුවන්.. ඒක ඉතිං සාපේක්ෂයි.. කොහොම උනත් මේ ලිපිය ඉවර කරන්න කලින් මම හිතුවා කැමති කෙනෙකුට සාමාන්‍ය අරක්කු එක්ක සෙට් වෙන වෙලාවෙදි හැමදාම කඩෙන් ගන්න චිකන් ඩෙවල් හෝ මික්සර් පැකට් එක වෙනුවට කැමති නම් තමන්ටම හෝ වෙන කෙනෙකුට කියලා හෝ හදාගන්න පුළුවන් සරළ වට්ටෝරු කීපයක් ලබාදෙන්න.. මම දන්න තරමින් අති‍විශේෂ අරක්කු වලට මේ බයිට් වර්ග ඉතාම හොදින් ගැලපෙනවා.

1 සුදුලූණු තෙල්දැමුම (දෙදෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍යය - සුදුළුණු ගෙඩි 2ක් හෝ තුනක් - මිරිස් කෑලි කුඩු මේස හැදි 1යි - ලුණුකුඩු මේස හැදි1/2 - පොල්තෙල් - වතුර පොඩ්ඩක්‍ හෝ සෝයා සෝස්

මුලින්ම සුදුළුණු ගෙඩියේ බික් වෙන් වෙන්ව ගලවා ගන්න.. (පොතු අයින් කරන්න එපා) ඒක දික් අතර හරහට බික් වෙන් නොවන පරිදි පිහියකින් පලාගන්න.. දැන් ඒක භාජනේකට දාලා මිරිස් කෑලි හා ලුණු කුඩු එකතු කරගන්න (ළූණු පොතුත් එක්ක තියන නිසා ටිකක් වැඩියෙන් මිරිස් කෑලි හා ලුණු දැම්මට ප්‍රශ්ණයක් නෑ.. තමන් කැමති ප්‍රමාණ එකතු කරගන්න) ඒ ටික මිශ්‍ර කරලා සෝයා සෝස් මේස හැදි 1ක් විතර දාන්න.. සෝස් නැත්නම් වතුර උනත් ප්‍රශ්ණයක් නෑ.. මේ ටික හොදට ලූණු වල කලවම් උනාම තෙල් මේස හැදි 2ක් විතර ලිපේ තියලා රත් කරන්න.. ඒක හොදට රත් උනාම කලින් මිශ්‍රණය දාලා මද ගින්දරේ බැදෙන්න හරින්න. ලිපේ තියන භාජනය පියනකින් වහලා තියාගන්න.. (මතක තියාගන්න පපඩම් බදිනවා වගේ ගැඹුරු තෙල් වල නම් නෙවෙයි) විනාඩි 7 - 8 කින් පියන ඇරලා තැම්බිලාද බලලා පොඩ්ඩක් කලවම් කරගන්න.. සුදුළුණු පොතු රන්වන් පාටට හැරුනම එකක් අරන් කාලා බලලා තමන් කැමති ප්‍රමාණයේදි ලිපෙන් බාගන්න.. දැන් ඒ බයිට් එක හරි..

හැබැයි පොතු නම් කන්න එපා හොදේ..!



2 එළවළු හා ක්‍රීම් කැකර්

බෝංචි කැරට් ගෝවා අර්තාපල් වගේ එළවළු ටිකක් අරගෙන තම්බා ගන්න. (අල හොදින් තැම්බිය යුතු අතර අනික්වා එතරම් තැම්බිය යුතු නැත) මේවා කොටු හැඩයට කපා ගන්න.. ගම්මිරිස් කෑලි.. ලුණු කුඩු දමා කලවම් කරගන්න.. ක්‍රීම් කැකර් බිස්කට් කිහිපයක් කෑලී වලට කඩා එයටම එකතු කරන්න. කැමති නම් චීස් ටිකක් එකතු කරගන්න.. දැන් ඒ බයිට් එකත් රෙඩි.
අල පොතු අයින් කරගන්න හො‍ඳේ!!!



3 රටළූණු බැදුම ( බැටර්ඩ් අනියන්)

‍රටළූණු (ලොකුළූණු) රවුම් පෙති කපා ගන්න (සෙන්ටිමීටර් 3/4 ක් පමණ පළලට) මුදු ආකාරයට සිටින පරිදි ‍එම ළූණු පෙති වෙන් වෙන් කරගන්න..

කඩලපිටි මේස හැදි 2කට හාල්පිටි මේස හැදි 1ක් එකතු කර එයට කහ ස්වල්පයක්.. ලුණු කුඩු.. හීනියට කපා ගත් කරපිංචා.. සූදුරු ඇට කිහිපයක් (සැරට අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු හෝ මිරිස් කෑළි කුඩු )ටිකක් එකතු කර වතුර ස්වල්පය බැගින් එකතු කරමින් බැටර් එකක් ආකාරයට (උකු දියරයක් ) අනාගන්න. කලින් කපාගත් රටළූණු මෙහි දවටා ගැඹුරු තෙලේ බැදගන්න..

මෙය කෑමට ගන්න වෙලාව කිට්ටු කරලා හදාගන්න.. මොකද වෙලාව යද්දි ටිකක් ක්‍රිස්පි ගතිය අඩුවෙන්න පුළුවන්. දෙහි බිංදු දෙකක් ඉහලා කෑමට ගත්තොත් තවත් රසක් අත්විදින්න පුළුවන්..


ඉතිං අදට මේ ඇති නේද? ආයේ දවසක අළුත් බයිට් ව‍ට්ටෝරුවක් එක්ක සෙට් වෙමු..
චියර්ර්ස්...!!!

27 Response to " එතකොට බොනකොට කන ඒවා? "

  1. Anonymous Said,

    මම කැමති රටළූනු බැදපු එකටයි.. ඒත් මෙහේ හාල් පිටි, සෝයා පිටි කොහෙන් හොයන්නද බං.. නිකංම පාන් පිටි වලට වතුර දාලා තමයි, පේස්ට් එක හදා ගන්නේ..

    මලී, මගේ සුදු චුච්චං නංගී, තව උදව්වක් කරන්නකෝ.. මෙහේ වෙජිටේරියන්ලා 2කුට කෑමකට එන්න කියන්නම වෙලා.. නැත්නම් මාව කාවි.. මට මස් මාළු නැති,මොන කෑමක් හරි, ටිකක් රසට හදන්න කියලා දීහංකෝ... රස නියමෙටම ඕනේ.. නැත්නම් නෝන්ඩිනේ..

    @ හරේ, අනේ මලීට මේ පණිවිඩේ ඉක්මනට දෙන්නකෝ.. එයාගේ පීටර් ලෙඩවෙලානේ..

     

  2. @Pisso - kawadatada hadanne? Sri Lankan foods da? lankawe kema hadanna nam monawada ohe ganna thiyana dewal? e tika kiyala inna.. hebei man koi wele yai da danne nehe.. heta dawasa math online nam nehe.. sorry.com thamai..

     

  3. Anonymous Said,

    ම්ම්ම්... අනේ මන්දා නංගී, මෂ්‍ රූම් නම් තියෙනවා.. ඒත් අර චූටි බෝල වගේ ඒවා.. එක දවසක් මම හැදුවා අජූතයි.. මට තේරෙන්නේ නෑ බං.. බත්ම වෙන්න ඕනේ නෑනේ නේද?
    ඔය මොනවා හරි.. උළුදු වඩේ හදන්න අමාරුද?

    ලේසි, රහ දෙයක් කියන්න.. මොනවා හරි කමක් නෑ...
    මම මේ සතියේ බිසි කියන්නම්.. ලබන සතියට උන්ට එන්න දාගන්නම්..
    ඉක්මනට මොනවා හරි ඔයා කියන්නකෝ...

     

  4. h Said,

    @පිස්සා - මචෝ මලීගෙ පීටර් ස්වාධීන එක්කෙනෙක්. එයාට ඕන වෙලාවට තමයි එයත් වැඩ කරන්නේ. හෙට මලීට එන්න බැරි වුණොත් මොකක් හරි විසඳුමක් අහල කියන්නම් :)

     

  5. LG Said,

    නියමයි මලී මචී මේ වැඩේ..

    අර සුදුළුණු එක හදලා බලන්න ඕන වහාම ක්‍රියාත්මක වන පරිදි..ඒක ඒළ ඇති (මම සුදුළුණු වලට පෙරේතයි ටිකක් ;-)

    අනියන් රින්ග්සුත් නියමයි..මම ඒත් ගෙදර හදලා නම් කාලා නෑ අනේ..දැනන් හිටියෙ නෑ නේ හදන හැටි:-( (අපේ පිස්සාත් දන්නවාලු ඒක හදන්න..හපොයි මට වස ලැජ්ජාව!)


    ඒකත් ට්‍රයි කරලා බලන්න ඕන..

     

  6. Anonymous Said,

    @ හරේ- කමක් නෑ.. ඔයාට ස්තූතියි පණිවිඩේ දුන්නාට.. මලියා දැන් දොයි ඇති.. හෙට පංතිනේ එයාට.. අයියෝ හරේ, ඔයාට බැරිද ටීම් වීවර් එකෙන් ලොග් වෙලා, මලියට වයිරස් ගාඩ් එකක් දාලා දෙන්න.. මොනවද හලෝ, ඔයා මලියාගේ යාළුවෙක් නේද? ඒ අහිංසක ළමයා පව්..
    මම 25දාට පස්සේ දවසක් සෙට් කර ගන්නම්.. එතකොට හරිනේ.. ඔයාලාටත් වැඩනේ.. පුළුවන් ලේසි දෙයක් හිතන්නකෝ..

     

  7. Anonymous Said,

    @ LG- මම සුදුළූනු බික් ගලවන්න, කපන්න කැමති නෑ.. ඒවා කන්න කැමතිත් නෑ.. මොකද ඒවා කෑවාම ටොයිලට් ගියාම අමුතු ගඳයි..

     

  8. LG Said,

    @ පිස්සා

    කතාව නම් ඇත්ත..ඒත් ඉතින් සුදු ළුණු වල තියෙන චෝයි රස නිසා මට නම් ඕවා ගාණක් නෑ , හික්ස්.. ;-)

    බයිට් පැකට් වල එහෙම තියෙන්නේ සුදුළුණු බැදලා දාලා..මාර රසයි ඒවා..ම්ම්ම්ම් :-D

     

  9. Said,

    This comment has been removed by the author.

     

  10. Said,

    අඩේ නියමයි.
    මන් මේ "බයිට්" කියලා එකක් දාන්න හිතුවා විතරයි.
    හැබැයි ඉතින් ඔයා වගේ හදන ඒවා ගැන නෙමෙයි කඩෙන ගන්න ඒවා ගැන.

    Batted Onion නම් එක පාරක් SSC එකේදී කෑවා, ඔය සුදුළුණු එක පහුගිය කාලේ පාර අයිනේ වික්ක එකමද? දැන් නම් දකින්න අඩුයි. ටික දවසකට කලින් ඔහොම එකක් විකුනන්න තිබ්බා කඩල කාරයෝ ගාව. මට ඔය සුදුළුණු සුවඳ අලන්නේ නැති නිසා කාලා බැළුවේ නැහැ ඒත් දැන් නම් කාලා බලන්න හිතුනා.

     

  11. පට්ටම....

    /බිඟුවා...!

     

  12. h Said,

    @ ම - සුදුලූණු එක ඔයා කියන එක නෙවෙයි. ඒකත් නියමයි බයිට් එකට. වතාවක් පානදුර පැත්තෙ ගෙදරක අපි සෙට් වුණ වෙලේක සුදුලූණු බයිට් එක තිබුණා. ඒක හරියට කංකුං වගේ ලාවට දියර ගතියක් එක්ක තියෙන්නෙ. ටිකක් කර වෙන්න වගේ තමයි ලූණු ටික හදල තිබුණෙ. හොඳ වෙලාවට එදා තව බයිට් කීපයක් තිබුණා. සුදුලූණු එක විතරක් කන්න හිටියනම් සොරි තමයි. බීපු එවුන්ට වඩා නෙබීපු එවුන් තමයි කෑවේ :P

     

  13. මේ වැඩේ හරියන්නෑ, මේක කියෙව්වාම මට කනවට වඩා බොන්න ට්‍රයි එකක් දෙන්න හිතුනා! :P

    මොකදෑ කරන්නෙ, දැම්ම ඉඳං බොන්න පැට්ටිස් උනානං හරි! ;)

     

  14. පිස්සා - ටිකක් ඝණකමට හදාගත්තොත් අවුලක් වෙන එකක් නෑ පාන් පිටි උනත් කඩලපිටි දාන්නේ හයිය වෙන්න.. මොකද නැත්තං ළුණුත් හයිය නැති නිසා දියවෙලා හෝ කැඩිලා යන්න බලයි.. ඒ ගැන වැඩි දෙයක් කියන්න බෑ පිස්සෝ මම පාන්පිටි වලින් හදලා නැති නිසා..
    මේ මම මගේ බ්ලොග් එකෙත් මේක කිව්වා.. අපි පොල් රොටි දෙමුද? පොල් හොයාගන්න තියෙයිද? පරිප්පු වඩේ ටිකක් හදලා ලුණුමිරිසක් අනාගෙන තව මොනා මොනා හරි දේවල් ටිකක් එක්ක දෙමු.. මේ පුළුවන් නම් ලබන මාසේට කල් ගනින්.. මොකෝ යන්තරේ සුවර් නෑ මගේ.. නැත්තං උඹ කැමති කෑමක් කියහන් ඒක හදන හැටි අපි කියන්නම්..
    ඔයා කියන්නේ බටන් මෂ්රුම් ගැන.. එක නම් මමත් හදලා නෑ බං ලංකාවේ අපිට ඉතිං ලාබෙට ලේසියට ගන්න තියෙන්නේ අර සුදුපාට පෙත්ත වගේ හතු තමා..
    අනික පිස්සෝ උඹ මේ සුදුළූණු එක කෑවොත් ඉල්ල ඉල්ල කනවා.. ඒක මාර රසයි බං..

    Lg- සුදුළුණු හදලා බලලා කියන්නකෝ.. වැඩි ගේමක් නෑ.. මම නම් මාර ආසයි..
    බැරි දේවල් ගැන ලැජ්ජ වෙන්න එපා බං.. ඉගන ගන්න පුළුවන්නේ..

    ම- නෑ නෑ ඒ පාර අයිනේ තියාන් විකිණුවේ සුදුළුණු ගෙඩි පිටින් බැදලානේ.. මට නම් එක වැඩිය ඇල්ලුවේ නැහැ..
    මේ ඉතිං ඔයා ලිව්ව කඩේ බයිට් ගැනත් දාන්න.. අපි ඒවත් කනවා තමා..!!!!

    බිගු - තෑන්ක්ස් කිව්වා.

    හ - ඔය කියවෙන්නේ.. හික් හික්..

    සුපුන් බුධාමලයා - අපෝ.. ඔය කමෙන්ටුවම ඇති සමහරුන්ට මේ බ්ලොග් එක ලියන උන්ට හම යනකන් දොඩවන්න.. :0

     

  15. Anonymous Said,

    @ මලියා- මං ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා.. බලන්නකෝ..
    මම මේ සුපුන් බුධාමලයා ගැන හිතන් හිටියේ වැරදියටද මන්දා බුධා කෑල්ල නිසා මම හිතුවේ සිරා පොරක් කියලා.. හෙ හේ..

     

  16. මෙන්න බීල කන්න අතුරු පසක්. මං ඉස්සෙල්ලාම රස වින්දේ ගිය සුමානේ මාලඹේ දීයි.

    අවශ්‍ය ද්‍රව්‍යඃ
    1. වැනිලා අයිස් ක්‍රීම්
    2. කිතුල් පැණි
    3. අවශ්‍ය ප්‍රමාණයේ ඩෙසර්ට් කප්ස් සහ හැඳි

    සාදන ක්‍රමයඃ
    ඩෙසර්ට් කප්ස් වලට අයිස් ක්‍රීම් දමන්න
    උඩින් කිතුල් පැණී වත්කරන්න
    වහාම කෑම මේසයට යවන්න

    මෙය ඔබේ කන-බොන සැමියා හෝ වෙන්ට සැමියා ප්‍රීය කරන අතුරු පසක් වෙනු ඇත.

    කකා

     

  17. පිස්සාට ප්‍රතිචාර දැමුවෙමි..

    කක ශූරිනි වැනිලා අයිස්ක්‍රීම් වලට පැණි දමා මමද අනුභව කර ඇත්තෙමි.. එය මසුරන් බව මාගේද අදහසයි..!!!! :ඩී

     

  18. පිස්සා & මලී

    කඩල පිටි ඕනෙ නෑ. පිටි වලට ස්පාක්ලින් වතුර (සාමන්‍ය වතුර වෙනුවට ) ටිකක් දැම්මා නම් ක්‍රිස්පි තමයි.


    ඔය ලූනු බැදලා කන එක මගෙත් ප්‍රියතම කෑමක් නිසා මම ඒක හදන්නේ එහෙම. ඕකටම තව ගෝවා මල් බැදලා ගත්තා නම් එල තමයි. සේජ් කොල ටිකක් බැදලා ගත්තානම් . (ලංකාවෙ කරපින්චා )
    ඒත් ඉතින් බයිට් එකත් වෙනස් වෙන්න ඕනෙ නේද බොන බීමෙ, කෑමේ හැටියට.
    මට නම් ඉතිං කොයිවෙලෙත් සෙට් වෙන්නේ චීස් කෑල්ලක් තමා. ලේසියිනේ.
    මට මතකයි මම කන්කුන් එකක් කෑව බයිට් වලට හදලා තිබ්බ එකක් ලංකාවෙදි. ඒක නම් මල් හතයි. ඒත් ඉතින් මම ඒක කෑවෙ බොනන් නෙමෙයි.
    මලී මේ උඹ දැන් මාලු (ඉස්සෝ, කකුලුවෝ )මිරිස් නැතුව හදලා දෙනව නේද?

    ගාලික් කෑවම ගඳ නැද්ද බන්?

     

  19. Said,

    අයිස්ක්‍රීම් වලට පැණි දැම්මම මරු තමා. වෙරි වැඩී වගේනම් ඒකත් හරියනවා ටිකක් වැඩිපුර අයිස් ක්‍රීම් කෑවම.

    මේ ලඟදි දෙහිවලින් ගත්තා ඔය වගේ කරවිල වටේට පිටිගාල බැදපු බයිට් එකක්. ටිකක් තිත්තයි හැබැයි

    ස්පාක්ලින් වතුර කියන්නේ මොනාද අප්පා. මෙහෙනම් එහෙම ඒවා තියෙනවද මන්දා? බැටරි වතුර හරියන එකක් නැද්ද ඒ වෙනුවට?

     

  20. MaJee Said,

    මරණෙටනම් ගිනි වතුරෙන් හැදුවත් කාල දායි. බයිට්නෙ:-)

     


  21. Unknown Said,

    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. මමත් මේ ගාලික් බයිට් එක කාල තියෙනව. ඒත් මලී කියපු විදියට නෙමෙයි. නිකන් බැටර්ඩ් ප්‍රෝන්ස් වගේ හදල තිබ්බෙ. ඒකත් එක්ක බැදපු කරපින්ච තිබ්බ. ඒකත් මරු. හා... ඒක නෙමෙයි මම කාපු මරුම බයිට් එක ටමයි වෙල් මාලු වේලල කරවල හදල ඒක තෙල් දාල. ඒකට නම් මට පිස්සු හැදුන.

     

  22. මං මේ දවස් වල හෝ ගාලා කකුළුවෝ ඉස්සෝ ඇතුළු අනිත් සියළුම කෑම මිරිස් නොදා සැර නැතිව හදන රෙසිපි හොයනවා ‍බුරු බබා ආවම හදන්න.. පුළුවන් අය උදව් කරන්න.. :( මට නම් ඉතිං මිරිස් උපරිමට..:)

    මරේ කරවිල බයිට් කෑවා.. අප්පා.. හදලා බලන්න ඕනා මාත්.. බියර් වලට හොද‍ වෙයිනේ?

    ජිවිතේ.. ඔයත් ඉදලා ඉදලා මරු කතා තමයි කියන්නේ‍ නේ??

    බුරු බබීයෝ ඒක සෝඩා කියලම කිව්වා නම් ඉවරනේ අනේ.. වෙජිටබල් සෝටීස් මිශ්‍රණ‍යේ ‍එළවළු නැත්තේ ඇයි ඇහුවා වගේ තමා ස්පාක්ලින් හොයනවා කියන වැඩෙත්.. හික් හික්..

    නොදරුවා හොදටම ගුටිකාලා පව් වැඩේ... හික් හික්.. වෙල්මාළු කරවල මං කාලා නැහැනේ... :((

     

  23. සෝඩා කියන්නේ sparklin water නෙමේ මලී. ඒත් දන්න තරමින් ලංකාවේ මේකට සමවෙන්නේ සෝඩා. මොකද මෙහේ අපි සෝඩා ගන්නේ ඩ්‍රින්ක්ස් වලට විතරයි. drink mixture or kind of . ස්පාක්ලින් වෝටර් කියන්නේ බොන වතුර එකකට. සිංහලෙන් නම් බුබුලු වතුර වෙන්න ඕනෙ. (අපේ එරික් බෝයි කියන්නේ ඌවා ආක්වා කියලා) (මෙහෙ (effervescente natural )නැචුරල් ස්පාක්ලින් වතුර තියෙනවා. මම බොන්නේ ඒවා තමයි. ඒ කියන්නේ පොලොවෙන්ම ගන්නේ ඒ විදිහට )

     

  24. h Said,

    බුබුළු නගින බෙලිකටු...

     

  25. අම්මෝ........ මෙහෙම කෙල්ලෙක් බඳින්න අම්බානක පින් කරලා තියෙන්න ඕනේ. උඹේ කොල්ල ගැන පට්ට ඉරිසියයි බං. චියර්ර්ස්...

     

  26. බොකා Said,

    රා එක්ක යන නියම බයිට් එකක් මම මේ ලඟදී යාලුවෙක්ගෙන් දැන ගත්තා. පොරට කියලා දීලා තියෙන්නේ රා පෙරන සීයා කෙනෙක්. "සුප් කැට" තමයි ඒ item එක. සුප් කැටෙන් පොඩ්ඩක් සූප්පු කරලා අරන් දිව යට තියගෙන තමයි බොන්න ඕන. මේක ගල් වලටත් හරියනවා. ගල් අප්පිරිය අයට හොඳ ක්‍රමයක්. (මට පොර කියපු විදියට නම් පොරටයි, තව එකෙක්ටයි ගල් බෝතලයක් ඉවර කරන්න ඕන වෙලා තියෙන්නේ දෙන්නට එක ගානේ සුප් කැට දෙකක් විතරයි)

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!