ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

කනවනම් කන්න බොනවම් බොන්න

Posted by Naliya On Thursday, January 14, 2010
සැර ජාති ගැන කථා කරන්න experts ලා ඉන්න එකේ මට හිතුන ඇග නිවෙන එකක් ගැන ලියන්න.මේක වැඩිය ප්‍රසිද්ධ නෑ.ඒ තමයි ගස්ලබු( පැපොල් ) සමග බෙලි.
කනවනම් කන්න බොනවම් බොන්න පුලුවන් එකක්.මේකට අවශ්‍ය වෙන්නෙ බෙලි ගෙඩියකුයි, අවශ්‍ය ප්‍රමානයට ගස්ලබුයි, සීනී, දෙහි බින්දු දෙකකුයි,අයිස් කැටැයි විතරයි.
මුලින් බෙලි ටික මග් එකකට දාලා සීනී ටික දාල හොදට පොඩි කර ගන්න.එකට දෙහි බිංදු දෙකක් විතර දාලා උකු ගතියකට එනකන් පොඩි කරගන්න.

ඊට පස්සේ ගස්ලබු කැලි චොරු වෙන්නෙ නැති වෙන්න හැන්දික් අරන් බෙලි එක්ක කළවම් කර ගන්න.අයිස් ටිකත් එකට දලා චොරු කර ගන්නෙ නතුව කළවම් කරගෙන කන්න තමයි තියෙන්නේ.
ගස්ලබු බෙලි එක්ක මික්ස් වුනාම පුදුම රසක් එන්නේ.




ඕන නම් බෙලි වල ඇට අයින් කරලා මේ ටික බ්ලෙන්ඩ් කරලා ජුස් එකක් හදා ගන්නත් පුලුවන්.ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා මගේනම් ප්‍රියතම පානයක්.
මේකට වොඩ්කා ටිකකුත් දැම්මොත් කොහොමට තියෙයිද?

6 Response to " කනවනම් කන්න බොනවම් බොන්න "

  1. ෂා නියම බීමක් වගේ. මේකට ස්පාක්ලින් වයින් හෝ මාටිනි ඩ්‍රයි පොඩ්ඩක් වැටුනා නම් කියාපු බඩුව වගේ.
    අපේ ගෙදර බෙලි ගහක් තිබ්බා. අදටත් තියෙනවා වෙන්න ඕනෙ. හැබැයි මම හිතන් උන්නේ ඒකෙ මල් විතරයි අපි ගන්නේ කියලා. කන බවක් දැනන් උන්නේ නෑ. (මොකද ඩකින දකින කොලේ, ගෙඩි, මුල් බොන්න මට පුදුම උණක් තියෙන්නේ.)
    මට හිතෙන්නේ පැපොල් වල සීනි වැඩිපුර තියෙන නිසා අමුතුවෙන් සීනි ඇඩ් නොවුනාට කමක් නෑ කියලයි. අර පලතුරු හයි බෝල් ග්ලාස් එකකට දාලා කේන් සුගර් දාල පෙස්ට්ල් එකෙන් තලලා ගත්තා නම් හොඳයි වගේ.ඒකට ග්‍රේටඩ් අයිස් දාලා ස්පාක්ලින් වයින් සෙට් වෙයි කියලා හිතෙනවා. හොඳ ගානිශ් පාරක් දැම්මා නම් එලට තියෙයි.. මෙන්න නලියාගේ කොක්ටේල්....




    ( මගේ බීමේ උවමනාව වැඩි උනා)

     

  2. Said,

    ෂා කලින් දැන ගත්තා නම් හදලා බලන්න තිබ්බා. දැන් නම් මන් හිතන්නේ ගහේ බෙලි ටික ඉවරත් ඇති. හැබැයි මොක හැදුවත් නිකන් නම් බොන්නේ නැහැ. වොඩ්කා පොඩ්ඩක් දා ගන්නම වෙනවා.

    කඩවල් වල ඔය දෙක වෙන වෙනම නම් විකුනන්න තියෙනවා දැකලා තියෙනවා ඒත් දෙක එකට කලවම් කරලා විකුනන්න තියෙනවා දැකලා නම් නැහැනේ.

     

  3. MaJee Said,

    බොන්න හපන්නූ කන්නත් හරිම හපන්නූ
    ඊටත් වැඩියෙන් රසකර ලියන හපන්නූ
    මේ බ්ලොග් වැසියෝ තව මොනවටද හපන්නූ...?

     

  4. Naliya Said,

    @Il mondo di una povera pazza
    මාටිනි ඩ්‍රයි ලංකාවේ ගන්න තැනක් දන්නවාද?බාර් වල තියනවාද්?
    කොක්ටේල් එකට ස්තුතී!

    @ම
    කඩවල් වල නම් මාත් දැකලා නෑ , මම අර කියලා තියන විදියලම මික්ස් කරොත් තමයි නියම රස එන්නේ.

    @මගේ ජීවිතය
    තව තව දෙවල් වලට හපන් කම් තියනවා එවා ගැන නම් බ්ලොග් වල ලියන්න බැරි වෙයි මචෝ!

     

  5. මම ඔය දෙක වෙන වෙනම බීලා තියනවා උනාට එකට බීලා නෑ.. ඒත් දැන් හොදා බෙලි හොයන්න නෑ මං හිතන්නේ.. අවාරෙද කොහේද බලමු ට්‍රයි කරපු දාක ආයේ කියන්නම්කෝ.. :-)

     

  6. LG Said,

    ම්ම්ම්....නියම ඩ්‍රින්ක් එකක් වගේ මේක..

    මරේ මේකටත් වෝඩ්කා මික්ස් කරන්න හදන්නේ ;-) ට්‍රයි එකක් දාලා බලලා රස ගුණ අපිටත් කියන්න ;-)

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!