ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

ජින්

Posted by On Wednesday, January 13, 2010
ජින් කියන්නේ සාපේක්ෂව සුවඳ (අනික් අයට ගඳ වගේ දැනුනට මටනම් බීම ජාති වලින් එන්නේ සුවඳක්) අඩු බීමක් නිසා දවල්ට සහ හොරෙන් බොන්න ඕනේ වෙලාවට අපේ තේරීම වෙන්නේ ජින්. වොඩ්කත් මේ වගේ උනාට ජින් තරම් වොඩ්කා පෙවෙන්නේ නැහැ.

මෙහේ රසවල් හතරක ජින් ජාති මන් දැකලා තියෙනවා, ඩ්‍රයි ජින්, ලෙමන් ජින් සහ ඔරෙන්ජ් ජින්. ඔරෙන්ජ් ජින් ඇරෙන්න අනික් දෙක නම් මන් බීලා තියෙනවා. ඔරෙන් ජින් නම් එච්චර හරි නැහැ කියලා මට බීපු කෙනෙක් කිව්වා. ආ තව ක්‍රැන්බරි එකත් මන් බීලා නැහැ.

මම බීපු හොඳම ජින් ජාතිය කියලා එකක් නම් නැහැ රොක්ලන්ඩ් ලෙමන් ජින් එකට අනික් ඒවාට වඩා කැමතියි. හැබැයි බීපු ජරාම එක තමා ෆ්ලින්ටන් කියන එක. ඒක බීපුදාට පහුවදා හැදුනා ජීවිතේටම බීම එපා කරවන විදිහේ ඔළුවේ කැක්කුමක්. එදාට පස්සේ ඒක බිව්වේ නැහැ (හැබැයි එපා උනේ නම් ඒ ජාතිය විතරයි) .

DCSL, IDL, Mendis, Rockland ඔය හැම සමාගමක වගේ ජින් ජාති තියෙනවා. Ascot (IDL) නම් බෝතලේ පිටිපස්සේ ජින් බොන්න හොඳ මිශ්‍රනයක් සඳහන් වෙලා තියෙනවා ඒ ඇරෙන්න මේ අඩවියෙත් ටිකක් තියෙනවා




මම නම් බොන්නේ ස්ප්‍රයිට් එක්ක, ඒකට අයිස් ගොඩකුයි පොඩි දෙහි කෑල්ලකුයි දා ගත්තම මරු. ඒත් මේ ලඟදි සෝඩා ගොඩක් දාලා ස්ප්‍රයිට් චුට්ටක් දාලා බිව්වා. ඒකෙත් අමුතු රසක් තිබ්බා. බාර් එකේ නම් දෙන්නේ සෝඩා එක්ක. මිනිස්සු ඇවිත් ජින් 100 ක් දාගෙන ඒකට සෝඩා පොඩ්ඩක් දාලා එක හුස්මට බොනවා දැක්කම මගේ බඩ පපුව දාලා යන්වා.

අපේ රටේ නම් බීම ගැන කතා කරද්දි කාන්තාවො අදාල නැති උනාට ජින් කියන්නේ Ladies Drink එකක් කියලා එක පාරක් සුද්දෙක් කිව්වා. ඒකා නම් ඇහුවේ Gin & Tonic ද බොන්නේ කියලා. මාත් අහලා තියෙන විදිහට ජින් බොන්න ඕනේ ටොනික් එක්ක. Elephant House එකේ Tonic එකක් Supper Market  වලනම් මන් දැකලා තියෙනවා ඒත් ඒක නිකන් කඩවලනම් මන් දැකලම නැහැ.

ජින් කියන්නේ එංගලන්තේ මහ රැජිනගෙත් ආසම බීමක්ලු, මන් මේ එහෙම කිව්වේ අහල තියෙන කතාවක් මිසක් මන් එ ඇත්තී එක්ක එකට සෙට් වෙලා එහෙම නැහැ එයා කන බොන ජාති ගැන විස්තර අහන්න. මාත් එක්ක සෙට් වෙලා තියෙන කාන්තාවන් හැමෝම වගේ ජින් බොන්න නම් අකමැති නැහැ, ඇත්තටම ඒක අරක්කු වලට වඩා රසවත් බීමක් නිසා.

ලංකාවේ ජින් ජාති ඇරෙන්න මන් බීලා තියෙන්නේ Gordon's Gin සහ Bombay Sapphire® Gin  විතරයි. මේ Bombay Sapphire® Gin එකේ තියෙන්නේ නිල් පාට ජින් එකක් කියලා මන් මුලින් හිතාගෙන හිටියේ ඒත් එකෙත් තිබ්බේ සාමාන්‍ය අවර්ණ ජින්ම තමා. ඒ මදිවට බොන්නත් අමාරුයි ටිකක් සැර වැඩි වගේ. ඒක නිසා ඒ දෙකට වඩා නම් අපේ ජින් හොඳයි කියලා තමා මට නම් හිතුනේ.

බීම තියෙන්නේ බොන්න මිසක් නාන්න නෙමෙයි, කෑම තියෙන්නෙත් කන්න මිසක් ගාගන්න නෙමෙයි ඒක නිසා කෑවට බිව්වට කමක් නැහැ නා ගන්නෙයි ගාගන්නෙයි නැතුව. මොනා කලත් කමක් නැහැ අනික් අයට කරදරයක් නොවී.


ඡායාරූපය මෙතනින්

18 Response to " ජින් "

  1. LG Said,

    ජින් වලට මම එච්චර ආස නෑ..

    ජින් ඇන්ඩ් ටොනික් කොක්ටේල් එක තමයි මම බීලා තියෙන්නේ..

    ජින් ඇන්ඩ් ටොනික් ඩ්‍රින්ක් එක ටින් විදියටත් ගන්න තියෙනවා..

    අර නා ගන්නැතිව බොන කතාව නම් එළ ;-)

     

  2. මම නම් ආසා වොඩ්කා තමා....

    /බිඟුවා...!

     

  3. බුහාහාහාහා!!! හකිස්!
    ලෙමන් ජින් බොතලේ පිටිපස්සේ තියන කොක්ටේල් රෙසිපි එකට මං කැමති ඒවා වැඩිපුර එකතුකරලා හදාගත්තු ‍හෝම් මේඩ් කොක්ටේල් එකක් ලග තියාගෙන මේ වගේ ලිපියක් කියවද්දි අමුතුම ආතල් එකක් තියනවා අප්පා..!!

     

  4. Said,

    හපොයි මෙන්න මන් කෙල ගිල්ලා

     

  5. එපා කොල්ලෝ.. ගෙදර අයගේ බඩ අප්සට් උනොත් හදපු මගෙයි කාඩ් එක කුඩු වෙන්නේ.. :(

     

  6. Said,

    හරි හරි ඔන්න එහෙනම් ආපහු දැම්මා
    ඉතින් අපිටත් කියන්නකෝ ඔයා හදපු හැටි සහ එකේ රස ගුණ ගැන පොඩි විස්තරයක්

     

  7. මං මගේ විශේෂ නියෝජිතයා එකක් සාකච්ජාවක් දාලා එයා අතේ එවන්නම්කෝ..

     

  8. Anonymous Said,

    උඹ දන්නවානේ මරේ, මම කලාබර නැති නිසා කිසිම දෙයක් රස විදින්න බැරි බව.. මට එහෙම පුරුද්දක් නැතිකම වෙන්න ඇති..

    මට ඕනේ ඉක්මනට බීලා බීලා බීලා ඉවරයක් කරන්න..

    මට ජිනුත් එකයි. වොඩ්කාත් එකයි.. වයිනුත් එකයි.. බියරුත් එකයි.. නොදෝකින් මම නම් නේද? හෙ හේ

     

  9. ෂා මේ වැඩේට් මම ආසයි මහ ගොඩක්.

    ඔක්කොමලා වැඩේට සෙට් වෙලානේ. මාත් නිවාඩුවක් ලැබුනම එන්නම්කො.
    ජින් නම් මම කැමති බීමක්. ජින් ටොනික් ඉතිං මගේ යාළුවා ඉස්සර ඉඳන්.

    මම නම් බොස්ෆොර්ඩ්, ගෝර්ඩන්ස්, බොම්බේ සැෆායර් තමයි මගෙ ප්‍රියතම ජින්. ඒත් කාලෙකින් බිව්වෙ නෑ ලඟදි නම්.
    ටොනික් එක්ක ටිකක් වැඩිපුර ලයිම් සෙට් උනා නම් ඉතින් මම පැය 2 ක් 3ක් උනත් ඕක බොනවා.
    ජින් වලින් හදන්න පුලුවන් බීම ගොඩාක් තියෙනවා. ඒ අතරින් බකාර්දි, වොඩ්කා, ජින් බේස් ඒව මල් හතයි.

     

  10. Unknown Said,

    අනේ මාත් ආසයි ගෝර්ඩන්ස් ඩ්‍රයි එකට, ඒක නෙමෙයි මට ආරංචියක් ආව මලීගේ ගෙදර කට්ටියට බඩේ ලෙඩක් කියල. මලීගෙ හදපු කේක් කාල, කොක්ටේල් බීල එකම ජංජාලයයි.

     

  11. Said,

    අද නිවාඩු දවසෙ කට්ටිය ........ පොලිමේද දන්නේ නැහැ

     

  12. LG Said,

    හපොයි..පව් ගෙදර කට්ටිය :-/

     

  13. kasun Said,

    අනගාරික ධර්මපාලතුමා එදා කියු විදියටම ගෙරි මස් කන,මත්පැන් බොන නුබලා වැනි කළු සුද්දන්ගෙන් මේ පින්බර ලක්මාතාව පිරී ඇති බව මම සැකහැර දැන ගතිමි.
    කෙසේ නමුදු නුබලා රස කොට කෑ ඒ සතාගේ ශාපය තවමත් නුබලා පසු පස පන්නන වග දැන්වත් දැනගනිව්

     

  14. Said,

    හැබෑට??
    මම නම් ඔය කිසිම සාපෙකට බය වෙන්නේ නැහැ. මෙයිට වඩා ලොකු වැරදි කරන අයගෙන් පිරිච්ච තැනක මේක ගනන් ගන්නවත් දෙයක් නෙමෙයි.

     

  15. kasun Said,

    "ම" හරකාට,
    "මාත් හෙන පෙරේතයි හරක් මස් වලට"..
    හරකෙක් මරණ හැටි බලලා ඉවරවෙලා ඕක කියපං.

     

  16. Said,

    මෙතනට හරියන්නේ ඕක නෙමෙයි
    "මන් හෙන පෙරේතයි ජින් වලට"
    ජින් හදන හැටි බලලා ඉවරවෙලා ඕක කියපං

    අනේ මන් ජින් හදන හැටි නම් දැකලා නැහැ. කොහොම හැදුවත් මන් බොන්න කැමතියි.

     

  17. කට්ටිය මං නැති අතරේ මාව යස අගේට බැදගෙන කාලා නේද? අනේ තොපි වගේ මිත්‍රදෝහියලා..!! :පී... අඩේ බැදගෙන කනවා කිව්වා මයි මතක් උනේ.. මගේ අදහසක් තියනවා බයිට් රෙසිපි ටිකක් ලියලා එවන්න.. ඒත් මේ ටිකේ මගේ පීටර් පොඩ්ඩක් අසනීපෙන්.. හොද උනු ගමන් මං අපේ එක්කෙනා අතේ එවන්නං කෝ..! :-)

     

  18. Said,

    අර බීම රෙසිපි වලට වගේ බයිට් රෙසිපි හදනකොටත් අපිට ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් අඩු මුදලට හදාගන්න පුළුවන් ඒවාට මුල් තැන දෙන්න හොඳේ

    ගත්තා, සේදුවා, කැපුවා, මිරිස් කුඩු දැම්ම, ලුණු දැම්ම ... විනාඩි 2යි වගේ නම් නියමයී......

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!