- චටස් පටස් කොත්තු රොටිය කැපෙයි මේ වගේ..
- ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය. . සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය. .
- කොත්තු රොටී අපි කාටත් දහක් වටී. .තලු මර මර බලනා කට ගැහෙන සැටී. .
- මට කොත්තුත් ඕනේ. . .
අද කියන්න යන්නේ පහසුවෙන් හදාගන්න පුලුවන් බීමක්.රස බීමක්.කඩේ ගන්නවානං රුපියල් 200ක් විතර වෙන නිසා, අපි මේ කියන විදිහට රුපියල් දෙසීයක් වියදමෙන් හතර දෙනෙකුට පමන සෑහෙන ප්‍රමානයක් සාදාගන්න පුලුවන් නිසා කට්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.
මේකට අවශ්‍ය කරන්නේ
- මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්)
- මී කිරි ගත්තු ප්‍රමානයෙන් බාගයක ප්‍රමානයට අයිස් වතුර
- සීනි තේ හැඳි තුනක්
- ලුණු රස පමනට
- ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක්


ක්‍රමේ කියලා දීපු ලිහිණි අක්කට පිං!
කොළඹ ඉඳන් අවිස්සාවේල්ල පහු කරලා රත්නපුර පැත්තට එනකොට පොලීසිය පහු වෙන විට හමුවෙනවා නුගගස් පේලියක්. එය අවසාන වෙන තැන තමා මේ රන්දිය රෙස්ටුරන්ට් තියෙන්නේ. ටිකක් කලබල කාර වටපිටාවක තිබුනත් ඉඳගෙන නිවාඩු පාඩුවේ යාලුවෙක් එක්ක ආහාර ගන්න කියාපු තැන.

සෙට් මෙනූ එකක් තිබුනත් තමාගේ ප්‍රියතාව මත අවශ්‍ය ආහාර පාන තොරා වෙනස් කරගන්නට ඇති හැකියාව වගේම ඉතාමත් සුහදශීලී සේවය හරිම සිත්ගන්නා සුලුයි .
තවද අපි ඇනවුම් කරන කෑම සාදන යුරු අපිට එවෙලේම එහිදීම දැකගන්නට ලැබෙන නිසා ආහාරවල තත්ත්වය ගැන මම නම් සහතිකයක් දෙන්නේ කිසීම පැකිලීමකින් තොරවයි.

එකවර 25 දෙනෙකුට පමණ ආහාර ගන්නට මෙහි ඉඩ පහසුකම් තිබෙන නිසාත් උදෑසන 9සිට රාත්‍රී 10 පමණ වෙනතුරු විවෘතව තිබෙන නිසාත් යාලුවො එක්ක පොඩි සෙට්වීමකටත් මේ තැන වරදක් නැහැ..! හැබැයි මතක තබාගතයුතු එක දෙයක් තිබෙනවා.., අපි එතැනම ආහාර ගන්නට හා ඔවුන්ගේ සේවය ලබාගන්නවා නම් අප ඇනවුම් කරන හම ආහාරයකට ම අමතර රුපියක් 20ක් ඔවුන් අයකරනවා..! ඒත් ආහාරවල තත්තවය හා සැපයීමේ කාර්‍යක්ෂමබව ගැන සැලකුවාම ඒ රුපියල් 20 අපට අපතේ ගියා යැයි හිතෙන්නේ නැති තරම්..!
පහත තිබෙන ආකාරයට සෙට්මෙනූ ද.., ඒ සෙට් මෙනූ ලෙස ලබාගන්න ආහාරත් , තවත් බොහෝ තෝරාගැනීම් කරගන්නට පුලුවන් කම තිබෙන නිසා හා එක් පුද්ගලයෙකුට සරිලන ලෙසත් ලබාගන්නට පුලුවන් කම නිසා එක දවසක් හෝ පැමිණ ආහාරගෙන වෙනස වටහාගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරනවා..!
අද කියන්න යන්නෙ කන්න බොන්න කැමති රස කෑම කලාව ගැනත් කැමැත්තක් තියෙන ඕනම කෙනෙක්ට බලන්න වටින චිත්‍රපටියක් ගැනයි. ඒ තමයි ජුලී සහ ජුලියා (Julie & Julia). මේක සත්‍ය සිදුවීම් හරහා නිර්මාණය වුණ චිත්‍රපටියක්. කෑම තරම්ම රසවත් නිසයි බයිස්කෝප් එකට වඩා මෙතන හොඳයි කියල හිතුණේ.
චිත්‍රපටියෙ යටිතල විස්තර බලන්න මෙතනින්. මම ඒ ගැන නොකියා චිත්‍රපටිය ගැන කියන්නම්.
මේකෙ කියවෙන්නෙ යුග දෙකක ජීවත් වෙන කෑම සහ ඉවීම සම්බන්ධව විශාල උනන්දුවක් තිබුණ කාන්තාවො දෙන්නෙක් ගැනයි. Julia Child හැටේ දශකයේ සහ ඊට පස්සෙ කාලෙදි ප්‍රංශ කෑම ඉවීම පිළිබඳව පොතක් ලියපු සහ ඒ ගැන උගන්වපු ඇමරිකානු කාන්තාවක්. Julie Powell කියන්නෙ අදටත් ජීවත්වෙන අර කියපු ජුලියාගෙ පොතේ තියෙන කෑම වට්ටෝරු හදමින් ඒ ගැන බ්ලොග් ලියපු කාන්තාවක්. චිත්‍රපටියෙදි මේ දෙන්නගෙ ජීවිතයේ විවිධ අවස්ථා ඡේදනය වෙමින් කතාව ගලාගෙන යනවා.
කතාව පුරාම තියෙන්නෙ ජුලී සහ ජුලියා තමන්ගෙ කෑම පිළිබඳ ලිවීම් ලෝකයට කියන්න යද්දි මුහුණ දෙන්න වෙන සිදුවීම් තමයි. ජුලියා තමන්ගෙ පොත ප්‍රකාශනය කරන්න යද්දිත් ජුලී තමන්ගෙ බ්ලොග් ලිවිල්ලෙදිත් මුහුණපාන සිදුවීම් සහ අන්තිමේ තමන්ගෙ අරමුණ කරා යන එක තමයි කතාවෙ තියෙන්නේ.
කෑම ගැන උනන්දු හෝ නැතිව හෝ මේක බලන්න වටින චිත්‍රපටියක්. මෙන්න මෙතනින් බාගන්න පුළුවන් HD මටිටමේ සුපිරි පිටපතක්. හැබැයි චිත්‍රපටියෙ පුරා පෙන්නන එක එක කෑම ගැන කෙල පෙර පෙර හිතන්න ගිහින් චිත්‍රපටිය බලන්න බැරි වුණා කියන්න එහෙම එපා හොඳේ...
මේ කියන්න යන තැන නම් ගොඩක් දෙනෙක්ට නිතර යන්න පුළුවන් තැනක් නෙවෙයි. නමුත් මෙතන ගැන කොතනක හරි සටහනක් තියෙන එක හොඳයි කියල හිතුණ නිසාත්, දවස් කීපයකට කලින් ආයෙත් වතාවක් මේ කියන තැනට යන්න ලැබුණ නිසාත් මේ ගැන ලියන්න හිතුණා.
මේක ඇත්තටම බදුල්ලෙ ඉඳන් පස්සරට යන පාරෙ කිලෝමීටර් 10ක් විතර ගියාම තියෙන වේවැස්ස කියන තේ වත්ත මගින් පාලනය වෙන තේ කෙලින්ම විකුණන තේ මධ්‍යස්ථානයක්. තේ කොල පැකට් මිලට ගන්න විතරක් නෙවෙයි. තේ බීල බලන්නත් මෙතනදි අවස්ථාවක් තියෙනවා. අන්තිමට ගිය වෙලේ රෝල් එකක් කන ගමන් බොන්න ලැබුණ කහට තේ එක කාලෙකින් මම බීපු හොඳම කහට එකක් කියල මට හොඳටම විශ්වාසයි. නිදහසේ ඉඳගෙන තේ බොන්න ලී වලින් හදපු පුංචි වේදිකාවකුත් තියෙනවා. ඈතට විහිදෙන තේ වතු යාය දිහා බලාගෙන තේ රසවිඳින්න මෙතනදි හොඳට පුළුවන්. (බර්ගර්ස් කිං වලින් බර්ගර් එකක් කද්දි ඒ සංස්කෘතියෙ පරිසරයක් වටේ තියෙනව වගේ වැඩක් නේද මේකත් කියල මට හිතුණ)
සාමාන්‍යයෙන් කඩේ තියෙන අපි වගේ කට්ටියට ගන්න පුළුවන් තේ වලට වඩා මේ තේ වල කහටත් රසයත් සෑහෙන්න වෙනස් සහ අළුත්.
මේ තැන ගැන මම දැනගත්තෙත් අවුරුද්දකට විතර කලින් තමයි. පස්සර ඉඳන් අපේ කාර්යාලයට රාජකාරියට එන යාළුවෙක් දවසක් කාර්යාලෙ තේ සංගමයට තේ පාර්සලයක් ගෙනත් දුන්න. ඒකෙන් හදාගෙන බීපු තේ අපි හැමෝටම වෙනස් විධියට දැණුන රස තේ වුණ නිසා මම ටිකක් හොයල බලද්දියි මේ තැන ගැන යාළුව මට කිව්වේ. ඉතිං මමත් එයාට කියල තේ පැකට් දෙකක් ගෙන්නගත්ත. ඒ දවස්වල නම් ග්රෑම් 500ක් රුපියල් 250යි. දැන් නම් 270ක් වෙනව. මම කඩේ තේ කීයද කියල නම් දන්නෙ නෑ. නමුත් මේ තේ කීප වතාවකදි තෑගි විධියට මගේ කොළඹ මිතුරන්ට දුන්නට පස්සෙ එයාලට අනුව තේ එකේ තත්ත්වය එක්ක මිළ සාධාරණ බව දැනගන්න ලැබුණ.









