ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

බීර හෙවත් බියර්

Posted by ආගන්තුකයා | Stranger On Monday, March 08, 2010 12 comments
                බියර් බියර් බියර්... කතා කරන්න සුන්දර මාතෘකාවක්. ඒවුනාට කූල් නැති බියර් එකක් බොනවා කියන්නේ නම් මහ එපා කරපු වැඩ වලින් එකක්. බියර් සාමාන්‍යයෙන් 4% සිට 8% දක්වා ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගුවෙන පානයක් කිව්වොත් නිවැරදියි. මම පානයක් කියලා කිව්වෙ සාමාන්‍යයෙන් බියර් ලිකර් එකක් විදිහට සලකන්නෙ නැති නිසා. ඒ කියන්නෙ කාට හරි බියර් විතරක් තියෙන බාර් එකක් දාන්න ඕනි නම් ඒකට වෙනම බලපත්‍රයක් වුනත් ගන්න බැරිකමක් නෑ..
                වැඩියත්ම මම මේ සෙට්වුනේ බියර් හදන හැටි ගැන පොඩ්ඩක් කියන්න. (මේක කලින් පෝස්ට් එක වගේ වමනෙ යන එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.)බියර් හදනවා කියන එක කසිප්පු පෙරනවා වගේ ගෙදර ඉඳන් කරන්න බැරි හින්දා මේක එක අතකට කියන එක තේරුමකුත් නෑ වගේ ඒත් ඉතිං දැනගත්තොත් හොඳයිනෙ. ඒ නිසා කියන්නම්.
               උපකරණ ඇරුණාම බියර් හදන්න මූලිකව බාර්ලි, යීස්ට් හා බීර මල් යොදාගන්නවා. මේ තුනම හොයාගත්තත් අපිට අවශ්‍ය තත්ව ලබා දෙන්න ගියාම බර ගාණක් යන හින්දා බියර් එකක් බාර් එකෙන් බොන එක අපේ පොකට් එකට හොඳයි.
             මුලින්ම අපි බාර්ලි හොඳට වතුරෙන් පොඟවලා පැලවෙන්න තියන්න ඕනි.මේ මිශ්‍රණයට නිෂ්පාදනයේදී කියන්නේ මෝල්ටීන් කියලා. මේ මෝල්ටීන්වල තියෙන බාර්ලි පැලවෙන වේගය වැඩිකරන්න ගිබරලීන් පාවිච්චි කරනවා. (ගිබරලින් කියන්නේ ශාක හෝමෝනයක් මේක ඔය කෘෂි කඩවලනම් ගන්නත් තියෙනවා ගිබරලින් වලින් ශාක වර්ධන වේගය වැඩි කරනවා) මේමෝල්ටීන් ටිකක් කල් තිබ්බට පස්සෙ ගානට පැලවීගෙන එන බාර්ලි ඇට මිශ්‍රණයට අපි නිෂ්පාදනයේදී කියන්නෙ මෝල්ට් කියලා.මේ මෝල්ට් ඊට පස්සෙ හොඳට වේලනවා. බියර්වල රසයත් වර්ණයත් ලැබෙන්න මේ මෝල්ට් වේලන එක මූලික හේතුවක් වෙනවා කිව්වොත් හරියටම හරි.
             ඊළඟ පියවර තමයි මේ වේලපු මෝල්ට් වතුරෙන් හොඳට අඹරන එක ඇඹරීමෙන් පස්සෙ එන ඒ මිශ්‍රණයට කියන්නෙ වර්ට්ස් කියලා. මෙහෙම හදපු වර්ට්ස් වලට හෝප් කියලා මල් වර්ගයක් එකතු කරනවා. ඔන්න ඔතනින් තමයි බියර් වලට ආවේණික තිත්ත රසය එන්නෙ. තිත්ත නැත්නම් ඉතිං බියර් නෙමෙයි නිසා මම හිතන්නෙ බියර් වල අනන්‍යතාවය තියෙන්නෙ මේ ක්‍රියාවලිය මත.අන්තිමට මේ බියර් මල් දාපු වර්ට්ස් හොඳට නටවලා යීස්ට් එකතුකරලා වාතය අයින් කරපු ලොකු සිලින්ඩර්වල දාලා දවස් 2-5 අතර පැසෙන්න දීලා පස්සෙ ඒ පැසුන මිශ්‍රණය පැස්ටරීකරණය කරලා පෙරලා ගත්තාම බොන්න පුළුවන් තත්වයේ තියෙනවලු. 
            හැබැයි ඉතින් මෙච්චර දවස් ගාණක් හදන බියර් එක හදන බියර් එක බොන්න යන්නෙ පැය දෙකකටත් අඩු කාලයක්නෙ..! මොනා කරන්නද ඉතිං බියර්නෙ...
              ආයි හමුවෙමු......!

හොට් ඩෝග්ස් නං ඉතිං

Posted by Rachintha Jayawardhana On Sunday, March 07, 2010 18 comments
මම මේ කාලෙකින් ඇවිල්ල කියන්න යන්නේ උණු බල්ලෝ ගැන.එහෙමත් නැත්තං ඔය සබ්මැරීන් ලංකාවට ෆිට් වෙන්න කලින් හැම එකාම කාපු තාමත් බහුලව කැවෙන හොට් ඩෝග්ස් ගැන.හොට් ඩෝග්ස් වලට ලංකාවේ ප්‍රසිද්ධ ගොඩක් නම් ඒකාලේ තිබ්බත්.දැන් ඒවා හුඟක් නෑ.තාමත් තියෙන්නේ කීල්ස් තමයි.ඒකත් හැමතැනම නෑ.විශේෂ තැනක විතරයි තියෙන්නේ.කීල්ස් ලගේ ජම්බෝ හොට් ඩෝස් එක කොච්චර රහ උනත් ඒක දැන් කාලෙට නං එච්චර සෙට් වෙන්නේ නැති ගතියක් තමයි මට හිතුනේ.

ඒත් ඔන්න දැන් අලුතෙන් ඇවිත් තියෙනවා "ස්ටාර් ඩෝග්ස්" කියලා කඩයක්.මේක අලුත් කිව්වට අලුත්ම නෑ.මේක මෙච්චර කල් තිබ්බේ ක්‍රෙස්කැට් එකේ.ඒත් දැන් ගල්කිස්සේ අලුතෙන් වෙනමම පටන් ගන්නයි යන්නේ.ඒක නං ඇත්තටම එල.
මේක තියෙන්නේ ගල්කිස්සේ "ක්වීන්ස් කැෆේ" එක ඉස්සරහා.රහයි වගේම බඩත් පිරෙනවා.සබ්මැරීන් එහෙකට හොඳ ආදේශකයක්.ඕනම විදිහකට ගන්නත් තියෙනවා.ඕනම විදිහකට කිව්වේ,මස් කන්නෙ නැති කට්ටියට උනත් වෙජි හොට් ඩෝග් එකක් එතනින් ගන්න පුලුවන්.ඒ වගේම අපි කැමති ජාතියකින් ටොපින්ස් ඒගොල්ලෝ ගාව තියෙනවා.උදාහරණෙකට චීස්, චිලී සෝස් වගේම කැමති විදිහක ෆිලින්ස්. . ..උදාහරණෙකට මම එදා ගත්තේ මැසඩෝනියන් මීට් ෆිල් කරපු එකක්.ඒ අතින් මේ කඩේ අති විශිෂ්ඨයි.රුපියල් 150 ඉඳන් රුපියල් 250 අතර ගානකට හොඳ හොට් ඩෝග් එකක් ගන්න පුලුවන්.ඊට වඩා අඩුවටත් නැතුවම නෙවෙයි.

ඒ වගේ තවත් හොට් ඩෝග් වලට ප්‍රසිද්ධ තැනක් තමයි "ජිග්සෝ".ඒක නං කඩයක් නෙමෙයි ලොරියක්.ඒකක් මම දන්න තරමින් තියෙනවා ගල්කිස්සේ.හවස හතරේ විතර ඉඳන් පාක් කරලා තියෙනවා.දෙපාරක් විතර කාලා තිබ්බට පාරේ ඉඳන් කාපු නිසා ෆොටෝ එකක් ගන්න නං බැරි උනා ස්ටාර් ඩෝග්ස් වල වගේ.ඔන්න එහෙනන් මම ඔත්තුවක් දුන්නා.සමහරවිට ඕගොල්ලෝ දන්නවත් ඇති.ආහාර පිරි දිවියකට සුබ පැතුම්!

තක්කලි සලාදයක්

Posted by On Friday, March 05, 2010 4 comments
 "මගේ ජීවිතය" ගානේ.

ඇත්තටම කෑම බීම ගැන අභිරුචියකින් කතා කිරීමම කෑමට බීමට කරන ගෞරවයක්!

මේ සැරේ මරණෙ ට "සලාදයක්" ඉල්ලුවනෙ. සලාද කිව්වම ඉතින් නොයෙක් සලාද තියනවා. කෑමට ගතහැකි ඕනෑම දෙයකින් කෑමට හැකි සලාදයක් සාදා ගතහැකියි. ගොඩක් වෙලාවට සලාද වලට යොදා ගන්නෙ අමු දේවල්. සලාදයක් හදාගන්න බැරි කෙනෙක් මේ බ්ලොග් අවකාශයෙ නැති බව විශ්වාසයි.

මේ කියන්න යන්නේ " තක්කලි සලාදයක් " සාදා ගන්නා ආකාරයයි. කෑම පිඟානක් රසවත්, ගුණවත්, වර්ණවත් කරවන ආකාරයෙන්, ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් තමයි තක්කලි සලාද.


අවශ්‍ය ද්‍රව්‍ය:
  • හොඳින් වර්ණවත්, නොතැලුණු තක්කාලි ගෙඩි කීපයක්.
  • බී ලූනු
  • සලාද කොළ
  • අමු මිරිස් කරල් කිහිපයක්
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • දෙහි යුෂ ස්වල්පයක්
හදන්නෙ මෙහෙමයි

තක්කාලි, පොතු ඇරගත් බී ලූනු, සලාද කොළ, අමු මිරිස් සෝදාගන්න. මුලින්ම සලාද කොළ ටික සලාදය ' වඩවන ' දීසියේ තැන්පත් කරගන්න තමන් කැමති ආකාරයකට. මේ කොළ කපන්න කොටන්න යන්නෙපා. ඒකෙ ප්‍රියමනාප බව රැකෙන්නෙ කොළ ටික ජීවී බවින් පිරී තියන විටයි.  මේවට ලුණු කුඩු ටිකක්, දෙහි යුෂ ටිකක් තැවරුවට කමක් නෑ. මොකද මේ සලාද කොළ ලස්සන වුණාට ගොටුකොළ තරම් රස නෑ මටනම්. නිකන්ම කෑවොත් බුලත් කොළ කනව වගෙ කහට රසයි.

මීළඟට බී ලූනු, තක්කලි රවුම් ආකාරයට පෙති කපාගන්න. ( මෙහෙම කීවට ඒ විදියටම කපන්න කියල නියමයක් නෑ:D ඒත් මේ වෘත්තාකාර හැඩ තුළ ආකර්ශණීය බවක් තියනවා. ඒක ආරාධනාත්මකයි! සිත් ගන්නා සලාදයක් කෑම රුචියට ආරාධනයක් වගෙයි )

දැන් මේ කපාගත් බී ලූනු, තක්කාලි තමන් කැමති ආකාරයකට අර සලාද කොළ මත අතුර ගන්න. ඒ මත සිහින්ව ලියාගත් අමු මිරිස් කැබලිද තමන්ට රිසි ලෙස අතුරා ගන්න. මේ සියල්ලට උඩින් දෙහි යුෂ, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ඉස, ලුණු ඇඹුල් බලා ආහාරය සඳහා කෑම මේසයට තබන්න.

ප. ලි.
( තවත් රසවත්, ගුණවත් තමන් කැමති දේ එකතු කර සලාදය පොහොසත් කරගන්න. එක් එක් ද්‍රව්‍යයට අදාළ රසය, වර්ණය, වයනය (පෙනුම) ඒ ලෙසම දිස් වන ආකාරයට සලාදය සකස් කරගත්තොත් වටිනවා )

කනවනම් ඕනි දෙයක්..

Posted by ආගන්තුකයා | Stranger On Monday, March 01, 2010 20 comments
         උද්භිද විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් අනුව මිහිතලය මත ශාක වර්ග 350000ක් පමණ ඇත. මින් ශාක වර්ග 75000ක් පමණම අපගේ ආහාරය සඳහා සුදුසුය. නමුත් මිනිසා‍ ආහාරය සඳහා භාවිතා කරන්නේ ඉන් තුන්දහසක් පමණි. මේ ප්‍රවේශය අප රාමු කරගත් අහාර රාමුවෙන් පිටපැනීමට පොඩි උත්සාහයක් දැරීමටය.
           අර්ධ, වියලි හෝ ශුෂ්ක දේශගුණයක් තුල හොඳින් වැඩෙන "මැරෝමා බෝංචි" ප්‍රෝටීන් බහුල ආහාරයකි. මෙහි සෝයා බෝංචි වලට සමාන ප්‍රෝටීන අගයක් පවතින අතර රටකජු වලට සමාන කැලරි අගයක් පවතී. මෙම මැරෝමා බෝංචිවල මද තලා බැදගත් විට කජුමද මෙන් රසවත් බව මගේ විදෙස් මිත්‍රයෙක් වරක් මට පැවසුවා මතකය. එසේම ‍මැරෝමා අලද ව්‍යාංජනයක් ලෙස පිලියෙල කරගත හැක.
           1885 දී වින්සන් ‍හෝල්ට් විසින් "why not eat insects" යන ග්‍රන්ථය සම්පාදනය කරමින් බටර්වලින් තෙම්පරාදුකල පණුවන් හා හම්බෙල්ලන් සුප් එංගලන්තයේ ජනප්‍රිය කිරීම‍ට උත්සාහ කලත් පසුව එය අසාර්ථක විය.
          වොෂිංටන් නුවර ආහාර පණුවන් හා පළඟැටියන් යෙදූ ආහාර අලෙවියට ඇති අතර කැලිෆෝර්නියාවේ කීටගොවිපෙලවල්වලින් සතියකට දෙවරක් මේ සඳහා පණූවන් හා පළඟැටියන් ලබාදීම සිදුකරයි. එමෙන්ම ගෙඹි කකුල් බටර් වලින් බැද ගම්මිරිස් හා තක්කාලි සෝස් සමග අනුභවයද ඇමරිකාවේ ප්‍රචලිතය. වසරකට ඇමරිකාවට ගෙඹිකකුල් ටොන් අටදහසක් පමණ ආනයනය කරයි. ප්‍රංශයේද මෙය ජනප්‍රිය ආහාරයක් වන අතර ප්‍රංශය වසරකට ටොන් අටදහසක් පමණ ආනයනය කරයි.
          අපිටනම් ඇහුවත් වමනෙ යන්න එන කෘමින් සහ පණුවන්ද අප්‍රිකානු රටවල, තායිලන්තය හා පිලිපීනයේ ඈත අතීතයේ සිට ජනප්‍රිය ආහාරයකි. පණුවන් සහ කුරුමිණියන් වර්ග තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් මිනිසා විසින් ආහාරයට ගනී. තෙලෙන් බදින ලද දිග අඬු සහිත කුරුමිණියන් මෙන්ම රැහැයියන්, වේයන්, පළඟැටියන්, දළඹුවන් ප්‍රසිද්ද ආහාර අතර මුල්තැන ගනී. කුරුමිබා ගෙඩියක ඇස්ස කපා ඒ තුලට ලුණු, ගම්මිරිස්, රතුළූණු සමග කඳන් පණුවන් දමා පැහෙන්නට දී සාදා ගන්නා පානයද කැමරුන්හි අමුත්තන් සඳහා ඔවුන් පිලියෙල කරන ආහාර අතර ප්‍රමුඛ ස්ථානය ගනී.
          ලෝක මන්දපෝෂණය තුරන් කිරීමට විශාල මෙහෙයක් මෙම ආහාර තුලින් සිදුකරගත හැකි මෙන්ම මේ තුලින් වෙනත් ආදායම් මාර්ග ඇතිවූ අවස්ථාද ඇත. වරක් දකුණු‍ කොරියාවේ වසංගතයක් ලෙස කුඹුරුවල බෝවුන "මෙඩුගි" නම් තණකොලපෙත්තන්ගෙන් එරට රසවත් ජනප්‍රිය ආහාරයක් නිෂ්පාදනය වීම නිසා ගොවිමහතුන්ට අතිරේක ආදායම් මාර්ගයක්ද විවෘත වුනි.
          කෘමින්ගේ බෝවීම ඉතා ඉහල අනුපාතයක් ගන්නා නිසාත් ආහාර හිඟතාවය පිළිඹඳ ගැටළුවක් පැන නොනගින අතර උදාහරණයක් ලෙස ගෙමැස්සන්ගේ ප්‍රජනන අනුපාතය මිලියන 550ද වේයන් දිනකට බිත්තර 6500 ක් පමණ දමනු ලැබීම දැක්විය හැක.
         ඉතින් මේ බලකිරීමක් නෙමෙයි සංස්කෘතිය කියලා අහවල් එකකට කොටුනොවී පෝෂණය ගැන මූලික කරලා ‍‍භෝජන චර්යාවන් පුරුදු කරගත්තොත් නම් අපිට මේ ගැටළු ඇතිවෙන එකක් නැතිවෙයි.
                නැවත හමුවෙමු.......!

කිරි තේ

Posted by On Monday, March 01, 2010 11 comments
මේක ලිව්වේ පොපී

මගේ මරණයෙ 'ම'ගෙ ආරාධනාවක් නිසයි මම මේ ලිපිය ලියන්න පටන් ගත්තෙ.තේ වලට පරසිඳු ලංකාවෙ රසට තේකක් හදාගන්න බැරි නම්  දුක් වෙන්න ඕනි.


නිකම් තේ නෙමෙයි 'කිරි'තේකක් හරියට හදාගන්න විදියයි මම කියන්න යන්නෙ.'කිරි'තේ කියලා කිව්වම  මගෙ මතකෙට එන්නෙ හරියට ලැජ්ජා හිතෙන කතාවක්.හැබැයි මෙතනට ඒකෙන් වැඩක් නැති නිසා ආයෙ තේකටම බහිමුකො. තේකක් රස වෙන එකේ ලොකුම රහස තමා කහට.නියම පාට කහට නෙමේ නියම රහ කහට.

හරි හමන් තේ කොළ ජාතියකින් ටිකක් සැරට වැක්කෙරුවම තමා කිරි තේක හරියට එන්නෙ කිරි පිටි ජාතිය නම් කැටි නොගැසෙන එකක් වෙනව නම් වඩා හොඳයි. මොකද බාගෙට නිවුණු වතුරින් හදන තේ වලටත්,කිරි ගොටුවෙ අඟලක් ගනකමට කැටි ගැහුනු කිරි ටික තේකෙ ඔබාගෙන දියකරන වැඩේටත් මම නම් එච්චර ආසා නෑ.(ඒත් වෙළඳ නාම කියන එක හරි නැහැ නෙ).

ඉතින් කොහොම හරි කිරි පිටි ටිකයි,තේ කොළයි සූදානම් කර ගත්තා කියමුකො.තව ඕනෙ තේ ගොට්ටක්(රෙදි වලින් මහපු),ප්ලාස්ටික් කිරි ගොට්ටක්(පොඩි1ක්,තේක පෙරන්න)උණු වතුර සහ කූඹි නැති සීනි.(තේකෙ උඩ කූඹි ඔලු,කකුල් පාවෙන එක හරිම අප්‍රසන්නයි)

පියවර
  1. තේ ගොටුවට තේ කොළ තේ හැන්දකින්1ක් දාන්න.
  2. කෝප්පයකට කිරි පිටි ,පිරවූ මේස හැඳි 1 1/2 හෝ,තේ හැඳි වලින් නම් 3ක් පමණ දාන්න.
  3. එයටම සීනි,පිරවූ තේ හැඳි 1 1/2 පමණ දමන්න.(සීනි මදි නම් පස්සෙ දා ගන්න පුලුවන්නෙ.වැඩි උනොත් තේකම එපා වෙනව.)
  4. වෙන කෝප්පයකට තමන්ට තේක ඕනෙ ප්‍රමාණයටවඩා ටිකක් අඩුවෙන් කහට වත් කර ගන්න.මුලින් තේ කොළ දාලා සූදානම් කරගත්ත තේ ගොට්ට මැද්දෙන් උණු වතුර දාලා තේ ගොටුව දෙපාරක් විතර ඔබලා ගත්තම හොඳ පාටට එනව.(මතක තියාගන්න අපි බොන ප්ලේන් ටී වල පාටට වඩා සෑහෙන්න තද පාට විය යුතුයි)
  5. ඊට පස්සෙ ඔය කහට එක අර කිරි පිටි,සීනි තියෙන කෝප්පෙට දාලා හොඳින් හැඳි ගා,ගොටුවෙන් පෙරා උණුවෙන් පානය කරන්න.
පෙලක් පිරිමි පාර්ශවයෙ ඇත්තො තේකක් හදාගන්න වත් දන්නෙ නැහැ නෙ.ඉතිං සරලවම කිව්වා.


මම නම් ගෙදර අයට මේ ටිකේ පොවන්නෙ අයිස් තේ.රස්නෙයි නෙ.කහට වීදුරුවක් හදා ගන්න ඕනෙ ප්ලේන් ටී ගානට ටිකක් වැඩියෙන් කහට දාල(කිරි දාන්නෙ නෑ.).ඕකටම දෙහි බෑයක් මිරිකුවම කහට ගතිය තේරෙන්නෙ නෑ.සීනි තේ හැඳි2ක් විතර දාන්න.ඊට පස්සෙ හොඳ...ට සීතල කරලා බොන්න. නැත්නම් වීදුරුවකට අයිස් කැට පුරවල ඕක උඩින් වක්කරන් බොන්න.හරිම නැවුම්.ඩිල්මා වල ටී බෑග් තියෙනව,අඹ රස,කරදමුංගු,බ්‍රැන්ඩි('ම'ට හොඳා ඒක),මොරොක්කන් මින්ට් රස. ඕනෙ එකකින් හැදුවහැකි අයිස් තේ.

ලිපිය අවසන් කරන්නම් ලංකාවෙ හදන තේ වර්ගයක් ගැන කියලා.දන්නවද සිල්වර් ටිප්ස් කියලා තේ කොළ ජාතියක් තියනව,තේ රිකිල්ලක උඩින්ම එන රිදී පාට දලු3 නෙලලා,විශේෂ ක්‍රමයකින් වේලලා හදන්නෙ.කිලෝ1ක් අඩුම රු.40000/-විතර වෙනවා ලු.ආසයි කෝප්පයක් රහ බලන්න!

ඡායාරුප 1 මෙතනින්
ඡායාරුප 2 මෙතනින්