ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා
ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑගෙන , ගැලපෙන එහෙම නැත්නම් අදකාලෙ භාෂාවෙන් කියන්නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ .

මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක් . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය , දොඩන්දූව ,රත්ගම ,ගිංතොට , අහංගම වගෙ ගාල්ල, මාතර පලාත්වල. ජාඩි හදන්නෙ මාලු වලින් .ඇත්තටම කිව්වොත් මේ මාලු කල්තියාගන්න සරල ක්‍රමයක් .වැල්ලකරේ ගම් වල මාලු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාලු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කන්න . ඒ කාලෙ මිනිස්සු මාලු හිඟ වුණහම අද කාලෙ වගෙ වෙලඳ ඇමතිට බැන්නෙ නැහැ නෙව .

ජාඩි ගැන මම දන්නෙ අපේ ගෙදරත් කාලයක්ම ජාඩි හට්ටියක් තිබුණ නිසා . ජාඩි හදාගන්නෙ මෙන්න මෙහෙම .මේකට ඔනෙ වෙන්නෙ

1. අලුත් මාලු – වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි . හුරුල්ල , කුම්බලා (බෝල්ලො කියලත් කියනවා), බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ . මාලු හොඳට ලුණු වතුරෙන් හරි , මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ.මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්.ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න.


2. ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා.


3. පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා , මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න . දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න . මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බන්දින්න . ඊට පස්සේ වතුර නොවැටෙන , මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න .දුම් මැස්ස තමයි මේකට හොඳම තැන .

මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා . විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා . ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා. මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන් . අවශ්‍ය තරම් මාලු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට දාලා , ඊට සෑහෙන්න රතුලූණු , හොඳ සැරට මිරිස් කුඩු , පමණට ලුණු (ලුණු දානකොට පරිස්සමෙන් මේව ලුණු මාලුනේ) , හායි හූයි කියන්න සැරට කොචිචි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ලිපෙන් බාගන්න ඕනෙ . ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම . මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුලුවනි ඔනෙ තරමක් . පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි . ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස් , දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි . රතු බත් එක්ක , දෙල් කහ පොල් දාලා මලවලා , ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති දවල්ට බත් කන්න .

ඉස්සර ජාඩි කඩවල් වල විකුණන්න තිබිල තියෙනවා. ඒව තිබිල තියෙන්නෙ පීප්ප වල දාලා. ජාඩි මුදලාලිලත් ඉඳලා තියෙනවා. ඒකනෙ සින්දුවක් තියෙන්නෙ "ඇරපිය ලුසිය දොර ජාඩි කඩේ ජෙමා මම " කියලා. ජාඩි හදන්න අති ප්‍රසිද්ද දොඩන්දුවෙ , බලපිටියෙ පැරැන්නො සුලුප්පු යාත්‍රා වල නැගිල ලුණු ගොරක එහෙමත් අරෙන ඉන්දියාවෙ තූත්තු කුඩි වරායට ගිහින් එහෙන් මාලු අල්ලන් ජාඩි කරලා ඒව පීප්ප වල දාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලාදොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ශය මුල කාලෙ .

මේ ගාල්ල මාතර වැල්ලකරේ ජාඩි කොයිතරම් ප්‍රසිද්ධ කෑමක් ද කිව්වොත් ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කරුවල ගෙදර , අපේ ගම , උපන්දා සිට පොත් වල එහෙමත් සඳහන් වෙනවා මට මතකයි. කරුවල ගෙදර පොතේ සිරිමල් කරුවල ගෙදරගේ මල්ලි නිමල් කියනවා වැල්ලකරේ ගම් වල ගෑණු බුලත් හපලා මැදුන කටට රහ හොඳින් දැනෙන්නෙ හොඳට කොච්චි මිරිස් දාලා ජාඩි හොදි කනවා කියලා . වතුර වැටුනොත් , එහෙම නැත්නම් මාලු පරණ වුණොත් ජාඩි හට්ටියෙ පණුවො එකෙක් දෙන්නෙක් හැදෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. . ඒත් සමහර පැරණි උදවිය කියන්නෙ ඒක එතරම් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි , පණුවො රස වැඩි කරනවා කියලා. මට මතකයි දවසක් ඔය ජාඩි ගැන කියාදෙන්න ගිහින් කොලඹ පැත්තේ යාලුවන්ට ඔය පණු කතාව කිව්වම ඒ හැමෝම "ඊය මල ජරාවක්" කිව්ව .හැබැයි ඒ නිසා ජාඩි පහත් කරලා සලකන්න ඔනෙ කෑමක් නෙවෙයි .එහෙමනම් අද කාලෙ අපි මොන තරම් වස විස කනවද උජාරුවට සල්ලිත් දීලා.ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ "ලුණිජ්ජ" කියලා . අහල තියෙනවද මේ ගැන.ලුණිජ්ජ කියන්නෙ මාලු, ලුණු , ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙට . ලුණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි . පොලොස් ගැට ,කෙසෙල් මුව උයද්දි ලුණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා , දෙහි දානකොට ලුණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි .

ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා. එහෙම නැත්නම් ගාලු මාතර පාරේ යද්දි කොස්ගොඩ තියෙන සංචි ජාඩි බත් කඩේට ගොඩවුණොත් ජාඩි එක්ක බඩ පිරෙන්න බත්කාලා, ජාඩිත් , ලුණිජ්ජ බෝතලේකුත් මිලට අරන් යන්න පුලුවණි . මම මෙතැනට තාම ගිහිල්ල නැතත් අපේ තාත්තනම් කැමති බත් කඩයක් . එහෙමත් නැත්නම් දොඩන්දූව , බලපිටිය , ධීවර වරාය වලින් විපරම් කලොත් ඒ කිට්ටුව ඉන්න ජාඩි දාන ධීවරයන්ගෙන් ජාඩි මිලට ගන්න පුලුවනි . ඒ පලාත්වල තාමත් පැරණි උදවිය මේ කර්මාන්තෙ සුලුවට කරනවා . සුපර් මාකට් හරි සිල්ලර කඩවල හරි ජාඩි විකුනන්න තියෙනවා තවම මම දැකලා නැහැ. අදකාලෙ නවීන පන්නෙට හැදුන උදවියට ජාඩි රහ නොදැනුනත් මේ අපේ ගම් වල හොඳ කෑමක් .

ප/ලි

සටහන ලියන්න සමහර දේවල් අහගත්තේ අම්මගෙන්.මේ සටහන මෙතැනිනුත් කියවන්න පුලුවනි.