අපේ සෙට් එක නාසි වලට කොච්චර ලෙන්ගතුද කියුවොත් කන්න හිතුනාම "නාසිගුරාන් පාරක් දාමු" කියලා කියන්නේ එකේ නාසි වලට තියන පෙරෙත කම් වගේම ඉස්මුරුත්තාව එනකම්ම කන්න පුලුවන් කියන හැගීමත් එ වචන සෙට් එකෙ තියනවා. දැවිල්ලට කැමති කස්ටියට කියපු කැම නාසිගුරාන් ,නාසි එකත් එක්ක ඒන අන්නසි පෙත්තයි,බුල්සායි එකයි නාසි එකත් එක්ක මික්ස් වුනාම රසය දෙගුණ තෙගුණ වෙනවා.නාසි කියපු ගමන් මගේ හිතට එන්නේ ලොකු ඉස්සො,කුකුල් මස් කැලි,මිරිස් කැලි මික්ස් වුන රතුදුබුරු පර බාස්මති බතුයි අන්නසි පෙත්තයි බුලසායි එකයි.කියනකොත බඩගිනි වගේ.නාසි එකේ දැවිල්ල පෙනුම වගෙම තමයි ,නියම දැවිල්ලට ලොකු ඉස්සො ,දැල්ලො,කුකුල් මස් වගේම එකට කියාපු එළවලු ජාතිත් හැපෙනකොට එන රසත් කියල වැඩක් නැ.

මම ගෙදර ගෙනත් කනකොට, දැවිල්ල බැලන්ස් කරන්න පිපිඤ්ඤා පෙති දෙක තුනකුත් ලග තියගෙන තමයි කන්නේ.අනේක තමයි කොත්තු වගේම තමයි නාසිගුරාන් උණු උණුවේන් කන්න ඕනේ නැත්තම් නියම රස එන්නේ නෑ. නාසි හදන හැටි නම් දන්නේ නැ.එත් මම කාපු හොදම නාසිය කාලා තියෙන්නේ ගල්කිස්ස මහා හොටලයෙන් ගානනම් දන්නේ නැ මට යාලුවෙක් ගෙනත් දුන්න එකක්.හැබැයි එදිනෙදා නැසි කන තැන් වලින් හොදම තැන් තමයි පානදුරේ ලක් රස(ගාන රු:330/- ) හා මොරටුවේ ඩිස්ලින් එක(ගාන රු:360/- ) දෙකේම නාසි නියමටම තියනවා.ගානත් ශේප් නේ!

විශේෂම කාරණේ තමයි නාසිය බයිට් එකටත් මැක්සා! බීයර් එකක් එක්ක නාසි පාරක් දැම්මාම දිවියලොකේ ගියා වගේ.







