මේ මගේ කමුබොමු වෙතට ලියන පලමු ලිපිය.ගුණදොස් විචාරයකුත් අන්තිමට තියල යන්න.

අල්ලු පරාටා..කට්ටිය වැඩිය අහල නැතිව ඇති,ඒත් අල පරාට කිව්වාම නන් දන්නව ඇති,නමුත් කීයෙන් කීදෙනාද කාල තියෙන්න ?මේක කොටින්ම උතුරු ඉංදියානු කෑමක්.මාත් මේක මුලින්ම දැක්කෙ හින්දි චිත්‍රපටි වලින්,උදේ හවස පිටි සහිත ආහාර ගන්න ඉංදියනුවො මේක සමබර ආහාර වේලක් ලෙස සලකා පාවිච්චි කරනවා.
අපේ අයටත් කොච්චරවත් පරාට කාලනන් එපා වෙලා ඇති.නිකන් පොල් රොටි කනවටත් වඩා මේක රහයි.පොඩි ට්‍රයි එකක් දීල බලන්න.හැබැයි මම මේක හදල තියෙන්නේ පොඩ්ඩක් කටදන ගානට,මොකද බහුතර අපේ කට්ටිය පොඩ්ඩක් hot දේවල්ට කැමතියි නේ.
අවශ්‍ය ද්‍රවය-
අල ගෙඩි 3ක්
පිටි කෝප්ප 3ක්
කහ කුඩු තේ හැදි භාගයක්
මිරිස් කුඩු තේ හැන්දක්
රට ලූණු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2ක්
ලුනු හා දෙහි අවශ්‍ය තරමට
දුරු ටිකක්(තියනවනන්)
ඉගුරු සුදුලූණු ටිකක්(තියනවනන්)
කොත්තමල්ලි කොල හෝ කරපින්ච කොල(පාට ගන්න )
ආ..තව වතුර ටිකක්,අල ගෙඩි තම්බ ගන්නයි,පිටි ටික අනා ගන්නයි.
කට්ටියට පරාට හදන හැටි නන් ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඔනෙ නෑනෙ,උදේ හවස මුස්ලිම් කඩවල දාඩිය පෙරාගෙන කට්ටිය අනන හැටි දැකල ඇතිනෙ.මේකටත් ඒ ටිකම තමයි,වෙනස තියෙන්නේ දාඩිය වෙනුවට අපි ලුනු ටිකක් දානව(ඊඊ..යා..:-p).
තේරෙන විදිහට කිව්වොත් පිටි වලට වතුරයි ලුනුයි පමනට දාල අතේ නොඇලෙන තරමට මෝලියක් හදා ගන්නවා.
ඒක පොඩ්ඩක් පැත්තකට තියල පිරවුම හදා ගන්නේ මෙහෙමයි.අර පෙර කිවූ අල,ලූණු,මිරිස් සහ කුලුබඩු ඔක්කොම එකට මිශ්‍ර කරනව,අල එහෙම හොදට තැම්බිලා තියෙන්න ඕනා,නැත්තන් හපද්දි පොඩ්ඩක් ප්‍රශ්න වෙනවා.
දැන් තමයි ලොකුම වැඩේ.අර ඉස්සෙල්ලා හදා ගත්ත පිටි මෝලිය හොදට රෝල් කර ගන්න ඕනෙ,මේකට පිරිසිදු බෝතලයක් යොදා ගන්න පුලුවන්.ඊට පස්සේ අර පිරවුම හොදට රවුම් කරල බෝලයක් හදාගෙන ඒක අර තුනී කරගත්ත පිටි මෝලිය උඩින් තියනවා.ඊට පස්සෙ ඒ පිරවුම අර තුනී කරගත් පිටි මෝලියෙන් ඔතනව.මඤ්ඤං වගේද?පින්තූර බලන්නකො එතකොට තේරෙයි.
ඊට පස්සෙ නැවත ඒ පිරවුම සහිත පිටි ගුලිය බෝතලයෙන් තුනී කරනව.මේකදී පිරවුම එලියට නොයන විදිහට පරිස්සමට රෝල් කරන්න ඕන.
දැන් තියෙන්නෙ සාමාන්‍ය පරාටයක් විදිහටම තෙල් ටිකක් දාල සාස් පානේ හරි කබලෙ(?) හරි බැද ගන්න.
පැය බාගෙන් රාත්‍රී ආහර වේලක්,උදෙටත් හොදයි.මේක ටිකක් සැර නිසා කරි එකත් පොඩ්ඩක් සැරට තිබ්බොත් හොදයි.හැබයි මට නන් මේකට හොදටම හරියන්නෙ හොද සැර පොල් සම්බෝලයක්.නියමට යනවා.නිකම්මත් කන්න පුලුවන්,හැබයි මන් රෙකමදාරු කරන්නේ තව කරියක් එක්කහරි සම්බෝලත් එක්ක හරි කන්න කියල.බත් කොච්චර වුනත් නිකන් කන්නෙ නෑ නෙ,අනිත් ඒවත් එහෙමනේ.
ඉතින් උත්සාහයක් දාලා ප්‍රතිචාරයක් අපිට දෙන්නකෝ.
ela ela අමාරුවෙන් හරි හදාගෙන කාලා බලමු...
ජයවෙවා..!
බිත්තර රොටී හදන්නේ කොහොමද?
තම්බි කඩේ හදනවා වගේ පරාට හදන්නේ කොහොමද?
gathi yako! thankuu!
@ඉලංදාරියා-අමාරු නෑ නෙ මචා..අලයි,පිටියි විතරයි අමුතුවෙන් ඕන,අනිත්ව ඔක්කොම ගෙදර තියනවනෙ...ජයවේවා!!
@ඇනෝ-බිත්තර රොටිත් එමම තමා..අර පිටි මෝලිය රෝල් කරන බිත්තරේ මැදට ලූනු,මිරිස් එක්ක දාල හතරට නමල බැද ගන්න
@මුචලින්ද-හැදුවත් එක්කද...?එල යකෝ...:-D
This comment has been removed by the author.
ඔන්න මාත් අද හදං කෑවා! මැක්සාම තමයි!!
හැබැයි ගොයියෝ පැය බාගෙන් නං බෑ. අල තැම්බෙන්නම පැය බාගෙට වඩා ගියා :D
How long should we keep the dough ("piti moliya")?
Can we use it as soon as we make it? (Usually to make "Elavalu roti" etc. we have to keep the dough in oil for few hours? Don't we have to do like that for this?)
Sorry I don't know how to use Sinhala fonts...
hay guys i made this yesterday. it was realy teasty....
@ano
poddak wat tiya ganna ona naa....elawalu roti walata ehema karanne pipenna...etakota ewa gahanna lesiy(ara ussala karakawanne)
mekata ona naa
sorry for late
ela ela අමාරුවෙන් හරි හදාගෙන කාලා බලමු.
මේකට අපිට බ්ලොග් පෝස්ට් දාන්න පුලුවන්ද?
ඔව් පිණිබිඳු, ලියලා මේකට kamubomu[at]gmail.com ඊමේල් කරන්න
Aiyoo, ei meekata aluth posts daanne neththe kauruth? Mama hemadama evith balanava kauru hari honda rasa, lesi recipe ekak aluthen daalada kiyala :(
Aluth recipes vedi vediyen meeke post karathva....!!! Thank u
එල මචං නියම කැමක් නේ
එල එල නියමයි අද තමයි ඉතින් හදලා කැවේ කියලා තියෙනවා වගේම හදා ගන්න පුළුවන් වුනා. උඹට ගොඩක් පිං තව තවත් මේ වගේ ඒවා දාන්න වාසනාව ලැබේවා !