ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

"මගේ ජීවිතය" ගෙන් කමු බොමු වලට ගමේ කෑමක් .....

අපේ මරණෙ මිත්‍රයගෙ ඉල්ලීමකට අනුව මං මේ කියන්න යන්නෙ ගමේ කෑමක් හදාගන්න විදිය. මේක රසය ගුණය නොඅඩුව ඇති කෑමක්. " මීවන දළු තෙම්පරාදුව " තමයි කෑම. ඉස්සෙල්ලම කියන්නෝනි මීවන ශාකය වැවෙන්නෙ තෙත් කලාපයේ ගංගා ආශ්‍රිත " වතුරාන බිම් " ලෙස හඳුන්වන ප්‍රදේශ වල. ලෝකයේ මීවන විශේෂ දහස් ගණනක් තිබුණත් හැම වර්ගයම ආහාරයට ගන්නෙත් නෑ. ඉතින් මං මේ කියන්නෙ අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ කෑමට ගන්නා මීවන විශේෂයක් ගැන. මේව ඉතින් ගම්වල තමයි වැඩිපුර තියෙන්නෙ. නගර වල අයට කන්න ලැබෙනව අඩුයි. හැබැයි " දෙල්කඳ පොළ " ට ගියොත්නම් ඕනෑම ගමේ එළවළුවක්, පළාවක්, පළතුරක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.



ඔන්න ඉතින් මීවන තෙම්පරාදුව හදාගන්නෙ මෙහෙමයි. ඉස්සෙල්ලම ළපටි මීවන තෝරගෙන ඒවයෙ කෘමි සතුන් ඉන්නවද බලල ඉන්නවනම් ඉවත් කරගෙන මේව අපි මෑ කරල් කඩනව වගේ කඩාගෙන හොඳින් සෝදාගන්නව. ගස් පිටින් හෝදන්න අමාරු නිසයි කඩලා හෝදන්නෙ. ඊළඟට මැටි ඇතිළියකට දාගෙන ලියාගත් රතුලූණු, සුදුලූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, මිරිස්, තුනපහ, ලුණු එක්කරගන්න. මිරිස් ටිකක් යහමින් දාගන්න. ගොරක කෑලි තුන හතරකුත් මේකටම දාගන්න. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගෙන වතුර ටිකකුත් දාල ලිපේ තියන්න. මේක හොඳට තැම්බුනාට පස්සෙ මැටිකෝප්පෙකට ඒ ටික දාගෙන ඒ ඇතිළියටම තෙල් ටිකක් දාල ලිපේ තියන්න. තෙල් හොඳින් රත් වුණාම අබ ටිකක් දාල අර මීවන දළු ටික ඒකට එක්කරල තෙම්පරාදු කරගන්න. මේක හොඳින් හැඳිගාල මැටිකෝප්පෙන් ටිකක් වහල තියල ලිපෙන් බාගන්න. මේ ව්‍යංජනයෙ සුවඳ ගම පුරා පැතිරේවි. බඩගිනි වඩවන සුවඳක්. රසත් ඒ වගේමයි. කාල තියන අය ඉන්නවනම් අදහස් ටිකක් එකතු කරන්නකෝ..

ඡායාරූපය මෙතනින්

බියර්

Posted by On Thursday, January 21, 2010 19 comments

Chill Beer එකක්... මතක් කලත් මටනම් සනීපයි.

අපේ රටේ බියර් ජාති නම් මහ ගොඩක් තියෙනවා, ඔය සේරම ජාති නම් මන් බීලා නැහැ. Carlsberg, Lion, 3 Coins, Kings, Barons, Anchor, 8GB ඔය වගේ. ඔය අතරින් මන් ආසම එක මොකද්ද කියලා ඇහුවොත් ආයි කතා දෙකක් නැහැ Carlsberg තමා. මන් දන්නේ නැහැ ඒත් මට දැනෙන විදිහටනම් ඒක අනික් ඒවාට වඩා තිත්ත අඩුයි. ඊලඟට එක Three Coins Irish Dark.

සාමාන්‍යයෙන් බියර් බොන කොට නම් වෙන මොකුත් මිශ්‍ර කරන්නේ නැහැ ඒත් Stout  වගේ එකක් බොනකොටනම් ස්ප්‍රයිට් ටිකක් දැම්මම බොන්න ලේසියි කියලා මන් අහලා තියෙනවා. ඒ ඇරෙන්න Cool නැති බියර් එකක් නම් අයිස් දාගන්නවා නැත්නම් බොන්න බැරි නිසා. බියර් වලට වෙන ජාති මිශ්‍ර නොකලට සමහර අයනම් ඉතින් බියර් අනික් ඒවාට මිශ්‍ර කරන එකනම් කරනවා. මන් නම් ඒක කිසිම දවසක අනුමත කරන දෙයක් නම් නෙමෙයි.

බියර් වල තියෙනවනේ එක එක සැර ප්‍රමාන වලින්, ඇල්කොහොල් අඩංගු නැති බියර් වර්ගත් තියෙනවා. ඔය ටිකක් වැඩිපුර බොන කට්ටියනම් Carlsberg  Special Brew එකටයි Lion Strong එකටයි කැමතියි. මේ දෙකම සාමාන්‍ය බියර් වලට වඩා සැරයි. Three Coins Irish Dark කියන්නෙත් ඔය වගේම එකක් තමා. Three Coins Irish Dark වලත් 7.5%ක් ඇල්කොහොල් අඩංගු වෙනවා. ඒත් අනික් දෙකට වඩා බොන්න ලේසියි. Stout වලත් වැඩි ඇල්කොහොල් ප්‍රමානයක් අඩංගු උනත් ඒකේ තියෙන අධික තිත්ත නිසා මන් හිතන්නේ ගොඩක් අය බොන්න වැඩිය කැමති නැහැ.

අතේ මිටේ තියෙන වෙලාවක නම් මන් Corona Extra Beer බොන්නත් කැමතියි ඒත් එකේ ගාන නම් ටිකක් වැඩියි (330ml - 250/=) හැබැයි රස නම් නියමයි බොන්නත් හරිම ලේසියි. ඔය Corona Extra Beer  එක බොනකොට බෝතලේ කටට ලෙමන් කෑල්ලක් ගහලා බිව්වම හොඳයි කියලා කියනවා ඒත් මන් ඒකනම් කරලා නැහැ. වෙලාවක ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ. බියර් එකක් බොනකොට යන්තම් ඇඹුල් ටිකක් වැටුනොත් අමුතු රසක් තියෙයි කියලා මටත් හිතෙනවා.

ඔය Lion Beer නුයි Carlsberg Beer දැක්කම හිතෙන්නේ ඔය දෙක සමාගම් දෙකකින් කරන ඒවා කියලා. මාත් එහෙම තමා කලින් හිතාගෙන හිටියේ ඒත් බැලුවම දෙකම කරන්නේ Lion Brewery Ceylon Ltd සමාගමෙන්. ඔය ලංකාවේ Lion Beer තිබුනට මන් හිතන්නේ සිංගපූරුවෙද කොහෙද තියෙනවා සිංහ බියර් කියලා එකක්.

බියර් එකක නියම රස බලන්න නම් නිකන් Cool වෙලා තිබ්බට මදි කියලා මට නම් හිතෙන්නේ. Chill Beer එකක්  තියෙනම් තමා නියම.

ඡායාරූපය මෙතනින්

එතකොට බොනකොට කන ඒවා?

Posted by hare :-) On Saturday, January 16, 2010 27 comments
මේක මලී ලියපු එකක්. එයාගෙ පත්කල නියෝජිතය විධියට මට මේක මෙතන දාන්න වුණා ;-)

අපේ කන බොන කට්ටිය බීම ගැන කෑම ගැන කතා කලා උනාට බීමේම වැදගත් අංගයක් වෙන බොනකොට කන කෑම ගැන තාම මොකුත් ලිව්වේ නැහැනේ.. ඉතිං ඒ ගැන ටිකක් ලිව්වොත් හොදයි කියලයි මට හිතෙන්නේ..

බොනකොට කන කෑම කිව්වම අපි බොන දේවලුත් ‍වෙනස් වෙනවනේ... ඒ කියන්නේ ඇල්කොහොල් රහිත එදිනෙදා ‍බීමට ගන්න පැණි බීම තේ කෝපි ආදී බීම වර්ග වගේම ඇල්කොහොල් සහිත බීමත් තියනවානේ.. ඔය හැම බීමකම රස වැඩි කරන්න වගේම තියන රසත් නැති කරන්න ඒවාත් එක්ක කෑමට ගන්න ආහාර වලට ‍පුළුවන්.. සමහර බීම වල රස හොදටම දැනෙන්න නම් ඒකත් එක්ක යන කෑමත් ගන්න ඕනි.. ඒ වගේම තමයි ඇල්කොහොල් රහිත බීම වලට ගැලපෙන කෑම වර්ග හදන හැටි ගැන නිතර කතා උනත් ඇල්කොහොල් සහිත බීම වලට ගැලපෙන කෑම ගැන නම් කතාකරන්නේ බොහොම අඩුවෙන්.. ඉතිං මං මේ හදන්නේ අපි හැමෝටම තේරෙන බාසාවෙන් කියනවා නම් සෙට් වෙන වෙලාවට ගන්න බයිට් ගැන කතා කරන්නයි.

‍මෙහෙම කිව්වම කට්ටිය සෙට් වෙන වෙලාවල් - අවස්ථාවන් වෙනස් වෙනවා වගේම ඒ සෙට් වීම් වලට ගන්න බීම වර්ගත් වෙනස් වෙනවානේ.. උදාහරණයක් හැටියට කට්ටිය මූහුදේ නාන්න සෙට් වෙනවා නම්.. ඇළක දොළක නානවා නම් හරි ‍විවේකී ඉරිදා දවසක උදේක හරි සෙට් වෙනවා නම් ගොඩක් කැමති රා වලටනේ? ඒක ඉතිං කිතුල් රා ද පොල් රා ද කියලා වෙනසක් නැති වුනාට.. පොල් රා වලට මයියොක්කා තම්මබලා කට්ට සම්බෝලයක් හෝ උම්බලකඩ වැඩියෙන් දාපු පොල් සම්බෝල හෝ ලුණුමිරිසක් තිබ්බා නම් මරු.. ඒ වගේම කිතුල් රා වලට වල් ඌරු මස් හෝ ගම් කුකුළු මස් මිරිසට තියනවා කියන්නේ ඒවා කෑමේ වගේම බීමෙත් රස වැඩි කරන උපාංග..

ඉතිං මගේ මේ ලිපියේ මුලික අරමුණ බීම වලට ගැලපෙන බයිට් වර්ග ගැන ලියන එකම නෙවෙයි.. මොකද ලියන මට වඩා කියවන ඔබතුමන්ලා (තුමියන්ලා) ඒ ගැන දන්නවා ඇති කියලා මම හිතනවා... ඉතිං කොහොම උනත් ගැඹුරු තෙලේ බැදපු කරවල කෑල්ල, පපඩම, බිත්තර ඔම්ලට්, කඩල , කොත්තු, ආප්ප, බිත්තර ආප්ප, වඩේ, ආදී එකී මෙකී නොකී දේවල් වලට අමතරව පලතුරු හා එළවළු වර්ග පවා බයිට් විදියට එහෙමත් නැත්නම් බීමේ අමතර අයිත්තම් විදියට පාවිච්චි වෙනවා.. ඒ හැමදේම බීම වර්ගය, බොන පුද්ගලයා හා ඒ පුද්ගලයාගේ ආර්ථික මට්ටම අනූව වෙනස් වෙනවා.. මොකද අපි මේ සාමාන්‍ය බයිට් ගැන කථා කලාට ස්පෙෂල් සී ෆුඩ් ‍ප්ලේට් එකක්ම කැමති නම් කෙනෙකුට බයිට් එක විදියට හවසට බ්රැන්ඩි හෝ වයින් හෝ වොඩ්කා හෝ තමන්ට කැමති දෙයක් එක්ක ගන්න පුළුවන්.. ඒක ඉතිං සාපේක්ෂයි.. කොහොම උනත් මේ ලිපිය ඉවර කරන්න කලින් මම හිතුවා කැමති කෙනෙකුට සාමාන්‍ය අරක්කු එක්ක සෙට් වෙන වෙලාවෙදි හැමදාම කඩෙන් ගන්න චිකන් ඩෙවල් හෝ මික්සර් පැකට් එක වෙනුවට කැමති නම් තමන්ටම හෝ වෙන කෙනෙකුට කියලා හෝ හදාගන්න පුළුවන් සරළ වට්ටෝරු කීපයක් ලබාදෙන්න.. මම දන්න තරමින් අති‍විශේෂ අරක්කු වලට මේ බයිට් වර්ග ඉතාම හොදින් ගැලපෙනවා.

1 සුදුලූණු තෙල්දැමුම (දෙදෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍යය - සුදුළුණු ගෙඩි 2ක් හෝ තුනක් - මිරිස් කෑලි කුඩු මේස හැදි 1යි - ලුණුකුඩු මේස හැදි1/2 - පොල්තෙල් - වතුර පොඩ්ඩක්‍ හෝ සෝයා සෝස්

මුලින්ම සුදුළුණු ගෙඩියේ බික් වෙන් වෙන්ව ගලවා ගන්න.. (පොතු අයින් කරන්න එපා) ඒක දික් අතර හරහට බික් වෙන් නොවන පරිදි පිහියකින් පලාගන්න.. දැන් ඒක භාජනේකට දාලා මිරිස් කෑලි හා ලුණු කුඩු එකතු කරගන්න (ළූණු පොතුත් එක්ක තියන නිසා ටිකක් වැඩියෙන් මිරිස් කෑලි හා ලුණු දැම්මට ප්‍රශ්ණයක් නෑ.. තමන් කැමති ප්‍රමාණ එකතු කරගන්න) ඒ ටික මිශ්‍ර කරලා සෝයා සෝස් මේස හැදි 1ක් විතර දාන්න.. සෝස් නැත්නම් වතුර උනත් ප්‍රශ්ණයක් නෑ.. මේ ටික හොදට ලූණු වල කලවම් උනාම තෙල් මේස හැදි 2ක් විතර ලිපේ තියලා රත් කරන්න.. ඒක හොදට රත් උනාම කලින් මිශ්‍රණය දාලා මද ගින්දරේ බැදෙන්න හරින්න. ලිපේ තියන භාජනය පියනකින් වහලා තියාගන්න.. (මතක තියාගන්න පපඩම් බදිනවා වගේ ගැඹුරු තෙල් වල නම් නෙවෙයි) විනාඩි 7 - 8 කින් පියන ඇරලා තැම්බිලාද බලලා පොඩ්ඩක් කලවම් කරගන්න.. සුදුළුණු පොතු රන්වන් පාටට හැරුනම එකක් අරන් කාලා බලලා තමන් කැමති ප්‍රමාණයේදි ලිපෙන් බාගන්න.. දැන් ඒ බයිට් එක හරි..

හැබැයි පොතු නම් කන්න එපා හොදේ..!



2 එළවළු හා ක්‍රීම් කැකර්

බෝංචි කැරට් ගෝවා අර්තාපල් වගේ එළවළු ටිකක් අරගෙන තම්බා ගන්න. (අල හොදින් තැම්බිය යුතු අතර අනික්වා එතරම් තැම්බිය යුතු නැත) මේවා කොටු හැඩයට කපා ගන්න.. ගම්මිරිස් කෑලි.. ලුණු කුඩු දමා කලවම් කරගන්න.. ක්‍රීම් කැකර් බිස්කට් කිහිපයක් කෑලී වලට කඩා එයටම එකතු කරන්න. කැමති නම් චීස් ටිකක් එකතු කරගන්න.. දැන් ඒ බයිට් එකත් රෙඩි.
අල පොතු අයින් කරගන්න හො‍ඳේ!!!



3 රටළූණු බැදුම ( බැටර්ඩ් අනියන්)

‍රටළූණු (ලොකුළූණු) රවුම් පෙති කපා ගන්න (සෙන්ටිමීටර් 3/4 ක් පමණ පළලට) මුදු ආකාරයට සිටින පරිදි ‍එම ළූණු පෙති වෙන් වෙන් කරගන්න..

කඩලපිටි මේස හැදි 2කට හාල්පිටි මේස හැදි 1ක් එකතු කර එයට කහ ස්වල්පයක්.. ලුණු කුඩු.. හීනියට කපා ගත් කරපිංචා.. සූදුරු ඇට කිහිපයක් (සැරට අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු හෝ මිරිස් කෑළි කුඩු )ටිකක් එකතු කර වතුර ස්වල්පය බැගින් එකතු කරමින් බැටර් එකක් ආකාරයට (උකු දියරයක් ) අනාගන්න. කලින් කපාගත් රටළූණු මෙහි දවටා ගැඹුරු තෙලේ බැදගන්න..

මෙය කෑමට ගන්න වෙලාව කිට්ටු කරලා හදාගන්න.. මොකද වෙලාව යද්දි ටිකක් ක්‍රිස්පි ගතිය අඩුවෙන්න පුළුවන්. දෙහි බිංදු දෙකක් ඉහලා කෑමට ගත්තොත් තවත් රසක් අත්විදින්න පුළුවන්..


ඉතිං අදට මේ ඇති නේද? ආයේ දවසක අළුත් බයිට් ව‍ට්ටෝරුවක් එක්ක සෙට් වෙමු..
චියර්ර්ස්...!!!

සැර ජාති ගැන කථා කරන්න experts ලා ඉන්න එකේ මට හිතුන ඇග නිවෙන එකක් ගැන ලියන්න.මේක වැඩිය ප්‍රසිද්ධ නෑ.ඒ තමයි ගස්ලබු( පැපොල් ) සමග බෙලි.
කනවනම් කන්න බොනවම් බොන්න පුලුවන් එකක්.මේකට අවශ්‍ය වෙන්නෙ බෙලි ගෙඩියකුයි, අවශ්‍ය ප්‍රමානයට ගස්ලබුයි, සීනී, දෙහි බින්දු දෙකකුයි,අයිස් කැටැයි විතරයි.
මුලින් බෙලි ටික මග් එකකට දාලා සීනී ටික දාල හොදට පොඩි කර ගන්න.එකට දෙහි බිංදු දෙකක් විතර දාලා උකු ගතියකට එනකන් පොඩි කරගන්න.

ඊට පස්සේ ගස්ලබු කැලි චොරු වෙන්නෙ නැති වෙන්න හැන්දික් අරන් බෙලි එක්ක කළවම් කර ගන්න.අයිස් ටිකත් එකට දලා චොරු කර ගන්නෙ නතුව කළවම් කරගෙන කන්න තමයි තියෙන්නේ.
ගස්ලබු බෙලි එක්ක මික්ස් වුනාම පුදුම රසක් එන්නේ.




ඕන නම් බෙලි වල ඇට අයින් කරලා මේ ටික බ්ලෙන්ඩ් කරලා ජුස් එකක් හදා ගන්නත් පුලුවන්.ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා මගේනම් ප්‍රියතම පානයක්.
මේකට වොඩ්කා ටිකකුත් දැම්මොත් කොහොමට තියෙයිද?

ජින්

Posted by On Wednesday, January 13, 2010 18 comments
ජින් කියන්නේ සාපේක්ෂව සුවඳ (අනික් අයට ගඳ වගේ දැනුනට මටනම් බීම ජාති වලින් එන්නේ සුවඳක්) අඩු බීමක් නිසා දවල්ට සහ හොරෙන් බොන්න ඕනේ වෙලාවට අපේ තේරීම වෙන්නේ ජින්. වොඩ්කත් මේ වගේ උනාට ජින් තරම් වොඩ්කා පෙවෙන්නේ නැහැ.

මෙහේ රසවල් හතරක ජින් ජාති මන් දැකලා තියෙනවා, ඩ්‍රයි ජින්, ලෙමන් ජින් සහ ඔරෙන්ජ් ජින්. ඔරෙන්ජ් ජින් ඇරෙන්න අනික් දෙක නම් මන් බීලා තියෙනවා. ඔරෙන් ජින් නම් එච්චර හරි නැහැ කියලා මට බීපු කෙනෙක් කිව්වා. ආ තව ක්‍රැන්බරි එකත් මන් බීලා නැහැ.

මම බීපු හොඳම ජින් ජාතිය කියලා එකක් නම් නැහැ රොක්ලන්ඩ් ලෙමන් ජින් එකට අනික් ඒවාට වඩා කැමතියි. හැබැයි බීපු ජරාම එක තමා ෆ්ලින්ටන් කියන එක. ඒක බීපුදාට පහුවදා හැදුනා ජීවිතේටම බීම එපා කරවන විදිහේ ඔළුවේ කැක්කුමක්. එදාට පස්සේ ඒක බිව්වේ නැහැ (හැබැයි එපා උනේ නම් ඒ ජාතිය විතරයි) .

DCSL, IDL, Mendis, Rockland ඔය හැම සමාගමක වගේ ජින් ජාති තියෙනවා. Ascot (IDL) නම් බෝතලේ පිටිපස්සේ ජින් බොන්න හොඳ මිශ්‍රනයක් සඳහන් වෙලා තියෙනවා ඒ ඇරෙන්න මේ අඩවියෙත් ටිකක් තියෙනවා




මම නම් බොන්නේ ස්ප්‍රයිට් එක්ක, ඒකට අයිස් ගොඩකුයි පොඩි දෙහි කෑල්ලකුයි දා ගත්තම මරු. ඒත් මේ ලඟදි සෝඩා ගොඩක් දාලා ස්ප්‍රයිට් චුට්ටක් දාලා බිව්වා. ඒකෙත් අමුතු රසක් තිබ්බා. බාර් එකේ නම් දෙන්නේ සෝඩා එක්ක. මිනිස්සු ඇවිත් ජින් 100 ක් දාගෙන ඒකට සෝඩා පොඩ්ඩක් දාලා එක හුස්මට බොනවා දැක්කම මගේ බඩ පපුව දාලා යන්වා.

අපේ රටේ නම් බීම ගැන කතා කරද්දි කාන්තාවො අදාල නැති උනාට ජින් කියන්නේ Ladies Drink එකක් කියලා එක පාරක් සුද්දෙක් කිව්වා. ඒකා නම් ඇහුවේ Gin & Tonic ද බොන්නේ කියලා. මාත් අහලා තියෙන විදිහට ජින් බොන්න ඕනේ ටොනික් එක්ක. Elephant House එකේ Tonic එකක් Supper Market  වලනම් මන් දැකලා තියෙනවා ඒත් ඒක නිකන් කඩවලනම් මන් දැකලම නැහැ.

ජින් කියන්නේ එංගලන්තේ මහ රැජිනගෙත් ආසම බීමක්ලු, මන් මේ එහෙම කිව්වේ අහල තියෙන කතාවක් මිසක් මන් එ ඇත්තී එක්ක එකට සෙට් වෙලා එහෙම නැහැ එයා කන බොන ජාති ගැන විස්තර අහන්න. මාත් එක්ක සෙට් වෙලා තියෙන කාන්තාවන් හැමෝම වගේ ජින් බොන්න නම් අකමැති නැහැ, ඇත්තටම ඒක අරක්කු වලට වඩා රසවත් බීමක් නිසා.

ලංකාවේ ජින් ජාති ඇරෙන්න මන් බීලා තියෙන්නේ Gordon's Gin සහ Bombay Sapphire® Gin  විතරයි. මේ Bombay Sapphire® Gin එකේ තියෙන්නේ නිල් පාට ජින් එකක් කියලා මන් මුලින් හිතාගෙන හිටියේ ඒත් එකෙත් තිබ්බේ සාමාන්‍ය අවර්ණ ජින්ම තමා. ඒ මදිවට බොන්නත් අමාරුයි ටිකක් සැර වැඩි වගේ. ඒක නිසා ඒ දෙකට වඩා නම් අපේ ජින් හොඳයි කියලා තමා මට නම් හිතුනේ.

බීම තියෙන්නේ බොන්න මිසක් නාන්න නෙමෙයි, කෑම තියෙන්නෙත් කන්න මිසක් ගාගන්න නෙමෙයි ඒක නිසා කෑවට බිව්වට කමක් නැහැ නා ගන්නෙයි ගාගන්නෙයි නැතුව. මොනා කලත් කමක් නැහැ අනික් අයට කරදරයක් නොවී.


ඡායාරූපය මෙතනින්
LG ගෙන් බීම ගැන

හැමෝම කන බොන ජාති ගැන කතා කරන කොට මම කොහොමද අනේ හිත හදා ගෙන පැත්තකට වෙලා ඉන්නෙ;-) මටත් හිතුනා මේ කන බොන ප්‍රොජෙක්ට් එකට සප් එකක් දෙන්න ;-)

බීම කියන්නේ නිකන් කලාවක් වගේ කියලා අපේ , නොදරුවා, බුරු බබා වගේ අපේ සහෝදර සෙට් එක නිතරම කියන දෙයක්නේ..

ඉතින් කලාවට බොන්න කැමති අයත් එක්ක කොක්ටේල් ජාති ගැන කතා කරන්න මට හිතුනා.



සරළවම කිව්වොත් කොක්ටේල් එකක් කියන්නේ, මිශ්‍ර බීමක්. ගොඩක් වෙලාවට ලිකර් ජාති එකක් හෝ දෙකක් එක්ක, පළතුරු ජුස්, පළතුරු, සෝඩා, අයිස්, සීනි, පැණි, කිරි, ක්‍රීම් හරි අවුශද (herbals)මොනාහරි මිශ්‍ර කරලා තමයි මේවා හදන්නේ. නන් ඇල්කොහොලික් (non alcoholic) කොක්ටේල් වර්ගත් ගොඩක් තියෙනවා, මේවත් හරිම රසවත් ;-) කොක්ටේල් එකක් හදන හැටි, ශේකර් එකකින් ශේක් කරන හැටි, ඒ වගේම එක එක කොක්ටේල් සදහා භාවිතා කරන වීදුරු ‍තෝරා ගැනීම, පිලිගන්වන ආකාරය.. ඔය වගේ බලන් කොට ඉතින් කොක්ටේලුත් එක්තරා විදියක කලාවක්.. කොක්ටේල්ස් වර්ග කරන්න පුලුවන් විදි කීපයකට,

කොක්ටේල් එක හදන්න භාවිතා කරන ප්‍රධාන ingredient එක අනුව:
  • බියර් කොක්ටේල්
  • බ්‍රැන්ඩි, කොන්යැක් (cognac) කොක්ටේල්
  • ජින් කොක්ටේල්
  • සකේ කොක්ටේල්
  • ටිකිලා කොක්ටේල්
  • වොඩ්කා කොක්ටේල්
  • විස්කි කොක්ටේල්
  • වයින් , ස්පාක්ලින්ග් වයින් කොක්ටේල්
  • …………………..

ඇල්කොහොල් අඩංගුද , නැද්ද අනුව:
  • ඇල්කොහොලික් කොක්ටේල්
  • නන් ඇල්කොහොලික් කොක්ටේල්

මේ වගේම මූලික ingredient එක ලිකර් විදියට භාවිතා වෙන කොක්ටේල්. මේ වර්ගෙට වැටෙන්නේ,
  • චොක්ලට් ලිකර්
  • ක්‍රීම් ලිකර්
  • පළතුරු ලිකර්
  • හර්බල් ලිකර් වගේ ඒවා



කොක්ටේල් වල අනිත් විශේෂ කාරනේ තමයි , මේවට තියෙන අරුම පුදුම නම් ;-) ජින් ‍ෆිස්, ජෝකර්, මයි ෆෙයා ලේඩි, පැරඩයිස්, ජින් සවර්, බ්‍රකාඩි, බ්ලූ හවායි, ඩ්‍රැගන්  ෆ්ලයි, මාගරීතා, ටිකිලා සන් සෙට්, ටිකිලා සන් රයිස්.. සෙක්ස් ඔන් ද බීච් , සෙක්ස් විත් බාර් ටෙන්ඩර්.. එයින් ගියපුවාම, ඩබල් සෙක්ස් විත් බාර් ටෙන්ඩර්..

හපොයි පිස්සු ඩබල් වෙනවා සමහර කොක්ටේල් මෙනුස් දැක්කහම.. නිකන් මොකද්ද මොක්ද්දත් වගේ නැද්ද , බ්ලඩී මේරි එකක් දෙනවද් එහෙම කියල ඉල්ලන්නත්! හික්ස් :-D මගේ ප්‍රියතම කොක්ටේල් කීපයක් තමයි, සෙක්ස් ඔන් ද බීච්, මොහි‍තෝ, Caipirinha, Long Island Iced Tea, ටිකිලා සන් රයිස්, මාගරිතා, වොඩ්කා රෙඩ්බුල්, සන්ග්‍රියා, පින කොලාදා (Piña colada) වගේ ඒවා..

මෙතන කිව්වා වගේ, ගෙදර ඉතින් එක පාරට ඔය අරවා මේවා ගෙනත් තියා ගන්න අපහසුනේ. ඒ නිසා අවම අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් කොක්ටේල් කීපයක් ගෙදර හදා ගන්න විදිය කතා කරන්න කට්ටිය කැමති වෙයි කියලා හිතනවා.!

- LG
මේක මන් ලියපු එකක් එහෙම නෙමෙයි නොදරුවාගෙන් කමු බොමු වලට ලැබුන ලිපියක්


"ම", මුචලින්ද, නලියා කෑම බීම ගැන මෙහෙම ලියනකොට මටත් නිකන් අතපය තියාගෙන ඉන්න බෑ කියල හිතුන. හැබැයි හරක් මස් ගැන කැමැත්තක් නැති අය මේක කියවන්න එපා.

ඉතිං ඉස්සෙල්ලම මගේ මතකයට ආවෙ කොම්පඤ්ඤ වීදියේ මැලේ කඩේ. කඩේ ඇත්ත නම නම් මැලේ කඩේ නෙමෙයි. ඒත් වටේ පිටේ හැමෝම කියන්නෙ මැලේ කඩේ කියල තමයි. මැලේ කඩේ විශේෂත්වය ගැන මම මෙහෙම පටන් ගන්නම්. හැමෝම වගේ දන්නව නේද පිට්ටු ගැන. පිට්ටු කිව්වොත් ඉස්සෙල්ලම ඔළුවට එන්නෙ එක්කො මනි පිට්ටු, නැත්තං පොල් පිට්ටු. එක එක පළාත් වල එක එක නම් කියනව ඇති. මම අහල තියෙන විදිය තමයි ඔය කිව්වෙ. මගේ වැඩි කැමැත්ත මනි පිට්ටු. පොඩි කාලෙ ( තාමත් මම පොඩියි ) මනි පිට්ටු වලට පොල් කිරි දාල, සීනිත් දාල තමයි කන්නෙ. පොල් පිට්ටු කන එක නම් ටිකක් වාතයක්. මොකද හොදි හරි මොනව හරි දැම්මොත් ටක් ගාල ඔක්කොම, පොල් පිට්ටු වලට උරා ගන්නව. ඉතිං මේ මැලේ කඩේත් මනි පිට්ටු තියෙනව. මනි පිට්ටු කන්න මොනවද දන්නවද තියෙන්නෙ? "බාබත්" කරියක්. මිරිස් උපරිමේට තියෙන, ලොකු බාබත් කෑලි දෙක තුනක් තියෙන බාබත් කරියක්.

මම දන්න තරමින් හැමෝම බාබත් කන්නෙ නෑ. නමුත් බාබත් කන අය අම්බානක කනව. බාබ්ත් කිව්වම හරක් බාබත් සහ එළු බාබත් කියන දෙවර්ගෙම කඩවල් වල තියෙනව. හරක් බාබත් ප්‍රමාණයෙන් ලොකුයි. එළු බාබත් පොඩියි. මම කියන මේ මැලේ කඩේ තියෙන්නෙ හරක් බාබත්. සමාවෙන්න, හරක් මස් වලට අකමැති අයට මේක ටිකක් අප්‍රසන්න වෙන්න පුළුවන්. නමුත් මේ රසයට කැමති අයට නම් මේක අමුර්තයක් වගේ. ලොකු මනි පිට්ටු කෑල්ලක් එක්ක පොල් කිරි කෝප්පයක් සමග බාබත් කරියක් මට මතක හැටියට රුපියල් 100 ටත් අඩුයි. ඒ විතරක්ද මිත්‍රවරුනි, තව තියෙනව බැදපු බාබත්. එක කෑල්ලක් අඟල් දෙකේ දෙකේ විතර කොටුවක්. තෙල් බේරෙනව. පිස්සු හැදෙනව. එව්ව හැබැයි වෙනම ගෙවල ගන්න ඕනේ.

තව තියෙනව සුප් එකක්. ඒකත් ඉතිං හරක් සුප් එකක්. කාටිලේජ් පිරුණු ලොකු හරක් කටුවක් සමග එළවළු තියෙන සුප් එකක්. ඒකෙ ගාන රු. 50 යි. හැබැයි එක වේලකට හොඳටෝම ඇති. සුප් එකෙත් තනිකරම තෙල්. ඒත් රස නම් කියල වැඩක් නෑ. ඒ හරක් කටුවෙ තියෙන පෝෂණීයම කොටස තියෙන්නෙ කටුවෙ මැද. බෝන් මැරෝද මොකද්ද කියල කියන්නෙ ඒකට. ඒක එලියට ගන්න එක ආර්ට් එකක්. එක අතකින් කටුව අල්ලගෙන අනිත් අතින් ඒ අතට තට්ටු කරනව. එතකොට තමයි කටුවෙ ඇතුලේ තියෙන කොටස එළියට එන්නෙ. කිසිම පුරුද්දක් නැතුව පළවෙනි පාර ඒක කරන කෙනා අනිවාර්යයෙන්ම සුප් එක ඇඟේ හලාගන්නව. මේ ලියන මමත් බේරුනේ අහම්බෙන්.

එතනිනුත් ඉවර නොවී ඒ කඩේ තියෙනව තවත් රස නහර පිනා යන පැටිස් එකක්. ඒකට කියන්නෙ "පස්තොල්" කියල. සාමාන්‍ය පැටිස් එකකට වඩා ලොකුයි. ඇතුලෙ තියෙන්නෙ බාබත්. ඒකෙ රස උපරිමේට විඳින්න නම් උණු උණුවෙන් කන්න ඕනෙ. මුස්ලිම් ජනතාව නෝම්බි අල්ලන ( ආහාර වලින් තොරව දවස ගත කරන ) කාලයේදී මේ පස්තොල් බලාගෙන ඉන්නකොට ඉවර වෙනව. මොකද ඒ අවට මුස්ලිම් ජනතාව හවසට ඒ ආගමික වතාවත් ඉවර කරල ආහාර ගැනීම සඳහා පස්තොල් ගෙදර අරගෙන යනව. පස්තොල් එකක් මතකෙ හැටියට රු. 25 යි. තව තව පොඩි පොඩි කෑම වර්ග තිබුනත් මේ කියපු කෑම වර්ග තුන තමා

ප්‍රධාන. පොඩි උපදේසයක් දෙන්නම්, ගැස්ට්‍රික් එහෙම තියෙනව නම් පිට්ටු එක්ක දෙන බාබත් කරියෙ හොදි වැඩිපුර දාගන්න එපා. මිරිස් සහ තෙල් උපරිමයි. මෙහෙම කියන්නෙ අත්දැකීමෙන්. මොකද මටත් ගැස්ට්‍රික් තියෙනව. ඒ වගේම මේ කඩේ ඉතිහාසයක් තියෙන කඩයක්. කඩේ ගැන පත්තරේ තිබ්බ ලිපියක් එහෙම රාමු කරල බිත්තියෙ එල්ලල තියෙනව. මැලේ ජාතික පවුලක් තමයි පවත්වගෙන යන්නෙ. දන්න තරමින් මම කුක් කෙනෙක් එහෙම දැකල නෑ. පවුලෙ අයම කෑම හදන බව තමයි මම දන්නේ. මහ ලොකු කඩයක් නෙමෙයි. 6 දෙනෙකුට වඩා එක සැරේ ඉඳගන්න බැරි තැනක් ඒක. හැබැයි පිරිසිදුවට පිළිවෙළට තියෙනව.

විශේෂත්වය තමයි ඒ කෑමවල රස දන්න හැමෝම තරාතිරම පැත්තක දාල එතනට එනව කන්න. නාට්ටාමි කෙනෙක් සුප් එකක් බොනකොට ටයි දාපු අයත් පස්තොල් කනව. සමාවෙන්න හරියටම කඩේ නමයි,  කෑම වල පින්තූරයි මේ වෙලාවෙ හොයාගන්න බැරි වුනා. කොම්පඤ්ඤ වීදියෙ පේව්මන්ට් එකේ "බර්ගර් කිං" දන්නව නම් මේ කියන මැලේ කඩේ හොයාගන්න අමාරුවක් වෙන්නෙ නෑ. ඊට පොඩ්ඩක් ඉස්සරහ දකුණට හැරෙන්න තියෙන පාරෙ වම් පැත්තෙ තමයි මේක තියෙන්නෙ. ඉතිං මම කියන්නෙ, කොළඹ පැත්තෙ ඉන්න බාබත් ලෝලියෙක් නම් කොහොම හරි මෙතනට යන්න.

ජය!
-
නොදරුවා
ඇල්බට් අයියගෙ කඩේ තිබුණෙ නුගේගොඩ. අන්තිම වතාවට එතනින් කෑවෙ අවුරුදු 2කටත් කලින් වගේ මතකයි. දැන් නම් ඇල්බට් අයිය නෑ. මම හිතන්නෙ එයා 'ම' හම්බ වෙන්න ගිහින් නැත්තං ඒකට සූදානම් වෙමිනුයි දැන් ඇත්තේ. මොනව වුණත් ඇල්බට් අයියගෙ කඩේ සම්බන්ධ මතකයන් නම් හරිම සුන්දරයි.

මම ඇල්බට් අයියගෙ ක‍‍ඩේ ගැන මුලින්ම කියෙව්වෙ එක්දාස් නමසිය අනූ ගණන් වලදි ලක්බිම රිද්ම අතිරේකයේ විශේෂාංග ලිපියකින් වගේ මතකයි මට. ඒකෙ තිබුණෙ වාහනයක් ඇතුලෙ තියෙන කඩයක් ගැන. ලිපියෙ සහ සඳහන් වුණ කෑම බීම රසවත් නිසා මට ඒක මතක තිබුණ.

දෙදාස් තුනේ විතර නුගේගොඩ වැඩට යන්න ගත්තට පස්සෙ අපේ බෝඩිමේ යාළුවො දෙන්නත් එක්ක රෑට කන්න හොයන්න පාරට බැස්සම තමයි මට ඇල්බට් අයියව මුණ ගැහෙන්නේ. ඇල්බට් අයියගෙ ක‍ඩේ පරණ කාර් එකක්. ඒකෙ බොනට් එක ඇරියම තියෙන්නෙ වතුර බැරල් එකක්. ඇල්බට් අයිය ඉන්නෙ කාර් එක ඇතුලෙ. එයා වටේට කඩදාසි පෙට්ටි වලයි මුට්ටි වලයි එක එක කෑම ජාති තියෙනවා. ඉඳි ආප්ප, පිට්ටු, වඩේ වගේ ඒව තමයි ජනප්‍රිය. බත් තිබුණද කියල නම් මතක නෑ මොකද කවදාවත් එතනින් බත් කාපු බවක් නම් මතක නෑ. ඔය කෑම කන්න පරිප්පු හොඳි මස් හෝ මාළු හොදි තියෙනවා. හොදි නම් හැමදාම වතුර ගතියට තිබුණට ඒ ලෙවල් එකේ කොලිටි එකත් එක්ක අපට කවදාවත් ඒව ‍විසි කරන්න නම් වුණේ නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ මාළු හොදි එකත් එක්ක දුන්න මාළු කෑල්ල ඒ ගානට වටිනවා. හෙන පත සයිස් මාළු කෑල්ලක් තමයි අපට හම්බ වුණේ.

මේ කඩේ දවල්ට තියෙන්නෙ නුගේගොඩ ඉමේජ් කලර් ලැබ් එක පිටිපස්සෙ අපේ මරියසෙල් ගුණතිලක නෝනගෙ ගෙදර තමයි. දවල්ට ක‍‍ඩේ වහලා. හවසට ඇල්බට් අයිය එක එක කෑම ජාති ගෙනත් ඕක පුරවනවා. රෑ 9ට විතර තමයි තවත් දෙන්නෙක් හවුල් කරගෙන ඕක තල්ලු කරගෙන එන්නේ. කාර් එක නැවැත්තුවෙ හයිලෙවල් පාරෙ දැන් නුගේගොඩ පීසා හ‍ට් එක ඉදිරිපිටම පාරෙ අනිත් පැත්තෙයි.

ඇල්බට් අයිය කළු පොකුටු කොණ්ඩයක් තිබුණ වැඩිය කතා නොකරපු මනුස්සයෙක්. කතා කරන්නෙ ගාණ කියන්න විතරයි. ගොරෝසු කටහඬකින් මිනිහ කාර් එක ඇතුලෙ ඉඳන් ගාන කිව්ව. හැබැයි හැමදාම වගේ එතනින් කන, දන්න ‍කෙනෙක් නෙවෙයි නම් මිනිහා ගානත් කැපුවා. අපි ගියපු මුල් දවසකත් ගාස්තුව විධියට නොහිතපු ගාණක් කිව්වම අපේ මහේෂ් අයියා වෙන වෙනම ගණං එකතු කරල බැළුවම රුපියල් 40ක් විතර වැඩිපුර තමයි කියල තිබුණෙ. එදා ඉඳන් අපට නම් නියම ගාන ගත්තා.

මේ ක‍ඩේ සෑහෙන්න ජනප්‍රියයි. තරාතිරමකින් තොරව කට්ටිය මෙතනින් කෑම කෑව. සමහර වෙලාවට එතන තිබුණ පෝලිම නිසා අපි ඒක මගහැරලත් ගියපු වෙලාවල් තිබුණ. ත්‍රීවීල් අයියල, වාහන හයර් කරන අයියල වගේම රෑ වෙල වැඩ ඉවර වෙන නුගේගොඩ අවට හිටපු ගොඩක් දෙනා ගෙවන ගානට බඩ පුරා කන්න ආවෙ මෙතනට තමයි. බොනට් එකේ බැරල් වතුරෙන් අත හෝදගෙන එතනම තාප්පෙට හේත්තු වෙලා රෑ 9-10 ට පාරෙ වාහන දිහා බලාගෙන කෑමක් කන එක පොඩි ගතියකුත් සපයන්න ඇති කට්ටියට.

දැන් නම් ඇල්බට් අයිය නෑ මම දන්න තරමින්. ඒ වුණත් දැනුත් එතනින් කාපු මගෙ යාළුවො දෙන්න එකතු වුණාම ඒ ගැන කතාවක් දෙකක් ඇදිල එනවම තමයි.

Koththu කොත්තු

Posted by Rachintha Jayawardhana On Saturday, January 09, 2010 15 comments


නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු හට්.ඔන්න ඉතින් පුරුදු පරිදි සාමාන්‍ය ජනයාගෙන් මුලින්ම එතනින් කොත්තු කාපු පස් දෙනා අතරේ මමත් ඉන්නවා පුරුදු පරිදි.රසයි හොඳයි.මෙන්න එතන තියෙන කොත්තු ජාති.


  • Special Koththu
  • Mixed Meat Koththu
  • Seafood Koththu
  • Cheese & Milk Koththu
  • Vegetable Koththu
  • Crab Koththu
  • Prawns Koththu
  • Cuttle Fish Koththu
  • Chicken Koththu
  • Beef Koththu
  • Fish Koththu
  • Egg Koththu
හැබැයි ඉස්සෝ කොත්තු නං හරි නෑ.මොකද උන් ඉස්සාවත් කොටන නිසා.ඒත් ඉතින් මුචා ඔතනින් ජාති ගොඩක්ම දැන් රසවිඳලා ඉවරයි.ඒ වගේම කොත්තුව ගෝදම්බා,පරාටා,ඉඳි ආප්ප,නූඩ්ල්ස් වගේම පැස්ටා වලිනුත් හදනවා.විඳින්න රස වෙනම විදිහකට.මම කලිනුත් කිව්ව වගේ කොත්තු කනකොට මයිලෝ කුඩු ටිකක් හලාගෙන කාලා බලන්න.ඒක මම හොයාගත්තු ක්‍රමයක්.ඒ වගේම ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්කත් කාලා බලන්න.ඔන්න කිව්වා දන්න දේවල් ඔක්කෝම කොත්තු ගැන.

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ.


මම දැන් ලියන්න යන්නෙ මගේ සිත් ගත් විශේෂ කෑමක් ගැන.ඒ තමයි චිකන් සබ්මැරීන්(Chicken Submarine).කියනකොටත් කෙළ උනනවා.මේක නියම කෑමක් සබ්මැරින් එකක වගෙ දිග බන්(bun) එකක් මැද්දට
  • ග්‍රිල් කරපු චිකනුයි(Grilled Chicken )
  • චීස් ස්ලයිසස් (cheese slices)දෙකකුයි
  • ෆ්‍රෙෂ් ක්‍රීම්(Fresh Cream) දාලා තියනවා
  • තව තක්කාලි පෙතියි සලාද කොලයි ... දාලා රත් කරල දෙනවා .
  • එකටම තව ෆ්‍රෙන්ච් ෆ්‍රිස් ටිකක් සෝස් එක්ක.


මම දැනට හොදම චිකන් සබ්මැරීන් කාලා තියෙන්නේ කොල්ලුපිටියේ
Dine Mor එකෙන් දැනට ගානනම් Rs:280/= යි. ඇයි මේක කනකොට කෝක් එකක් අනිවාර්යෙන්ම ඕනේ මටනම්.එකට Rs:80/= යි.
මුලු ගාන Rs:360/= යි.නියම විශේෂ කැමක් ගන්න පුලුවන්
ඔයගොල්ලොත් ට්‍රයි කරලා බලන්න

ඔන්න තියනවා dine Mor එකෙ එක.ඔතන Acuity House කියල තියන තැන තමයි තියෙන්නේ.

View Larger Map

අරක්කු

Posted by On Thursday, January 07, 2010 33 comments
ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.

මන් දන්න විදිහට නම් ලංකාවේ අරක්කු හදන ප්‍රසිද්ද සමාගම් 4ක් තියෙනවා. DCSL (DOL), Mendis, IDL,  සහ Rockland කියලා තව හිඟුරාන කියල එකක් තියෙනවලු ඒක නම් මන් බීලත් නැහැ හරියටම දැකලත් නැහැ. තවත් ඒවා තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ.

ඔය අතරින් මන් වැඩියෙන්ම බොන්න ආසා DCSL  අරක්කු ජාති තමා. Rockland  ඒවා නම් මන් තාම බීලා තියෙන්නේ කියන Rockland  VX එක විතරයි ඒක නම් වරදක් නැහැ. ඒත් IDL  Old Reserve ඇරෙන්න අනික් ඒවා නම් ගන්න දෙයක් නැහැ. පහුවදාට බඩු ෂුවර්. Mendis එකේ තියෙන 12 Years Old  එකනම් එක සැරයක් දෙකක් බීලා තියෙනවා ඒක නම් වරදක් නැහැ ඒත් ගාන තමා සැර මන් හිතන්නේ ඒක 2000 විතර  වෙනවා. 565ක් දීලා ගල් බොන්නෙත් අමාරුවෙන් ඉතින් ඒවා බොන්න පුළුවනෑ.

DCSL නම් DCSL ශ්‍රීලංකා අරක්කු කියන එක ඇරෙන්න අනික් හැම ජාතියම බීලා තියෙනවා ගල්, OLD, Double Distilled, VSOA, White Label සේරම ජාති ටික. ඉස්සරනම් Blue Label කියලා එකක් තිබ්බ ඒත් දැන් ඒක දකින්න නැහැ. ඔය අතරින් මන් කැමතිම නම් OLD Arrack එකට ඒත් ඉතින් සාක්කුවටත් ලේසි නිසා වැඩියෙන්ම පෙවෙන්නේ නම් ගල් තමා. ගල් වල තියෙන ලොකුම හොඳේ තම After Effects අඩු එක.

අන්තර්ජාලේ සැරි සැරුවම අනික් බීම ජාති බොන්න Cocktail Recipe එකක් හොයා ගන්න පුළුවන් උනාට අරක්කු වලට නම් Cocktail Recipe  එකක් තාම මට හම්බ වෙලා නැහැ, අපිට ඉතින් කෝක් නැත්නම් සෝඩා දානවා මිසක් ඔය Recipe  වල හැටියට බීලා පුරුද්දක් තියෙනවායෑ. මන් නම් බොන්න කැමතිම විදිහ තමා අරක්කු 50ml විතර දාලා ඒකට 100ml  විතර සෝඩා දාලා කෝක් 25ml විතර දාලා වීදුරුව පිරෙන්න අයිස් එක්ක. කෝක් ටිකක් දාන්නේ තිත්ත අඩු වෙන්න.මේක එච්චර පැනි රසත් නැහැ තිත්තත් නැහැ ඒක නිසා මන් කැමතියි.

ඉතින් ඔයගොල්ලොත් අරක්කු බොනකොට මිශ්‍ර කරන විශේෂ විදිහක් තියෙනවනම් අපිටත් කියන්න ට්‍රයි කරලා බලන්න.

ආරම්භය ගැන යමක්

Posted by On Wednesday, January 06, 2010 7 comments
ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්.

මගේ ජීවිතේනම් රසවත්ම සිදුවීම් ගොඩක්ම සිද්ද වෙලා තියෙන්නේ බෝතලයක් ලඟ ඉන්නකොට ඉතින් ඔය වගේ සිදුවීම් අනික් අයත් එක්ක බෙදා හදා ගන්න තමා මේ බ්ලොග් එක පටන් ගත්තේ. බීපු රසම බීම ජාති ගැන , කටේ තියන්න බැරි ඒවා ගැනත් අපි කතා කරමු.

හිනා යන ඒවා ගැන , අඬන්න හිතෙන දේවල් උන වෙලාවල් ගැන, මතක් කලත් පොළව පලාගෙන යන්න හිතෙන දේවල් ගැනත් වෙලාවේ හැටියට ලියන්න බැරියෑ.

ඉතින් අපිත් එක්ක ඔයවගේ දේවල් ගැන කතාබහ කරන්න ලියන්න කැමති අය ඉන්නව නම් කමෙන්ට් එකක් දාලා කියන්න.

එහෙනම් හැමෝටම චියර්ස්ස්ස්ස්!!!!!
දැනට කාලා බීලා ආතල් එකක ගන්න 3න් දෙනෙක් සෙට් වෙලා ඉන්නේ,
තව පොරවල් ඉන්නවාදෝ ?
දැන් කන බොන ජොලි කරන සිද්ධි ගැන ලියන්න යන්නේ


| edit post

කමු බොමු

Posted by kamubomu On Tuesday, January 05, 2010 2 comments
ඉන්න ටිකේ කමු බොමු ජොලි කරමු.

| edit post