මම නම් බොන්නේ ස්ප්‍රයිට් එක්ක, ඒකට අයිස් ගොඩකුයි පොඩි දෙහි කෑල්ලකුයි දා ගත්තම මරු. ඒත් මේ ලඟදි සෝඩා ගොඩක් දාලා ස්ප්‍රයිට් චුට්ටක් දාලා බිව්වා. ඒකෙත් අමුතු රසක් තිබ්බා. බාර් එකේ නම් දෙන්නේ සෝඩා එක්ක. මිනිස්සු ඇවිත් ජින් 100 ක් දාගෙන ඒකට සෝඩා පොඩ්ඩක් දාලා එක හුස්මට බොනවා දැක්කම මගේ බඩ පපුව දාලා යන්වා.
අපේ රටේ නම් බීම ගැන කතා කරද්දි කාන්තාවො අදාල නැති උනාට ජින් කියන්නේ Ladies Drink එකක් කියලා එක පාරක් සුද්දෙක් කිව්වා. ඒකා නම් ඇහුවේ Gin & Tonic ද බොන්නේ කියලා. මාත් අහලා තියෙන විදිහට ජින් බොන්න ඕනේ ටොනික් එක්ක. Elephant House එකේ Tonic එකක් Supper Market වලනම් මන් දැකලා තියෙනවා ඒත් ඒක නිකන් කඩවලනම් මන් දැකලම නැහැ.
ජින් කියන්නේ එංගලන්තේ මහ රැජිනගෙත් ආසම බීමක්ලු, මන් මේ එහෙම කිව්වේ අහල තියෙන කතාවක් මිසක් මන් එ ඇත්තී එක්ක එකට සෙට් වෙලා එහෙම නැහැ එයා කන බොන ජාති ගැන විස්තර අහන්න. මාත් එක්ක සෙට් වෙලා තියෙන කාන්තාවන් හැමෝම වගේ ජින් බොන්න නම් අකමැති නැහැ, ඇත්තටම ඒක අරක්කු වලට වඩා රසවත් බීමක් නිසා.
ලංකාවේ ජින් ජාති ඇරෙන්න මන් බීලා තියෙන්නේ Gordon's Gin සහ Bombay Sapphire® Gin විතරයි. මේ Bombay Sapphire® Gin එකේ තියෙන්නේ නිල් පාට ජින් එකක් කියලා මන් මුලින් හිතාගෙන හිටියේ ඒත් එකෙත් තිබ්බේ සාමාන්‍ය අවර්ණ ජින්ම තමා. ඒ මදිවට බොන්නත් අමාරුයි ටිකක් සැර වැඩි වගේ. ඒක නිසා ඒ දෙකට වඩා නම් අපේ ජින් හොඳයි කියලා තමා මට නම් හිතුනේ.
බීම තියෙන්නේ බොන්න මිසක් නාන්න නෙමෙයි, කෑම තියෙන්නෙත් කන්න මිසක් ගාගන්න නෙමෙයි ඒක නිසා කෑවට බිව්වට කමක් නැහැ නා ගන්නෙයි ගාගන්නෙයි නැතුව. මොනා කලත් කමක් නැහැ අනික් අයට කරදරයක් නොවී.
ඡායාරූපය මෙතනින්
ජින් වලට මම එච්චර ආස නෑ..
ජින් ඇන්ඩ් ටොනික් කොක්ටේල් එක තමයි මම බීලා තියෙන්නේ..
ජින් ඇන්ඩ් ටොනික් ඩ්‍රින්ක් එක ටින් විදියටත් ගන්න තියෙනවා..
අර නා ගන්නැතිව බොන කතාව නම් එළ ;-)
මම නම් ආසා වොඩ්කා තමා....
/බිඟුවා...!
බුහාහාහාහා!!! හකිස්!
ලෙමන් ජින් බොතලේ පිටිපස්සේ තියන කොක්ටේල් රෙසිපි එකට මං කැමති ඒවා වැඩිපුර එකතුකරලා හදාගත්තු හෝම් මේඩ් කොක්ටේල් එකක් ලග තියාගෙන මේ වගේ ලිපියක් කියවද්දි අමුතුම ආතල් එකක් තියනවා අප්පා..!!
හපොයි මෙන්න මන් කෙල ගිල්ලා
එපා කොල්ලෝ.. ගෙදර අයගේ බඩ අප්සට් උනොත් හදපු මගෙයි කාඩ් එක කුඩු වෙන්නේ.. :(
හරි හරි ඔන්න එහෙනම් ආපහු දැම්මා
ඉතින් අපිටත් කියන්නකෝ ඔයා හදපු හැටි සහ එකේ රස ගුණ ගැන පොඩි විස්තරයක්
මං මගේ විශේෂ නියෝජිතයා එකක් සාකච්ජාවක් දාලා එයා අතේ එවන්නම්කෝ..
උඹ දන්නවානේ මරේ, මම කලාබර නැති නිසා කිසිම දෙයක් රස විදින්න බැරි බව.. මට එහෙම පුරුද්දක් නැතිකම වෙන්න ඇති..
මට ඕනේ ඉක්මනට බීලා බීලා බීලා ඉවරයක් කරන්න..
මට ජිනුත් එකයි. වොඩ්කාත් එකයි.. වයිනුත් එකයි.. බියරුත් එකයි.. නොදෝකින් මම නම් නේද? හෙ හේ
ෂා මේ වැඩේට් මම ආසයි මහ ගොඩක්.
ඔක්කොමලා වැඩේට සෙට් වෙලානේ. මාත් නිවාඩුවක් ලැබුනම එන්නම්කො.
ජින් නම් මම කැමති බීමක්. ජින් ටොනික් ඉතිං මගේ යාළුවා ඉස්සර ඉඳන්.
මම නම් බොස්ෆොර්ඩ්, ගෝර්ඩන්ස්, බොම්බේ සැෆායර් තමයි මගෙ ප්‍රියතම ජින්. ඒත් කාලෙකින් බිව්වෙ නෑ ලඟදි නම්.
ටොනික් එක්ක ටිකක් වැඩිපුර ලයිම් සෙට් උනා නම් ඉතින් මම පැය 2 ක් 3ක් උනත් ඕක බොනවා.
ජින් වලින් හදන්න පුලුවන් බීම ගොඩාක් තියෙනවා. ඒ අතරින් බකාර්දි, වොඩ්කා, ජින් බේස් ඒව මල් හතයි.
අනේ මාත් ආසයි ගෝර්ඩන්ස් ඩ්‍රයි එකට, ඒක නෙමෙයි මට ආරංචියක් ආව මලීගේ ගෙදර කට්ටියට බඩේ ලෙඩක් කියල. මලීගෙ හදපු කේක් කාල, කොක්ටේල් බීල එකම ජංජාලයයි.
අද නිවාඩු දවසෙ කට්ටිය ........ පොලිමේද දන්නේ නැහැ
හපොයි..පව් ගෙදර කට්ටිය :-/
අනගාරික ධර්මපාලතුමා එදා කියු විදියටම ගෙරි මස් කන,මත්පැන් බොන නුබලා වැනි කළු සුද්දන්ගෙන් මේ පින්බර ලක්මාතාව පිරී ඇති බව මම සැකහැර දැන ගතිමි.
කෙසේ නමුදු නුබලා රස කොට කෑ ඒ සතාගේ ශාපය තවමත් නුබලා පසු පස පන්නන වග දැන්වත් දැනගනිව්
හැබෑට??
මම නම් ඔය කිසිම සාපෙකට බය වෙන්නේ නැහැ. මෙයිට වඩා ලොකු වැරදි කරන අයගෙන් පිරිච්ච තැනක මේක ගනන් ගන්නවත් දෙයක් නෙමෙයි.
"ම" හරකාට,
"මාත් හෙන පෙරේතයි හරක් මස් වලට"..
හරකෙක් මරණ හැටි බලලා ඉවරවෙලා ඕක කියපං.
මෙතනට හරියන්නේ ඕක නෙමෙයි
"මන් හෙන පෙරේතයි ජින් වලට"
ජින් හදන හැටි බලලා ඉවරවෙලා ඕක කියපං
අනේ මන් ජින් හදන හැටි නම් දැකලා නැහැ. කොහොම හැදුවත් මන් බොන්න කැමතියි.
කට්ටිය මං නැති අතරේ මාව යස අගේට බැදගෙන කාලා නේද? අනේ තොපි වගේ මිත්‍රදෝහියලා..!! :පී... අඩේ බැදගෙන කනවා කිව්වා මයි මතක් උනේ.. මගේ අදහසක් තියනවා බයිට් රෙසිපි ටිකක් ලියලා එවන්න.. ඒත් මේ ටිකේ මගේ පීටර් පොඩ්ඩක් අසනීපෙන්.. හොද උනු ගමන් මං අපේ එක්කෙනා අතේ එවන්නං කෝ..! :-)
අර බීම රෙසිපි වලට වගේ බයිට් රෙසිපි හදනකොටත් අපිට ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් අඩු මුදලට හදාගන්න පුළුවන් ඒවාට මුල් තැන දෙන්න හොඳේ
ගත්තා, සේදුවා, කැපුවා, මිරිස් කුඩු දැම්ම, ලුණු දැම්ම ... විනාඩි 2යි වගේ නම් නියමයී......