ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

අපේ සෙට් එක නාසි වලට කොච්චර ලෙන්ගතුද කියුවොත් කන්න හිතුනාම "නාසිගුරාන් පාරක් දාමු" කියලා කියන්නේ එකේ නාසි වලට තියන පෙරෙත කම් වගේම ඉස්මුරුත්තාව එනකම්ම කන්න පුලුවන් කියන හැගීමත් එ වචන සෙට් එකෙ තියනවා. දැවිල්ලට කැමති කස්ටියට කියපු කැම නාසිගුරාන් ,නාසි එකත් එක්ක ඒන අන්නසි පෙත්තයි,බුල්සායි එකයි නාසි එකත් එක්ක මික්ස් වුනාම රසය දෙගුණ තෙගුණ වෙනවා.

නාසි කියපු ගමන් මගේ හිතට එන්නේ ලොකු ඉස්සො,කුකුල් මස් කැලි,මිරිස් කැලි මික්ස් වුන රතුදුබුරු පර බාස්මති බතුයි අන්නසි පෙත්තයි බුලසායි එකයි.කියනකොත බඩගිනි වගේ.නාසි එකේ දැවිල්ල පෙනුම වගෙම තමයි ,නියම දැවිල්ලට ලොකු ඉස්සො ,දැල්ලො,කුකුල් මස් වගේම එකට කියාපු එළවලු ජාතිත් හැපෙනකොට එන රසත් කියල වැඩක් නැ.
මම ගෙදර ගෙනත් කනකොට, දැවිල්ල බැලන්ස් කරන්න පිපිඤ්ඤා පෙති දෙක තුනකුත් ලග තියගෙන තමයි කන්නේ.අනේක තමයි කොත්තු වගේම තමයි නාසිගුරාන් උණු උණුවේන් කන්න ඕනේ නැත්තම් නියම රස එන්නේ නෑ. නාසි හදන හැටි නම් දන්නේ නැ.එත් මම කාපු හොදම නාසිය කාලා තියෙන්නේ ගල්කිස්ස මහා හොටලයෙන් ගානනම් දන්නේ නැ මට යාලුවෙක් ගෙනත් දුන්න එකක්.හැබැයි එදිනෙදා නැසි කන තැන් වලින් හොදම තැන් තමයි පානදුරේ ලක්‍ රස(ගාන රු:330/- ) හා මොරටුවේ ඩිස්ලින් එක(ගාන රු:360/- ) දෙකේම නාසි නියමටම තියනවා.ගානත් ශේප් නේ!


විශේෂම කාරණේ තමයි නාසිය බයිට් එකටත් මැක්සා! බීයර් එකක් එක්ක නාසි පාරක් දැම්මාම දිවියලොකේ ගියා වගේ.

ගෙදරදි කොත්තු රොටි

Posted by Rachintha Jayawardhana On Tuesday, August 03, 2010 20 comments

  • චටස් පටස් කොත්තු රොටිය කැපෙයි මේ වගේ..
  • ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය. . සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය. .
  • කොත්තු රොටී අපි කාටත් දහක් වටී. .තලු මර මර බලනා කට ගැහෙන සැටී. .
  • මට කොත්තුත් ඕනේ. . .
ඔය ඔක්කොම සින්දු හැදුනේ මේ රසවත් කෑම හින්දා.බයිට් එකක් විදිහට වගේම දවාලට කාපු කෑම ආපහු රෑට කන්නත් එපා උනාම මේක මාර විකල්පයක්.කලින් දවසක් කඩයක් ගැන ලියලා තිබුනට දැන් ලියන්නේ ගෙදරදි හදන විදිහ.හදන්න යන්නේ විනාඩි විස්සයි.මේක ලියන්නේ අපේ අනුවා සහ ලිෂාගේ මතක් කිරීම මත.

වැඩේ පහසුයි.තාච්චියක තෙල් ටිකක් රත් කරගන්න.ඒක තෙල් නටද්දි( බුබුලු දාද්දි ) ඒකට තලාගත්තු ඉඟුරු චුට්ටක්, තලාගත්තු සුදු ළුනු කෑල්ලක්, කරපිංචා, ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න.ඒක ටිකක් රත්වෙද්දි පොඩියට කපාගත්තු ළුනු, කැරට්, ලීක්ස් ටිකත් දාගෙන කවලම් කරගන්න.ඒ ටික තෙල් වලින් පොඩ්ඩක් බැදෙද්දිම බිත්තරයක් කඩලා දාන්න.ඒ ටික හැන්දකින් කවලම් කරන ගමන් පොඩි කෑලි වලට කපපු ගෝදම්බා රොටි තුනක් හෝ හතරක්, ඒ වගේම බැදපු හෝ උයාගත්තු චිකන් කෑල්ලක( ඕනෑම මාංශ ජාතියක ) කටු අයින් කරලා පොඩි කෑලි වලට ලිහාගෙන මේකටම එකතු කරන්න.ඊට පස්සේ තක්කාලි සෝස් ටිකකුයි සෝයා සෝස් ටිකකුයි දාන්න.

ගෙදර හදන කොට කොත්තුව ටිකක් කරවෙන්න දෙන්න.ඒ නිසා මුලදි තෙල් ටිකක් අඩු වෙන්න දාලා අන්තිමට ගින්දර ටිකක් වැඩි කරන්න.මේ ඔක්කොම කරලා ඉවර වෙලා, තාච්චිය විනාඩි පහකින් ලිපෙන් බාන්න.මේ විදිහට කොත්තු හදන්න නං කලින් කොත්තු කාලම තියෙන්න ඕන.නැත්තං දාන ප්‍රමාන ගැන අපිට දැනුමක් නැති වෙනවා.

වෙජිටේරියන් නං චිකන් හෝ මාංශ ජාතිය වෙනුවට හතු එකතු කරගන්න.සෝයා සෝස් සහ තක්කාලි සෝස් නැත්තං සීනි තේ හැඳි එකහමාරක් විතර දාන්න.වෙනසක් විදිහට හැපී කව් චීස් වෙජ් එකක් එකතු කරගන්න.ක්‍රාෆ්ට් චීස් දාන්න එපා.

මෙහෙම කොත්තුවක් කන්න හොදි ඕන්නෑ!

ලැසී

Posted by Rachintha Jayawardhana On Sunday, August 01, 2010 16 comments

අද කියන්න යන්නේ පහසුවෙන් හදාගන්න පුලුවන් බීමක්.රස බීමක්.කඩේ ගන්නවානං රුපියල් 200ක් විතර වෙන නිසා, අපි මේ කියන විදිහට රුපියල් දෙසීයක් වියදමෙන් හතර දෙනෙකුට පමන සෑහෙන ප්‍රමානයක් සාදාගන්න පුලුවන් නිසා කට්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.

මේකට අවශ්‍ය කරන්නේ

  1. මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්)
  2. මී කිරි ගත්තු ප්‍රමානයෙන් බාගයක ප්‍රමානයට අයිස් වතුර
  3. සීනි තේ හැඳි තුනක්
  4. ලුණු රස පමනට
  5. ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක්

මේ ඔක්කොම බ්ලෙන්ඩරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්න.ඊට පස්සේ වීදුරු හතරකට දාගෙන හතරදෙනෙක් එක්ක බොන්න.බඩජාරිකමට තනියම බොන්න එපා.



ඒ වගේම මේකේ ස්ට්‍රෝබෙරි වෙනුවට අඹ පෙති දෙකක්, මින්ට් කොල දෙකක්, රෝස් සිරප් ටිකක්, චොකලට් කෑලි දෙකක්, කෙසෙල් ගෙඩියක් එකතු කරගෙන රස බලන්න.

 
ක්‍රමේ කියලා දීපු ලිහිණි අක්කට පිං!