හැමදාම ඇල්කොහොල අඩංගු බීම ගැන ලියන එකේ අද ලියන්න හිතුනා ඇල්කොහොල් පොඩ්ඩක් වත් අඩංගු නොවන පානයක් ගැන. ඒ තමයි වතුර ඇරුනම මන් බීලා තියෙන රසවත්ම ස්වභාවික පානය. තැඹිලි
කන අය කෙසේ වෙතත් බොන අය නම් තැඹිලි වල අගේ හොඳට දන්නවා, පොඩ්ඩක් සීමාව එහා මෙහා වෙච්ච දවසක පහුවදාට ඇඟේ අමාරුව නැති කරගන්න තැඹිලි තරම් හොඳ ඔසුවක් තවත් නැතුව ඇති.
ලංකාවේ විවිධ වර්ග වල තැඹිලි තියෙනවද කියලා නම් මන් දන්නේ නැහැ ඒත් රන් තැඹිලි සහ ගොන් තැඹිලි කියලා වර්ග දෙකක් නම් මන් දැකලා තියෙනවා ඒත් ඒ දෙකම පොල් වර්ග දෙකක් කියලා මන් නම් හිතන්නේ.
තැඹිලි බොනවනම් උදේට බොන්න කියලා මට අපේ වයසක නෑදෑ කෙනෙක් කිව්වා මොකද හවස් උනාම තියෙන්නේ අව්වට රත් වෙච්ච තැඹිලි නිසා. තැඹිලි වලට සෙම වැඩි වෙනවා සහ තැඹිලි බීලා නාන්න හොඳ නැහැ වගේ කතා නම් මන් අහලා තියෙනවා ඒත් ඔය කතාවල ඇත්ත නැත්ත ගැන නම් මගේ ඒ හැටි දැනුමක් නැහැ.
තැඹිලි කියන්නේ නිකම්ම නිකම් බීමකට වඩා ගොඩක් ගුණ බීමක්, බඩේ අමාරුව හැදුනම සමහර අය තැඹිලි බොන්න කියනවා. මට නම් වඩාත්ම වැදගත් ,මත් පැන් පානය කරලා වැඩි උනාම වෙරි මත අඩු වෙන්න, බීලා පහුවදාට තියෙන ඇඟේ අමාරුව නැති කරන්න තැඹිලි වලට තියෙන විශේෂ හැකියාව තමා.
තැඹිලි මත්පැන් සමග මිශ්‍ර කරලා නම් මන් බීලා නැහැ ඒක නිසා ඒ මිශ්‍රනය හොඳ ද නරකද කියලා කියන්න මන් දන්නේ නැහැ ඒත් එකම එක වතාවක් කුරුම්ඹා නම් අරක්කු එක්ක මිශ්‍රකරලා බිව්වා ඒත් ඒක එච්චරම ඇල්ලුවේ නැහැ මට නම්.
ඡායාරූපය මෙතනින්

Subscribe to:
Post Comments (Atom)
මම හිතන්නෙ කඩවල්වල තිබහට කියලා මොනව තිබුණත් හොඳ තැඹිලි ගෙඩියක් වගේ ඒව හරි යන්නෙ නෑ.
අර කිව්ව වගේ කලින් දවසේ හොඳට බීල පහුවදා උදේම තැඹිලි ගෙඩියක් ගහල වැඩට යන යාළුවො කීපදෙනෙක්ම මට ඉන්නවා. සහ මමත් කීප වතාවක් ඒක කරල තියෙනවා.
අරක්කු විතරක් නෙවෙයි මත් වෙන්න ගන්න තවත් ස්වභාවික ජාතියක් පහුවදාටත් වැඩ වගෙ නම් තැඹිලි ගෙඩිය හොඳ පුතිකර්මයක් :D
ඉස්සර නුගේගොඩ කාර්යාලෙ වීදුරුවෙන් අපි හැමදාම දකිනව අත් කරත්තෙක තැඹිලි පටවගෙන හන්දිය පැත්තට යන මනුස්සයෙක්ව. උදේ 10-11 වගේ ගියාම දවල් 3-4 වෙද්දි ආපහු හිස් කරත්තෙත් අරන් තමයි මිනිහ යන්නේ...
ගිණි කාෂ්ඨකේ රවුම් ගහද්දි තැඹිලි ගෙඩියක් දැක්කම හිතට එන්නෙ මාර ගතියක්! හැබැයි ටවුන් වල ටොයිලට් පුරස්නෙ තියෙන නිසා වැඩ ගොඩක් කරන්න තියාගෙන තැඹිලි බිව්වොත් සොරි තමයි...
විශ්වවිද්‍යාලේ හිටපු කාලේ මම ඇතිකරගත්ත වැදගත්ම පුරුද්දක් තමයි කාබනේටඩ් පැණි බීම වෙනුවට තැඹිලි බොන්න පුරුදු වීම.
මම දන්න විදියට ,නැට්ට අයින් කරාම තැඹිලි ගෙඩිය මුදුනෙ රන් වන් පටට(රෝස පාටට හුරු) වලල්ල්ක් වගෙ තියන එවා රන් තැඹිලි,ගොන් තැඹිලි වල ලෙල්ල විතරයි වතුර නැ.
බඩේ උෂ්නේ වැඩි වෙලා හැදෙන බඩේ අමරුවට කියාපු බෙහෙත තැඹිලි.
හොදට බියුවට පස්සේ උදේට තැබිලි ගෙඩියක වටිනාකම ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැ.
තැඹිලි රේඩ් රම් එකක් එක්ක මික්ස් කරලා බීලා තියනවා,එච්චර ගතියක් නැ.
ඒ වුණාට දැන් ඉන්න දොස්තරල කියන්නෙ නම් තැඹිලි නිතර බීම ශරීරයට අගුණයි කියල. පොස්පරස් ද මොනවදො ඒවගෙ අඩංගුලු....[අර පොල්තෙල් ඇඟට අගුණයි කීව වගේද දන්නෙ නෑ.]
කොහොම වුණත් තැඹිලි මගෙත් ප්‍රියතම බීමක්. එක දිගට ගෙඩි තුන්/ හතර බොනවා. රෑ 10 ට 11 ටත් හිතුනොත් බොනවා... මටනම් කිසිම අවුලක් වෙලා නෑ මේ වෙනකම්. ඒව බීල නාන එකත්, නාල ඉවරවෙල බොන එකත් කිසිම දෝෂයක් නෑ.[ මම හිතන්නෙ එක එකාගෙ ශරීරවල හැටියට වෙන්න ඕන ඕක බලපාන්නෙ.]
ඒ වුණත් කියන්න කණගාටුයි.. අපෙන් ඔය තැඹිලි මිළදී ගන්න්වුන් ඒව ඉල්ලන්නෙ නම් රු.4.00 / 5.00 වගෙ සුලු මුදලකටයි.
ඔයාල බොන්නෙ මම හිතන්නෙ එකක් රු. 25.00 / 30.00 අතර මිළකට වෙන්න ඕන....
කොයිතරම ලොකු පරතරයක්ද ...?
මළ පනිනව නොවැ මේව දකිද්දි... දැන් කොහෙන් හොයන් බොන්නද බොල තැඹිලි මේ රටේ.... ආයෙ ලංකාවට යන්න එපැයි...
බීපු දාට පස්සෙන්දට තැබිලි තරම් අවුසදයක් වෙන කොහින්ද...
අර කොටුවෙ තැබිලි කර්ටත්තෙ ගාව උදේට ටයි දාපු බඩ මහත්තුරු ඇස් රතු කොරන් තැබිලි බොන්නෙ... හි හි
Two years ago i was working with a Bangladehs friend . When she came to Sri Lanka we have to take her to Kandy . While we were passing Gampaha she has seen Tambili sellers the road , get too excited and said
" ohhhh Tharangaa.... Sri Lankans are sooo educated , BUT Why They Have Coloured this Coconut and Selling it ? "
We could not stop our laugh . This was the first time she has seen Thambili . In Bagladehs you can find coconut in some parts but they are green in colour . coconuts also very rare it seems . This is why my friend got confused
Then we stop at a Thambili place for nher to see them and drink .
Another Bangladeshi friend came last year took pics of Tambili sellers + trees + thambili nuts to show them to her family :) she was also too excited abt the colourful nut !! which is not in her country !!!